Watch Trailer

Littleman (2006) with sinhala subtitles | පොඩිඑකා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Little man කියන්නේ. මේ චිත්‍රපටිය එලිදක්වල තියෙන්නේ 2006 වර්ෂයේ.සමහරවිට ගොඩක් අය මේක බලලත් ඇති, චිත්‍රපටිය නම් ටිකක් පරන වුනාට මේකෙ තියන ගුනාත්මක ත…

Littleman (2006)

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Little man කියන්නේ. මේ චිත්‍රපටිය එලිදක්වල තියෙන්නේ 2006 වර්ෂයේ.සමහරවිට ගොඩක් අය මේක බලලත් ඇති, චිත්‍රපටිය නම් ටිකක් පරන වුනාට මේකෙ තියන ගුනාත්මක තත්වය නිසා කොච්චර බැළුවත් එපා වෙන්නෙ නම් නැති වෙයි.

Keenen Lvory Wayans අධ්‍යක්ෂණය කරල තියන මේ චිත්‍රපටියට සම්මාන 5 ක් සහ නොමිනේෂන් 15 ක් ලැබිල තියනව. ඒ වගේම Box Office වාර්තා වලට අනුව මේ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් උපයල තියන මුළු ආදායම $91,7555,287 ක් වෙනව. මේකට හිමි වෙලා තියන IMDb රේට් එක නම් 4.3 විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ.

චිත්‍රපටයෙ එන කතාව ගැන කිවුවොත් මෙහි ප්‍රධාන චරිතය Calvin හට පණ පොවන්නේ Marlon Wayans. ඇත්තටම කැල්වින් කියන්නේ අවුරුදු ගානක් වයසට ගියත් තවමත් පොඩි ළමයෙකුගේ පෙනුම තියන කෙනෙක්.ඒ වගේම මෙයාට හොඳ සගයෙක් ඉන්නව Percy කියල, මෙයාල උපතින්ම සුපිරි මංකොල කාරයෝ දෙන්නෙක්, ඉතින් මෙයාලට වැඩක් පැවරෙනව ටිකක් දරුණු මිනිහෙකුගෙන්, ඒ දියමන්තියක් හොරකම් කරන්න,උපතින්ම මංකොල්ලකාරයෝ වුන කැල්වින්ටයි පර්සියිටයි පුළුවන් වෙනව මේ දියමන්තිය හොරකම් කරන්න, කොහොමහරි මේ මංකොල්ලය අතරතුරදී මේ කතාවට සම්බන්ද වෙනව දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න ඩැරල්  සහ වැනේස, මේ යුවලට නොදැනුවත්වම ඒ හොරකම් කරපු දියමන්තිය එයාල අතට පත් වෙනව,මේ දියමන්තිය ආපහු එයාලගෙන් ගන්න පර්සිට හොඳ අදහසක් පහල වෙනව, ඒ තමයි කැල්වින්ව කාත් කවුරුත් නැති බබෙක් විදිහට අන්දල ඩැරල්ටයි වැනේසටයි බාරදෙන එක, එයාල මෙයාව දවස් කීපයකට දරුකමට හදාගන්න තීරනය කරනව, ඔතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ, පුන්චි කැල්වින් ඒ ගෙදර ඉඳන් හරි හරි වැඩ කරනව, ඒ වැඩ මෙහෙම කියල බෑ චිත්‍රපටිය බලන්නම ඕනෙ, තප්පරෙන් තප්පරේට රසවත් වෙන මේ වගේ චිත්‍රපටියක් නම් ඇත්තටම බලන්න වටින දෙයක්.

තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේක තමයි මගේ පළවෙනි උපසිරසි නිර්මාණය ඒ නිසා පුන්චි පුන්චි වැරදීම් අතපසුවීම් තිබුනොත් සමාවෙන්න ඕනේ! ඒ වගේම මෙම උපසිරස් සකස් කිරීමට උදවුකල සියළු දෙනාට ද Little Man (2006) චිත්‍රපටයට උපසිරස් එක් කිරීම සම්බන්දයෙන් මා දැනුවත් කල Baiscopelk.com අඩවියෙහි ඇඩ්මින් වරයෙකු වන සමන් ප්‍රසාද් සොයුරාටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව. ඉතින් තවත් මේ වගේම උපසිරසක් එක්ක ආයෙත් දවසක හමුවෙමු !

ඔබට ජය !!

2011 ජනවාරි 24 ලහිරු ප්‍රසාද් සොහොයුරා විසින් පල කළ ලිපිය.

මගෙන් පළමු වරට ඔයාලට හඳුන්වලා දෙන්න යන්නෙ ඇති වෙනකල් හිනා වෙන ගමන් බලන්න පුලුවන්, හුඟක් ජනප්‍රිය වුන බයිස්කෝප් එකක්… missed කරගත්තු අය අනිවා බලන්න ඕන කරන බයිස්කෝප් එකක්.

Keenen Ivory Wayans විසින් අධ්‍යක්ෂණය කල මේ බයිස්කෝප් එකට Marlon Wayans සහ Shawn Wayans ප්‍රධාන රංගනයෙන් දායක උනා. පෙනුමෙන් පොඩි එකෙක් වගේ පෙනුනත්, Little man කරන්නෙ හොරකම්මයි. ඒත් මේ කිසිම දෙයක් නොදන්න ජෝඩුවක් මේ චූටි හොරාට ඇන්දෙනවා.එයාල මූ පොඩි ලමයෙක් කියල එයාලගෙ ලමයෙක් විදිහට ගෙදර තියාගන්නවා. ඒ වුනාට ඒ ජෝඩුවගෙ ගෙදර ඉන්න නාකි සීයට මූව දිරවවුවෙ නෑ. නාකි සීයත් එක්ක නිතරම රන්ඩු වෙනවා මේ දෙන්නට දෙන්නා මාර තරහයි. ඒත් ඒ සීයට කතාකරන්න බෑ .ඒක නිසා මුගෙ හොරකම් ගැන නාකි සීයට අර ජෝඩුවට කියන්නත් අමරුයි. ඒ කොහොම වුනත් ජෝඩුවගෙන් Little man ට තිබුනෙ පුදුම ආදරයක්.
පොඩි ලමයිගෙ රෙදි අන්දවනවා,නාවනවා..අහන්න, ජොලිම දේ තමයි පෙනුමෙන් පොඩි වුනත් Little man වයසින් අවුරුදු 20කටත් වඩා ලොකු කොල්ලෙක් වීම. ඒත් ඒක ජෝඩුවටම තේරුම් ගියෙ හුඟ කාලයක් ගිහාමයි. ඒ කොහොම උනත් මෙයාල කරන තරමක් කරන්නෙ පුදුම හිනා යන දේවල්. ඒ දේවල් අහනවට වඩා බලලම හිනා වෙන එක තමයි හොඳ…

ඉතින් Little man ට මොනවා වෙයි කියලද හිතන්නෙ අන්තිමට…? මොකද්ද මෙයාගෙ හොරකම…? download කරලා බලන්න… සුපිරි මූවී එකක්… baiscoplk ටත් ඔබ සියල්ලෝටමත් ජය වේවා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,005 downloadsDownload Little.Man2006.Baiscopelk.com_.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/NiunAdheesha1-e1484912884892.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන් අධීෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිපුන් අධීෂ

Subtitles

1,005 downloadsDownload Subtitles53 KB

18 comments

  1. අසිත

    elama saho thanks
    mama kalin balala thiyenawa wage mathakayi nathi unoth balanwa

  2. KAVINDA GAMAGE

    thank you

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි. දිගටම සබ් කරමු.

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Chalana Rukshan

    thnx bro...

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIPUN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  7. w a thilak

    මේ වගේ කොමඩියක් බලන්නත් ආසයි ස්තුතියි

  8. Sumal

    Thanks.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. D

    බොහොම ස්තූතියි

  11. Dasitha147

    bohoma sthuthie saho upasirasiyata. jaya

  12. Yeshanchanura

    Thank you

  13. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata

  14. baiscopelkishu

    thanx machn sub ekta

  15. Amila Madushanka sudda

    Good work bro

  16. Pasan

    Thankz bro..

  17. Kaviru madushanka

    ස්තුතියි උපසිරැසියට සහෝ!