මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ නමවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ලලා කේදර්නාත් ප්‍…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ නමවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ලලා කේදර්නාත් ප්‍රසන්තාට, පුතුන් තිදෙනෙක් සිටින අතර ඔවුන්ගේ උපන් දිනය වෙනත් වර්ෂවල වුවත් එකම දිනයකි. ඔවුන්ගේ උපන්දිනය නිමිත්තෙන්, ප්‍රසිද්ධ ජ්‍යෝතිර්වේදියෙකු ඔවුන් වෙත පැමිණෙන අතර, ලලා කේදර්නාත්ගේ ඉදිරි අනාගතය එතරම් සුබවාදී නොවන බව පවසයි. ලලා කේදර්නාත් අනාවැකිය නොසලකා හරින අතර ඊටත් වඩා ධනවත් අනාගතයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටී. එදින රාත්‍රියේම, ඔහු තම බිරිඳ වන ලක්ෂ්මි සමඟ අනාගතය සඳහා වූ සිය විශිෂ්ඨ සැලසුම් ගැන පවසමින් සිටියදී, හදිසි භූමිකම්පාවක් සිදුවී, මුළු නගරයම සුන්බුන් ගොඩක් බවට පත්වේ. ලලා කේදර්නාත්ට සිහිය එන විට ඔහුගේ නිවස විනාශ වී ඔහුගේ පවුලේ සියල්ලෝම මඟ හැරී තිබිණි. වැඩිමහල් පුතා වන රාජු අනාථ නිවාසයක නතර වන අතර, මද්දුම පුතා වන රවී, පොහොසත් යුවළක් විසින් ඔහුව තම දරුවා ලෙස හදා වඩා ගනී, තවමත් ළදරු වියේ පසුවන බාල පුතා වන විජය ඔහුගේ මව සමඟ සිටී. පවුලේ සෙසු අය සොයා ගැනීමට නොහැකි වූ නිසා ලක්ෂ්මී සහ විජය ඉතාමත් දිළිඳුකමින් ජීවත් වෙති. මේ පුතු තිදෙනා වැඩෙත්ම විවිධ චරිත ලක්ෂණ ඇතිව ජීවත් වෙයි. අවසානයේදී මේ පවුල එක්වෙවිද? සුනිල්දත්, සද්නා, ශෂී කපූර් සහ ශර්මිලා තාගෝර් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙහි සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, නීල් කමාල්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ මෙම සබ් එකට අදාළ කාලය සහිත වීඩියෝවක් නොමැති නිසා මා විසින් ගූගල් අප්ලෝඩ් කර ඇති වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. එය “බයිස්කෝප්ඩවුන්ලෝඩ්ස් ඩොට් සීඕ” වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

930 downloadsDownload Waqt-1965.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

930 downloadsDownload Subtitles60 KB

13 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  2. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    පැරණි හින්දි සිනමා රසිකයන් වෙනුවෙන් කරනා මේ සේවය ඉතාමත් අගය කරමි!

  5. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
    එමෙන්ම මෙම සිනමාපටය ගැන අදහස් දක්වන අයට සහ ඩවුන්ලෝඩ් කරගන්නා අයට මාගේ ස්තුතිය පිරිනමමි!

  6. Priyantha Dayakeerthi

    ගූගල් හරහා බයිස්කෝප් ඩවුන්ලෝඩ් - ෆිල්ම්ස් ඇන්ඩ් ටීවී ෂෝස් වෙත ගොස් මෙම වීඩියෝව ලබා ගත හැකිය.

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකියි. එමෙන්ම මෙම සිනමාපටය ගැන අදහස් දක්වන අයට සහ ඩවුන්ලෝඩ් කරගන්නා අය සියළුදෙනාට මාගේ ස්තුතිය පිරිනමමි!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..."" ජයම වේවා !!