Watch Trailer

Vil Ambu (2016) with Sinhala Subtitles | ජිවිතය තියෙන්නේ අපේ අතේ නෙමෙයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා… ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට බයිස්කෝප් තුනක්ම තෑග්ගක් විදියට අරන් ආවා… බයිලා ඇතිනේ කතාව පැත්තට හැරෙමුකො… ලෝකයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. සමහරු එක එක විදියට ජිවත් වෙන්නේ.වෙනස් තත්වයන් යටතේ. සමහරු විද්‍යාඥයන් විදියට.සම…


කොහොමද යාලුවනේ…

ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා… ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට බයිස්කෝප් තුනක්ම තෑග්ගක් විදියට අරන් ආවා…

බයිලා ඇතිනේ කතාව පැත්තට හැරෙමුකො…

ලෝකයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. සමහරු එක එක විදියට ජිවත් වෙන්නේ.වෙනස් තත්වයන් යටතේ. සමහරු විද්‍යාඥයන් විදියට.සමහරු තේ බෙදන්නන් විදියට. සමහරු ගුවන් නියමුවන් විදියට.සමහර අය ගොවින් විදියට. සමහර අය ධනවතුන් විදියට. ඒවගේම සමහරු ඉන්නවා හරි කෑම වේලක්වත් නැතුව ජිවත් වෙන… ඒක කොපමණ වුනත් වෙන්න පුළුවන්. එකම මතුපිටක අපි වෙන් වෙන් වශයෙන් දකින්න පුළුවන්. එත් මේ ස්වභාව ධර්මය.අපිට නොදැනුවත්ම ඒවා අතරේ සම්බන්දතාවක් ඇති කරලා තියෙනවා. කෙනෙක්ට කියාවක් ලැබෙන්නේ. තව කෙනෙක්ට රැකියාව නැති වෙනකොට. ලේ දන් දෙන එකෙන් පුළුවන්. නොදන්න කෙනෙක්ගේ පණ බේරගන්න. එකිනෙකා නොදැනුවත්ව. ඒ ඒ විදියට ජිවත් වෙනවා. ඇයි මටම මෙහෙම වෙන්නේ, ඒක තමයි හැමෝටම තියෙන ගැටලුව. ඒක හැමෝටම එක පාරක් හරි හිතිලා ඇති. ඉරණම. කාලය. දෛවය. ඒ දේවල් වලට තමයි බනින්නේ. මිනිස්සු කරන හැමදේකටම හේතුවක් තියෙනවා. ඒකට තව කෙනෙක්ගේ හේතුවක් තියෙන්න ඕනේ. මේක දන්නේ ස්වභාව ධර්මය විතරයි. සමානතාව.මිනිස්සු කරන හැම දෙයක්ම.තව මනුස්සයෙක්ට බලපෑමක් වෙන්න පුළුවන්. ඒක හොද එකක් වෙන්නත් පුළුවන්. නරක දෙයක් වෙන්නත් පුළුවන්ඒ වගේ නොදන්න දෙන්නෙක් තමයි අරුල් සහ කාර්තික් කියන්නේ. මේ නාදුනන දෙන්නා අතරේ වුන සම්බන්ධය ගැනයි මේ කතාව. අරුල් හිරේ ඉන්න හේතුව කාර්තික්. කාර්තික් මේ තත්වයේ ඉන්න හේතුව අරුල්.අපේ ජිවිත තියෙන්නේ අපේ අතේ නෙමෙයි.ඒක තියෙන්නේ අපේ ලග ඉන්න අයගේ.

