ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උප…
ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උපසිරසි ඉල්ලලා තිබුන. මෙන්න එහෙනම් ඒකත්.
මෙතනින් Mummy 1, සහ 2 කොටස් ඔයාලට බලලා නැත්තම් ආපහු බලන්න ගන්න පුළුවනි.මේ චිත්‍රපටයට පාදක වෙන්නේ චීනය. අපේ ආදරණීය ඔ’කොනෙල් පවුල මෙවර සටන් වදින්නේ පුරාන චීනයේ අධිරාජ්‍යයකු සමග. ඔහු වසර දහස් ගණනකට පසු ඔහු ලබා සිටි ශාපයෙන් මුදවා ගෙන අමරණීයත්වය කරා ගෙන යාමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරනවා. අපේ ඔ’කොනේ පවුලත් මේ අලකලංචියට මැදි වෙනවා. The Mummy Returns චිත්‍රපටයේදී හමුවූ ඔ’කොනෙල් ගේ පුතා ඇලෙක්ස් දැන් කඩවසම් තරුණයෙක්. මේ අධිරාජ්‍යයාගේ සොහොන සොයා ගන්නෙත් ඔහුගේ කැනීමකදී .ඒ වගේම පුරාන හිමාලය ආශ්‍රිතව බැදී ඇති මිත්‍යා කතාවක් වන “යෙටී” නම් සත්වයාද මෙම කතාවේදී අපට හමු වනවා. එම සත්වයන්ගේ සජීවීකරණය නම් ඉතාම ඉහලයි. ඉතින් දැන් කතා මාලාව ගැන අපේ යාළුවො දන්නා නිසා වැඩි කතා කියන්න යන්නේ නෑ.ඉතින් හිතන තරම් ලේසියෙන් අධිරාජ්‍යයාට තම අරමුණ කරා යන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒ කොහොමද කියල දැන ගන්නනම් චිත්‍රපටිය බලන්නකෝ. පෙර චිත්‍රපට දෙකේදී එව්ලින්ගේ චරිතයට පන පෙවූ Rachel weisz වෙනුවට Maria Bello එක කර ගෙන තිබෙනවා.
පෙර චරිතයට අසාධාරණයක් නොවන පරිදි ඇය මෙහි තම රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මෙම සිනමාපටය අධ්‍යක්ෂණයකර තිබෙන්නේ පෙර සිනමා පට දෙක අධ්‍යක්ෂණය කල Stephen Sommers නොව Rob kohen වීමද විශේෂත්වයක්.මේ කතා මාලාව නම් මේකෙන් ඉවරයි.ඒ උනාට මම සබ් දෙන එකනම් නතර කරේ නෑ. උපසිරැසිය අරන් යන ගමන් මොනවා හරි කියල යන්නකෝ.කලින් සබ් වල අඩු පාඩු වුනත් කමක් නෑ. එහෙනම් හැමෝටම ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
5,038 downloadsDownload The-Mummy-Tomb-of-the-Dragon-Emperor-2008-SinhalaSubs.Baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමිඳු සඳකැලුම්
Subtitles
67 comments
රංග
elakiri
එල කිරි කොල්ලෝ පට්ට ෆිල්ම්ස් සෙට් එක
ccnp
Thanks lot
DSA
mam meka enakan itiye balanda anith 2ma baluwa film dekama supiri wagema subtitles 2th supiri thama.. adu padu thibba hari natha hari api apine.... ehanam jaya we baiscope
naleen
maxxama film akak aye loweth na aparadey meyken iwara kaley thawath awa haduwa nam maru..oyage subs patta
mihin ලංකා
ඇත්තටම කලින් 2 කම බැලුවා..සුපිරිම කතාවක් .ඇනිමේෂන් සුපිරියටම කරලා තිබුනා..මුල ඉදන් අගට කම්මැලි නැතිව බලන්න පුළුවන් සුපිරිම කතාවක්..
ජය වේවා
quik
elaz macho Thanks so MUCH
එරංග
දිගටම ඉවර වෙනකම් දීපු එක අගය කරනවා..තැන්ක්ස්
chamath cafe
කියන්න දෙයක් නෑ මේ ෆිල්ම් ටිකනම් සුපිරි.සබ් වල අඩුපාඩු නම් මම නම් දැක්කේ නෑ..
වැඩේ කියන්නේ මේක මේ කතාවෙන් ඉවර වෙනවා නේ :( අලුත් එකකුත් හැදුව නම් මරු.. :)venu
Gr8 film collection
upali
banna damma isthuthi :)
uda
හ්ම් මම බලලා තියෙන්නේ මේ තෙපෙළින් මුල් දෙපෙළ පමණයි.
ඒ වුණාට ඒ සෑහෙන කාලෙකට ඉස්සර. ඉතිං මේ බලපු නැති එකකුත් හම්බෙච්චි එකේ තුනම මුල හිට බැලුවෙ නැතිනම් නියම විදීම ලැබෙන්නැති නිසා, තුනම බාගෙන ඉවර වෙලාම බලන්ඩ පටන්ගන්නවා.එහෙමනම් තවත් සිනමා තෙපෙළක් සිංහල ගන්වා හමාර කළ එකට බොහොම පිං චමිදු සදකැලුම් සහෝ...
තුනම බලනවා කිව් විදිහටම!
ජය වේවා!ganidu
උපරිමයි සහෝ මේකේ ජෙට්ලිත් ඉන්නවා නේ පට්ටේටම ඇති
හොට්ටා
මේක නම් එලම කතාව ඉවර වෙන එකට නම් දුකේ බෑ// මොනා කරන්නද .
සබ් වලට බොහොම පින් චමිදුns
thanx...
Chandna
onna mama ada 1st & meka mage palaveni commnt eka
Chandna
Huta, mata kalin anith aya comment karalane
lasidu
තුති මේ කොටසත් එනකම් උන්නේ
vee
බලමි ජය වේවා :)
wataraka
ohhhh tx macho
කේ. යූ. ජී. උදාර
නියමයි චමී.....
ඉස්සරහටත් තව සීරීස් එකක් අරගෙන එන්න.
බොහොම ස්තූතියි....Nima
godak thankz kolla
sanju lakshan
thanks
gayan
Thanksssss
chamara
Ela ela maxxxaa
සිංහලයා
අනිවා බලනවා..ජය වේවා
rusuru | රුසිරු
බාන්න දැම්ම මරු
අමීර
Thanks...
උදාර
නියමයි මචෝ මේක නම්
akila
සුපිරි මචෝ මේක බාලා තිබුනේ අද බලන්න ඕනේ
wall e
ඉස්සරහටත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
mudiya / මුදියා
අඩේ මරුනෙ.තාම සෙට් එකේ එකක්වත් බලන්න නම් බැරි උනා.ඒත් බලන්නෙ කොයි වෙලාවෙද කියල ආසාවෙන් ඉන්නෙ.නියමයි චමියෝ.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!
k d n nishantha
i want to see
රොයිලි
බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම හැම කොටසකටම උපසිරැසි දැම්මටත් ස්තූතියි. මෙන්න බාන්න දැම්මා . :P :P
Thisara
thanks
සමන් කළුබෝවිල
නියම ෆිල්ම් එකක්.පට්ට..... මම කලින් බලල තිබුනෙත් නැහැ... නියමයි.. සබ් එක්කම දුන්නට චමියා සහෝට ස්තුති..දැන්ම බාන්න දානවා.. :) ජය....!
chamila
meka baluwa patta...
කැලුම් ගුණසේකර
මට නම් පලවෙනි කොටස් 2ත් බලන්න බැරිවුනා. ඒත් ස්තුතියි සහෝ. කොටස් 3ම උපසිරැසි යෙදුවට.
sanka
මේ ෆිල්ම් එක මම දෙපාරක් බලලා තියෙනවා . ඒ වුනත් , ආයිත් සැරයක් බාගෙන බලන්න හිතුනා . සබ් තියෙන නිසා තවත් හොඳයි . ස්තූතියි .
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍රාම් රාජ්
ස්තූතියි.මේ ෆිලම් සිරීස් එකම මම බැලුවා.ස්තූතියි සබ් වලට.තවත් සීරීස් එකක් දෙමු නේද එහෙනම් ආයෙත්.
hemalal
ලස්සනයි. චීන ෆිල්ම් එකක් තියෙනවා ටිකක් පරනයි. ඒත් පට්ට එකක්. නම යෝ ජිම්බෝ බැලැක් ඇනඩ් වයිට් එකක්. පුළුවනිනම් ලොකු වැඩක්. සුභ පතනවා....
ධනුෂ්ක ලක්මාල් | ධනා
ගොඩක් ස්තුතියි සහෝ..
Harsha Lahiru
Thanks Saho
උදය
ස්තූතියි සහෝ.....
ජයවේවා ......dimuthu තරංග ඉලුක්කුඹුර
නියම ෆිල්ම් එකක්නේ .එල එල
වරුණ
මරු මරු
rubyashen
නියමයි කලෙක්ෂන් එකටම සබ් දුන්නා නෙ තැන්ක්ස් ඔබට ජය
damith
එල කිරි කොල්ලෝ
Madu
godak thanks,'Brave'(2012) movie ekath ikmanatama denna puluwan nam godak hondai...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Mummy Tomb of the Dragon Emperor (2008) Sinhala Subtitles | අමරණීයත්වය වෙනුවෙන් තවත් සටනක්[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/The-Mummy-Tomb-of-the-Dragon-Emperor-2008.jpg)
කලින් දෙකම බැලුවා පට්ට මේක දෙනකම් උන්නේ ජයම වේවා :)