Watch Trailer

The Nun (2018) Sinhala Subtitles | ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා… [සිංහල උපසිරසි සමඟ]

හොදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්ද…

හොදයි කොහොමද කට්ටිය ඔන්න ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියකට සිංහල උපසිරසි තමයි අද මේ මම අරගෙන ආවේ, [ඔන්න සබ් එක පරක්කු වුනානා කියලා මට නම් බනින් එපා ශිලංකා විදුලිබල මංඩලයට බනින්න හදපු එක මේල් කරණකල් හිටියේ නැහැ කරන්ට් කැපුවා] ඇත්තෙන්ම කියනවනම් ඔයාලා වගේම මමත් මේක එනකල් ගිය අව්රුද්දේ ඉදන්ම පෙරුම් පුරාගෙන හිටියේ, ඉතින් කට්ටිය ගොඩක් දේවල් දන්නවා ඇතිනේ කොන්ජූරින් චිත්‍රපට මාලාව ගැන එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් බයිස්කෝප් මංසලට ගිහින් ඒ විස්තර බලන්න.

2016 අවුරුද්දේ විකාශය වුන කොන්ජූරින් දෙවන චිත්‍රපටියෙන් පස්සේ හුගක් රසිකයෝ ඒකේ ඉන්න කන්‍යා සොහොයුරියකගේ දුෂ්ඨ ආත්මයේ චරිතයට ආදරේ කරන්න ගත්තා, ඉතින් 2017 ඇනබෙල් ක්‍රියේෂන් චිත්‍රපටියෙනුක් අධ්‍යක්ෂක මන්ඩලය මේ චිත්‍රපටිය ගැන ඉගි දෙන්න පටන් ගත්තා, අවසානෙදි හැමෝම බියෙන් තැතිගන්වපු බිහිසුණු කන්‍යා සොහොයුරියගේ චරිතය පදක කරගෙන කොන්ජ්‍රරින් චිත්‍රපට කාල රාමුවට අනුව සියලුම දේවල් වල ආරම්බය විදිහට මේ චිත්‍රපටිය නිපදවන්න නිෂ්පාධකයෝ තීරණය කලා.

කොහොම හරි 2018 සැප්තැම්බර් 08 වෙනිදා මේ ච්‍රිපටිය එලිදක්වනකල් ගොඩක් රසිකයෝ බලා හිටියේ ඇගිලි ගැන ගැන, ඒකට හොදම උදාහරණය තමයි මේ චිත්‍රපටිය Box office දර්ෂකයේ ඩොලර් මිලියන 360 ආදායමක් උපයගන්න සමත් වුනා, ඒ වගේම මේ චිත්‍රපටිය තමයි කොන්ජුරින් චිත්‍රපට මාලාවේ දැනට වැඩිම ආදායමහක් උපයලා තියෙන චිත්‍රපටිය.

The Conjuring 2013 – Box office: 319.5 million USD
Annabelle 2014 – Box office: 257 million USD
The Conjuring 2 2016 – Box office: 320.4 million USD
Annabelle: Creation 2017 – Box office: 306.5 million USD
The Nun 2018 – Box office: $360 million

ඉතින් මේකේ කතාව ලියලා තියෙන්නේ කොන්ජුරින් චිත්‍රපට දිත්වගේ අධ්‍යක්ෂක වරයා වන James Wan මහත්තයයි Gary Dauberman මහත්තයයි. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ දක්ෂ Horror චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Corin Hardy මහත්තයා. ඉතින් මේ ගැන තවත් විස්තර තව ටික දවසකින් වෙනමම ලිපියකින් බයිස්කෝප් මංසලේ පලකරන්නම්, එහෙනම් කතාව පැත්තට යමු.

