Watch Trailer

Life in a Metro (2007) | හිඳීවී කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ කලක ඉඳන් හදපු එකක්..දැන් තමා ඉවර කරගත්තේ.. චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක් නම Life In a Metro..මෙය 2007 වසරේ තිරගත වූවක්, මෙය Barfi(2012), Kites(2010), Gangster(2006)…

Metro

ඔන්න මගේ හයවෙනි උපසිරැසිය බොහෝ කාලයකට පස්සේ… ක්‍රිකට් තරඟ, අවුරුදු වලින් පස්සේ තමා ටිකක් නිවාඩුවක් ලැබුණේ… මේ උපසිරැසිය මම බොහෝ කලක ඉඳන් හදපු එකක්..දැන් තමා ඉවර කරගත්තේ..

චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි එකක් නම Life In a Metro..මෙය 2007 වසරේ තිරගත වූවක්, මෙය Barfi(2012), Kites(2010), Gangster(2006), Murder(2004) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Anurag Basuගේ අධ්‍යක්ෂණයක්.. නිෂ්පාදනයටත් ඔහු Ronnie Screwvala සමඟ එකතු වී තිබෙනවා, රංගනයෙන් Dharmendra Deol, Shilpa Shetty, Kangana Ranaut, Sharman Joshi, Nafisa Ali, Konkona Sen Sharma, Kay Kay Menon, Irfan Khan, Shiney Ahuja, යන නළු නිළියන් දායකත්වය ලබා දෙනවා… නම් නුහුරු වුණත් නරඹන විට ඔවුන්ව ඔබගේ මතකයට පැමිණේවි… මෙහි ප්‍රධාන චරිතයක් නම් කරන්න බැහැ.

චිත්‍රපටයේ කතාව දෙසට හැරුණොත්..මෙම සිදුවීම් දාමය සිදුවන්නේ එක් නගරයක් තුළයි. ඇතැම් චරිත එකිනෙකාට හඳුනන්නේ නැත. රාහුල්(Sharman) කෝල් සෙන්ටර් එකක සේවය කරනවා, ඔහු දියුණුවට පත්වීමට කැමති අයෙක්.. ආ එයා ළඟ දියුණුවේ දොරටුවේ යතුර තියෙනවා, ඔයාලා බලන්නකෝ ඒ මොකක්ද කියලා, මේ අතර ඔහු එහි සේවය කරන නේහාට(Kangana) හිතෙන් ආදරය කරනවා, නමුත් ඇය තම විවාහක හාම්පුතා වන රංජීත්(Kay Kay) සමඟ අයථා සම්බන්ධයක් පවත්වනවා. රංජීත්ගේ බිරිය ෂිකා(Shilpa) තමාගේ ගුරුවරියක් වන ෂිවානි(Nafisa) බැලීමට සෑම සති අන්තයකම මහලු මඩමට යන අතර ඇය එහිදී මුණ ගැසෙන ආකාශ්(Shiney) නැමති පුද්ගලයා සමඟ මිතුරු ඇසුරක් පවත්වනවා, ඇයගේ විවාහ ජීවිතය නීරස හෙයින් ඇය නොදැනුවත්වම ඔහුට කෙමෙන් ළං වෙනවා… නේහා ජීවත් වන්නේ ෂිකාගේ නැගණිය වන ශෘති(konkona) සමඟ එක කාමරයක… ශෘති තමාට විවාහ සහකරුවෙක් සොයන ස්ත්‍රියක්.. ඇය තමාට යෝජනාවකින් මුණ ගැහෙන මොන්ටි(Irfan) නම් පුද්ගලයා ප්‍රතික්ෂේප කරනවා, පසුව ඔහුගේ රැකියා ස්ථානයට මැය සේවයට පැමිණෙනවා, පසුව කෙමෙන් ඇය ඔහුට ආදරය කළත් ඔහු තම විවාහයට සූදානමින් සිටින අයෙක්…මේ අතරතුර Nafisa සොයාගෙන ඔහුගේ පැරණි පෙම්වතා වන අමෝල්(Dharmendra) පැමිණෙනවා….

නේහා සහ රංජීත් අතර ඇති සම්බන්ධය ෂිකා, රාහුල්, ශෘති දැනගනීවිද??? ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේවිද??? ශෘතිහට මොන්ටිට තම ආදරය ප්‍රකාශ කරන්න හැකිවෙයිද??? ෂිවානි සහ අමෝල්ට තම සැදෑ සමය සතුටින් ගෙවන්නට හැකිවෙයිද??? මේ කතාව කියවලා ඔයාලට මේක තේරුම් ගන්න අමාරුයි ෆිල්ම් එක බලලම තමා තේරුම් ගන්න පුළුවන්… මෙයට Imdb අගය 7.4 ලැබී තිබෙනවා. මෙය 2008 film fare සම්මාන 3ක් ඇතුළු සම්මාන 9ක් දිනාගෙන තිබෙනවා…

මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ සැම විටම A. R. Rahmanගේ සෙවණැල්ලට වැසී සිටින Pritam Chakraborti විසින්. සුවිශේෂිත්වය වන්නේ.. චිත්‍රපටයේ ගීතයක් ධාවනය වන විට එය ගායනා කරන්නන් අවස්ථානුකූලව චිත්‍රපට පසුබිම තුල දැක්වීමයි. මේක හොඳ ස්ටෝරියක්.. උපසිරැසි බාගත කරගෙන යන ගමන් අදහසකුත් දක්වාගෙන යන්න…. නන් අයුරින් උපකාර කල සැමට ස්තූතියි.

Life in a Metro (2007) on IMDb

 

 

683 MB කොපිය මෙතනින් බාගන්න

43f021351ad56bac18d53d589ffcf22df7c4a62a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,773 downloadsDownload Life.In_.A.Metro_.2007.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,773 downloadsDownload Subtitles48 KB

26 comments

  1. Tharindu Perera

    Elazz machann....
    thanks sub ekatahh..

  2. kosaladeshan

    Tnx Bro...

  3. Sisira Hegoda

    Thanks.

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  5. වරුණ රංගජිත් (වරූ)

    ela onna banawa sabata thanks

  6. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති
    ඔබට ජය..!!!!!!!!

  7. Global

    Thanks Bro....

  8. චතුරංග උස්වත්ත

    පට්ටම කතාවක්. නියම වැඩක්.

    ජයවේවා..!! :)

  9. gayan

    thax saho mama hoya hoya hitapu movie 1k.

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  11. yenu

    thank you...............!

  12. “චූටී මල්ලි”

    අහලා තිබ්බ මේ ගැන
    බලලා නම් නෑ
    සබට තුති
    ඔබට ජය..........

  13. Kosala deshan

    Tnx...

  14. Nandana

    Thank You Sisitha.

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මලයෝ...
    මම මේක කලින් ටි වී එකේ බැලුවා..
    ඒත් කම්මැලි කියලා හිතුන නිසා බැලුවේ නැහැ, දැන් ඉතිං නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හරියට බලනවා..
    කෝ දැන් සබ් දෙන්නෙම නැ වගේ නේ...
    සට සට ගාලා ලස්සන ටිකක් දෙන්න එපයි..
    ජය වේවා..

  16. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu….
    Jaya wewa !!!!! :-) :-)

  17. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu….
    Jaya wewa !!!!! :-)

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  20. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub walata..jaya wewa……………

  21. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  22. නලින්

    ස්තුතියි සිසියා

    ජය වේවා!

  23. Anush

    පට්ටයි

  24. navo

    Tnx! :)

  25. Naween

    සබට බොහොම තෑන්ක්ස් සහෝ...
    ඔබට ජය...!

  26. Anonymous

    ඔබගේ දක්ෂතා දිනෙන් දින වර්ධනය වේවා.සියළු යහපත් ඔබට සැලසේවා.