ඔන්න අවුරූදු කුමාරයා තෑගිත් අරගෙන නෑගම් ආවා. කලිනුත් කිව්වා කමක් නැහැ ආයෙමත් කියන්නම්. “☀️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා☀️” තවත් එක් සොදුරු කඩයිමක් සමිටුවහන් කරන්නයි මං මේ සුද…

ඔන්න අවුරූදු කුමාරයා තෑගිත් අරගෙන නෑගම් ආවා. කලිනුත් කිව්වා කමක් නැහැ ආයෙමත් කියන්නම්.
“☀️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා☀️”
තවත් එක් සොදුරු කඩයිමක් සමිටුවහන් කරන්නයි මං මේ සුදානම. මතක හැටියට නම් 100 වෙනි කඩයිම සැමරුවෙත් ගිය දෙසැම්බරයේ දෙවැනි සතියේ. කොහොම කොහොමෙන් හරි, හරි ඉක්මණට මෙතනටත් ආවා. මේ ආපු ගමනේ හැමදාම මං එක්ක හිටිය පිරිසක් ඉන්නවා. කට්ටියගෙන් ඇතැම් දෙනෙක්ව නම් පහුගිය ජනවාරියේ දැක්කා අපේ සමාජ සත්කාරේ තිබ්බ නිසා. කෙටියෙන් කියාගෙන යන්නම්. අපේ වැඩිමලා මාමා නෑ එහෙම කියන්න හොද නැහැනේ අද වගේ දවසකත්. එහෙමත් නැත්තම් හසන්ත වික්‍රමරත්න. මුලදීම මට අඩවියෙන් හමුවුණෙත්, තාමත් හොද ෆිට් එකේ ඉන්න ඩිසි හිතවතා එයයි. කොටින්ම කියනවනම් මේ ෆිලුම මුලින්ම හොයලා දීලා. මට මේක යශෝධ සහෝගෙන් අරන් දීලා දුන්නේ එයා. උපසිරැසි පවා හොයලා දුන්නා. මේ ටිකේ එක ෆිලුමක් පරක්කු වුණා කියලා බුකියට CCTV හයි කරලා තිබ්බේ. ආවොත් “කෝ සබ් එක?”බේරුමක් නැති වුණා. ඒ ප්‍රමාදය ඇතැම් අයට හාස්‍යක් වෙලා නමුත් හාස්‍යට ලක් කරන කෙනා දන්නේ නැහැ අයිස් ඒජ් එක කලට වෙලාවට දෙන්න. ආයේ ඉතිං සමීර චතුරංග අයියා. මුල් කාලේ නම් බලෙන්ම උපසිරැසි කෙරෙව්වා. දැන් නම් පේන්නවත් නෑ ඉතිං. හැබැයි මේ ෆිලුම කරන්න ගිහින් මේක ගැන හොයලා බලලා එයත් උපසිරැසිය වගේම හොයා දුන්නා. ඒකට ඒ දවස්වල උදේ නවය විතර වෙද්දී බුකියට මැසේජ් එකක් එනවා “මලේ ඔන්න සබ ඇවිත් ඉක්මණින් දෙමු.” වැඩි සද්දයක් නැති විටින් විට ඊමේල් වලින් දකින්න ලැබෙන රෝයිලි අයියා. ඊළගට, මගේ ප්‍රතිවාදියා විමා. ප්‍රතිවාදියා කිව්වේ මෙයා හිතාගෙන ඉන්නේ “මෙලොව තිබෙන හොදම කොමික් මාවේල් කොම්ක් කියලා” අනික එයා හිතන්නේ එයා තමයි කැප්ටන් ඇමරිකා කියලා. ඔව්වට ඉතිං හැමතැනින්ම හිනා.”හිටං එයාගේ, එයා හිටංගේ.” ඊළගට පූසා නොහොත් සමන් ප්‍රසාද්. එයා ඉතිං කරන්නේ ඩීසි මාවේල් වලියක් අවුස්සලා යනවා. මං ඉතිං තනියෙන් ඇදගෙන යනවා. උන් ඔක්කොම මාව බයිට් කලාට පස්සේ එනවා වඩේ විකුණන්න. ජෝකර් නිසා මන්දමානසිත්වයට පත්වෙලයි ඉන්නේ. හසා ඇරෙන්න “ඩිසි කොමික් හොදායි” කියලා අඩුම ගානේ වචනේවත් කියන්න ඉන්නේ මූ විතරයි. ආයේ තිසරයා. කී බෝ(ර්)ඩ් එකෙන් විතරයි වැඩ. බයිස්කෝප් මංසලෙන් හමුවුන, විමා එක්ක එකතු වෙලා අයිතියක් නැති චරිත වෙනුවෙන් මාවෙල් කොමික් තමන්ගේ හිස් මුදුනටත් වඩා ඉහළින් තියාගෙන ඉන්න අනිකා එයා. එයාගේ ලොකුම රාජකාරිය තමයි අහිංසක, කාටවත් කරදරයක් නැති මල් වගේ නොදරුවන්ට නම් පට බදින එක. ඊළගට ආයේ මගේ මේ කඩයිම් ෆිලුම කරන්න ගියාම නිකමට වගේ ෆිලුමක් ඉල්ලලා දැන් හොදටම ෆිට් වුන සමීර කරුණාරත්න අයියා. අනේමන්දා සමීරලා ඔක්කොම එකයි. ෆිලුමක් එපියක් ගත්ත වෙලේ ඉදන්.” මලේ මොකෝ වෙන්නේ වැඩේ කරගෙන යනවා නේද” මේ ෆිලුම කරන්න ගත්ත වෙලේ ඉදන් එයත් ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. ඒත් ඉතිං සැලසුම් කරපු විදිහට නම් ෆිලුම දෙන්න බැරි වුන එක ගැන මටත් කණගාටුයි. ආයේ ප්‍රණීත් චින්තක සහෝ. මං උපසිරැසි යැව්වම මං වද දීලා තියෙන තදියමට එවෙලේම පෝස්ට් කරගන්නයි, ෆොටෝ එඩිට් කරන්නයි කිය කිය වදයක් වෙලත් ඇති. ඔය වදේම මං හේවා අයියටත් දීලා ඇති.එයාවත් මතක් කරනවා. ආයේ චලිදු දේශන් හැම වෙලේම නැති වුණත් ගොඩක් ගොඩක් පැති වලදී මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒවගේම යශෝධ සහෝ. මට මේක බෑ නොකියා දීලා තිබ්බට ඔයාට ගොඩක් ස්තුතියි. ආයේ නලීන් අයියා, සදුන් අයියා, කැලුම් අයියා, ඩිලා , දසන්, එතකොට ආයේ අචින්ත, නිර්මාණි අක්කා, ෂෙරින් අක්කා, තාරකයා, ගයාන්, රවිදු මල්ලි, නිලුපුල්, චන්දිම අයියා, තරිදු දර්ශන ගුරුතුමා නොහොත් විකියා. තව ඉන්නවද කියලත් මතක නැහැ. පාන්දර දෙකට නම් මතක් වෙන්නෙත් නැහැ. ආයේ මෙතන නම් සදහන් නොකරපු අපේ සෙට් එකේ අය ඉන්නවනම් මට සමාවෙන්න ඕනේ. ආයේ ඉතිං තමන්ගේ තියෙන මනුස්ස කමට අදහසක් දාගෙන යන ප්‍රේක්ෂක ඔයාලා. නමුත් ඉතිං දුකින් උනත් කියන්න ඕනේ මං කියනවට නිකමට ගිහින් 2013-2014 වල දීපු ෆිල්ම් එකකට ගිහින් බලන්න. නොසැහෙන්න කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා. ඒත් අද එන්නම ඒක නැති වේගෙන එනවා. මොකද දැන් ගොඩක් අය හිතන්නේ තමන් තමන්ගේ වැඩේ කරගන්න විතරයි. අනිත් අය ගැන වද වෙන්නේ නැහැ. මේ ගැන කියන්න ගියාමත් කට්ටිය අපේ ඇගට ගොඩවෙන්න දගලනවා. නරකක් කියන්න විතරක් කට අරින්න එපා. කෙනෙක්ව අගය කරන්න, වර්ණනා කරන්නත් ඔය කට අරින්න පුරුද්දක් කරගන්න.

