Watch Trailer

Little Nicholas (2009) | නිකොලොස් සහ සෙට් එක දෙන ආතල්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මමත් එහෙනම් බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වුණා. ඇත්තටම මේක මම පළ කරන පළමුවෙනිම සබ් එක. ඒ හින්දා හෙන අඩුපාඩු ගොඩාක් ඇති කියල මම හිතනව. හෙන ගේමක් දීල සබ් එක කොහොම හරි ඔන්න දුන්න. පළවෙනි පාර හින්ද එච්චර එක්ස්පීරියන්ස් එකකුත් නෑනෙ….:පී. ඇත්තටම මම හිතනවා සබ් එක හොදට ඇති කියලා. මේ ෆිල්ම් එකේ කතා වැඩී…

Little - Nicholas (2009)

ඔන්න මමත් එහෙනම් බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වුණා. ඇත්තටම මේක මම පළ කරන පළමුවෙනිම සබ් එක. ඒ හින්දා හෙන අඩුපාඩු ගොඩාක් ඇති කියල මම හිතනව. හෙන ගේමක් දීල සබ් එක කොහොම හරි ඔන්න දුන්න. පළවෙනි පාර හින්ද එච්චර එක්ස්පීරියන්ස් එකකුත් නෑනෙ….:පී. ඇත්තටම මම හිතනවා සබ් එක හොදට ඇති කියලා. මේ ෆිල්ම් එකේ කතා වැඩී. ඒ හින්ද, බෝරිං නැති වෙන විදිහට සබ් එක දෙන්න ට්‍රයි කළා. දැන් චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ.

මම මේක ගැන විචාර දෙන්න නම් දන්නෙ නෑ. හිතෙන විදිහට කියන්නම්, මේක ජර්මන් චිත්‍රපටියක්. ඇත්තටම කිව්වොත් පොඩි එවුන් සෙට් එකක් ආශ්‍රෙයන් තමයි චිත්‍රපටිය හදල තියෙන්නෙ. තනිකරම හිනා යන චිත්‍රපටියක්. IMDB එකේ 7.4 ක රෑන්ක් එකකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. නිකොලස් කියල පොඩි ළමයෙකුයි, එයාගෙ යාළුවො ටිකකුයි දෙන ආතල් ටිකක් එක්ක තමයි චිත්‍රපටිය යන්නෙ. දවසක් නිකොලොස්ගේ යාළුවෙක්ට මල්ලි කෙනෙක් හම්බෙනවා (ඒ කියන්නෙ එයාගෙ අම්මට බබෙක් හම්බෙනවා). ඉතින් මෙයාට මේක හෙනම හෙන ප්‍රශ්නයක්. මෙයා හිතන්නෙ, දැන් මෙයාට තියෙන සැලකිලි සේරම අඩුවෙනවා කියලා.

· * මම හිටියෙ තද නින්දක.

· * එකපාරටම තාත්ත මාව ඇහැරුව.

· * මෙන්න එයා එකපාරටම කියාපි මට මල්ලි කෙනෙක් හම්බෙලා කියල!

· * එයා මාව අම්ම ගාවට එක්ක ගියා. අම්මට එහා පැත්තෙන්, මගෙ පොඩි මල්ලි හිටියා.

· * එයා බෙරිහන් දෙනවා, ඒ වුණාට මං පොඩ්ඩක් හරි කෑගැහුවොත් මට කෑගහන්න එපා කියනවා. මම තොටිල්ල ගාවට ගියොත්, එයලා මට කෑගහනවා.

මෙයා මේ කතාව නිකොලොස් ඇතුළු එයාගෙ ඉස්කෝලෙ යාළුවො සෙට් එකට කියනවා. ටික දවසකට පස්සෙ නිකොලොස්ගෙ අම්මටත්, මල්ලියෙක් හම්බෙන්න යන වග එහෙම දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙයාටත් දැන් තියෙන සැලකිලි ටික ඔක්කොම අඩු වෙයිද?