රුමේනියාවේ පිටිසර ගමක කැලයට මායිම් වෙලා කර්ටා කියලා දේවස්ථානයක් තියනවා, ඇත්තම කව්වොත් ඒක කන්‍යාරාමයක්, ඉතින් මෙහේ ඉන්න කන්‍යා සොහොයුරියක් හදිසියේම ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නවා, ඉතින් සති දෙකකට පස්සේ ගම් වැසියෙක් දේවස්ථානයට ඕනිකරන අඩුම කුඩුම අරන් යනකොට තමයි අර කන්‍යා සොහොයුරියගේ සිරුර දකින්නේ, ඇත්තම කිව්වොත් ඒක කුනුවෙලා ගදගගහා, කපුටොන්ගේ ගොදුරක් වෙලා තියෙන්නේ, ඉතින් මෙයා ඉක්මනට එතනින් පැනලා දුවනවා, කටකතා කියන දේවල් ගොඩක් ඉක්මනට පැතිරෙනවනේ, ඔන්න ඉතින් මේ ගැන වතිකානුවේ තියන ප්‍රධාන දේවස්තානයටත් ආරන්චි වෙනවා, කන්‍යා සොහොයුරියක් කියන්නේ දෙවියන්ට කැපවුන කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් සියදිවි නසාගැනිම අසාමාන්‍ය දෙයක්, ඒ වගේම බලවත් පාප කර්මයක්. ඒක නිසා වතිකානුවෙන් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බලන්න තීරණය කරනවා, එයාලා ඒක ගැන හොයන්න බර්ක් කියන පුජකවරයයි, අයිරින් කියන කන්‍යා සොහොයුරියයි යවනවා, ඉතින් මේ අයිරින් එයාට අමුතුම බලයක් තියනවා, එයාට පුළුවන් දේවල් දකින්න.

ඉතින් ඔන්න මේ දෙන්නා මේ සිදුවීම ගැන හොයන්න රුමේනියාවට යනවා, එයාලා මුලින්ම යන්නේ අර මුලින්ම සිරුර හොයාගත්ත තරුණයාගේ ගෙදරට, ගිහිල්ලා ඒ සිදුවිම ගැන විස්තර හොයනවා, පස්සේ මේ දෙන්නා ඒ තරුනයත් එක්කරගෙන අර දේවස්ථානයට යනවා, ඉතින් දේවස්ථානයට යනකොට අර කන්‍යා සොහොයුරියගේ සිරුර තවමත් නරක් වෙවි දේවස්ථානයේ සිසිල් කුටිය තුල තිබෙනවා. ඉතින් බර්ක් පියතුමා දකිනවා ඒ සිරුරේ එක අතක යතුරක් තියනවා, ඉතින් එයා ඒක ගන්නවා, කොහොම හරි එයාලා එතන්ට ගිය වෙලාවේ ඉදන් අත්භූත දේවල් ගොඩාක් සිද්ද වෙනවා, ඒ වගේ එක සිදුවීමක් නිසා බර්ක් පියතුමාට පණපිටින් වැලලෙන්න පවා වෙනවා, එත් සිස්ට අයිරින් කොහොම හරි එයාව බේරගන්නවා, ඉතින් ඒ වලදාපු වලේ තිබිලා බර්ක් පියතුමා පොත් වයගයක් හොයාගන්නවා, ඉතින් ඒ පොත් පෙරල පෙරල එයාලා මේ අබිරහස විසදන්න පටන්ගන්නවා,

ඒකේ පළමු පියවර විදිහට සිස්ට අයිරින්ව ඒ දේවස්ථානයේ තියන කන්‍යා සොහොයුරියන් ඉගෙනගත්ත කන්‍යාරාසයට යවනවා, එහෙදි එයාට තවත් කන්‍යා සොහොයුරියෝ කීපදෙනෙක් හම්බවෙනවා, එත් ඇත්තටම එතන තියෙන්නේ වෙනම දෙයක්. ඒ කන්‍යා සොහොයුරියෝ පවසන විදිහට මේ අභිරහසේ සුල මුල කුරුස යුද්ධය පැවති සමය දක්වා දිව යනවා, කොටින්ම කියනවනම් ගොඩාක් බයානක දේවල් මේ දේවස්ථානය ඇතුලේ සියවස් ගානක ඉදන් වෙලා තියනවා, ගම්මු දේවස්ථානය වටේට කුරුස හිටවලා තියෙන්නේ, ගමේ මිනිස්සු දේවස්ථානයේ නම කිව්වත් කෙල ගහනවා, ඉතින් කවුරුත් දන්න වැලෙක් කියන්නේ අමනුස්ස ලෝකේ ඉන්න දරුනුතම යක්ෂනිය තමයි මේ හැම දෙයක් පිටුපස්සෙම ඉන්නේ, එයා කොහොමද මේ ලෝකෙට ආවේ, කොහොමද දෙවියන්ට කැපවුන දේවස්ථානයක් ඇතුලේ බලය පෙන්නන්නේ, අර යතුරන් අරින දොර ඇතුලේ මොනවද තියෙන්නේ, බර්ක් පියතුමයි සිස්ට අයිරිනුයි කොහොමද මේ අභිරහස විසදලා ජීවිතේ බේරගන්නේ, ඇ කන්‍යා සොහොයුරිය සියදිවි නසාගත්තේ ඇයි. මේවට උත්තර හොයන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

තව දෙයක් කියන්න ඕනි සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය ඉවර කරන්නේ කොන්ජුරින් පළවෙනි චිත්‍රපටියට සම්බන්ධ කරලා. ඒ වගේම රසිකයෝ අතර මතයක් යනවා මේකේ ඉන්න අයිරින් කියන තරුණ කන්‍යා සොහොයුරිය කොන්ජුරින් විත්‍රපට දිත්වයේ අත්භූත සිදුවීම් සොයා යන Lorraine Warren ගේ තරුන කාලය කිලය කියලා, ඒකට ගොඩක් හේතු තියනවා, එකක් තමයි අයිරින්ටත් ලෝරේන්ට වගේ අනාගතය ගැන දර්ෂන පේනවා, ඒ වගේම අවසානෙදි කොන්ජුරින් චිත්‍රපටියත් එක්ක සම්බන්ද වෙලා සිතුවෙන සිතුවිම් වලින් පස්සේ මටත් හිතෙනවා ලොරේන් කියන්නේ අයිරින්මයි කියලා, ඉතින් අන්තිමට මේක ඉවර කරන්නේ තවත් ප්‍රෂ්ණාර්තයක් ඉතිරි කරලා බොහෝවිට ඒක කොන්ජුරින් 3 චිත්‍රපටියේ ආරම්බය වෙන්න පුළුවන්,

එහෙනම් හැමෝම හොදින් චිත්‍රපටිය රසවිදින්න, මම යනවා හැමෝටම බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

85,546 downloadsDownload The-Nun-2018.BR_.zip106 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

85,546 downloadsDownload Subtitles106 KB

187 comments

  1. Tharaka

    THANKS...................................................

    1. Sudesh Lasantha

      එතකොට nun කියනෙ conjuring 3 එක නෙමෙ නේද?

    2. Dishara malshan

      Na 1 ekata

  2. bgiprasad

    Thnx bro

  3. Helili Hemamali

    බොහොම ස්තූතියි මල්ලි! ඉඩක් ලැබුන වෙලාවක අනිවාර්යයෙන් බලනවා.

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi Sahooo sub ekataa..

  5. Akarsha

    Saptember 7 Realese krn dws idnm kwdd enne kiyl mg blgen idiye...Ammo anthimedi ek aww.
    Thankz for sub...!
    GOOD LUCK...

  6. benukanimsena

    බොහොම ස්තූතියි අයියේ
    එනකම් මග බලාගෙන හිටියේ
    ❤️❤️❤️❤️

  7. kmax27

    අම්මෝ තෑන්ක් යු සහෝ එනකම් ඇගිලි ගැන ගැන හිටියේ පෙරේදා ඉඳලා එක ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ දානකම් ජයවේවා ඔයාටත් ටීම් එකේ සෙට් එකටත්

  8. gihan perera

    ස්තුතියි සහෝ....මේක දානකන් හිටියේ...දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා...

  9. suranuwan

    thanks bro..

  10. යුරාන් ධනුක

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...
    ජයවේවා.....!!!

  11. harshani11112

    පට්ට දිල්ශාන් සහො...ආසම මේ වගෙ ඒවට තමා...ස්තුති

  12. Amalka Himeshan

    Thanks ban sub ekata me copiyama baanva danata

  13. mSanchaka

    thnx mcha!

  14. snak

    patta machoo sahenna dawasak balagena hitapu ekak

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Naveendra_rox

    Thanks sub එකට

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  18. thusithak91

    thx machan

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Ashan_Kavishka

    ඊයෙ දවසම මේක දානකන් බලන් ඉදලා රෑ10 ට නිදාගත්තා... 11 වෙනකොට දාලනෙ....
    සබ් එකට ගොඩක් ස්තූතියි.

  21. Uvindu Dilshan

    Sub ekata thankx mchan

  22. Praveen

    ස්තූතියි මචෝ ✌

  23. Damru Ravihara

    උපසිරසියට ස්තූතියි.

  24. Anu_D

    සබ් එකට පට්ට තෑන්ක්ස් බ්‍රෝ බලාගෙන ඉදල ඉදල ඉදල ඇවිල්ල තියෙනව දැක්කම පට්ට සතුටුයි ඒත් මට මාර කේස් එක උනෙ සබට කලින් ෆිල්ම් එක බෑව මන් ගත්තෙ (web rip ) කොපියක් ඒත් සබ් ආවෙ HD කොපියකට

  25. gmsvbaiscope

    meka downlod wen nani mcn

  26. S.Yapa

    Thanks....

  27. බොබී

    සබ් එක එනකම් බලාගෙන හිටියේ, සහෝ. ස්තූතිය කියා නිම කළ නොහැකියි.

  28. Gayan_madushanka_

    Thanks bro

  29. Upul Sampath

    Thanks for your sub

  30. Amilperera

    Thanks bro sub ekata

  31. Marasinghe_A

    Thanks bro

  32. sandarusithuruwan0803

    thanx

  33. Nadeesha rox alahakoon

    Tnx bro melanum aniwa blnawa

  34. oshanda

    thanx sahoo

  35. induma

    thanks bro ...enakan mai hitiye

  36. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  37. upps

    Thanks oyata.thawa horrs film denna

  38. chathunadi

    thnx

  39. Akila121

    film eka gana liyala thiyana lipiya patta.sub ekata thankz.jaya wewa

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    නියම පැහැදිලි විස්තරයක්.
    ජයෙන් ජය.

  41. Kulanjana Maduranga

    subata thanks....

  42. nethula

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...❤️❤️❤️

  43. nethula

    දිල්ශාන් සහෝදරයා මේ උපසිරැසිය webrip ෆයිල් එකකට මැච් කරගන්න බැරිද..

    1. දිල්ශාන් සචින්ත

      වෙබ්‍ කොපි තාම රිලීස් වෙලා නෑනේ. ඒක නිසා වෙබ් කියලා ඇත්තෙත් මේ රිප් එකමයි. ටිකක් සබ් එක දාලා බලන්නකෝ ඒකට. හරි ගියේ නැත්තම් කියන්න...

  44. LaHIRU MV

    උපසිරැසියට තුති

  45. Sudeepapwijesekara

  46. Supun shanika

    ස්තූතියි සබ් එකට ජයවේවා

  47. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..හොල්මන් නම් දිලා තමා..ජය වේවා..බුදුසරණයි...!

  48. Pramukmili

    thanxxx bro........

  49. nishannw

    ඔන්න එහෙනම් බලනවා.සබ් එකට ස්තූතියි.....ජයෙන් ජයම වේවා

  50. jayathshann

    Elama

Load more comments