2013 වසරේ Antoine Fuqua විසින් නිපදවුණු Olympus has fallen චිත්‍රපටය නම් හැම කෙනෙක්ම අහන්න දකින්න ඇතිනේ. නමුත් මේ ගේන්නෙ මේ අවුරුද්දේ නිපදවුණු Babak Najafi විසින් අධ්‍යක්ෂණය කරන ලද London Has Fallen චිත්‍රපටය ගැනයි. චිත්‍රපටය නිකුත් වෙන්නේ නම් 2016 මාර්තු 4 වෙනිදා. ඇස්තමේන්තු ගත කිරීමට අනුව මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 60,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් පළමු සතිඅන්තය තුළ ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් 21,635,601 උපයාගෙන තිබෙන බවට BOX OFFICE වාර්තා අතරේ සදහන් වෙනවා. Action, Crime, Thriller ඝනයට ඇතුළත් වෙන මේ චිත්‍රපටය IMDb දර්ශකය තුළ 6.2/10 ක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ඔලිම්පස් හෑස් ෆෝලන් එකට වඩා තරම් අගය නම් අඩු වෙලා තියෙනවා. ඒත් පැයකුත් විනාඩි 39 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය සුපිරි ඝනයේ එකක් බවට මට හොදටම තහවුරු කරන්න පුලුවන්. කලින් චිත්‍රපටීයේ රග පෑ Gerard Butler, Aaron Eckhart, Morgan Freeman, Angela Bassett ඔය විශේෂ චරිත කිහිපය මෙවර චිත්‍රපටියෙන්ද දැකගන්න පුළුවන්.
ලෝකය පුරාම අතිවිශාල ආයුධ වෙළදාම් කරන්නෙක් වන අමීර් බකාවී නිසා ගොඩක් විනාශකාරී බෝම්බ හෙලීම්, පහර දීම් ආදි යුධමය ක්‍රියා සිද්දවෙනවා. මිනිසුන් සී සී කඩ මරණයට පත්වෙනවා. නමුත් එයාව හොයාගන්න නම් බැහැ. එයාගේ පුතාගේ නම තමයි කැම්රන්, දවසක් මේ කට්ටිය බ්කාවී එයාගේ දුවගේ මංගල්‍යට සහභාගී වෙනවා. කැම්රනුත් එදාට එනවා. බකාවීව ලේසියෙන් හොයාගන්නත් බැරි නිසා නේවාඩා වල ගුවන් හමුදා බලකායට ලැබුණු ඔත්තුවක් මත මිසයිලයක් යවලා විනාශ ඒ මුළු ස්ථානයම එහෙමත් නැත්තම් මංගල්‍යම විනාශ කරලා දානවා. ඔතනින් පස්සේ තමයි, ලේ/පළිගැනීමේ වෛරය පටන් ගන්නේ. වසර දෙකකට පසු වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජේම්ස් විල්සන් මරණයට පත්වෙනවා. මොහු ඉතිං ගොඩක් ප්‍රසිද්ධ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් නිසා විශාල රටවල් ප්‍රමාණයකින් මේ අවමංගල්‍ය උත්සවයට එනවා. නිකන් අය නෙවේ වටිනාකියන ලෝක නායකයෝ. ඒකට එක්සත් ජනපදයේ ජනාධිපතිත් ඇතුළුව යනවා. ත්‍රස්තවාදීන් පෙර ඉදන් හැමදේම සැලසුම් කරලා. මේ අය පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් එන්න එන්නම සාර්ථක වෙනවා. ලෝක නායකයින් පස් දෙනෙක් මරණයට පත්වෙනවා. මේ ත්‍රස්තවාදීන් පළිගන්නේ නායකයින්ගෙන් විතරක් නෙවේ. එදා දිනයේ එතනට එකතු වෙලා හිටියා අහිංසක සිවිලේ ජනතාවගෙනුත්. මිනිසුන් සිය