Watch Trailer

Lilli (2018) sinhala subtitles | පැහැරගත් ගැබිනියගේ අඳුරු කතාව [සිංහල උපසිරසි සමඟ]

මාස 3කට විතර පස්සෙ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආව. බයිස්කෝප් අඩවියට අවුරුදු 10ක් වෙලාලු ඔන්න. ගොඩක් සතුටුයි ඒ ගැන නම්. පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වුණු නිසයි මේක ප්‍රමාද වුණේ. මේක 2018 සැත්තැම්බර් 28 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. ඒවගේම මේක මගේ පලවෙනි මලයාලම් උපසිරැසිය. මෙය සාම්ප්‍රදායික බවින් ඔබ්…

මාස 3කට විතර පස්සෙ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආව. බයිස්කෝප් අඩවියට අවුරුදු 10ක් වෙලාලු ඔන්න. ගොඩක් සතුටුයි ඒ ගැන නම්. පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වුණු නිසයි මේක ප්‍රමාද වුණේ. මේක 2018 සැත්තැම්බර් 28 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. ඒවගේම මේක මගේ පලවෙනි මලයාලම් උපසිරැසිය. මෙය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කතාවක් කිව්වොත් නිවැරදියි.

මේක Drama/Thriller කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDBහි 5.9 වැනි අගයක් ලැබිල තියෙනවා. ලිලී කියන ප්‍රධාන චරිතය සඳහා Samyuktha Menon රංගනයෙන් දායකවෙල තියෙනව. මීට අමතරව Dhaesh Anand,Aaryan krishna,Athulya Ravi ඇතුළු පිරිසකුත් මේ සඳහා රංගනයෙන් දායකවෙල තියෙනවා. Prasobh Vijayan තමයි මෙය අධ්‍යයක්ෂණය කරල තියෙන්නෙ.

දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. ලිලී කියන තරුණියට දරු ප්‍රසූතිය සඳහා සති 2ක් වැනි කෙටි කාලයක් තමයි තියෙන්නෙ. ඇගේ සහ දරුවාගේ අවශ්‍යතා උදෙසා ලිලීගේ සැමියා වන අජිත් අති කාලයකුත් රැකියාවේ නිරත වෙනවා. දිනක් රාත්‍රියේ ලිලීට දුරකතන ඇමතුමක් ලැබෙනව අජිත්ට අනතුරක් වුණා කියලා. ඒත් ලිලී එතනට යන විට තිදෙනෙක් විසින් ඇයව පැහැරගන්නවා. ඉන්පසු ඇයගෙන් බාල වයස්කාර දැරියක් පිළිබඳව තොරතුරු විමසනවා. පසුව එම දැරිය ලිලී ගණිකාවක ලෙස සේවය කරන කල හදුනාගත් කෙනෙක් බව හෙළිවෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල සබ් එක බාගෙනම බලන්නකො.

උපසිරැසිය කරන්න උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ඒ වගේම උපසිරැසිය ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා ඉතිං….. බුදු සරණයි!.. ගිහින් එන්නම්..

 Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

5,046 downloadsDownload Lilli-2018.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාසුර ඉන්ද්‍රචාප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බාසුර ඉන්ද්‍රචාප

Subtitles

5,046 downloadsDownload Subtitles22 KB

21 comments

  1. ricadodamien

    wow, looks like a good one, Thank U for the sub Basura brother & baiscope team, all the best to baiscope team...........

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  3. rangika Kariyawasam

    නියමයි සහෝ ෆට්ටම වැඩක්.දිගටම මලයාලම් සබ් දෙන්න.ජය වේවා...

  4. Tharaka

    thanks macho. puluwannam "Mere Pyare Prime Minister (2018)" film ekata sub denna.

  5. Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. harshani11112

    ස්තුති බාසුර මල්ලි
    තෙරැවන්සරණයි

  7. Suranjan

    Thanks .......jayawewa......!

  8. Udara Damith Dissanayaka

    elaaaaaaaaa

  9. snak

    thanks sahoo sub ekata

  10. Pradeepkumara

    Thanx saho

  11. chutiya

    elm sho

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharu

    ❤️

  14. N_R

    Thank you.

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  16. MadhuBandara

    thank you yaluwa

  17. Lalani Maduwanthi

    Dan malayalam movies denne nadda yaalu?

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. Dumindadilu

    Niyamai thanx malli jaya wewaaaaa

  20. Lalani Maduwanthi

    Supiri subtitles

  21. ajith123450

    thanx br