නිකොලොස් බය වෙනවා. අලුත් ළමයෙක් හම්බවුණාම, දෙව්පියො තමන්ව කැලේක අතරමං කරල යයි කියල කියන කතාවකට නිකොලොස් හොදටෝම බය වෙනවා. ඒ හින්ද නිකොලොස් එයාගෙ දෙමවුපියො සතුටු කරන්න නොකරන දෙයක් නෑ. යාළුවොත් එක්ක එකතු වෙලා මාර ගේම් දෙන්නෙ. ඇත්තටම මැරෙන්නම හිනා යන ආතල් තමයි මේ සෙට් එක එකතු වෙලා කරන්නෙ. ආයෙ ආයෙ බලන්න හිතෙනවා. ඔයා හිතන්නෙ නිකොලොස්ගෙ අම්මට මල්ලි කෙනෙක් හම්බෙයි කියලද? හම්බුනොත් එයාව කැලේක අර වගේ අතරමං කරයි ද?

මේක දැනගන්න චිත්‍රපටිය බලලම ඉන්නකෝ…

Little Nicholas (2009) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

25164d8157f837f50172b0f3693edaa40de07af5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,405 downloadsDownload Little.Nicholas.2009.baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/yasmikasaubhagya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යස්මික සෞභාග්‍යය

Subtitles

3,405 downloadsDownload Subtitles43 KB

55 comments

  1. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා කොල්ලෝ !
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට
    ජය වේවා දිගටම සබ් දෙමු නේද ෴:) ෴

    1. Haker

      the best film 4ever

  2. Madushan

    hm! gr8t bro. elz requst ekak thiynw thwa krnna. ELEMENTARY kthwe s1 eka nm dunna. dn s2 eka denna ptn gththok hoda nda? (addmin requst ekak)

    tnx

  3. Sanjaya

    Suba Pethuman Saho...

  4. Tharindu perera

    Maru bandayak vageee.....onna ehenam gagaththaaa....thanks sahoo sub ekatahh...palamu vadeta jayaa...

  5. චතුර මදුසංක

    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට......ජය වේවා.

  6. Chami

    Thanks

  7. jack

    ඔන්න ගත්තා සහෝ සබ් එක
    දිගටම වැඩේ කරන්න.
    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප්

  8. නිලංක නුවන්

    ප්‍රථම උපසිරැසියට උනුසුම් සුබපැතුම්....බොහොම ස්තූතියි.. ජයෙන් ජය ලැබේවා!!!

  9. sanka

    palaweni sub ekata subapathanawa mama hena kamathi me wage comedy filme balanna sarala maarthukawak osse diwena filme balnna api waya karana time ekata vindanayak labanna me wage filme thamai maru god luck

  10. Amil

    Thanks Malaya sub ekata...

  11. Dhanushka

    Thankssssssssss

  12. LaSa MaRLeY

    නියමයි “යස්මික සෞභාග්‍යය” සහෝ සිංහල උපසිරැසියට වගේම Little Nicholas බයිස්කෝප් එකටත්,මම බාගෙන බැලුවා,Sub ටික හොදටම තියෙනවා,බොහෝම ස්තූතියි සහෝ අපිට වෙනස් අත්දැකීමක් ලබාදෙන්න වෙච්ච මහන්සියට වගේම වැයකළ ඔබගේ වටිනා කාලයට,ජයවේවා!!!

    1. ___යස්මික සෞභාග්‍යය___

      තෑන්කූ කොල්ලො!!

  13. nalaka

    suba pathum saho..

  14. “චූටී මල්ලි”

    පොඩි උන්ගෙ ආතල් එකක් නෙ
    එල එල තව සබ් කරමු මචන්
    සබට තුති
    ඔබට ජය..............