ගාණක් ද මිය යනවා. හැම වතාවකම වගේ මෙවතරත් ඉතුරු වෙන්නේ ජනාධිපති, බැනින් හා ලියන්. නමුත් අවාසනාවට අතරමගදී ලියනුත් මරණයට පත්වෙනවා. ත්‍රස්වාදීන්ට ඕනේ කරන්නේ ඈෂර් ජනාධිපතිතුමාව. එක සැරේ මරලා දාන්න නෙවේ මුළු ලෝකයට මේ විකාශය කරවලා ඔහුව මරන්න. බැනින් කියන්නේ සුපිරිම තදයෙක්. එයා මේක අතහරින්නේ නැහැ. මේ හැම පහරදීමක් පිටුපසම බකාවී හිටියත් ඔහු හැමදේටම අතරමැදි කරවන්නේ ඔහුගේ පුතා වන කැම්රන්ව. අන්තිම මොහොතේදී බැනින් අතින් ජනාධිපතිතුමාව අහිමි වෙනවා. ත්‍රස්තවාදීන් ඔහුව පැහැරගෙන යනවා. එතකොට ඒ කියන්නේ මේ ජානාධිපතිතුමාගේ අවසානයද?? බලලම ඉන්නකෝ එහෙනම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඉක්මණින්ම දෙන්න වුවමනා නිසා දැනට මේ පිටපතට ඇවිත් තියෙන පළමු උපසිරැසිය තමයි උපසිරැසි ගැන්වූයේ. මේක අංගසම්පුර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නම් නෙවෙයි. අසා ලිවීම්, සින්ක් කිරීම් වගේ ගොඩක් දෝෂ තිබ්බා. හැම එකම අසා ලියන්න බැහැ. කියන එක ඇහෙන්නේ නැහැ. ඒ නමුත් ඉතිං එකම දේ දහාපාරකට වඩා අහලා අහලා තමයි ඇතැම් තැන් ලිව්වේ. ඒ නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.
එහෙනම් මං හැමෝටම ආරධනා කරනවා නිවාඩු පාඩුචේ ඉන්න නිසා මේ ෆිලුම බලන්න කියලා. අදහසකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…!! මං එහෙනම් ගිහින් එන්නම්. නැවත හමුවෙනතුරු බයිස්කෝප් එකේ සියළු දෙනාටමත්, ඔයාලා හැම කෙනෙක්ටමත් ජයෙන් ජය.!!
එසේම වේවා.!! එසේම වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
54,936 downloadsDownload London-Has-Fallen-2016.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
166 comments
DaMith
නලින් පෙරේරා
මේ අලුත් අවුරුද්දේ සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල චාමර ඇතුළු බයිස්කෝප්වාසි සියලු දෙනාටම මේක සුබ පතන්න අවස්ථාවක් කර ගන්නවා.
මේ වගේම නොනැවතී චාමරට තව තවත් අලුත්ම නිර්මාණ කරන්න අවශ්‍ය සම්පත් නොඅඩුව ලැබේවා. එහෙනම් කොල්ලෝ ඉක්මනින් 200න් හමුවෙමු. ස්තූතියි වේවා ඔන්න සිංහල උපසිරැසියට.
ජය වේවා෴
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.
Ride.Along.2.2016.me film walatath sub denna please….
Chalana Jayasanka
thank you bro :D
Sâchîth Lákshâñ
සුභ පැතුම් 150වෙනි සබ් එකට අයියේ....
200ත් කරමු ඉක්මනටම.....
ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා....
සබ් එකට ස්තුතියි....!විකියා
සුභ පැතුම් 150වෙනි සබ් එකට :)
Haritha Boyagane
Thanks Bro....long awaited movie....
