ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ, ඉතින් මුලින්ම කණගාටුව පළ කරනව උපසිරැසිය භාර අරගෙන ටික දවසක් පහු වුණා. මොකද දවස් දෙකක්ම පළමු වසරේ ඉදන් හිටිය හොදම යාළුවගෙ අම්මා අන්ත්‍රා වෙලා ඒකට සහභාගි වෙන්න වුණා. ඊට පස්සෙ අයහපත් කාළගුණයට විදුළි සැර නිසා කරන්ට් එකත් වැදුනා. කොහොම වුණත් මේ වතාවේ අරගෙන ආවේ Drama, Horror,…

ආයුබෝවන් බයිස්කෝප් යාළුවනේ, ඉතින් මුලින්ම කණගාටුව පළ කරනව උපසිරැසිය භාර අරගෙන ටික දවසක් පහු වුණා. මොකද දවස් දෙකක්ම පළමු වසරේ ඉදන් හිටිය හොදම යාළුවගෙ අම්මා අන්ත්‍රා වෙලා ඒකට සහභාගි වෙන්න වුණා. ඊට පස්සෙ අයහපත් කාළගුණයට විදුළි සැර නිසා කරන්ට් එකත් වැදුනා. කොහොම වුණත් මේ වතාවේ අරගෙන ආවේ Drama, Horror, mystery වර්ගීකරණය යටතේ අලුතින්ම නිකුත් වුණ 1.4k ප්‍රේක්ෂක සංඛ්‍යාවකින් 7.6ක IMDb අගයක් ලබාගෙන සිටින පැය 2කුත් විනාඩි 14ක් පුරා දිවෙන සැප්තැම්බර් මස නිකුත් කරන ලද චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ. Kavin සහ Amritha Iyer තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ.

News :

බැංගලෝරයේ පිහිටි ආයතනික සමාගමක …
කාව්‍යා නම් 23 හැවිරිදි සේවිකාව මානසික ආතතිය හේතුවෙන් ඇද වැටී මිය ගියාය.
මෙම සිදුවීම එහි CCTV කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසයි.
මෙවැනිම සිදුවීමක් දින දෙකකට පෙර චෙන්නායි සහ හයිද්‍රාබාද් වලින් වාර්තා වී ඇත.
තොරතුරු තාක්‍ෂණ සේවකයින් යහපත් ජීවිතයක් ගත කරන බවක් පෙනෙන්නට තිබුණත් …
… එවැනි ජීවිත හානි වලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට අරගල සහ මානසික ආතතීන් ඇති බවයි.
පසුගිය වසර තුළ පමණක් තොරතුරු තාක්‍ෂණ අංශයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක්…..
සියදිවි නසා ගත් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
මෙවැනි මරණ මාලාවක් මහජනයා තුළ මහත් කලබලයක් ඇති කර තිබේ.

ඇත්තටම මොකද්ද මේ වෙන්නේ ? වසරකට තොරතුරු තාක්ෂණ අංශයේ පුද්ගලයින් 300කට අධික පිරිසක් සියදිවි නසාගන්න තරමට…. හේතුව හොයාගන්නත් එක්ක කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

