මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්. “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා නායිකාව ගේ චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී “Felicity Jones” විසිනි. 2012 ජනවාරි මස 27 වන දින…

 

මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්.  “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා නායිකාව ගේ චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී “Felicity Jones” විසිනි. 2012 ජනවාරි මස 27 වන දින එංගලන්තයේදී ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සිනමා පටය පැය 1යි මිනිත්තු 26ක කාලයක් පුරාවට ඔබව ආදරයේ මිහිරියාවත් ඉන් හටගන්නා වේදනාවත් අතර දෙලොවක අතරමං කරාවි. 6.7/10 වැනි IMDb අගයක් දිනාගෙන ඇති මෙම සිනමාපටය Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 72%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

ගෘහභාණ්ඩ නිර්මාණ ශිල්පියෙකු වීමට ඉගෙනුම ලබන ජේකබ් ඇමරිකානු තරුණයෙකි. පුවත්පත් ලේඛිකාවක් වීමට ඉගෙනුම ලබන ඇනා බ්‍රිතාන්‍ය ජාතික තරුණියෙකි. ලොස් ඇන්ජලීස් හී එකම විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන දෙදෙනා අතර ආදරයක් ඇතිවන්නේ ඉගෙනුම ලබන කාලයේදීමයි. උපාධිය සම්පූර්ණ කලාට පසු ඇනාට නැවත එංගලන්තය බලා යෑමට සිදුවන්නේ ඇයගේ ශිෂ්‍ය වීසා අවසන් වීම නිසාවෙනි. නමුත් ජේකබ් සමඟ දැඩිව ආදරයෙන් බැඳී සිටින ඇනා ජේකබ්ව දමා යෑමට ඇති අකමැත්ත නිසාම ඇගේ ශිෂ්‍ය වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් දිගටම ඇමරිකාවේ රැඳී සිටියි. ඇයගේ හිතවතෙකුගේ විවාහ උත්සවයකට නැවත එංගලන්තයට ගොස් පැමිණෙන ඇනාව ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලය විසින් අත් අඩංගුවට ගන්නේ ශිෂ්‍ය වීසා උල්ලංඝනය කිරීමේ වරදට හසුවීම නිසාවෙනි. නිලධාරින් විසින් නැවත එංගලන්තයට හරවා යවන ඇනා සහ ඇමරිකාවේ සිටින ජේකබ් ගේ ආදරයට හරස් වන්නේ රටවල් අතර ඇති දුරස් බවයි. එකිනෙකාව නොදැක ඉන්න බැරි තරම් ලඟින් සිටි ආදරවන්තයන් රටවල් දෙකක සිට තම සම්බන්ධතාවය පවත්වාගෙන යාමට අසීරු උත්සාහයක නිරතෙවෙයි. ඔවුන්ව දෙපැත්තට කරන්නට විවිධ බාධාවන් කෙතරම් ආවත් ඔවුන් වෙනත් පුද්ගලයන් හා කොයි යම් ආකාරෙයේ සම්බන්ධතා පැවැත්වුවත් අවසානයේ ඔවුන්ගේ ජීවිත එක නකට එකතු වේ, නමුත් දෙදෙනා වෙන්ව ජීවත් වූ සමයේ ඔවුන්ගේ ජීවිත වල සිදුවූ වෙනස් වීම් දෙදෙනා අතර ඇති වූ හදවත් බිඳීම්, තුවාල කැලැල් මෙන් ඔවුන්ගේ සිත් තුල ඉතිරි කරමිනි.

“ආදර සම්බන්ධතාවයක් පටන් ගත් අලුත දෙදෙනාගේ සිත් වල ඇතිවන හැඟීම නම් ඔහු හෝ ඇය තමන්ට හොඳට ගැලපෙන බවත් තමන්ට ඔහු හෝ ඇය ගැන ආදරයක් දැනෙනා බවත් ය. යථාර්ථය නම් සම්බන්ධතාවයක මෙම අවධිය කිසි දාක එලෙසම පවතින්නේ නැත. එය අවසන් වන්නේ තමන් ආදරය ගැන වටහා ගත්තා වැරදි යයි තමන්ටම වැටහීමෙනි. ආදරයක ආරම්භය කෙතරම් මිහිරිද තමන් කෙතරම් සතුටින් උද්යෝගිමත්ව සිටිනවාද… නමුත් කල් යත්ම වැටහෙන්නට පටන් ගන්නේ දෙදෙනාගෙන් කිසි කෙනෙක් පරිපූර්ණ නැති බව වගේම දෙදෙනා අතර පවතින ආදරයද පරිපූර්ණ නැති බවයි. නමුත් ඒ අවධිය වන විට ඔබ ඉගෙනගෙන තිබෙනවා ආදරය පවත්වා ගෙන යාම පටන් ගන්නවා තරම් පහසු නොවන බව. නමුත් නොදැනුවත්වම ඔබ, යම් යම් අවස්ථාවන් වලදී තමන්ව රිදවන, යම් යම් අවස්ථාවන් වලදී තමන්ව සතුටට පත් කරන ඒ අසම්පූර්ණ පුද්ගලයාට ආදරය කරන බව.”

ඉතිං එහෙනම් ඔයාල හැමෝටම මේ ලස්සන සිනමාපටය බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්…

 

Like Crazy (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Like.Crazy.2011.720p.BluRay.x264.YIFY

Like.Crazy.2011.LiMiTED.BDRip.XviD-ALLiANCE

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,191 downloadsDownload Like-Crazy-2011.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

3,191 downloadsDownload Subtitles83 KB

14 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  3. Chalana

    thnx bro...

  4. Himashi

    My Blind Brother 2016 sub denna ko?

  5. Dulanga

    Thanks

  6. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  7. Kulanjana Maduranga

    niayamai…aniwa balanna na 1k..elazz.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Soori

    "ඔබව ආදරයේ මිහිරියාවත් ඉන් හටගන්නා වේදනාවත් අතර දෙලොවක අතරමං කරාවි"
    කමක් නෑ, දෙලොවක අතරමං කළත් මේ වගේ අාදර අන්දර අතාරියි අපි..... අඬ අඬා හරි බලමු.
    ඉතින් සබට තුති බොහෝම හසන්ත මාලිංග සහෝ....!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Sach

    සබට තුති සහෝ !!!!!!!!!!

  12. Supitha

    Thanks hasantha saho

  13. vidushan

    thanks saho, jaya,.!

  14. nidi

    හසන්ත,
    චිත්රපටයටත් වැඩියෙන් ඔයාගේ ලිපිිය රසවත්, හරවත්.
    ඇත්තටම ජීවිතයේ ඇත්ත, යථාර්ථය, සැබෑව මොන තරම් රසවත් වුණත් කොයි තරම් කටුකද?
    මෙහෙම චිත්රපටයක් දුන්නාට පින්!
    විනෝදයක් වගේම වින්දනයකුත් එක වරම ලබන්න පුළුවන්.
    ස්තුතියි!