වර්තමාන හොලිවුඩ් සිනමා කර්මාන්තය කොච්චර දියුණු මට්ටමක තියෙනවද කියනවා නම්, සුපිරි වීරයින්ගේ චිත්‍රපට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත්, හොලිවුඩ් වලින් පිටතට නම්, මේ කාරණාව වෙනස් ස්වරූපයක් ගන්නවා. ඇමරිකාවෙන් පිටත, අනෙකුත් රටවල් පවා, ක්‍රම ක්‍රමයෙන්, තම රට තුල, සුපිරි වීරයන් සහිත චිත්‍රපට නිෂ්…
වර්තමාන හොලිවුඩ් සිනමා කර්මාන්තය කොච්චර දියුණු මට්ටමක තියෙනවද කියනවා නම්, සුපිරි වීරයින්ගේ චිත්‍රපට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත්, හොලිවුඩ් වලින් පිටතට නම්, මේ කාරණාව වෙනස් ස්වරූපයක් ගන්නවා. ඇමරිකාවෙන් පිටත, අනෙකුත් රටවල් පවා, ක්‍රම ක්‍රමයෙන්, තම රට තුල, සුපිරි වීරයන් සහිත චිත්‍රපට නිෂ්පාදනය කරන්න පෙළඹුණා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව පවා, අති සාර්ථකව සුපිරි වීර සිනමාපට කිහිපයක් නිෂ්පාදනය කරද්දී, අවාසනාවකට වගේ, අපේ රටේ සිනමා කර්මාන්තයෙන් නම්, ඒ පිළිබඳව කිසිම හාවක් හූවක් වත් නැහැ. කොහොම වුණත්, හොලිවුඩ් සිනමාවට කවදත් තර්ජනයක් එල්ල කරන, සෝවියට් ජනපදයේ සිනමා කර්මාන්තයෙන්, ප්‍රථම වතාවට සුපිරි වීරයන් සහිත සිනමා නිර්මාණයක් මේ වර්ෂයේදී එළි දැක්වූවා. සුපිරි වීරයන් එක්කෙනෙක් නෙමෙයි, මදි නොකියන්න හතර දෙනෙක්ම ඉන්නවා. මේ වගේ දැවැන්ත වැඩකට රුසියාව අතගහපු පලවෙනි වතාව නිසා, වැරදි අඩුපාඩු නැතුවාම නෙමෙයි. නමුත්, මෙම චිත්‍රපටයත් සමගින්, හොලිවුඩ් සිනමාවට රතු එළියක් දල්වන්න රුසියාව සමත්වුණා කිව්වොත්, අතිශයෝක්තියක් නෙමෙයි.
2017 වර්ෂයේ පෙබරවාරි මස 23 වෙනි දින, රුසියාවේදී නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වන මෙම සලරුව නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන පහක බරපැනක් දරා ඇති අතර, බොක්ස් ඔෆිස් ආදායම ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 4.7 කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. ඒ වගේම, කුමන හෝ කාරණාවක් නිසා, Imdb දර්ශකයේ 3.4 ක් වැනි අගයක් තමයි මේ චිත්‍රපටය වෙනුවෙන් වෙන්වී තිබෙන්නේ. නමුත්, imdb අගයෙන් ඔබ චිත්‍රපටය ගැන පූර්ව නිගමනයකට එනවා නම් කියන්න තියෙන්නෙ, කිසිම කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් තමයි ඔබ මේ මගහැරගන්න හදන්නේ. වගකීමෙන් කියනවා, මේ ලැබිලා තියෙන අගය සම්බන්ධයෙන් නම්, මගේ කිසිම ආකාරයක තෘප්තියක් නැහැ. හොලිවුඩ් මට්ටමේ ගැඹුරු කතාවක් අන්තර්ගත නොවුණත්, ප්‍රශංසනීය ලෙස චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ පිළිබඳව අංශු මාත්‍රයක හෝ සැකයක් තියෙනවා නම්, කරුණාකරලා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට කිහිපය නරඹලාම ඉන්නකො.
මීට ප්‍රථම, යුශාන් සොහොයුරා සමගින් උපසිරැසි ගන්වපු Attraction (2017) චිත්‍රපටය නැරඹුවා නම්, ඔබ තේරුම්ගන්න ඇති රුසියානු චිත්‍රපට කෙතරම් උසස් මට්ටමින්, ඉහල තාක්ෂණයත් සමගින් නිෂ්පාදනය කෙරෙනවාද කියලා. ඒ නිසා, මෙම චිත්‍රපටය පිළිබඳවත්, පුංචි හෝ සැකයක් වත් තියාගන්න එපා.
සෝවියට් රුසියාවේ වර්ෂ 1940 දී ඇතිවූ සීතල යුද්ධයෙන් පසුව, රුසියානු සමූහාණ්ඩුව විසින් අතිශය රහසිගත ලෙස ජානමය ව්‍යාපෘතියක් ආරම්භ කළා. අනාගත යුධ භූමිය තුල, පහසුවෙන් සතුරා විනාශ කර දැමිය හැකි, සුපිරි බලයක් සහිත මිනිස් අවියක් නිර්මාණය කිරීමයි මෙහි පරම චේතනාව වූයේ. පියවරෙන් පියවර, මොවුන් සිය අරමුණ කරා ලඟා වුණා. නමුත්, කුමන හෝ අවාසනාවන්ත තත්වයක් නිසා, මෙම අත්හදා බැලීම් අසාර්ථක වුණා. මෙම අසාර්ථකත්වයත් සමගින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබුවා.
කාලය ශීග්‍රයෙන් ගෙවී ගියා. කිසිවෙකුට හෝ නොදැනී, එක්තරා විද්‍යාඥයෙක්, මෙම පර්යේෂණ දත්ත උපයෝගී කරගනිමින්, මෙම ජානමය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන ගියා. නමුත්, විද්‍යාගාරය තුල සිදුවූ පිපුරුමක් නිසා, මෙම විද්‍යාඥයා, දැවැන්ත කාය ශක්තියක් සහිත අර්ධ මෘගයෙක් බවට පත්වෙනවා. මීට අමතරව, කිසිවෙකු සිහිනෙන් පවා නොසිතන අන්දමේ ඉතාමත් බලවත් බලයන් රාශියක් මොහුට උරුම වෙනවා. නමුත්, මොහු මේ බලයන් උපයෝගී කරගන්නේ, ලෝකය විනාශ කර දමා, තම අරමුණු කෙසේ හෝ ඉටුකර ගැනීමටයි.
මහත් ව්‍යසනයක පෙර නිමිති පහල කරමින්, රුසියානු හමුදාවට, ඇදහිය නොහැකි ප්‍රහාරයක් එල්ල වුණා. මෙම ප්‍රහාරයත් සමගින්, රටේ ආරක්ෂාව පිළිබඳව සැකයක් පහල වුණා. මේ නිසාවෙන්ම, මෙම උවදුර දුරලීම සඳහා, රසායනාගාරයක නිෂ්පාදනය කරන ලද, සුපිරි බලයන් සහිත මිනිසුන් හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපනය කරනු ලැබුවා.
ඛාන් – පවන මෙන් අතිශයින්ම වේගවත්ය. කඩු හරඹය පරතෙරටම ප්‍රගුණ කල, මාරාන්තික රණශූරයෙකි. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.
ලෙර් – තමා අවට පවතින ඕනෑම මට්ටමක පාෂාණයක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ බලයක් සතු වේ. මෙසේ තමන් වෙතට ආකර්ෂණය කරගන්නාවූ පාශාණයන්ගේ බලයෙන්, සතුරන්ට පහර දෙයි. මාරාන්තික විද්‍යුත් චුම්භක ආවේගයන් සහිත බලයක්ද සහිත වේ. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.
අර්සස් – අර්ධ මිනිස්-මෘගයෙකි. තමන්ට අවශ්‍ය වූ විටෙක, වලසෙක් බවට පරිවර්තනය විය හැකිය. අතිශය දැවැන්ත කාය ශක්තියකට උරුමකම් කියයි. කණ්ඩායමේ ශක්තිමත්ම සාමාජිකයා වේ. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.
ශීනියා – තමන්ට අවශ්‍ය විටෙක, නොපෙනී සිටීමේ හැකියාවක් ඇත. ඇයගේ ස්පර්ශය සහිත ඕනෑම වස්තුවක්ද, අදෘශ්‍යමාන කිරීමේ හැකියාව ඇත. අවශ්‍ය පරිදි, උෂ්ණත්වය පාලනය කළ හැකිය. සීතල-උණුසුමට සංවේදී නොවේ. සටන් කළාවේ ප්‍රවීණයෙකි. සදාකාලික තාරුණ්‍යට උරුමකම් කියයි.
එකිනෙකට වෙනස් වූ සුපිරි බලයන් සහිත සිව් දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමකට, අතිමහත් වූ ව්‍යසනයක් නවතාලීමට හැකියාව ලැබේවිද? සියල්ල ඔබට බාරයි…
කැමති අය අරගෙන බලන්න. මගේ අනුමානය අනුව නම්, ඔබට පසුතැවෙන්න වෙන එකක් නැහැ. ඒ වගේම, චිත්‍රපටය නරඹපු අය, කැමති නම් චිත්‍රපටය හොඳද නරකද කියලත් අදහසක් දාගෙන යන්න. චිත්‍රපටය නරඹන්න දෙගිඩියාවෙන් ඉන්න අයට ඒක උපකාරී වේවි.
එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
The.Guardians.2017.RUSSIAN.1080p.BluRay.x264.DTS-FGT
ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
9,532 downloadsDownload The-Guardians-2017-BR.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
76 comments
Nipun Pramuditha
prabodha
Film eka download karala tibuneee. Thanx brooo..
Chami.S
Thanks..
Good Luck..sumeda
thanks bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ සබ් එකට
මිතුල් ලක්ශිත
නියමයි සහෝ පට්ටම ෆිලුමකටනේ සබ් දීලා තියෙන්නේ....
තෑන්ක්ස් සබ් එකට සහෝCommando 2 (2017) Hindi - 720p DVDRiP - x265 HEVC - 750MB - ShAaNiG
මේ හින්දි ෆිලුමටත් හැකි නම් සබ් දෙන්න සහෝ
ජය වේවාරයන් ද සිල්වා
අනිවා සහෝ Commando 2 ෆිලුමටත් සබ් ඉක්මනට ඕනා
ඒකත් මේ ගැම්මට ඩවුන් වෙන්න දැම්මා සහෝ...
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
සුපර්හීරෝ ෆිලුමක් නම් කොහොම මග අරින්නද සහෝ...
රේටින් නම් අදාලම නෑ :)Pasindu
Mekata aduma IMDB 5/10 wath denna watinawa. Special effect hodata paawichchi karapu film ekak
Sub ekata thanks sahoImesh Akalanka
Sub ekata Thanks... Commando 2 hindi Sub ekath ikmanata ona.....
Chalana
thnx bro...
අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Ravindu Rukshan
thx
Amila Kaushalya
Thanx saho sub nathuva hari balanna hitiya film 1k thanx subata
Pradeep M Gamlath
Thanks සිසිල bro..**
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya Chathuranga
pattta aaa saho...
Nejai Nayanajith
film එක බාපු කෙනෙක් link එක දෙන්නකෝ ...
සචින් දිල්හාර
menna hash 1a.
google karala baaganna.... :)BA2535F972847DD5F7439E859FD557C18873BB33
nejai nayanajith
තැන්කු සහෝ ...
Chamara Asanka
Sub ekta thnx wewa sisila ayya jaya
Kasun Widusha
Tnx sub ekata sahoo
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
Thisara Neo
Thanks saho
Dulanga
Thanks
Udara Damith B/K
බොහොම ස්තූතියි
මේකට ඔය මොකක්ද අගය අඩු වෙලා ඇත්තේ මේක රුසියන් එකක් නිසා වෙනද ඇති
ඇයි ඇමරිකන් කාරයෝ හෙන තරහයිනේAra
Umba kiyana handa kolla gaththa....nethnam IMDB rate eka mehema dekkama ain karanwaa misak... Ara
sanka
okkoma russion ewa ne thiyenne
nipuna
thanks bro balala kiyannum elda kiyala
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
shehan
mevage sagaunu supiri film balanne ubala nisa thamai nathnam api mehema ava thiyenavada kiyalavath danne naa
CHANAKA WITHARANA
Tanx bro, hodai film ekat
Ddmd Ruwan
thanks brooooooooooo....
එල්.සී. දමැල්
THANKS BRO
Thilina Jayasekara
WOW Man THank you so SOOOOOOO much Keep up the good work bro
Bhagya sadamali
Thank you very much Mr. Sisila Prasad.
ක්වික්සිල්වර්
තෑන්ක්ස් ආ <3 ෆිලුම බාගෙන සබ එනකන් හිටියේ
නිවන්ත
නියම චිතපටියක් බොහොම ස්තතියි.
Bobby
බොහෝම ස්තුතියි සබ් එකට සිසිල
Tharidu Sagara
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔයාගෙ උපසිරසිනම් මරු අනිව බලනව,සිසිල සහොගෙ වැඩනම් කියල වැඩක් නෑ.
ජය වේවාRavin Laksitha
bohoma thuthi sub ekata....
para
eloooooooooooooooooooooo
Ysa
tnx machn
Nelson
Good Work Friend, Thanks!
චින්තක
ඔන්න බාගන්න දැම්මා .ජයවේවා
මේනක...
adoo meka supiri film ekak sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata.....keep it up...jaya wewa……
ashan lankanath
thanks
කසුන් මධුශංඛ
සුපිරි ආහ්
Sanjula Madushan
Me Wage Film Thamai Bro ONEE.. SUPIRI.. ThnX Mchan ThnK You Very Much..
Dilshan prabath
Baagena thibune.. sub eka denakn hitiyee.. thanx machan... suppa filmak... digatama sub drmu.. good luck...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama mcn thnx aaaaaaaaa