Watch Trailer

The Hangover Part II (2011) Sinhala Subtitles | පිස්සො සෙට් එක ආපහු…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම 2වෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. කලින් එක Animation හින්දා මම හිතුවා මේ පාර comedy එකක් කරන්න. නම කියද්දීම කට්ටිය දන්නවා ඇතිනේ.. කොහොමත් මේකේ පළවෙනි කොටස බලලා තියන කට්ටියට නම් මේ film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. 😊 මේක 2011 ආපු සුපිරිම comedy film එකක්. IMDb ratings 6.5ක් අරන් තිය…

ඔන්න යාළුවනේ මම 2වෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. කලින් එක Animation හින්දා මම හිතුවා මේ පාර comedy එකක් කරන්න. නම කියද්දීම කට්ටිය දන්නවා ඇතිනේ.. කොහොමත් මේකේ පළවෙනි කොටස බලලා තියන කට්ටියට නම් මේ film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. 😊 මේක 2011 ආපු සුපිරිම comedy film එකක්. IMDb ratings 6.5ක් අරන් තියනවා. මම බලලා තියන සුපිරිම comedy film series එක තමයි Hangover films සෙට් එක. වැඩිය කතා නැතුව film එක දිහාවට හැරෙමුකෝ..

ඔන්න අපේ යාළුවෝ 3න් දෙනා, ඒ කියන්නේ ෆිල්, ස්ටූ, ඩග් සහ ඇලන් (පිස්සා) යනවා තායිලන්තෙට.. ඒ ස්ටූගේ මගුල් ගෙදරට. ඔන්න එහෙ ගිහිල්ලත් මගුලට කලින් කට්ටිය සෙට් වෙනවා.. ගියපාර වෙච්ච සිද්ධිය මතක හින්දා මේ පාර වැඩිය බොන්නේ නෑ. ඒවුනාට අන්තිමේදී ඇහැරෙනකොට කට්ටියටම මොනවත් මතක නෑ.. ඊට පස්සේ මොකද වෙන්නේ..??

මේක අවසානය වෙනකල්ම හොඳට හිනාවෙවී කුතුහලයෙන් නරඹන්න පුළුවන් බයිස්කෝප් එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Todd Phillips. පොර තමයි මේකේ පළවෙනි එකත් කරලා තියෙන්නේ.. ඒ වගේම Project X, Due date, Old school වගේ සුපිරි කොමඩි හදපු පොරක්. මේකේ රඟපාන්නේ Bradley Cooper, Zach Galifianakis, Ed helms වගේ සුපිරි සෙට් එකක්. Hangover පළවෙනි එක බලලා නැති කට්ටිය ඉන්නවනම් මේක බලලා පළවෙනි එක බැලුවත් අවුලක් නෑ..

අහ්..තව චුට්ටෙන් කියන්න අමතක වෙනවා. මේකේ වැඩිහිටියන්ට සුදුසු දර්ශන තියන හින්දා පොدي එවන්ට නම් හොඳ නෑ. ඒ වගේම මෙහි එන ඇතැම් දෙබස් සිංහලට හරවද්දි ටිකක් වෙනස් කලා.. දන්නවනේ ඉතින්. 😊 එහෙනම් film එක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.. ජය වේවා..! 😊

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

34,644 downloadsDownload The.Hangover.Part_.2.2011.SinhalaSubs.Baiscopelk.zip118 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත රත්නායක (මැක්ස්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/29

Subtitles

34,644 downloadsDownload Subtitles118 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.