ඔන්න ඉතින් කොරෝනා සමය ඉවර වෙලා පාසල් පටන් ගත්ත නිසා සබ් එකක් දෙන්න වෙලාවක් නැතුව වේලි වේලි ඉන්නකොට කොරෝනා දෙවන රැල්ල ඉස්මතු වෙන පාටක් ආපු නිසා ඉස්කෝලෙ සතියක් නිවාඩු දීපු ගමන් මමත් බැස්සා අලුත් උපසිරසියකට. ඉතින් මේ කතාව ගැන මම මගේ අදහස කියනවා නම්, මේ කතාව ඇතුලේ තේමා දෙක තුනක්ම සාර්ථක ලෙස නිරූපණය කරල…

ඔන්න ඉතින් කොරෝනා සමය ඉවර වෙලා පාසල් පටන් ගත්ත නිසා සබ් එකක් දෙන්න වෙලාවක් නැතුව වේලි වේලි ඉන්නකොට කොරෝනා දෙවන රැල්ල ඉස්මතු වෙන පාටක් ආපු නිසා ඉස්කෝලෙ සතියක් නිවාඩු දීපු ගමන් මමත් බැස්සා අලුත් උපසිරසියකට. ඉතින් මේ කතාව ගැන මම මගේ අදහස කියනවා නම්, මේ කතාව ඇතුලේ තේමා දෙක තුනක්ම සාර්ථක ලෙස නිරූපණය කරලා තියෙනවා. ඒ වුනාට ඒ හින්දමද මන්දා කතාව ටිකක් සංකීර්ණයි වගේත් පේනවා. ඉතිං අපිට ඒ ලොකු ලයින් වලින් වැඩක් නෑ අපි අවේ චිත්‍රපටිය බලන්නනේ. ඉතිං වැඩි කතා නැතුව අපි චිත්‍රපටිය පැත්තට යමු.
ඉතිං මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේක IMDb අගය 5.4 ක් වගේ අගයක් ලබාගන්න සමත්වුනු Sci-fi /Drama කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. ඒ වුනාට ෆිල්ම් එක මැදදි ඔයාලට හිතෙයි මේක Romance වලට දැම්මනම් තමයි වඩාත් හොඳ කියලා. ඉතිං පැය 1 යි මිනිත්තු 35 පමණ ධාවන කාලයක් තියන මේ ෆිල්ම් එක ඒ මුළු කාලය පුරාවටම වෙනස් වෙනස් අමුතු සිද්ධීන් පෙළක් පෙළ ගස්වලා නිර්මාණය කරලා තියෙන විදිය, ෆිල්ම් එක බලන ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. තව විශේෂ දෙයක් කියන්න තියනවා ඒ තමයි මේ ෆිල්ම් එක R Rated ෆිල්ම් එකක්. ඉතින් එහෙම කිවුව ගමන් දන්නෝ දනිති. නොදන්නන්ට අන්තිමට කියලා දෙන්නම්. Josh Janowicz කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ නළු නිළි පිරිස ගැන කිවුවොත් ප්‍රධාන කාන්තා චරිතය එහෙම නැත්තම් සොෆීට රංගනයෙන් දායක වෙනවා Addison Timlin කියන නිළිය. ඒ වගේම Steven Strait හෙන්රි ලෙසත්, Drew Van Acker ජේම්ස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
ඉතිං මේකෙ කතාව ගැන කිවුවොත් සොෆී සහ ජේම්ස් කියන්නේ දුප්පත් වුනත් පොඩි ගෙදරක සතුටින් ඉන්න යුවලක්. ඉතිං එහෙම ඉන්න අතරේදී ජෙම්ස්ගේ තාත්තා මිය යනවා. කොහොමහරි තාත්තගේ ඇවෑමෙන් ජේම්ස්ට සුවිසල් මන්දිරයක් සමඟ තාත්තගේ සමාගමේ හිමිකාරීත්වයත් ලැබෙනවා. ඉතිං ජේම්ස්ට කෙසේවෙතත් සොෆීට නම් මේ ජීවිතේ එච්චර අල්ලන්නේ නෑ. ඉතිං පණ්ඩිතකමට හරි අනුකම්පා හිතිලා හරි සොෆී ඒ ගෙදර සේවකයන්ව අවුරුදු දෙකක පඩිත් දීලම රස්සාවෙන් අස් කරලා දාලා ගෙදර බර තනියම කරට ගන්නවා. වැඩේ හිතපු තරම් ලේසි නැති හින්දා මේ දෙන්නගෙම එකඟතාවය ඇතිව ජේම්ස් ජීවමාන රොබෝ කෙනෙක් මිලදී ගන්නවා. ජීවමාන කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයි.. සොෆී ගෑණු රොබෝ කෙනෙක් ගන්න එක පවා ප්‍රතික්ෂේප කරනවා ඒ රොබෝ එයාට වඩා ලස්සනට පේන නිසා. ඒකෙන්ම තේරෙනවනේ කොහොම ඇතිද කියලා. කොහොමහරි මේ දෙන්නා පිරිමි රොබෝ කෙනෙක් ගෙදර ගේනවා. ඒ තමයි හෙන්රි. ගෙනාපු දවස් වලම හොඳට හිටියත් ටික කාලයක් යද්දී මෙයාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා.. අපේ බාසාවෙන්ම කිවුවොත් ට්‍රැක් පනිනවා. ඉතින් ඔහොම ගිහින් අලි කෙලියක් වෙලා අන්තිමට මේ රොබෝ ගැන හිතපුවත් නැති දෙයක් හෙළි වෙනවා. ඉතිං ඒ එළිවෙන්නේ මොකක්ද, වෙන්නෙ මොනාද කියලා බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.
දැන් මම R Rated කතාවට බහින්නම්, R කිවුවේ Restricted, ඒ කිවුවේ සීමා කර ඇත. එහෙම කරලා තියෙන්නේ ඒ චිත්‍රපටියේ තියෙන අන්තර්ගතය හෝ වාග්මාලාව පොඩි ළමයින්ට නුසුදුසු නිසා. එතකොට R එකේ සීමාව මොකක්ද? R Rated කියලා තියෙන ෆිල්ම් බලන්න කියලා තියෙන්නේ 17 න් පහළ අයට දෙමවුපියෙක් හෝ වැඩිහියෙක් එක්ක. එතකොට අපේ ෆිල්ම් එකත් R Rated එකක්නේ. ඒකත් දෙමවුපියෙක් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි බලන්න පුළුවන්ද? අනේ මන්දා ඒකනම්. ගෙදර ඇර වෙන කෑමබීම, නවාතැන් එහෙම ලැබෙන තැනක් තියනවා නම් බැලුවට කමක් නෑ.😂 මං වගේ ගෙදරින්ම යැපෙන කෙනෙක් නම්, දිගටම ගෙදර ඉන්න ඕන නම්, මම කියන්නේ බලන්න එපා කියලා. කොහොමත් ලංකාවට R Rated කියන එකේ තේරුම එච්චර ගැළපෙන්නේ නෑ. ඒ හින්දා මේක දහඅටට වැඩි අය විතරක්ම බලන්න කියලා මම කියනවා.
ඉතිං අවසාන වශයෙන් මේක ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාට මෙන්ම වෙබ් අඩවියේ අනිත් සහෝදරයින්ටත් ස්තූති කරන ගමන් වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. ඒ තමයි ආපහු කොරෝනා රෝගීන් රටේ තැනින් තැන වාර්තා වෙමින් තියෙනවා. ඉතින් සමහරු නම් ලෙඩේට බයේ හරි මොනාටහරි තමුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රැකගෙන ඉන්න එක අපි අගය කරන්න ඕනේ. ඒ අතරේ මේකට බය නෑ කියලා හිතේ හැටියට ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ අයට කියන්නේ බය නොවුනට කමක් නෑ ළඟ ඉන්න අය ගැන හිතලා හරි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. අනික මේ ලෙඩේට බය වුනාට කමකුත් නෑ මොකද මෙච්චර ලෝකෙ මිනිස්සු මේ ලෙඩේ නිසා මැරිලත් ඒකට බය වෙන්නෑ කියන්නේ ඒකත් එක විදියක ලෙඩක්. ඉතිං ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම රෝගය ගැන නිකුත් වන අලුත්ම තොරතුරු ගැන දැනුවත්ව ඉන්න. එතකොට මේ රෝගය මර්දනය කරන්න බැරි වුනත් පාලනය කරන්න හරි අපට පුළුවන් වේවි. ඉතින් ඒ එක්කම උපසිරැසිය බාගන්න ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.
ලෙඩ රෝග ආදියෙන් වැළකී ආරක්ෂා වීමට ඔබට ශක්තිය ලැබේවා !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,785 downloadsDownload Life-Like-2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
26 comments
Nelson
dulangabro
Thanks Bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!AF Fernando
Oya me films walatath sub denna patan gattha ne
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Michael Jackson ගේ Moonwalker - 1988 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවනිද?
Suranjan
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
thankzz brother.... jaya wewa..!!
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!
indika75
thanks..
suranuwan
thanks...
Sanjaya
Thanks Bro...
TMK
thanks
amila
thanks
lakshan dewage
Thanks Bro
Anonymous
thanks for sub bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!jagath55
Thanks
Anonymous
Thanks bro
Anonymous
Thnks dear
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
rev
thank u
Anonymous
Thanks........good.luck..........
Yasindu Kalana
Thankyou
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Good work friend, Thanks for the sub