Watch Trailer

Lootcase (2020) Sinhala Subtitles | අයියෝ සල්ලි…! [සිංහල උපසිරැසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. ටික දවසක් පරක්කු වෙලා ඔන්න බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙන අදත් ගොඩවෙන්නයි මේ සූදානම. මුලින්ම සමාව ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටියේ හොඳ පිටපත් නිකුත් වෙලා ටික දවසක් ගිහිල්ලත් අරගෙන එන්න ටිකක් පරක්කු උනාට. එහෙනං ඔන්න ඔබට මෙතැන් සිට බාර කර සිටිනවා. Lootcase චිත්‍රපටිය…

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. ටික දවසක් පරක්කු වෙලා ඔන්න බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙන අදත් ගොඩවෙන්නයි මේ සූදානම. මුලින්ම සමාව ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටියේ හොඳ පිටපත් නිකුත් වෙලා ටික දවසක් ගිහිල්ලත් අරගෙන එන්න ටිකක් පරක්කු උනාට. එහෙනං ඔන්න ඔබට මෙතැන් සිට බාර කර සිටිනවා.

Lootcase චිත්‍රපටිය පහුගිය 31 වෙනිදා සිට Disney + Hotstar හරහා සියලුම ප්‍රේක්ෂකයින් හට නැරඹීමට අවස්තාව උදා වෙනවා. පහුගිය කාලයේම සිනමාව OTT මාධ්‍ය හරහා පමණක් සීමා වූ අතර එලෙස පැමිණි චිත්‍රපට අතරෙන් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සහ ඉහල විචාරක ප්‍රසාදය දිනාගන්න සමත්වූයේ චිත්‍රපටි අතලොස්සක්. ඒ අතරින් එකක් තමයි Lootcase චිත්‍රපටියක්. මේක IMDB මීටරය 7.9/10 කරකවන්නට සමත් වූ අතර The Indian Express හි 2/5ක් සහ ගූගල් පරිශීලකයන් අතර 97% මනාපය පල කල චිත්‍රපටයක් බවට පත් වුවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Rajesh Krishnan විසින්. නිෂ්පාදනය Fox Star Studios ආයතනය විසින් සිදු කර තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයේ නිරත වන්නේ වර්තමාන හින්දි සිනමාවේ අති දක්ෂ නළුවෙකි ලෙසින් දිනෙන් දින ජනප්‍රියත්වයට පත් වෙමින් සිටින Kunal Khemu විසින්.ඊට අමතරව Rasika Dugal , Gajraj Rao , Vijay Raaz , Ranvir Shorey , Aakash Dabhade , වැනි නළු නිලියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබෙනවා. මෙය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් වෙන්නට තිබුනත් පසුව චිත්‍රපටය නිකුත් කිරීම 2020 අප්‍රේල් දක්වා කල් ගියද කොරෝනා වසංගතය නිසා චිත්‍රපටය OTT මාධ්‍ය හරහා නිකුත් කරන්නට නිෂ්පාදක වරුන්ට සිදු වුවා. මිනිත්තු 132ක් පුරා දිවෙන Lootcase කොමඩි චිත්‍රපටය ඔබට වෙනස් සිනමා අද්දැකීමක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

කතවා ගැන ගත්තොත් පත්තර මුද්‍රණාලයක වැඩ කරන නන්දන් නම් සාමාන්‍ය තරුණයෙකු වටා සහ ඔහුට අහම්බෙන් හමුවන මුදල් බෑගයක් වටා ගෙතෙන අතර කුතුහලයෙන් පිරි මිනිත්තු 132ක් ඔබට Lootcase චිත්‍රපටය නිසැකවම පිරිනමනු ඇති. මේ වනවිට අතිශය ධනාත්මක ප්‍රතිචාර සහ විචාර ලබමින් තවමත් Disney + Hotstar හරහා නරඹන්නට විවරව තිබෙන Lootcase චිත්‍රපටය කාලෙකින් හින්දි සිනමාව සිටි කොමඩි චිත්‍රපටයක පිපාසය අවසන් කරනු ඇති..

එහෙනං චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා. උපසිරැසි ගෙනෙන්න ප්‍රමාද උනාට යලිත් සමාව ඉල්ලා සිටින ගමන්ම යලිත් ඉක්මණින්ම මෙවන් චිත්‍රපටයක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. එතෙක් දිගටම අප සමග රැඳී සිටින්න. ජයෙන් ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත් සඳහා අදාළ වේ.

9,171 downloadsDownload LOOT-CASE-2020.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

9,171 downloadsDownload Subtitles62 KB

16 comments

  1. Anonymous

    thanks to sub.. 1st downloader..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Geethi

    Thank you very much.

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ

  5. indika75

    thanks..

  6. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  7. R_deshan

    සරල තේමාවක් තිබ්බත් කුතුහලය ගානට තියන විදියට කරල තියනවා...පට්ට ෆිල්ම් එක.තෑන්ක්ස් සහෝ සබ් එකට!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    thanks bro

  10. nish47

    ස්තූතියි සහෝ

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  13. Anonymous

    Thankz bro

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Anonymous

    patta oi

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata