Watch Trailer

Life of a King (2013) with Sinhala Subtitles | අපූරු චෙස් ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි කවදා හරි මගේම කියලා උපසිරැසියක් කරලා සයිට් එකට දානවා කියන එක. කොහෙද ඉතින් A/L එක්ක ඕවට වෙලාව. දැන්…

Life of a King (2013)

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි කවදා හරි මගේම කියලා උපසිරැසියක් කරලා සයිට් එකට දානවා කියන එක. කොහෙද ඉතින් A/L එක්ක ඕවට වෙලාව. දැන් ඉති විභාගෙත් ඉවර එකේ, ගෙදර free එකේ ඉන්න නිසා සබ් එකක් කරන්න හිතුනා. කොහොම කොහොම හරි මහන්සි වෙලා සබ් එක කරා. ස්තූතිවන්ත වෙනවා බයිස්කෝප් අඩවියට මට මේ අවස්තාව ලබා දීම ගැන.

හරි දැන් කතාවට බහිමු. මුලින්ම කියන්න ඕනේ මේක අපිට නිතර බලන්න හම්බවෙන ෆිල්ම් වගේ  Action film එකක් නෙමෙයි. නමුත් ඉතාම රසවත් ටිකක් සංවේදී ෆිල්ම් එකක්. විෂේශයෙන් කියන්න ඕනේ මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ සත්‍ය කතාවක් කියන එක. ෆිල්ම් එක තිරගත වුනේ 2013 දී. මේකේ ප්‍රධාන චරිතය වන ඉයුජීන් බ්‍රවුන්ට පණ පොවන්නේ  Cuba Gooding. ඉයුජීන් බ්‍රවුන් කියන්නේ තරුණ කාලේ සෙල්ලක්කාර විදිහට ගත කරපු මැර වැඩ කරපු, කල්ලි ගැහිලා හිටපු මැර නායකයෙක්. එයා එයාගේ ළමයි ගැන කිසි දෙයක් හොයලා බලන්නේ නැහැ. මිනිහා සෙට් එකක් එක්ක බැංකුවක් මංකොල්ල කන්න ගිහින් පොලීසියට කොටු වෙනවා. අවුරුදු 17 කට හිරේ විලංගුවේ වැටෙනවා. හිරේදී එයා අනෙක් කූඩුවේ ඉන්න එයාගේ යාලුවත් එක්ක චෙස් අදින්න පුරුදු වෙනවා. මුලු අවුරුදු 17 පුරාවට යාලුවත් එක්ක චෙස් අදිනවා. එයා කරපු වැරදි ගැන වටහා ගන්නවා. අවුරුදු 17 පස්සේ හොඳ මිනිහෙක් විදිහට එළියට එනවා. එලියට ආපු ඉයුජීන්ව එයාගේ ළමයි ප්‍රතික්ශේප කරනවා. අපරාධකාරයෙක් වෙලා හිටපු නිසා එයා රස්සාවක් හොයා ගන්න හෙන කට්ටක් කනවා. කොහොමහරි ඉස්කෝලෙක අතුගාන රස්සාවක් හොයා ගන්නවා. ඒ ඉස්කොලේ ඉන්නේ ටිකක් තද පොරවල් ටිකක්. උන් පන්තිකාමර වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. දවසක් උන් කට්ටිය පන්තිභාර ගුරුතුමියව බය කරලා පන්න ගන්නවා. ඊට පස්සේ ඉයුජීන්ට ඒ පන්තිය බලාගන්න වෙනවා. එයා ඒ ළමයින්ව මෙල්ල කරගන්න හැටිත් ඒ අයට චෙස් අදින්න පුරුදු කරන හැටිත්. ඔහුට විඳින්න වෙන අප්‍රමාණ දුක් ගැහැටත්. ඒ දුප්පත් ළමයින්ගේ ජීවිත මොහු ගොඩ දාන හැටිත්  සමහර ළමයි විඳින දුක්ඛිත ජීවිත ගැනත් ඇමරිකාවේ සුප්‍රසිද්ධ Big Chair චෙස් club එක ආරම්භ කරන හැටිත් අපූරුවට නිරූපනය කරලා තියෙන රසවත් ඒ වගේම සංවේදී චිත්‍රපටයක් කියලා මෙය හඳුන්වන්න පුලුවන්.

හරි එහෙනම් චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ දිරි ගැන්වීම්, මෙවන් නිර්මාණ තවතවත් කිරීමට රුකුලක් වේවි. එහෙනම් නැවත හමුවෙන තුරු සමුගන්නම්. කට්ටියටම ජය වේවා..!

