ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මං ඔයාලට සිංහල සබ් එකක් අරන් ආවා. ඇඳිරිනීතිය දවස්වල ඉක්මණට සබ් හදලා එව්වත් යලිත් විවෘත වුන ශ්‍රී ලංකාවත් එක්ක මම ත් පොඩ්ඩක් වැඩ ගොඩක හිරවුනා. ඒ සිනමාහල් ආපහු විවෘත කිරීමත් එක්ක. ඉතින් චිත්‍රපටයට අවසර අරන් ස් එක හදාගන…

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් යාළුවෝ හැමෝටම.
සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මං ඔයාලට සිංහල සබ් එකක් අරන් ආවා. ඇඳිරිනීතිය දවස්වල ඉක්මණට සබ් හදලා එව්වත් යලිත් විවෘත වුන ශ්‍රී ලංකාවත් එක්ක මම ත් පොඩ්ඩක් වැඩ ගොඩක හිරවුනා. ඒ සිනමාහල් ආපහු විවෘත කිරීමත් එක්ක. ඉතින් චිත්‍රපටයට අවසර අරන් ස් එක හදාගන්න ටිකක් පරක්කු වුනේ ඒ නිසයි. කොහොම හරි අවසානේ සබ් එක හදලා ඉවර කලා. Patriot Games කියන්නේ ජැක් රයන් චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයකි. මං මීට කලින් සිංහල සබ් ගෙන ආ The Sum of All Fears චිත්‍රපටයද මේ චිත්‍රපට මාලාවේම එක් කොටසකි.
Tom Clancy විසින් 1987 දී රචනා කරපු නවකතාවක් වන Patriot Games ඒ නමින්ම චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කරන්නේ Phillip Noyce විසින්. මේ චිත්‍රපටයේ රංගනයෙන් Harrison Ford, Anne Archer, Patrick Bergin, Sean Bean, Thora Birch, James Fox, James Earl Jones සහ Richard Harris සමඟ Samuel L. Jackson එකතු වෙනවා. හිටපු CIA නියෝජිතයෙක් වන ජැක් රයන් හිටපු මැරීන් සෙබලෙක්ද වෙනවා. ඒ රැකියාවෙන් අස් වෙලා තම පවුලත් සමඟ දිවි ගෙවන ආචාර්ය ජැක් රයන් දැන් දේශකයෙක්. රාජකීය පවුලේ සාමිවරයෙක් ඝාතනය කිරීමට ත්‍රස්ත සංවිධානයක් දරණ උත්සහයකට අහම්බෙන් ජැක්ටද මැදිවෙන්න සිද්ද වෙනවා. එතනදී එක් ත්‍රස්තවාදියකු මරන ජැක් ඔහුගේ සහෝදරයව අත්අඩංගුවට ගන්න සහය වෙනවා. අවසානයේ රාජකීය ප්‍රශංසාව මැද ඔහුට නයිට් පදවියක්ද පිරිනැමෙනවා. හිරෙන් පැන යන අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියා තම දෑස් ඉදිරියේම සහෝදරයා මරා දැමූ ජැක්ව සොයා පැමිණෙනවා…
එතැන් පටන් දිගහැරෙන්නේ ද්‍රෝහීන්, පාවා දෙන්නන් සහ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ ක්‍රියාදාම කතා පුවතයි. Mace Neufeld සහ Robert Rehme විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ සංගීතය James Horner විසිනි. කැමරා අධ්‍යක්ෂණය Donald McAlpine විසින් වන අතර සංස්කරණය William Hoy සහ Neil Travis විසිනි. 1992 ජූනි 05 වනදා තිරගත කිරීම ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 117 ධාවන කාලයකින් යුක්තය.
චිත්‍රපටය නිෂ්පාදය සඳහා එවකට ඇමරිකානු ඩොලර් මිලියන 45 පමණ මුදලක් වැය වී ඇති අතර චිත්‍රපටය ප්‍රදර්ශණයෙන් ලැබූ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 178 වේ. චිත්‍රපටය සඳහා IMDb 6.9ක අගයක් සහ Rotten Tomatoes 73%ක ප්‍රතිශතයක් ලැබී ඇත. එහෙනම් අදට මං සමුගන්නම්. ආයෙත් දවසක සිංහල උපසිරසියක් එක්ක ළඟදිම ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,747 downloadsDownload Patriot-Games-1992.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
12 comments
Shamal manojan
malithmadhushan45
50 කඩයිම ගහමු අයියේ ඉක්මනට. සබ් එකට බොහොම ස්තුතියි
රොෂාන් ශමීර
ඔව් මල්ලී.. තව ටිකයිනේ..
ඒකත් හිමීට කරමු..
ස්තූතියි..
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
thnkz for sub bro..
Js
තැන්ක්ස් මේ වගේ Franchise එකක් තොරගත්තට. තව සබ් අඩු clear & present danger එකට විතරයි. ඒකටත් පුලුවන්නම් ලොකු දෙයක් ❤❤
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!
Ravisara Dharmapala
Supriyak saho mekam..pattma film ekk 1992 kale wage ada kale super thechnology ntywa gemak wisadna widha suporyk meka blna knek inwanm aniwa blnda sub ekata thanks saho..digtma sub krnda jaya wewa..
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
dasun
thanks
Advertisement
ගොඩාක් ස්තූතියි සහෝ මේ උපසිරැසියට. දෙනකම් බලාගෙන හිටියේ මේක. නැවතත් තුති.
පුලුවන් නම් මේ ටිකටත් සබ් දෙන්න සහෝ.
Clear and Present Danger - 1994
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007