Watch Trailer

Limbo (2021) Sinhala Subtitles | සංක්‍රමණික දාම ඝාතකයාගේ වියරුව [සිංහල උපසිරැසි]

Limbo (2021) Sinhala Subtitles ආයූබෝවේවා හැමෝටම… ඉඩක් හම්බුන විගසම ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. ඔයාලා දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපට නරඹන්න කැමතිනම් මේ නිර්මාණයට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මේක චීන සහ හොංකොං රාජ්‍ය දෙකේ එකතුවෙන් දකුණු චීන සහ මැන්ඩරින් භාෂාවෙන් නිකුත් උන සලරුවක්. ලෙයි මී කියන චීන නව…

Limbo (2021) Sinhala Subtitles

ආයූබෝවේවා හැමෝටම… ඉඩක් හම්බුන විගසම ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. ඔයාලා දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපට නරඹන්න කැමතිනම් මේ නිර්මාණයට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. මේක චීන සහ හොංකොං රාජ්‍ය දෙකේ එකතුවෙන් දකුණු චීන සහ මැන්ඩරින් භාෂාවෙන් නිකුත් උන සලරුවක්. ලෙයි මී කියන චීන නවකතා රචකයා විසින් රචිත “Wisdom Tooth” කියන නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ වර්ණ රහිතව කළුසුදු විදියට තමයි. ඒත් ගුණාත්මක බව ගැනනම් සැකයක් තියාගන්න එපා. මොකද මේ නිර්මාණය සම්මාන 30කට අධික ප්‍රමාණයකට නිර්දේශ වෙලා ඉන් සම්මාන 12ක් ලබාගන්න සමත් වෙලා තියෙන බවත් මතක් කරන්න ඕන.

විල් රෙන් කියන්නේ පොලිස් ඇකඩමියේ අංක 1 ශිෂ්‍යයා විදියට පුහුණුව ලබපු කෙනෙක්. දක්ෂතාවය නිසාම ආධුනික පොලිස් පරීක්ෂකවරයෙක් විදියට පොලීසියට බැඳෙන්න විල්ට අවස්ථාව ලැබෙනවා. එයාට වැඩ කරන්න ලැබෙන්නේ දක්ෂ, පළපුරුදු පරීක්ෂකවරයෙක් වෙන පරීක්ෂක චාම්ගේ සහයකයා විදියටයි. ඉතිං එයාලට ලැබෙන රාජකාරිය තමයි නගරයේ තැනින් තැන කපලා දාලා තිබිලා හම්බෙන කාන්තාවන්ගේ අත් ගැන හොයන එක. මෙහෙම හම්බෙන කාන්තාවන්ගේ අත් මළ බැඳුණු මොට ආයුධයකින් වෙන් කරලා තියෙන බවත් මෙයාලට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ අත් වෙන් කරලා තියෙන්නේ කාන්තාවන් පණ පිටින් ඉද්දි බවත් අනාවරණය වෙනවා. ඉතිං මේ ඝාතකයා කවුද? ඇයි මෙහෙම කරන්නේ? විල් සහ චාම් මේ වගේ දරුණු ඝාතකයෙක්ව කොහොම අල්ලගනියිද කියලා ඔයාලා මේ සුපිරි චිත්‍රපටය නරඹලාම දැනගන්න.

ඉතිං මේ චිත්‍රපටය මේ වෙද්දි 84%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 7.1ක ඉහල අගයක් ලබාගන්නත් කුණු තක්කාලිහි 86%ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Action/ Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ චිත්‍රපටය හොංකොං මිලියන 13කට ආසන්න ආදායමක් උපයගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් හොංකොං සිනමා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් වන Gordon Lam පරීක්ෂක චාම් ලෙසත්, චීන ගායිකාවක් සහ නිළියක් වන Cya Liu වොන්ග් ටෝ ලෙසත් එක් වෙනවා. ඒ වගේම ඔයාලා The Hangover Part II බැලුවනම් ඒකේ ටෙඩීගේ චරිතය රඟ දක්වපු Mason Lee පරීක්ෂක විල් රෙන් ලෙසත් රංගනයෙන් එක්වෙලා තියෙනවා. එහෙනම් ඔයාලත් මේ අපූරූ සිත්තම නරඹලා අදහස් දක්වන්න. ඒ වගේම මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න නවීන් සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමනවා. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ උපසිරසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න විතරයි. සුපුරුදු විදියටම තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා !

 

Limbo (2021) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,692 downloadsDownload Limbo-2021-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Limbo (2021) Sinhala Subtitles  

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,692 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Buddhika Lakmal

    Thanks Bro sub ekata

  2. Malith samarawickrama

    Thanks saho sub ekata

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. තවත් මේ වගේ ෆිල්ම් දෙමු. ජයවේවා!

  4. Nuwan

    Thanx bro sub ekata

  5. Anonymous

    Thanks

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  8. Ruchira

    Thanks for the sub!!!!!