Watch Trailer

Lilo & Stitch (2002) Sinhala Subtitles | එක් ආදර වැළඳ ගැනීමක්, නැවත අප හමුවෙන තුරු [සිංහල උපසිරසි]

Lilo & Stitch (2002) Sinhala Subtitles ආයුබෝවන්! කියන ගමන් හැමෝවම ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මීට කලින් මං ගෙනාපු Lilo & Stitch (2025) ලයිව්-ඇක්ෂන් චිත්‍රපටය ඔයාලා බැලුවානම්, අද අරන් ඇවිල්ලා තියෙන්නෙ ඒකෙ මුල් ඇනිමේෂන් චිත්‍රපටයට උපසිරැසි. ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයට උපසිරැසි ගන්වද්දී මට හිතුනා…

Lilo & Stitch (2002) Sinhala Subtitles ආයුබෝවන්! කියන ගමන් හැමෝවම ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මීට කලින් මං ගෙනාපු Lilo & Stitch (2025) ලයිව්-ඇක්ෂන් චිත්‍රපටය ඔයාලා බැලුවානම්, අද අරන් ඇවිල්ලා තියෙන්නෙ ඒකෙ මුල් ඇනිමේෂන් චිත්‍රපටයට උපසිරැසි. ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයට උපසිරැසි ගන්වද්දී මට හිතුනා මේ චිත්‍රපටයටත් උපසිරැසි ගන්වන්න ඕනේ කියල. ඉතිං ලයිව්-ඇක්ෂන් එකට වගේම මේකටත් උපසිරැසි ගන්වන්න ඉඩ සලසා දුන්නු තිසර නියෝ සහෝදරයවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන මෙතනදී. Lilo & Stitch ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයට මං සවිස්තරාත්මක ලිපියක් ගෙනාපු නිසා, මේකෙදි මම ලිපිය දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වගේම තාම ලයිව්-ඇක්ෂන් ෆිලුම බලපු නැති කෙනෙක් ඉන්නවා නම්, අනිවාරෙන්ම ඒකත් බලන්න කියල මතක් කරනවා. ලයිව්-ඇක්ෂන් ප්‍රතිනිර්මාණයක් විදිහට සැලකුනත් සම්පූර්ණම චිත්‍රපටය එහෙම ප්‍රතිනිර්මාණය වෙන්නෙ නෑ.  Lilo & Stitch (2002) Sinhala Subtitles • Run Time – 1h 25min • IMDb Ratings – 7.4/10 • Rotten Tomatoes – 86% මේ ඇනිමේෂන් චිත්‍රපටය සහ ලයිව්-ඇක්ෂන් එක සුළු සුළු වෙනස්කම් කීපයක්ම බලාගන්න පුළුවන් වෙනවා. මොකද ඇනිමේෂන් එකේ ඉන්න සමහර චරිත ලයිව්-ඇක්ෂන් එකෙ නෑ වගේම ලයිව්-ඇක්ෂන් එකේ ඉන්න සමහර චරිත ඇනිමේෂන් එකේ නෑ. ඒ නිසා කතා දෙක පොඩි පොඩි වෙනස්කම් කීපයක්ම තියෙනවා. 2025 චිත්‍රපටය ගෙනාපු නිසා මේකටත් උපසිරැසි ගන්වන්න ඕනේ කියල හිතුනා. කොහොම නමුත් මේ වෙද්දී ඇනිමේෂන් එකේ 2 කොටසකුත් Lilo & Stitch 2: Stitch has glitch යනුවෙන් 2005 වසරෙදි තමා නිකුත් වෙන්නෙ ඩිස්නි ආයතනය ඔස්සේ. නමුත් Lilo & Stitch කතාව වටා නිර්මාණය වුනු තවත් ඇනිමේෂන් චිත්‍රපට 2ක් සහ කතාමාලාවක්ද ඇතුලත් වෙනවා. Lilo & Stitch (2002) Sinhala Subtitles ඒ පිළිවෙල අනුව, • Lilo & Stitch (2002) • Stitch! The Movie (2003) • Lilo & Stitch: The Series (2003-2006) • Lilo & Stitch 2: Stitch Has a Glitch (2005) • Leroy & Stitch (2006) පහලින් ඊට අදාල පෝස්ටර බලාගන්න පුළුවන්.

ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය ස්ටිච් හට හඬ දායකත්වය ලබාදුන් Chris Sanders සහ How to Train Your Dragon හි අධ්‍යක්ෂක වන Dean DeBlois මහතා විසිනුයි. ඉතිං මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ. නුදුරු දිනකදිම දෙවනි චිත්‍රපටයත් උපසිරැසි අරගෙන එන්නම්. එතකන්, හැමෝටම සුභ දවසක්! ජයවේවා! Lilo & Stitch (2002) Sinhala Subtitles

Lilo & Stitch (2002) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

736 downloadsDownload Lilo-and-Stitch-2002-sinhala-subtilte.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Lilo & Stitch (2002) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

736 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට