විලියම් කියන්නෙ ලන්ඩන් නුවර සමාජ සේවා අංශයේ ප්‍රධානියා. ඒ කියන්නෙ අපේ කච්චේරිය වගේ කියල හිතුවොත් ඒකෙ එක අංශයක ලොක්කෙක් වගේ. ඉතින් විලියම් දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ රස්සාව කරන්නෙ. සමාජ සේවා අංශයේ කිව්වට ඉතින් මෙතනින් වෙන සමාජ සේවයක් නම් නෑ. ඒත් එක දවසක් විලියම් දැනගන්නවා තමන්ට හොඳ කරන්න බැරි ලෙඩක…

විලියම් කියන්නෙ ලන්ඩන් නුවර සමාජ සේවා අංශයේ ප්‍රධානියා. ඒ කියන්නෙ අපේ කච්චේරිය වගේ කියල හිතුවොත් ඒකෙ එක අංශයක ලොක්කෙක් වගේ. ඉතින් විලියම් දැන් අවුරුදු ගානක් තිස්සෙ මේ රස්සාව කරන්නෙ. සමාජ සේවා අංශයේ කිව්වට ඉතින් මෙතනින් වෙන සමාජ සේවයක් නම් නෑ. ඒත් එක දවසක් විලියම් දැනගන්නවා තමන්ට හොඳ කරන්න බැරි ලෙඩක් හැදිල, තව බොහොම ටික කාලයයි ජීවත් වෙන්න තියෙන්නෙ කියල. එතකොට තමා විලියම්ට තේරෙන්නෙ තමන්ට ලැබුණු මේ වටිනා මිනිස් ජීවිතය කිසිම අරමුණක් නැති කිසිම වැඩක් නැති කා වෙනුවෙන් වත් කිසිම දෙයක් නොකරපු ජීවිතයක් කියල. ඒ නිසා තමන්ට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියන ටික කාලය පාවිච්චි කරල තමන්ට වගේම අනිත් අයටත් අර්ථවත් දෙයක් කරන්න විලියම් උත්සහ කරනවා. ඉතින් ඒ දේ කරන්න විලියම්ට පුළුවන් වෙයිද?

2022 නොවැම්බර් 04 දින එක්සත් රාජධානියේ සහ දෙසැම්බර් 23 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කරපු වගේම Acadamy සම්මාන උළෙලේ සහ තවත් සම්මාන උළෙලවල් ගණනාවක් නියෝජනය කරපු Living සිනමාපටයේ උපසිරැසිය තමා අද මං බයිස්කෝප් වැසියන් වෙනුවෙන් අරගෙන එන්නේ. Oscar සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙන්න මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන Bill Nighy සමත් වෙන්නෙ මේ සිනමාපටයේ සාර්ථකත්වයට ඔහුගේ රංගනය කොයි තරම් ඉවහල් උනාද කියන එක මනාව පසක් කරමින්. Pirate of the Caribbean  චිත්‍රපට මාලාව ඇතුළු තවත් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා බොහෝ ප්‍රමාණයක වගේම ඔයාල දැකල ඇති Harry Potter චිත්‍රපට කිහිපයකත් Bill Nighy රංගනයෙන් දායක වෙලා තියනවා. ඔහුට අමතරව අපි අර ආසාවෙන් බලපු එකම අධ්‍යාපන කතා මාලාව වන 😉 Sex Education  කතා මාලාවේ ඒමි ගෙ චරිතයට පණ දුන්න Aimée Lou Wood මේකෙ ප්‍රධාන නිලි චරිතයට පණ පොවනවා. Drama ගණයට වැටෙන මේ ෆිලුම IMDB අගය 7.3/10 වගේම කුණු තක්කාලි අගය 96% තරම් ඉහල මට්ටමක් ලබා ගන්නත් සමත් වෙනවා.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 1952 දී ජපන් අධ්‍යක්‍ෂවරයෙක් වන Akira Kurosawa අධ්‍යක්ෂණය කරපු Ikiru නම් චිත්‍රපටයේ කතා තේමාවයි. ඒ වගේම එතනිනුත් ටිකක් ආපස්සට ගියොත් Ikiru චිත්‍රපටය හැදෙන්නේ රුසියානු නවකතා කරුවෙක් වන Leo Tolstoy (ලියෝ ටෝල්ස්ටෝයි) විසින් 1886 දී රචිත The Death of Ivan Ilyich කියන පොත ආශ්‍රයෙන්. ඒ වගේම කියන්න ඕනෙ මේක Drama ගණයට වැටෙන ෆිලුමක් නිසා අපේ Story type ෆිලුම් බලන යාළුවොන්ට තමා ගොඩක්ම ගැලපෙන්නේ. ඒත් අනිත් අයත් මේක බැලුව කියල කිසිම පාඩුවක් වෙන්නෙ නෑ මොකද මේකෙන් අපේ ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා. මමත් ටිකක් සංවේදී උනා මේකෙ සමහර තැන් වලදී. ඇත්තටම මේ දේවල් අපිට උනත් වෙන්න පුළුවන්. මරණය කියන දේ කොයි වෙලේ අපිව හොයාගෙන එයිද කියල අපි දන්නෙ නෑ. සමහර අය ජීවත් වෙන්නෙ තමන් සදාකාලිකවම මේ ලෝකෙ ජීවත් වෙනව වගේ. සබ කරන්න ඉඩ දුන්න විමා සහෝට ස්තූති කරන ගමන් අන්තිමට කියන්න තියෙන්නෙ “මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන්න” කියල තමා. හැමෝම පරිස්සමින් ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BLURAY පිටපත් සඳහා අදාළ වේ.

2,650 downloadsDownload Living-2022.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

2,650 downloadsDownload Subtitles39 KB

12 comments

  1. Naveen Mbr

    බොහෝම ස්තූතියි!

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.

    සෑහෙන කාලෙකින්...
    වෙල්කම් බැක් එහෙනම්... :)

    1. Sujith

      Thanks Machoo.. D D

  3. Ravindra

    Thanks

  4. Buddhika laKMal

    සෑහෙන කාලෙකින් නේ...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Anton Fernando

    Thank you!

  7. Udara Uluvitiya

    Thank you machan......

  8. Migara Bamunusinghe

    Great job & the informations are very valuble you provided.

  9. Nalaka Ruwan Jayathilaka

    Mata one ezhumin tamil movie eke sinhala subtitles please denna

  10. Sujith

    comments දැම්ම හැමෝටම ස්තූතියි.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P