Watch Trailer

Trouble (2019) Sinhala Subtitles | කරදරයක්ද, වස්තුවක්ද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මම තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමු වෙන්න ආපහු ආවා. Trouble (ට්‍රබල්) කියන වචනයේ තේරුම ගත්තොත් සරලව “කරදරය” කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයේ නම තමයි ට්‍රබල්. එයා බල්ලෙක්. ඇත්තටම එයාට සිද්ධ වෙන කරදරය තමයි අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුව…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මම තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් අරගෙන ඔයාලව හමු වෙන්න ආපහු ආවා.

Trouble (ට්‍රබල්) කියන වචනයේ තේරුම ගත්තොත් සරලව “කරදරය” කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයේ නම තමයි ට්‍රබල්. එයා බල්ලෙක්. ඇත්තටම එයාට සිද්ධ වෙන කරදරය තමයි අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ.

මෙහෙමයි කතාව. ට්‍රබල් කියන්නේ විශාල මන්දිරයක හැදෙන බල්ලෙක්. හැම තත්පරයකම සැප. කන්නෙ බොන්නේ හොඳම ආහාර පාන. අතට පයට වැඩ කරල දෙන සේවකයෙකුත් ඉන්නවා. ට්‍රබල්ගේ අයිතිකාරිය ඉතාමත් ධනවත් වයසක කෙනෙක්. හැබැයි දවසක ට්‍රබල්ට බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ට්‍රබල්ගේ අයිතිකාරිය මිය යනවා. ට්‍රබල්ට තේරෙන්නෙ නෑ මොනවද වුණේ කියලා. නමුත් කිසි කෙනෙක් තමන්ට අවධානය දෙන්නෙ නෑ කියලානම් ට්‍රබල්ට හොඳටම තේරෙනවා. මේ ධනවත් තැනැත්තියගේ ඇවෑමෙන් පසු මන්දිරයට එන්නේ සල්ලිවලට කෑදර ඇයගේ සහෝදරයෙකුගෙ දරුවන් දෙදෙනායි. මොකද ඉතින් ඇයගේ උරුමය ලැබෙන්න නියමිත ඔවුන්ටනේ. එයාලා ඇවිල්ලා හැම දේම විකුණනලා සල්ලි කරගන්නයි උත්සහ කරන්නේ. එයාලා දෙන්නා ට්‍රබල්ව මන්දිරයෙන් එළියට දානවා. හැබැයි මේ ධනවත් තැනැත්තිය මිය යද්දී අවසන් කැමැත්තක් තියලා යන්න අමතක කළේ නෑ. ඇයගේ අවසන් කැමැත්ත ඇහුවාම තමයි හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්නේ. ට්‍රබල්ව උපරිම ආදරයෙන් බලාගන්න කෙනෙකුට පමණයි ඇයගේ සියලු වස්තුව හිමි වෙන්නේ. ඉක්මනට හොයලා බලනවා ට්‍රබල් ගැන. නමුත් එයාල විසින්ම මන්දිරයෙන් එළියට දාපු ට්‍රබල් දැන් කොහෙද කියලා නෑ. දැන් ඒ මුදල් කෑදරයින් ට්‍රබල්ව හොයාගෙන යන්නයි යන්නේ…

ට්‍රබල් කොහේ ගියාද? ට්‍රබල්ට මොනවද වුණේ? ට්‍රබල්ව හොයාගෙන එයාලට එයාලගෙ නැන්දාගේ වස්තුව ලබාගන්න පුලුවන් වෙයිද? එහෙමනම් ඒ ප්‍රශ්ණවලට උත්තර හොඳට හිනා වෙවී මේ චිත්‍රපටය බලලා හොයාගන්න.

ප.ලි‍.

මේ චිත්‍රපටයේ හරි හමං උපසිරසියක් කොහෙවත් හොයාගන්න තිබුණේ නැති නිසා, අසා ලිවීමක් තමයි කරන්න සිද්ධ වුණේ. ඒක කරන්න මට කාලය හොයාගන්න අපහසු නිසා ගීත් මල්ලිගෙන් ඇහුවාම මේ අභියෝගය බාරගන්න එක පයින් ඔහු කැමති වුණා වගේම ඉක්මනින් වැඩේ කරල එව්වා.

ලිපිය – එල්.සී. දමැල්

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,695 downloadsDownload Trouble-2019.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගීත් මිහිර සත්සර

Subtitles

3,695 downloadsDownload Subtitles42 KB

15 comments

  1. Pcvenom

    Sub ekata Sthuthi

    Lupin.III.The.First.2019.720p.BluRay mekatath sub denna

  2. Rmadush

    Lupin III The First (2019) Sub Plz

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. D.Chamara

    bohoma sthuthi... (y)

    1. D.Chamara

      (Y)

  5. Lasantha

    Ela

  6. uvindu induwara

    An american pikle වලට sub දාන්න පුලුවන් ද?

  7. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!

  8. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  9. amitha ekanayake

    thanx

  10. kumara 123

    hure

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. podda

    thanks

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Anonymous

    Raatchasi 2019 sinhala sub denwda