වෙනසකටත් එක්ක මෙදා සැරේ ඕන් අරන් ආව ඇනිමේෂන් එකක්. මේක ඉතින් කෙනෙක්ගෙ ඉල්ලීමකට කරපු සබ් එකක් කිව්වොත් හරියටම හරි. ඇත්තටම එයාට ඔයාලත් ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක හොයල දුන්නට සබ් කරන්න. මොකද මේක සුපිරිම ඇනිමේෂන් ෆිලුමක්. අනේ මන්ද කොහොම මිස් උනාද කියල හිතාගන්න බෑ. බලපු අයත් ඇති. ඒත් බලපු නැති අය සබ්…

වෙනසකටත් එක්ක මෙදා සැරේ ඕන් අරන් ආව ඇනිමේෂන් එකක්. මේක ඉතින් කෙනෙක්ගෙ ඉල්ලීමකට කරපු සබ් එකක් කිව්වොත් හරියටම හරි. ඇත්තටම එයාට ඔයාලත් ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක හොයල දුන්නට සබ් කරන්න. මොකද මේක සුපිරිම ඇනිමේෂන් ෆිලුමක්. අනේ මන්ද කොහොම මිස් උනාද කියල හිතාගන්න බෑ. බලපු අයත් ඇති. ඒත් බලපු නැති අය සබ් එක අරන් බලන්න සුපිරි ෆිලුමක්. මේක ඇවිල්ල කොරියන් ෆිල්ම් එකක්. ඒත් ඔක්කොම ඉංග්‍රීසියෙන් තමා තියෙන්නෙ. ෆිල්ම් එක ඇතුලෙ කොරියන් වලට සම්බන්ද මොනවත් නෑ. මාත් මේක කොරියන් කියල දැනගත්තෙ සබ් එක එහෙම හදල ඉවර වෙලා ෆිල්ම් එකේ විස්තර හොයද්දි.
මේ ෆිලුමට පාදක වෙන්නෙ ග්‍රීම් සහෝදරයන්ගේ ස්නෝ වයිට් සුරංගනා කතාව සහ හාන්ස් ක්‍රිස්ටියන් ගේ රතු සපත්තු කියන සුරංගනා කතා දෙක. මර්ලින්, ආතර් ගැන එහෙම නොදන්නා කෙනෙක් නෑනෙ නේද? අන්න ඒ දෙන්නත් එක්ක ස්නෝ වයිට් ඇතුළුව තව වෙන වෙනම සුරංගනා කතා වල ඉන්න චරිත කීපයක් එකට එකතු කරල දාල හදපු ෆිල්ම් එකක් තමා මේක. කොටින්ම කිව්වොත් නිකන් ඇවේන්ජර්ස් එකක් වගේ. මර්ලින්, ආතර්, ස්නෝ වයිට්, ජැක් සහ බෝංචි වැලේ කතාවෙ ජැක්, සුරංගනා කතා ලෝකෙ රජු හාන්ස් ක්‍රිස්ටියන්, එතකොට පිනොකියෝ මේ ඔක්කොම ඉන්නවා. පිනොකියෝ චරිතෙ නම් චරිත තුනකට කඩල තියෙන්නෙ. ඒ ඇවිල්ල පිනෝ, නොකී, කියෝ. අනික මේ හැම චරිතයක්ම අපි වෙන කතා වල දැක්කට වඩා වෙනස් විදියට තමා මේකෙ තියෙන්නෙ. කතාව බලන්නකො ඔයාලට තේරෙයි.
කතාව මෙහෙමයි. අපේ කතා නායිකාව ස්නෝ වයිට්ගේ තාත්ත ස්නෝ වයිට්ගේ අම්මගෙ මරණෙන් පස්සෙ වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඒත් එයා ඇවිල්ල මායකාරියක්. තාත්ත ඒ ගැන දැනගද්දි ගොඩක් පරක්කු වැඩියි. ඒත් එයා කොහොමහරි තමන්ගෙ දුවට ඒ ගැන අනතුරු අඟවලා අතුරුදහන් වෙලා යනවා. ඒ අනතුරු ඇඟවීමේ එයා දුවට අන්තිමට කියල තියනව එයාලට උදව් කරන්න පුළුවන් “නිර්භීත හත්දෙනාට” විතරයි කියල. ඒ තමා අපේ කතා නායක මර්ලින් ඇතුළු එයාගෙ සගයො ටික. ඒත් ඉතින් ඒ හත්දෙනත් කරපු මෝඩ වැඩක් හින්ද මේ වෙනකොට සුරංගනාවියක් ගෙ සාපයකට අහු වෙලා ඉන්නෙ. ඉතින් ස්නෝ වයිට්ට මර්ලින්ව හොයාගෙන උදව් ලබා ගන්න පුළුවන් වෙයිද? මර්ලින්ගේ සාපෙ මොකද්ද? ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද? නපුරු මායාකාරිට ඕනෙ මොනවද? මේ ඔක්කොම ෆිලුම බලලම දැනගන්න. මග ඇර ගන්න එපා ඇනිමේෂන් බලන අය අනිවාර්යෙන් මේක බලන්න.
හඬ කැවීම පැත්තට ගියොත් කතා නායිකා ස්නෝ වයිට්ට හඬ කැවීමෙන් එකතු වෙන්නෙ අපි හැමෝම ආදරය කරන Chloë Grace Moretz. අනිත් චරිත වලට Samuel George Clafli, Simon Mario Kassianides, Gina L. Gershon යන අය හඬ කැවීමෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ කොරියන් අධ්‍යක්ෂ Sung-ho Hong අතින්. 2019 ජූලි මාසයේ තිරගත වෙච්ච ෆිලුම IMDB අගය 6.4ක් වගේම බොක්ස් ඔෆිස් ආදායම මිලියන 9.7ක් ලබා ගන්නත් සමත් වෙලා තියනවා. අම්මෝ දන්නෙම නැතුව ලිපිය දිග උනා. එහෙනම් දැනට ගිහින් එන්නම්. මේක කරන්න ඉඩ දුන්න චාමර සහෝටත් ස්තූති කරන ගමන් දැනට ගිහින් එන්නම්. තව ෆිලුමකින් හම්බෙමු. කොමන්ටුවක් හලාගෙන යන්න. හැමෝම පරිස්සමින් ඉන්නෝ…

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,406 downloadsDownload Red.Shoes_.And_.The_.Seven_.Dwarfs.2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
5 comments
Harvey O'brien
TEP
thanks bro supiri ekanam bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra