Watch Trailer

Lock, Stock and Two Smoking Barrels (1998) | සල්ලි වලට ජීවිතය ඔට්ටු තැබීම. [සිංහල උපසිරසි සමඟ]

බේකන්, එඩී, ටොම් සහ සෝප් කියන්නේ හොඳම යාළුවෝ හතර දෙනෙක්. ආරම්භයේදීම පෙන්වන්නේ බේකන් ආභරණ විකුණන්න කෑ ගහන සිද්ධියකින්. ඔන්න ඔහොම මේ අයගේ වැඩ ටික පෙන්වද්දී, මේ අතරින් එඩී හතර දෙනාගේම සල්ලි එකතු කරගෙන යනවා සල්ලි ඔට්ටු දාලා කරන කාඩ් සෙල්ලමක් කරන්න.විරුද්ධවාදියා වෙන්නේ හැචට් හැරී කියලා පාතාල කල්ලි කිහිප…

Lock, Stock and Two Smoking Barrels (1998)

බේකන්, එඩී, ටොම් සහ සෝප් කියන්නේ හොඳම යාළුවෝ හතර දෙනෙක්. ආරම්භයේදීම පෙන්වන්නේ බේකන් ආභරණ විකුණන්න කෑ ගහන සිද්ධියකින්. ඔන්න ඔහොම මේ අයගේ වැඩ ටික පෙන්වද්දී, මේ අතරින් එඩී හතර දෙනාගේම සල්ලි එකතු කරගෙන යනවා සල්ලි ඔට්ටු දාලා කරන කාඩ් සෙල්ලමක් කරන්න.විරුද්ධවාදියා වෙන්නේ හැචට් හැරී කියලා පාතාල කල්ලි කිහිපයක් පාලනය කරන කෙනෙක්. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි පොරත්. එඩීත් එක්ක කරන මේ කාඩ් සෙල්ලමේදී හැරී හොර කරලා දිනනවා. ඒකෙන් එඩී ණය වෙනවා හැරීට පවුම් 500,000 ක මුදලක්. මිලියන භාගයක්. ආපහු ගෙවන්න කාලය දෙන්නේ සතියයි.එක්කෝ සල්ලි, නැත්නම් එඩීගේ තාත්තගේ අවන්හල. බලාපොරොත්තු සුන් වෙන තත්වයට පත්වෙනි එඩී සහ ඔහුගේ යාළුවෝ , මත්ද්‍රව්‍ය වෙළෙන්දොත් එක්ක සම්බන්ධකම් තියෙන තමන්ගෙම අසල්වැසියන්ගෙන් මේ මුදල හොරකම් කරන්නයි හදන්නේ. ඒ මත්ද්‍රව්‍ය වෙළෙන්දොත් හොරකම් කරන්නේ තවත් පිරිසක්ගෙන්. සලරුවේ අවසාන භාගය වෙද්දී එක පිරිසකගෙන් තවත් පිරිසක්, උන්ගෙන් වෙනත් පිරිසක් විදිහට හොරකම් කරන්න ආපු පිරිස් ටිකයි, මේ එඩීලගෙ සෙට් එකයි මුණ ගැහිලා වෙඩි හුවමාරු කිහිපයක් වෙලා මේ පාතාල කල්ලි කිහිපයක්ම ඉවරයක් වෙනවා එඩීලට කිසිම හානියක් නොවී. හැරීගේ ණය ගෙවන්න පුළුවන් වෙයිද? සල්ලිවලට අමතරව තවත් දේවල් මේ අයට ලැබෙනවා. ඒ මොනවද? කොහොමද මේ අයගේ බේරිල්ල කියලා අන්තිමේදී බලාගන්න පුළුවන්.

මෙහි අධ්‍යක්ෂවරයා වෙන Guy Ritchie ගේ අන්තර්ජාතික සිනමා පැන්නුම වගේම අපි කවුරුත් දන්න Jason Statham හා Vinnie Jones යන සිනමා නළුවන් කරළියට බහින්නෙත් මේ සිනමා සිත්තමෙන්. හාස්‍ය හා ත්‍රාසය කැටි කරගනිමින් 1998 වසරේ තිරගත වුණු Lock, Stock and Two Smoking Barrels සිනමා කෘතිය imdb දර්ශකයේ 8.2 ක අගයක් ලබාගත්ත සුපිරිම සලරුවක් . තව දෙයක් නම් මෙහි භාවිතා වෙන භාෂාව බොහොම අශ්ලීල ව්‍යවහාරයක් ගත්තක් නිසා සිංහල උපසිරැසිය යෙදීමේදී කතා රසයට හානි නොවෙන පරිදි යම් යම් කොටස් වෙනස් කිරීමට සිද්ධ වුණ බව කරුණාවෙන් සලකනු මැනවි.

Lock, Stock and Two Smoking Barrels (1998) on IMDb

 

 

811 MB කොපිය මෙතනින් බාගන්න

73e03cedee8a6e3310377150904d2332bdaf75fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,244 downloadsDownload Lock.Stock_..1998.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

1,244 downloadsDownload Subtitles53 KB

25 comments

  1. Gihan

    elaaaaaaaa............ patta film eka......

  2. නලින් පෙරේරා

    ස්තුතියි දමිත් සහෝ. ලිපියත් හොදට කරලා තියනවා...

    මේක නම් බලලා නැහැ. ස්තුතියි නැවතත් මේක අරන් ආවට.

    ජය වේවා!

  3. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. මම අහිංසකයි

    උපසිරැසියට ස්තූති . ජයෙන් ජය !!!

  6. Naween

    නියමයි..උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ...!

  7. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  8. thisal

    බුදු අම්මො මෙච්චර රෙටින්ග්ස් තියෙන එකක් කොමද මග අරින්නෙ
    තැන්ක්ස් සබ් එකට

  9. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  10. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට !
    දිගටම දෙමු .

  11. “චූටී මල්ලි”

    එල
    සෙට් උනොත් බලන්නම්කෝ ඈ
    සබට තුති
    ඔබට ජය.....................

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  13. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nandana

    Thank u Damith.

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. ravidu

    thanks damith
    ඔබට ජය!

  17. Prasad Kandamulla

    නියම ෆිල්ම් එකක් ....සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ''''''''''''

  18. Dulanga

    Thanks

  19. tharindu gunarathna

    thanks

  20. sandakelum jayalath

    thanks

  21. ricadodamien

    Thank You Damith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team......

  22. Lakshansilva18

    Thanks

  23. Sasindu chamod

    Patta filumak vage.onna math bagaththa.sabata thuthi.obata jaya.

  24. Shaggy

    Thank you very much

  25. Anonymous

    thanks