  15. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  16. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum YASMIKA saho.weldone.ela ela muru film1k.balann hithenawa.e nisa mmth banawa.digatama sub demu.ohoma yamu.jaya wewa....

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න ජයවේවා.

  18. thiliya

    tnx bro... Puluwannam Daar 1993 hindi movie1 sb dennako... :D

  19. shalana

    Thanks saho...

  20. indika

    thnq

  21. Lakmal

    පලවෙනි sub එකට සුබපැතුම් සහෝ ජය වේවා

  22. mindika

    Thanks !!!!!!!!!!

  23. ganesh

    නියම කතාව ඔයි කියලා වැඩක් නැ තව මෙ වගේ එවා දෙන්න කෝ පිස්සු හැදෙන සද

  24. dinesh

    .බොහොම ස්තූතියි.. ජයෙන් ජය

  25. Yasmika

    කමෙන්ට් දාපු ඔක්කොටෝම ගොඩක් ස්තූතියි..........!!

  26. sahan

    sub ekata thanxz saho ;)

  27. dinidu madushanka

    ela ela bro jaya wewa

  28. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. ___යස්මික සෞභාග්‍යය___

      බොහෝමත්ම ස්තූතියි කිව්ව ෴෴

  29. M THILINA

    Thank U

  30. Darshaka

    පට්ට මචං. එල එල ඔහොම යං
    දිගටම වැඩේ කරන්න.
    සබ් එක දාලා තිෙයන විදිය ලස්සනයි.
    එ ස්ටයිල් එක ෙහාදයි

  31. danuka

    සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට

  32. Uraj Deemantha

    Trailer එක අනුව නම් පට්ට පට පට වගේ..... :D

  33. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  34. kanchana

    mmmmmmmm........niyamay

  35. Dasitha

    මම බලපු සුපිරිම කොමඩි film 1, ස්තූතියි කිව්ව සබ් එකට ඈ.
    ජය වේවා.

  36. Menu

    Thank you bro :)

  37. Emi

    Thank you

  38. amal

    මේකනම් පට්ට ෆිල්ම් එකක් මචන්.සබ් එකත් නියමෙට දාල තියෙනවා.

  39. Madushan

    නියමයි! එළම එළ චිත්‍රපටියක්! උපසිරස ගැන්වීමත් නියමෙටම කරලා තියනවා. එළ!!!

  40. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  41. thilina

    man ada meka baluwe. storiya supiri. tnx machn. sub ekath pattata thynwa

  42. inoka perera

    හරිම ලස්සනයි මෙන්න ෆිල්ම් ස්තූතියි මේක දුන්නට සබ් එක නියමයි

  43. Dileepa

    Little Nicholas (2009) BluRay 720p 700MB Ganool ekata sub eka update karanna puluwanda?

  44. venuka

    patta film eka

  45. Tilantha hansanath

    elaz mekath patta wage thanks digatama sub demu :)

  46. podda

    ela

  47. krishan

    ඇත්තටම සබ් එක බාගත්තට ක‍ොම‍ෙන්ට් එකක් දැම්ම‍ෙ නෑ.බලලා ඉවරව‍ෙලා ආයි ආව‍ෙ ක‍ොම‍ෙන්ට් එකක් දාලා යන්නමයි.උඹ‍ේ සබ් නම් පට්ට බන්.උඹ සබ් කරල තියන විදිහට ෆිල්ම් එක‍ේ තියන ක‍ොමඩි ගතිය තව වැඩිනෙවා.සුපිරි බන්,පට්ට සබ් එක.සුභ අනාගතයක් මච‍ෝ.

  48. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...
    බලපු ආතල්ම ෆිල්ම් එක කියන්න පුලුවන්. ඔයාගේ සබ් එක නිසා ඒක දෙගුණ තෙගුණ වෙලා.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  49. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....එල .....

  50. kbs

    2014 oya film eke second ekatath sub dennako. Les Vacances Du Petis Nicolas. pls....

Load more comments