අරුල් සහ කාර්තික් එකම පළාතක ඉන්න දෙන්නෙක්. හැබැයි පවුල් පසුබිමෙන් හුගක් වෙනස්. කාර්තිගේ තාත්තා හැමදාම බිලා එන කෙනෙක්. කාර්තික් රස්තියාදු ගගහ චණ්ඩි වැඩ කර කර ඉන්නවා. අරුල්ගේ තාත්තා රජයේ රස්සාවක් කරන කෙනෙක්. අරුල් IT සම්බන්දව වැඩිදුර අධ්‍යාපනය හදාරපු කෙනෙක්. එත් රස්සාවක් නැහැ. එයා නිත්‍යා කියලා කෙනෙක්ට ආදරේ කරනවා. දවසක් නිත්‍යා එක්ක ෆිල්ම් එකක් බලන්න තාත්තාගේ බයික් එක ඉල්ලන් අරුල් යනවා. ඒ සිනමා ශාලාවේදී කාර්තික් කළුකඩ මුදලට ටිකට් විකුනන්න එනවා. කොහොම හරි අරුල් ෆිල්ම් එක බලලා එනකොට කාර්තික් කට්ටියක් එක්ක රණ්ඩු කරලා අරුල්ගේ බයික් එකට ඩැමේජ් කරලා තියෙනවා. මේක හදන්නවත් අරුල් ගාව සල්ලි නැහැ. එතින් එයා දාන්න කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගන්න යනවා.. එයා දන්නේ නැහැ ඔහු හොර බිස්නස් කරන කෙනෙක් කියලා. තාත්තා අරුල්ට හොදටම බනිනවා බයික් එක කඩාගත්තා එකට. ඊට පස්සේ තාත්තා අදුර තැනක ඉන්ටව් එකකට යන්න කියනවා අරුල්ට. ඔය යන අතරතුර කාර්තික්ගේ බයික් ඒකට හැප්පිලා අරුල් හොස්පිටල් නවත්තනවා. ඔය විදියට අරුල් කාර්තික් එයාලගේ ජිවිත වලට එයාලට නොදැනෙන්න බලපෑම් ඇති වෙනවා. ඔයා අතරතුර අරුල්ව හොරකමකට සම්බන්දයි කියලා හිරේ යවනවා. කාර්තික්ට කෙල්ලෙක්ව සෙට් වෙනවා. කාර්තික් හොද මගට හැරෙයිද? අරුල් සදහටම හිරේ ඉදිද? නිත්‍ය අරුල් වෙනුවෙන් ඉදිද? මේ හැමදේම තීරණය කරන්නේ ස්වභාවධර්මය විසින්.මිනිස්සු නම් කියන්නේ දෛවය කියලා.

කාර්තිකට සහ අරුල්ට මොකද වෙන්නේ…?
ෆිල්ම් එක බලලම ඉන්නකෝ…!

මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2016 පෙබරවාරි මාසේ 12 වෙනිදා…මේක අධ්‍යක්ෂණය හා කතාව ලියලා තියෙන්නේ රමේෂ් සුබ්‍රමනියම්ය. IMDb අගය 7 අගයක් අරන් තියන මෙම බයිස්කෝප් එක ත්‍රාසය ගණයට අයත් වෙන බයිස්කෝප් එකකි… මට මේ බයිස්කෝප් එකත් කරන්න ඉෂාරා නංගි ගොඩාක් උදව් උනා… එයාව විශේෂයෙන් මතක් කරන්න ඕන…

අන්තිමට මේ බයිස්කෝප් ඒක ලබා දුන්න ශාන් විමුක්ති සහෝට තුති කියන ගමන් බයිස්කෝප් ඒක අරගෙනම බලන්නකෝ…

ජය…

Vil Ambu (2016) on IMDb

 

 

1.42 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A2711DFA9DBA5D701B197D723E899855EBB2EA80

420 MB (HD) කොපිය මෙතනින් බාගන්න

3323E813687203C6F12DA138B2225EF1FC8CEE01 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,132 downloadsDownload Vil-Ambu-2016.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

3,132 downloadsDownload Subtitles64 KB

14 comments

  1. sachin

    ela

    1. sachin

      dawnload karanne denne nane bro

  2. Sachi Flavio

    dawnload karanne denne nane bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa......

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  5. Sajja

    Jil jung juk tamil eke sub eka dennkoo bro

  6. vikum

    suba alut awruddak wewa broo..katawa kiyewwama kohoma hari balanna kiyala hituna..jaya wewa..

    Köszönöm szépen.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ...
    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  10. Nerun Kalpajith Fernando

    අඩෝ මචං පොඩි ඉල්ලිීමක් තියෙනවා... අර ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ කියන ෆිල්ම් එකටත් සබ් එකක් හදලා දියංකෝ... ප්ලීස්.

  11. Menu

    උපසිරසියට බොහොම ස්තූතියි!!!

  12. sulochana sadaruwan

    Niyamai machan sub eka tnx

  13. Rumesh dhanushka

    THanks brother