ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර කතාවක්.අයත්වෙන්නේ Drama Romance ප්‍රභේදයන්ට.මලයාලම් ආදර කතා කොහොමත් ටිකක් වෙනස් ඒවා කියලා ඔයාලා දන්නවා…
ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර කතාවක්.අයත්වෙන්නේ Drama Romance ප්‍රභේදයන්ට.මලයාලම් ආදර කතා කොහොමත් ටිකක් වෙනස් ඒවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මේකත් එහෙම වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.කොහොමවුනත් මේකට මීට වඩා IMDb අගයක් ලැබෙන්න තිබුනා කියලා හිතෙනවා.ඒක එහෙමද කියලා ෆිලුම බලලම තීරණය කරන්නකෝ!
විජෙයි කියන්නේ ගොඩක් දුරට ස්වෝත්සාහයෙන් ගොඩනැගුනු ව්‍යාපාරිකයෙක්.ජීවත්වෙන්නේ ලන්ඩනයේ.කොහොමවුනත් මෙයා ව්‍යාපාරවලටම කැපවෙලා ඉන්නවා මිසක් එතනින් එහා ජීවිතයක් ඇති බවක් පේන්න නැහැ .ෆිලුම පටන්ගන්නේ මෙයා තමන්ගේ ජීවිතයේ වඩාත් වැදගත් දවස කියලා හඳුන්වන දවසකින්.ලන්ඩන්වල ධනවත්ම ව්‍යාපාරිකයෙක් තමන්ගේ දුවව විජෙයිට විවාහ කරවන්න යෝජනා කරලා තියෙනවා.මේ දවසේ තමයි විජෙයි එයාව,ඒ කියන්නේ පවිත්‍රාව මුණගැහෙන්න මුලින්ම යන්නේ.ඉතින් මේ විදියට තමන්ට ඉදිරියේදී ලැබෙන්න යන බොහොම ලොකු ව්‍යාපාර වාසි ගැන හිතලා බොහොම සතුටින් මෙයා මේ ගමන ගිහින් ඉවරවෙලා ආයේ ගෙදරට එන්න පිටත් වෙනවා.ඒත් ඒ ගමනෙදි අතපසුවීමකින් එයාගේ වාහනයේ ගෑණු ළමයෙක් හැප්පෙනවා.මෙයා පස්සේ දැනගන්නවා එයත් මලයාලම් කෙනෙක් බව.මෙයාගේ නම මෙරීන්.
කොහොමහරි පවිත්‍රාගේ බලකිරීම මත,මේ විදියට හැප්පිලා රෝහල්ගත කරපු මෙරීන් ගැන ගොඩක් දුරට හොයලා බලන්න විජෙයිට සිද්දවෙනවා.මේවත් එක්ක කතාව ඉස්සරහට ඇදිලා යනවා.ඇත්තටම තවදුරටත් මේ දවස විජෙයිගේ ජීවිතයේ වඩාත් වැදගත් දවස වෙයිද?විජෙයි පවිත්‍රාව විවාහ කරගනියිද?මෙරීන් කොයි විදියකට විජෙයිගේ ජීවිතයට ඇතුළු වෙයිද?මේවත් එක්ක විජෙයිගේ ජීවිතය කොයි විදියට වෙනස් වෙයිද? කියලමේ වෙද්දී කිව්ව කාරණාත් එක්ක ඔයාලට අදහසකුත් ඇති.ඒ අදහස් ෆිලුම බලලාම තහවුරු කරගන්න කියලා ආරාධනා කරනවා!
මේ ෆිලුමේත් සක්‍රිය ටොරන්ට් එකක් හොයාගන්න අමාරුවෙයි.ඒක නිසා විකල්පයක් විදියට YouTube පිටපත බාගන්න එක වඩා පහසු වේවි. ” London Bridge Malayalam Full Movie ” කියලා YouTube search කරලා ලැබෙන පළමු පිටපත බාගන්න.
මේක තවත් එක තුන්කොන් ප්‍රේමයක් ගැන කියවෙන ෆිලුමක් නොවී ආදරය,අනුකම්පාව,විරහව වගේ මානුෂිය හැඟීම් වඩාත් ඔප් නැංවෙන විදියේ ලස්සන කතාවකින් යුක්ත වෙනවා කියලා පිළිගැනෙනවා.ඒත් මේ ෆිලුම ලොකු වියදමක් දරලා හැදුවත් ආදායම බලපොරොත්තුවුන තරම් ගණනක් නොලැබීමට හේතුව විදියට විචාරකයින් ඉදිරිපත් කරලා තියෙන හේතුවක් වෙන්නේ සාමාන්‍ය ඉන්දියානු ජන ජීවිතයෙන් තරමක් වෙනස් වුන ජීවන රටාවක් මේකේ තියෙන එක.ඒක නිසා ඉන්දියානු ජන ජීවිතයට මේක ඒ තරම් සමීප වෙලා නැහැ කියලා තමයි කියවෙන්නේ. මේකේ 90%කට වඩා රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ එංගලන්තයේදී වීම ඒකට හේතුවක් වෙන්න ඇති .කොහොමවුනත් මේ ෆිලුම Love in London කියන නමින් ඒ වසරේදීම තෙලුඟු භාෂාවෙන් හඬ කවලා තිරගත කරලා තියෙනවා වගේම ඒකෙන් ලොකු ජනප්‍රසාදයක් මේකට හම්බෙලත් තියෙනවා.අපේ මලයාලම් රසිකයන්ට නම් අනිත් මලයාලම් ෆිල්ම් වලින් ලැබුවා වගේ හොඳ අත්දැකීමක් මේකෙන් ලබන්න පුළුවන් වෙයි කියලා හිතනවා! වෙනදා වගේම අලුතෙන් අපිත් එක්ක එක්වෙන අයට කියන්න කැමතියි පල්ලෙහායින් තියෙන කමෙන්ට් තීරුවේ ඔයාලගේ ඕනෙම අදහසක්-ඒ කියන්නේ යෝජනාවක්,චෝදනාවක්,දිරිගැන්වීමක් කියන ඕනෙම එකක් කොටාගෙන යන්න කියලා.
ඉතින් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමුඑතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
607 downloadsDownload London-Bridge-2014.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
13 comments
Chami.S
kasun
please give me this film download link
තරිඳු රසාංග
" London Bridge Malayalam Full Movie " කියලා YouTube search කරලා ලැබෙන පලවෙනි වීඩියෝ පිටපත බාගන්න.ඒකේ නම තියෙන්නේ-Prithviraj Malayalam Full Movie 2016 New Releases -Prithviraj Malayalam Movies 2016
ඩොක් අයියා
තැන්කු වේවා සහෝ
Neer
Ath mata kiyanna puluwanda kohomada youtube video download karanne kiyala.please
Kulanjana Maduranga
niayamai…malayalam nm aniwa balanawa...thanks THARINDU saho..sub ekata..thawa malayalam film denna.digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.SPD
බොහොම ස්තුතියි මචන්
amal
Thank you ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu
Ela bro
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks..
Good Luck..