ගුරු ටී.එල්. කෙනෙක් විදියට බැංගලෝරයේ ශාඛාවේ ඉදල මාරුවක් අරන් චෙන්නෙයි සමාගමට ආව පළමු දවස. වැඩ බාරගන්න කියල අත්සන් ලේඛනයේ අත්සන් කරල වී.පී. ගේ කාමරේට ගිහින් එයාව හම්බවෙලා කට්ටියට හදුන්වලා දුන්නට පස්සේ, වී.පී.කියනව ” ඩෙල්ටා ව්‍යාපෘතිය ” සම්බන්ධයෙන් ඔයාට වැඩ කරන්න තියෙන්නෙ ජර්මනියෙ යන්නත් සිද්දවෙන කතාවක්. පස්සෙ ගුරූ යනව එච්.ආර්.ව හම්බවෙන්න… අම්මටසිරි බැලින්නම් දවසක් ෆොටෝ එකක් ගහන්න කියල උදව්වක් ඉල්ලල කින්ඩියට ෆොටෝ එකක් ගහල ෆෝන් එකත් වතුරට වට්ටල ආව කෙල්ල තමයි එච්.ආර්. විදියට ඉන්නෙ. දැන් කොහොමද මූණ දෙන්නෙ,ම්.ම්… මොනා කරන්නද ගිහින් කතා කරල එතනිනුත් කින්ඩියක් දාල කොහොමින් හරි අත්සනක් දාගෙන වැඩ පටන් ගත්තා. පළමු දවසනෙ පොඩ්ඩක් කලින් ගිහින් යාළුවෝ එක්ක සෙට් වෙන්න හිතාගෙන ලිෆ්ට් එකට යන්න එනකොට වී.පී. කතා කරල කියනව පොඩි පැවරුමක් තියෙනව අද රෑම දෙන්න ඕන එකක් කරන්න පුලුවන්ද කියල. පළමු දවස නිසා බෑ කියන්නත් බෑනෙ කියල අරගෙන රෑ වෙනකම් වැඩ කරන්න පටන් ගන්නව. කම්මැලි නිසා තේ එකකුත් හදාගෙන ඇවිත් බොන ගමන් වැඩේ ආපහු පටන් ගන්නව. තේ එකත් අතේ දුරින් මේසෙන් තියාගෙන වැඩේ ගැන අවධානෙන් ඉන්න ගමන් තේ කෝප්පය අතට ගන්න හදනකොට අතේ දුරින් තිබ්බ තේ කෝප්පය මේසයකටත් එහාට ගිහින්.. ඒ ගැන චකිතයක් ආවත් ආපහු වැඩේ ගැනම අවධානයෙන් වැඩේ කරල යාළුවෝ එක්ක සෙට් වෙන්න යනකොට ලිෆ්ට් එකේ නැගල පහළට යන්න බොත්තම ඔබල බලාගෙන හිටියත් මාරුවෙන් මාරුවට එක එක තට්ටුවලට යනව මිසක් පහළ තට්ටුවට යන්නෙ නෑ. කොහොමින් හරි දගලල ලිෆ්ට් එක පහළට ගිහින් වාහනේට නැගල පස්සට ගන්නකොට (රිවස් කැමරාවෙන් බලල) යම් දෙයක හැප්පෙනව වගේ එළාම් එක වදිනව. බැහැලත් බලනව මොනවත් තියෙනවද කියල, ඒත් නෑ. පස්සෙ ෆෝන් එක අමතක වුණා කියල මතක් වෙලා ආයෙ උඩට යනව. ඒ ගිහින් ෆෝන් එක අරගෙන එද්දිනුත් කලින් විදියටම ලිෆ්ට් එකේ හිර වෙනව. අඩි සද්ද ඇහෙන්න ගන්නව. ඒ මේ තට්ටුවේ නැවතෙනව, එකම් විකාරයක් වෙනව. ඒ අස්සේ එච්.ආර්. ලේඛන කාමරේ හිරවෙලා ඉදල ගුරූට අහු වෙනව. දැන් දෙන්නම් සමාගම් ගොඩනැගිල්ලේයි ලිෆ්ට් එකෙයි එළියට එන්න විදියක් නැතුව මාට්ටු වෙනව.

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

9,027 downloadsDownload LIFT-2021.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,027 downloadsDownload Subtitles43 KB

27 comments

  1. DILmin

    Sub ekata thanks! Friendship (2021) film ekatath sub denna ..

  2. Anonymous

    Thanks.

  3. Ram

    ෆිලුමනම් බැලුවා සබ පරක්කු නිසා
    ෆිලුමත් අවුලක් නෑ
    කොහොමවුනත් තෑන්ක්ස් මචන්

  4. Anonymous

    තැන්කු වේවා

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    patta

  7. J.D

    thanks for sub

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Dinusha Chathuranga Munasinghe

    සබට බොහොම ස්තුතියි..අනේ පුලුවන්නම් paagal 2021 telugu ෆිල්ම් එකටත් සබ් දෙන්නකො

  10. Anonymous

    Elazzz

  11. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!

  12. Sheron

    Thanks brother
    Keep going

  13. Anonymous

    BHRAMAM (2021) SUB PLEASE

  14. Naveen

    උපසිරසියට තුති

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  18. Thevindu

    vivaha bhojanambu 2021 film eke sinhala subtitles dennako

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  20. Anonymous

    thanks brother

  21. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  22. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. Samith

    Thanks brother

  24. lakmal

    ජය වෙවා ,ගොඩක් වටිනවා මෙ කරන සත්කාරයට.

  25. sanda

    Thanks a lot bro.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!