M3GAN 2.0 (2025) Sinhala Subtitles Sinhala Subtitles ආයුබෝවන්! එහෙනම් ඔන්න ආපහු මම ආවා ඔයාලට තවත් උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටයේ වෙබ් කොපි ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. දෙබස් ප්‍රමාණය හිතුවට වඩා ගොඩක් වැඩි වීමත්, පුද්ගලික වැඩ එක්ක වෙලාවක් තිබුනේ නැති වීමත් නිසා වැඩේ නම් පරක්කු උනා. ඒකට සමාවෙන්…

මීට අවුරුදු 3 කට කලින්, ඒ කියන්නේ 2022 අවුරුද්දේ ආපු M3GAN චිත්‍රපටයේ දෙවෙනි දිගහැරුම තමයි M3GAN 2.0 කියන්නේ. M3GAN (2022) නම් ඇත්තටම ගොඩක් අය අතරේ ජනප්‍රිය උනා. නමුත් මේ දෙවෙනි චිත්‍රපටය නම් එතරම් සාර්ථක උනේ නැහැ. ඒක ඉතින් කියන්නම ඕන. ඒ නිසාම වැඩි කාලයක් චිත්‍රපටය සිනමා ශාලා වල දිව්වේ නැහැ. නමුත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් කියලා නම් මට බය නැතුව කියන්න පුළුවන්.
සුපුරුදු පරිදි කතාව ගැන පොඩි සටහනක් දෙන්නම්. ඔයාලා දන්නවා AI එහෙම නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ අද කාලේ වැඩිපුරම කතාවෙන මාතෘකා වලින් එකක්. AI දැන් බඩේ බත් වගේ ගානක් නැති තරමට මිනිස්සුන්ට ලං වෙලා. හැබැයි මේ තාක්ෂණය හොඳ දේවල් වගේම නරක දේවලුත් මිනිස්සු වෙනුවෙන් අරං එන එක නම් ඉතින් නවත්වන්න බැහැ.
ඔයාලට මතක නම් මුල් කතාවේ ජෙමා (Allison Williams) මේගන්ව නිර්මාණය කරා තමන්ගේ නෑදෑ දුවක් වන කේඩි (Violet McGraw) ගෙ තනියට. හැබැයි මේගන් මිනී මරන තරමට දරුණු වීම නිසා අන්තිමට සිද්ධ වෙනවා එයාව විනාශ කරන්න. මේගන්ව භෞතික වශයෙන් විනාශ කරාට එයාට ආපහු ඕන වෙලාවක පන දෙන්න පුළුවන් විදිහට එයාගේ බුද්ධිය වෙනම හිර කරලා තියා ගන්න ජෙමා කටයුතු කරනවා.
ඉතින් කාලයත් එක්ක මේගන් වගේ, නමුත් ඊට වඩා එහා ගිය නිර්මාණයක් කරන්න නිර්නාමික ආයතනයක් කටයුතු කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මේ ආයතනය ඇමීලියා කියන යුධමය රොබෝවරිය නිර්මාණය කරනවා තමන්ගේ සතුරන්ට එරෙහිව පාවිච්චි කරන්න. අන්තිමේදී මේ ඇමීලියා මේගන්ට වඩා ලොකු විනාශයක් කරන කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ප්‍රශ්නයෙන් මිනිස්සුන්ව බේරා ගන්න, ජෙමා ඇතුළු එයාගේ කණ්ඩායම තීරණය කරනවා ආපහු මේගන්ව භෞතික ලෝකයට අරන් එන්න. ඒ කියන්නේ එයාලා රෝබෝවරියකට එරෙහිව තවත් රෝබෝවරියක් කරලියට අරන් එනවා. දිනන්නේ කවුද? මේගන් ද? ඇමීලියා ද?
M3GAN 2.0 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Gerard Johnstone. බෙදාහැරීම ලෝකප්‍රසිද්ධ Universal Pictures විසින් සිදු කරා. චිත්‍රපටයේ වර්තමාන IMDb අගය 6.2 ක් වෙනවා. Rotten Tomatoes අගය නම් 57% ක් විදිහට තමයි පෙන්වන්නේ. පැය දෙකක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Horror/Sci-fi කාණ්ඩ දෙකටම වැටෙනවා.ලිපිය මෙතනින් නවත්වන්නම් මම. ඉතුරු හරිය ඔයාලට බාරයි. මම විශ්වාස කරනවා මේ කතාව ඔයාලට වින්දනයක් අරන් ඒවි කියලා.
තවත් උපසිරැසියකින් හමුවෙන කල් හැමෝටම ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,529 downloadsDownload M3GAN-2.0-2025.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
M3GAN 2.0 (2025) Sinhala Subtitles
Subtitles
5 comments
Buddhika laKMal
Nimesh Darshana
Thanks guys!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Aravinda Fernando
Thanks machan mey wedeta..
Thawa wedi wediyen shakthiya lebewaa!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
ස්තූතියි දෙන්නටම මේකට සිංහල සබ් දුන්නට.......