Kesara
150 wani upasirasiyata unusum subha pethum! :-)
Digatama subs demu jaya wewa!
:-) :-) :-)dharshana...
Suba aluth awruddak wewa..Thanks Macho sub 1ta..
madusanka jayasooriya
නියමයි චාමර සහෝ. 150 උපසිරැසට හදවතින්ම සුභ පතනවා. ජය වේවා!
Dhanushka
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
lahiru
suba nawa wasark wewa !!!
මනොජ් දුෂ්මන්ත
ඔයාට ගොඩක් ස්තූතියි සහෝ මන් බලන් හිටියෙ මේ බයිස්කෝප් එක කොයි වෙලේ එයිද කියලා. ඒ වගේම ඔයාට තව සබ් ගහන්න ශක්තිය ලැබෙන්නෙ කියලා.ප්‍රාර්ථනා කරනවා!
සාෂා ස්වර්ණලතා
සුභ අලුත් අවුරුද්දක් බයිස්කෝප් එකේ ඔක්කොලාටම,
ගොඩක් ස්තුතියි සහෝ sub එකටSanindu Lakkitha
Godak Thnx Macho... Good Luck...
Happy & Peaceful New Year...Udara Damith B\K
සිංහල හා හින්දු අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා...................................................
150 වෙනි උපසිරසට සුබ පැතුම්............................................................
I WISH YOU HAPPY NEW YEAR........................................කේ.යූ.ජී. උදාර
150 ට මගෙත් සුබ පැතුම් චාමර............ දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.
ෂෙරින් සමාධි ගිනිගේ
බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා….
චාමර මල්ලිගේ 150 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්...
වැඩිය කතා බහ නොකළට මාවත් මතක් කළාට බොහොම ස්තූතිය මල්ලියේ...
ඉක්මනින්ම 200 වෙනි උපසිරැසිය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා....මමත් බලාගෙන හිටියේ මේ කතාවට උපසිරැසි නැත්තෙ මොකද කියල...
කොහොමින් හරි අවුරුදු නිවාඩුවට බලන්න සුපිරි කතාවක් ගෙනාවට ස්තූතියි....ජය!!!
Pradeep Anuruddha Dissanayake
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්,පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.සියලු සිතුම් පැතුම් ඉටු වී කිරියෙන් පැණියෙන් ඉතිරී වාසනාවන්ත අනාගත කාලයක් වේවා.ජය ශ්‍රී
මධුකප්‍රිය පෙරේරා
ආ නියම දවසකනේ 150 ගැහුවේ..
හැබැයි අර අවුරුදු කුමාරයෙක් ගැන කිව්ව එක වැරදියි නේද..
අවුරුද්දට උඹ වැඩ ඇල්ලුවෙත් අර උඹ විකුණන ජාතිය ගහලනේ.එහෙව් එකා කුමාරයලු.
හම්මේ එව්වා ගහලත් මේකා සබ් හදලා. මාවත් මතක් කොරලා තියෙන්නේ..
හම්මේ මට මතක හැටියට උබේ 50,100 වගේම 150ටත් සුබ පතන්න ලැබුනා එහෙනම්..
ඉක්මනට 200ත් ගහන්න ලැබෙන්න කියලා පතනවා.පුලුවන්නම් dc ෆිලුමකින් 200
ගහපන් ඔය මහවල්කාරයන්ට පේන්නත් එක්කම.ඔබට සහ සියලුම බයිස්කෝප්වාසීන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා!
saman
thanks saho
Anuradha
thanks bro....
eranga
150 වෙනි උපසිරසට සුබ පැතුම්..!!
janaka
thanxx
Achi
Aluth aurudda labaddima thaagith aran awilla...
Godak sthoothi mcho upasirasiyata...
Suba aluth auruddak wewa!!!
Me auruddeth thawath wadi wadiyen sub karanna ida, kaalaya labenna kiyala prarthana karanawa!!!
Jaya wewa!!!හේමන්ත
සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...................
බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුභ පැතුම්...මේ වගේම චාමරට ස්තූතියි .....
isuru
සබට බොහොම ස්තූතියි චාමර සහෝ!!
ඒවගේම 150ට සුභ පැතුම් !!
ජය!!!!!රයන් ද සිල්වා
මේ ලැබුවාවු අලුත් අවුරුද්දේ සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි......
150 ට සුබ පැතුම් සහෝ,
200 ත් ඇදලා දාමු ෴ජය෴Bobby
ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා
කවීන් ලහිරු
පට්ට පට පට 150 ත් ගහලනේ.....
**200 ත් ගහමු බන් ජය වෙවා**
#සුබ අලුත් අවුරුද්දක් වෙවාchin
thanx bro
Dimal
සුභ අලුත් අවුරුද්දක් බයිස්කෝප් එකේ ඔබ සියළු දෙනාටම...!!
150 වෙනි උපසිරසට සුබ පැතුම්. ගොඩක් ස්තුතියි සහෝ..!!Kalana Wasala
Thank you
දිලංක
එල මචං
Sajith Anthony
සුභ පැතුම් 150වෙනි සබ් එකට
ජය වේවා...!!!දිල්ශාන් සචින්ත(සචී)
එල බන් එලම...ගුඩ් ලක්...චාමරයා...200ත් ගහමු ලෙසටම.
Heshan
machoo danna ekek kiyapan me film eka KMP eke play wenne nh *265 format eke ewa play wenne naththe ai? ekata mkakda karanna one???
දිලංක
Media player codec pack eka daaganna
nalinda
esema wewa ..........................!!!!!!!!!!!!!!!!!!!!!!
thanks sahoooooooKàvindu Yàsàs
Thnx bro..mekea copy akak da ??
Kulanjana Maduranga
really appreciate your works..thanks CHAMARA for giving us all of this…wish u’r great future…..
vikum
subama suba alut awruddak wewa shoo..super bandayak ne genalla tiyenne..150 suba patanwa sahoo..meke sub aran balanne lankawe edala 9000km eha ata edagena..jaya wewa sub dena set ekatama..
Köszönöm szépen.(thank you)
kalana rajapaksha
150 උපසිරැසට හදවතින්ම සුභ පතනවා... 8-) 8-)
දිගටම dc film/tv series ගේමු =D
ඒ වගේම 200 ගහමු.....Sajeevi
150 වෙනි සබ් එකට සුභ පැතුම්.......
bryan McLean
Thanks bro
maduranga
tanx bro .sub eka enakan maga baaagena hitiye .
Chani
Copy eka wedak na ..balanna ba... Stuck wewi yanne.. honda ekak awata passema danna thibba. :(
Lakshan Nilanka Jayasuriya
එල මචෝ...150 උපසිරැසියට හදවතින්ම සුබ පැතුම්...තවත් මේ වගේ සුපිරි නිර්මාණ ඕනෙ ඉස්සරහට....ජය වේවා....!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Kasun Upeksha
හම්මේ චාමර සහෝ සුපිරි ආහ්, 150ට උණුසුම් සුභපැතුම්... සබ් 150ක් කොටන එකේ අමාරුව දන්නෙ එක සබක් හරි කොටපු කෙනෙක් විතරයි.. ටික දෙනෙක් ඉන්නවා සබ් එකක් දවසක් දෙකක් පරක්කු වුනාම බොරුවට කියෝන.. හරියට නිකන් සබ් දෙන්න වගකීමෙන් බැදිලා ඉන්නවා වගේ... කොහොම වුනත් 150ට සුභපැතුම් සහෝ... චාමට සහෝදරය නැත්නම් මම ඔරිජිනල්ස් බලන්නෙත් නෑ... ජයවේවා...
Kalum Ekanayaka
150 ට ජය බ්‍රෝ,.. අනිව මෙච්චර කාලයක් මේ කරපු දේට අපි ගොඩාක් ස්තූති කරනව,.200ටත් ඉක්මනටම යන්න සුභ පතනවා,.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela ela..thanx