Life of a King (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Life.of.a.King.2013.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,261 downloadsDownload Life.of_.a.King_.2013.Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවීන් පෙරේරා

Subtitles

1,261 downloadsDownload Subtitles36 KB

35 comments

  1. gayan

    congratulations for first subtitle malli..

    1. Raveen Perera

      thank you very much..!

  2. මධුකප්‍රිය පෙරේරා

    පළමු උපසිරසියට සුබපැතුම්..
    බයිස්කෝප් සමගින් දිගු ගමනක් යන්න ලැබේවා..

    1. Raveen Perera

      බොහොම ස්තූතියි!!

  3. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Raveen Perera

      බොහෝමත්ම ස්තූතියි..!!

  4. WildHunter

    thnkz and keep going bro

    1. Raveen Perera

      thankxx bro

  5. shamal

    Ela bro Digarama Inna

    1. Raveen Perera

      elaa

  6. Vajira Rathnayake

    පළමුවැනි උපසිරැසියට සුබ පැතුම්

    1. Raveen Perera

      බොහෝමත්ම ස්තූතියි..!!

  7. Sajith Anthony

    පළමුවැනි උපසිරැසියට සුබ පැතුම් සහෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    1. Raveen Perera

      බොහොම ස්තූතියි සහෝ..!

  8. wooobox.net

    “රවීන් පෙරේරා” සොහොයුරාගේ පළමුවැනි උපසිරැසියට සුබ පැතුම්

    “රවීන් පෙරේරා” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  9. Kaushal

    හොද ිුක්ේ දැම්මා ......බොඉස්තුතියි යාලුවා

  10. Vikum08

    දිගටම කරන් යමු සහෝ..! ආයේ එකක් කරද්දී පට්ට action එකක් කරන්න කියලා ඉල්ලනවා.
    ජය වේවා..!

    1. Raveen Perera

      ස්තූතියි අදහසට සහෝ..!!

  11. era

    jaya srii

  12. mihiranga

    thank you very much! nice movie

  13. Samitha Ramesh

    පළමු sub එකට සුබපැතුම්...

  14. අසංක ප්‍රදීප් රණතුංග

    පළමු චිත්‍රපටය ලෙස තෝරාගෙන ඇති එකෙන්ම සිතා ගන්න පුළුවන් ඔබ හොඳ රසිකත්වයක් තියන කෙනෙක් කියල සහෝ. මම පලවෙනි උපසිරැසිය දෙන සෑම දෙනාටම දෙන උපදෙස ඔයාටත් දෙන්නම්. ඔබ උපසිරසියක් සකස් සකස් කර පලකිරීමේදී එම චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් ප්‍රසාදය පලකරන අතර කිහිපදෙනෙක් පමණක් අප්‍රසාදය පලකරාවී. කෙටියෙන් කියනවා නම් මල් වගේම ගලුත් ලැබේවි. ඒවා උපේක්ෂාවෙන් ඉවසන්න. තව දෙයක් ඔබගේ උපසිරසියට ලැබෙන view ගණන හෝ Downloads ගණන ගැන සැලකිලිමත් නොවන්න. මොකද ගොඩක් අය ජනප්‍රිය සහ අලුත් චිත්‍රපට වලට තමා වැඩි දෙනා කැමැත්ත. ඒත් සැම විටම අනිත් චිත්‍රපට වලට කැමති පිරිසකුත් ඉන්නවා. තව දෙයක් ඔයා උපසිරසි දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමාගේ අනන්‍යතාවක් හදා ගන්න. එතකොට ඔයාගෙම රසිකයන් පිරිසක් ඔයාට හදා ගන්න හැකි වේවි.

    උපසිරසියට ස්තුතියි, බුදු සරණයි...

    1. Raveen Perera

      බොහොමත්ම ස්තූතියි සහෝ අදහස් වලට... ගොඩක් වටිනවා..!

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  16. praneeth madu

    niyamai saho

  17. අසිත

    elama saho thanks

  18. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  19. RADO

    Thanks machan.. Congrdz for ur 1st 1...

  20. pasindu

    නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
    දිගටම සබ් දෙන්නෝ..............!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Raveen Perera

      ස්තූතියි රොයිලි අයියා..

  22. wiki

    Thanks

    1. Raveen Perera

      කට්ටියටම ගොඩාක් ස්තූතියි..

  23. kavinuweerakkody

    කාලයක් තිස්සේ බලන් හිටපු ෆිලුමක් වුණත් ඔන්න අද තමයි බාගන්නේ :) ස්තූතියි සහෝ! ජය වේවා!!

  24. nish47

    Thanks machan