Watch Trailer

The Final Girls (2015) with Sinhala Subtitles | ත්‍රාසජනක චිත්‍රපටියක් ඇතුලට ගියොත්? [සිංහල උපසිරසි සමඟ]

ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත් දැම්ම. ඇත්තටම මේ වෙද්දි මේ චිත්‍රපටිය මම දහ වතාවකට වඩා බලල ඉවරයි. මේක ඒ තරමටම රසවත්. මේක […]

The Final Girls (2015)

ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත් දැම්ම. ඇත්තටම මේ වෙද්දි මේ චිත්‍රපටිය මම දහ වතාවකට වඩා බලල ඉවරයි. මේක ඒ තරමටම රසවත්. මේක ත්‍රාසජනක නොහොත් හොරර් ගණයේ චිත්‍රපටියක් උණත් හාස්‍යය, දුක, සතුට, මාතෘ සෙනෙහස ගැබ් වෙලා තියෙනවා.  ඒ නිසා මම හිතන්නේ නෑ කවුරුත් මේ චිත්‍රපටිය බලන්න අකමැති වේවිය කියල. සබ දාද්දිත් පුදුම මහන්සියක් ගත්තෙ. දැනුමෙ හැටියට ඔන්න සබ කලා. හුග කාලෙකින් සබක් කරපු නැති නිසා අඩු පාඩු තියෙන්න පුළුවනි. ඒව එච්චර ගණන් ගන්න එපා. 😀 චිත්‍රපටියේ රස අඩු වෙන නිසා මම චුට්ටක් කෙටියෙන් මෙහෙම මේ චිත්‍රපටිය ගැන කියන්නම්.

මේ කථාවේ ප්‍රධාන කථානායිකා මැක්ස් විශ්ව විද්‍යාල තරුණියක්. ඇගේ අම්මා නිලියක්. තාත්ත ගැන සදහනක් නම් නෑ. මෙයාල දුප්පත්. ඒත් මැක්ස්ගේ අම්මා මැක්ස් වෙනුවෙන් ඕනම දෙයක් කරන අම්ම කෙනෙක්. දුප්පත් උණත් මැක්ස්ව හොදින් බලාගත්තා. මැක්ස්ගෙ අම්මගෙ පණ තමා මැක්ස්. දවසක් මෙයාල කාර් එකේ යද්දි කාර් එක ඇක්සිඩන්ට් වෙලා මැක්ස් ගේ අම්මා මැරෙනවා. ඔය අතරෙයි මැක්ස්ගේ අම්මා වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ පිරිසක් මැක්ස්ගේ අම්මා තරුණකාලෙ රගපාපු ත්‍රාසජනක චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන්නේ. මැක්සුත් එයාගේ යාළුවන්ගේ බල කිරීමටයි යන්නේ මේකට සහභාගී වෙන්න. එයාගේ යාළුවො තමා ක්‍රිස්, විකී සහ හොදම මිතුරිය ග(ර්)ටි සහ ඇගේ සොහොයුරා ඩන්කන්. ඩන්කන් තමා මේ දේවල් වල මූලිකත්වය අරං වැඩ කරන්නේ. චිත්‍රපටිය පටන්ගත්තම හදිසියේම ඇතිවෙන ගින්නකින් සිනමා ශාලාව ගිනි ගන්නවා. මැක්ස් යාලුවන් එකතුකරගෙන දරශන තිරය පිටුපස දොරකින් පිටතට යන්නට තිර රෙද්ද ඉරාගෙන එතැනින් පිට වෙනවා. නමුත් ඔවුන් යන්නේ ත්‍රාසජනක චිත්‍රපටිය ඇතුලට. මැක්ස්ට මැක්ස්ගේ අම්මවත් මුණ ගැහෙනවා. එයා කොහොම හැසිරේවිද? මෙතනින් මම කථාව නවත්තනවා. මෙතනදි තමා හොද හොද දේවල් සිද්ධවෙන්නේ. එහෙනං බලලම තීරණය කරන්න මේක හොදද නැද්ද කියල. එහෙනං ගිහිං එන්නම්. ජයවේවා!

The Final Girls (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Final.Girls.2015.720p.BluRay.x264.[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,259 downloadsDownload The.Final_.Girls_.2015.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

2,259 downloadsDownload Subtitles39 KB

23 comments

  1. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට.පුළුනවන් නම් tokyo ghoul anime series එකට
    සබ් දෙනවනම් පිං.මේවට seeds නම් තියේ
    Tokyo Ghoul Complete Season 1 [1-12] [Eng SuB] 480p L@mBerT
    Tokyo Ghoul Root A [Season 2] Complete [Eng Sub] 480p L@mBerT

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  3. pasindu

    පලවෙනි එක නේ.................!
    එළ දිගටම සබ් දෙමු............!
    ස්තූතියි.......

  4. Tharaka

    සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ. වෙනසක් තියන නියම ෆිලුමක් වගේ පේන නිසා ඔන්න බාන්න දැම්මා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  5. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  6. චාමිකර

    එළ එළ කොල්ලා.. ගින්දර ෆිල්ම් එකක්. ජය!!!

  7. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “දීප්ත තුෂාර” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  8. Malinda

    ඉස්තූතියි

  9. අසිත

    baluwa
    sabata thanks

  10. Sajith Anthony

    නියමයි මචෝ මේ වගේ එකක් ගෙනාවට
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  11. mindika

    Thanks !!!!!!!!!!!!!!

  12. Rajitha

    Thank you.......jayawewa......B

  13. Kulanjana Maduranga

    niayamai…thanks THUSARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. M A Y S Perera

    thada thada baachi thawa film one apita horror :D

  15. Tharaka

    මේ ෆිලුම ඊයේ බැලුවා. සුපිරි....
    පුළුවන්නම් Final Girl (2015) ෆිල්ම් එකටත් සබ් දෙන්න සහෝ.

  16. Amila Mudalige

    Thanks saho sub ekta

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. LAKSHAN

    බොහොම ස්තූතියි

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  20. nuwanishalika

    meke sub eka mata enne toteent lacuna wagene ea aye kiyala kawru harikiyanawada ?

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  22. 000012

    උබ ගතියට සබ් එක හදල තියනව බං, තෑම්ස්, තව තවත් ෆිල්ම් සබ් කරන්නවෙලාව හදාගන්න හැකි වේවා,

  23. ajee

    film eka kothaninda download kara ganne? plz!!