Watch Trailer

Live Free or Die Hard (2007) Sinhala Subtitles | ක්‍රියාදාම වල උපරිමය! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ මගේ දෙවෙනි උපසිරස නිර්මාණය විදියට මම ටිකක් පරණ ඒත් සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. ඒත් මේක සාමාන්‍ය ආකෘතියෙන් ගොඩක් වෙනස්. ඒ කොහොමද කියල දැන ගන්න නම් මේක බලන්නම වෙනවා 🙂 ඒත් ඉතින් මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කෝකටත් කියල කියලම ඉන්නම්. දවසක් හැකර්ලා කිහිප දෙන…

යාලුවනේ මගේ දෙවෙනි උපසිරස නිර්මාණය විදියට මම ටිකක් පරණ ඒත් සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. ඒත් මේක සාමාන්‍ය ආකෘතියෙන් ගොඩක් වෙනස්. ඒ කොහොමද කියල දැන ගන්න නම් මේක බලන්නම වෙනවා 🙂 ඒත් ඉතින් මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කෝකටත් කියල කියලම ඉන්නම්.

දවසක් හැකර්ලා කිහිප දෙනෙකුට පණිවිඩයක් එනවා. ඒකෙන් කියවෙන්නේ අලුතෙන් හදපු ආරක්ශක පද්ධතියක දුර්වලතා පරීක්ෂා කරන්න තරඟයක් තියනවා එකෙන් දිනන කෙනාට ඩොලර් 50,000 තෑගි මුදලක් හම්බ වෙනවා කියලයි. තරඟකරුවන්ට පැවරෙන අභියෝගය තමයි එම ආරක්ෂක පද්ධතියේ අවසර පදය බිඳ දමන්න පුලුවන් කේතයක් ලියන එක. මෙයාල මේක කරන්න සමත් වෙනවා. ඔය අතරෙම FBI එකේ ජාතික පරිගණක ආරක්ෂාව භාර ඒකකයේ මෙහෙයුම් පද්ධතියට හොරෙන් ඇතුල් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙයාල මේ වගේ වැඩක් කරන්න පුලුවන් හැකර්ස්ලා ටික ප්‍රශ්න කරන්න එක්ක එන්න කියල පොලිසි වලට පණිවිඩයක් යවනවා. ඉතින් ඕකේ ප්‍රතිඵලයක් විදියට මැතිව් ෆැරල් කියන හැකර්කරුවාව එක්ක එන්න නිව්යෝක් පොලිස් දෙපාර්තුමේන්තුවේ ඉන්න ජෝන් මැක්ලේන් කියන රහස් පරීක්ෂකයව යවනවා. මෙතනදි මැට් ෆැරල්ව ඝාතනය කරන්න කිසියම් පිරිසක් උත්සහ දරනවා. ඒත් මැක්ලේන් නිසා මැට් යාන්තම් බේරෙනවා. ඔය අතරේ වොෂින්ටන් ඩී.සී නගරයට මහා ප්‍රහාරයක් එල්ල වෙනවා. මේකෙ විශෙෂත්වය තමයි මේ ප්‍රහාරයට අවි ආයුධ, බෝම්බ භාවිතා වෙන්නේ නැති එක.මේක පරිගණක හරහා එල්ල වන ප්‍රහාරයක්. හැබැයි එහෙම කියල ඒ ප්‍රහාරයේ බිහිසුනු කම නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නම් නැහැ. මැතිව් සහ මැක්ලේන් දෙන්නමත් මේ සිද්ධියට පටලැවෙනවා. මැක්ලේන් කොච්චර දක්ෂ රහස් පරීක්ෂකයෙක් වුනත් එයාගේ පරිගණක ගැන දැනුම නම් බොහෝම අවම මට්ටමක තියෙන්නේ. ඉතින් එයාට මැතිව් ගේ සහය ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙන්නා මේ සටන ජය ගන්න හැටි බලන්න කැමති නම් මේ කතාව බලල ඉන්න.

ඒ වගේම මේ කතාව තිරගත වුන පළවෙනි දවසෙම ඩොලර් මිලියන 9.1 උපයගෙන වාර්තාවක් තියල තියනවා. මේ කතාව ප්‍රදර්ශනය කර උපයා ගත් සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 383.5 වෙනවා. මේක නිර්මාණය කරන්න දෘශ්ඨි ප්‍රයෝග 200 කට අධික සංඛ්‍යාවක් භාවිත කරල තියනවා. ඒ කාලේ (2007) දී කවුරුත් දැනගෙන හිටියේ නැති පරිගණක ත්‍රස්තවාදය යන මාතෘකාව ගැන කතා කරපු පළවෙනි බයිස්කෝප් එක තමා මේක. මම හිතන විදියට මේකට මෙච්චර අවධානයක් ලැබෙන්න ඇත්තේ ඒක නිසා තමයි. ඉතින් ඔයාලම මේක බලල හොඳ නරක තීරණය කරන්නකෝ.

ප.ලි – ඇමරිකාව මේක වර්ග කරල තියෙන්නේ PG-13 ඝනයටයි. ඒ කියන්නේ අවුරුදු 13ට අඩු ළමයින්ට නුසුදුසුයි කියලයි. මේකේ 3.50 – 4.10 දක්වා ඒ කියන්නේ තත්පර 20ක් යන පොඩි දර්ශනයක් තමා පොඩ්ඩක් අවුල තියෙන්නේ. හැබැයි ඒක මහා ලොකු එකක් නම් නෙමේ. ඒත් කෝකටත් 13ට අඩු එකෙක් ලග හිටියොත් ඒක skip කරල දාන්න. 🙂 හැබැයි එතනින් එහාට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

මීට පෙර පළකල ලිපිය.

මේ කියන්න යන චිත්‍රපටිය නම් ඔයාල ගොඩක් දෙනා බලල ඇති කියල හිතනව…ඒත් බලපු නැති ටික දෙනාට බොහොම වැදගත් වෙයි මේ ලිපිය,මේ කියන්න යන්නෙ Die Hard චිත්‍රපට මාලාවේ සිවුවැනි චිත්‍රපටය ගැන..මුල් චිත්‍රපට සියල්ලේ වගේම මේකෙත් ක්‍රියාදාම නම් උපරිමයි..ඒ වගේම මුල් චිත්‍රපටි බලල නැති කෙනෙක්ට උනත් කිසිම බාදාවකින් තොරව රසවිදින්න පුලුවන් චිත්‍රපටියක්…

මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..එක්තරා කම්පියුටර් හැකර්ල පිරිසක් ගනුදෙනු කරනව රහස් සංවිදායක් එක්ක,පසුව මෙම සංවිධානය මගින් මේ හැකර්ල පිරිසම මරා දැමීමට කටයුතු කරනව..මේ අතරතුර පොලිස් නිළදාරියෙකුට පණිවිඩ්යට ලැබෙනව නගරයේ ප්‍රසිද්ද හැකර්ල පිරිසක් මැරී ඇති බවත් ඉන් ඉතුරු වී ඇති එක පුද්ගලයෙක් පොලිසියට ගෙනෙන ලෙසත්.. නිලදාරියා මේ තරුණයාගෙගෙ ගෙදරය යනකොට ඉහත කී රහස් සංවිධානය මේ තරුණයාව මැරීමට සැලසුම් කරමින් සිටිනව..පොලිස් නිලධාරියා ආව නිසා ඔහු බේරෙනව..

මේ අතර ඇමරිකානු රහස් අංශ වලට දැනගන්න ලැබෙනව ඔවුන්ගේ පරිගනක පද්ධතීන් වලට යම් කෙනෙක් ඇතුල්වී ඇති බව,දැන් ඔයාලට කතාව ගැන දල අවබෝධයක් ගන්න පුලුවන්නෙ? හ්ම්ම්ම්..මේක පරිගනකය ඉස්සරහට වෙලා කරන යුධ්දකක් පිලිබද චිත්‍රපටියක් නෙවෙයි..ක්‍රියාදාම පිරුනු චිත්‍රපටියක්,ඒ වගේම IMDB රෑන්ක්ස්න්ග් වල 7.6/10 ක් ලබාගත් නිර්මාණයක්..බලල නැති හැමෝම අනිවා බලන්න..අවසාන මොහොත දක්වාම මේ ක්‍රියාදාම වල උණුසුම දැනෙයි හිතට.. 🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

11,256 downloadsDownload Live-Free-or-Die-Hard-2007-SinhalaSubs-Baiscopelk.zip130 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/30

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

11,256 downloadsDownload Subtitles130 KB

85 comments

  1. chamila

    මේක නම් මන් බලලා තියෙනවා. ඒක නෙමේ බන් මේ සතියේ සිංහල සබ් එක නැද්ද තාම .....

  2. kolla

    thanks.guraz සිංහල subtitle thiyana paatta movie 1kak denna

  3. සුභාෂ්

    කලින් Die Hard ඒවා නම් දෙකක් විතර බැලුවා . . මේකත් එහෙනම් බලන්නම ඕන . . . !

  4. ම.ම.ගි

    මමත් මේක බලලා තියෙනවා පට්ට මූවි එක!

    මේ ඒක නොවෙයි ගුරෝ දැන් ගවර්මන්ට් එකෙනුත් ෆුල් සප් එක තියෙන එකේ දාමුද nc-17 වර්ගෙ එකක් දෙකක්.

  5. Uraj Deemantha

    බාලා බලලා කියන්නම් වෙලාවක් නෑ බලන්න..........!! :(

  6. Pasindu

    එළ film එකක්....

  7. AL1717

    Meka Kali Balala Nam Thiyanawa.
    Ela Movie Aka

  8. පොතේ ගුරා

    @chamila! හික්z..බලමු රොයිලි බුවා ව චැනල් ක‍රල.. :)

    @kolla! එල මචෝ..උත්සාහයක් දාල බලමුකො.. :)

    @සුභාෂ්! අනිවා අයියා..මේක එළ!

    @ම.ම.ගි! හික්z..මම මේ ඒවා දාන එක අඩු ක‍්රල තියෙන්නෙ බන්z..මෙහෙම ගියොත් තියෙන ලිපිත් අයින් ක‍්රන්න වෙයිද මන්ද..

    @Uraj Deemantha ! අෆොයි :( දුක තමා.. මැක්සා ෆිල්ම් පහ‍ර!

    @Pasindu! අනිවා මචෝ..

    @AL1717! ඔව් බන්..ෆිල්ම් එක සිරා. :)

  9. Suj

    As an idea I like to ask u to put youtube link to film trailers that u r showing. That will be really good help to get much crush on the films...

    Cheers...

    Sorry, I typed in English coz i don’t know to type in sinahal... :(

  10. [email protected]

    Mekanam MAXAAAA Kiyala wadak na mama kalin oka apu alutha baluwa Ela Filme eka

  11. පොතේ ගුරා

    @Suj! ස්තූතියි මචෝ අදහසට..(සොරි වෙන්න ඕන මූණු පොතෙන් රිප්ලයි ක‍්රන්න බැරි උනාට) ඉක්මටම මේ වැඩේ පටන් ගන්නම් මචන්.. :)

    @[email protected]! අනිවා මචන්..මැක්සා ෆිල්ම් එක!

  12. රොයිලි

    @ chamila

    මම මචං මේ ෆිල්ම් එකක් හොයනවා කවුරුවත් බලලා නැති සබ් දාන්න. :)

    @ පොතේ ගුරා

    ////" හික්z..බලමු රොයිලි බුවා ව චැනල් ක‍රල."////

    එයාව හම්බ උනොත් මටත් කියහන් මචං තරහ නැතිව ;)

  13. PAnchi

    Patta Film Eka

  14. පොතේ ගුරා

    @රොයිලි ! ඔවු ඔවු..මම මේ ඌ අහු වෙනකම් ඉන්නෙ..පොර කස්ටියට සබ් දෙන්න පුරුදු ක‍රල දැන් මට බේරෙන්න බෑ!

    @PAnchi ! අනිවා අනිවා! :)

  15. Kasun.D

    Maxxa...
    kiyala wadak na..hamoma balanna,

  16. රාම් රාජ්

    patta katahwa mama iye beluwe.

  17. ග‍යාන්‍ ‍තා‍ර‍ක

    ඔන්න මචෝ මාත් ගත්තා... තෑන්ක්ස් කොල්ලා...

  18. Shan

    oan adanam mama kalinama gaththa

  19. darshana

    Maxxxaa maxxxxa

  20. chamara

    ELZZZ THANKS MACHO :-P

  21. eranga

    Niyamama film akak.subs walata txxx

  22. gihan

    Thanks :-P

  23. tharanga

    එල එල පට්ටම පට්ට

  24. kalana

    Aniwa dow karanawa.mazxa naluwa inne

  25. rss

    සුපිරි.

  26. nishan

    thanks machoo.. math asa karana hacking film ekak me...

  27. ns

    thanx...

  28. Dina

    thanx thanx.. mama balala thibbe na

  29. sampath

    Sub walata thuthi

  30. gayan

    Ma ma.meyka hoya hoya unne.patta sub dunna aka nam

  31. shenal

    thnaks mcn.....super film ekek ela

  32. akila

    පට්ට ෆිල්ම් එකක් සබ් වල තුති

  33. chamila

    patta balapu akak...

  34. ganidu

    බොහොම තුති දිගටම සබ් දෙන්න ලැබේවා !!!!!!

  35. kalinga

    ජය වේවා.....දිගටම සබ් දෙන්න

  36. ccnp

    thnxxxxxxxx

  37. rusuru | රුසිරු

    මැක්සා ෆිල්ම් එකක්///// ආයේ සබ් එක්කම බලනවා.... :)

  38. Dilan

    පට්ට ෆිල්ම් එක මචෝ.. බොහොම ස්තුතියි මේකට සබ් දාල දුන්නට.
    බයිස්කෝප් සයිට් එකට ජයවේවා....!!!
    තව තවත් සබ් දෙන්න එහනම්!!

  39. vee

    අනිවා බලනවා :) :)

  40. quik

    thxQ

  41. කසුන් සමීර

    Die hard - 4 weni kotasata godak sthuuthiy sahoo..thawa thawath sub denna shkthiya dairyaya lebewa...

  42. elakiri

    එල එල කිරි කොල්ලෝ දිගටම වැඩේ කරමු

  43. mudiya / මුදියා

    ඩයි හාර්ඩ් කියන්නෙ ඉතිං රජ බඩුවක් තමයි.ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් සෙට් එකක්.එල පුබුදු වැඩේ.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!

  44. කැලුම් ගුණසේකර

    කොච්චර බැලුවත් එපා නොවෙන චිත්‍රපටියක්. ස්තුතියි සහෝ උපසිරැසි යෙදුවට.

  45. samith

    ලොවෙත් නෑ පට්ටම ෆිල්ම් එක සබ් වලට හුගා....ක් තුති

  46. sanju lakshan

    thanks

  47. k d n nishantha

    thanks machanla kiyala wedak ne

  48. selvaraj

    niyamai malli ohoma yan jaya weva.........

  49. Isuru

    පට්ට පට්ට සුපිරි කතාවක්

  50. chamath cafe

    පට්ට පට්ට

Load more comments