Watch Trailer

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018…

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018) සිනමා නිර්මාණයටයි.

2018 ජූලි 27 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Action/ Thriller කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.

6.5/10 IMdb
88% Google Users
2.5/5 Behindwoods

ඇගයුමක් ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Blue Skies, Green Waters, LOOT CASE (2020), Red Earth සිනමා නිර්මාණයෙහි සහය අධ්‍යක්ෂණය කළ Vishnu Narayan ගේ කුළුදුල් අධ්‍යක්ෂණයක්. Krishna Moorthy ගේ තිර රචනයක් වන මේ සිනමා නිර්මාණයෙහි Sushin Shyam ගේ සංගීතයෙන් වර්ණ ගැන්වුණ ලස්සන ගීත කිහිපයක් ඇතුලත් වෙනවා.

කෝටි 4 ක වියදමෙන් නිර්මාණය උන මේ නිර්මාණය කෝටි 5 ක ආදායමක් උපයන්න සමත් උනා.

මේකේ කතාව ගැන කියනවා නම්,

මේ ඉන්නේ මැරඩෝනා (Tovino Thomas) කේරලේ ත්‍රිශුර් වල කොල්ලෙක්. එයා මෙහෙම ලස්සනට හිටියට එයා අපරාධකාරයෙක්. තමන්ගේ අතිජාත මිත්‍රයා වුන සුධී (Tito Wilson) එක්ක එකතු වෙලා වාහන ජාවාරම් කරන කෙනෙක්. මෙයාට සිද්ධ වෙන අනතුරක් හින්ද මෙයා බැංගලෝර් එනවා. ඇවිත් නතර වෙන්නේ එයාගේ ඥාති සොහොයුරියක් වෙන නදියාගේ (Leona Lishoy) ගෙදර. මේ අතරෙදි නදියා පවුලේ අය එක්ක සතියක ටුවර් එකක් යනවා වැරදීමකින් මැරඩෝනව ගේ ඇතුලෙ ලොක් කරලා. ඉතින් මේ ගේ ඇතුලෙ හිර වෙලා ඉන්න අතරෙදි මැරඩෝනට අසල්වැසි යාලුවො ටිකක් හම්බ වෙනව.

මැරඩෝනගේ වැඩි හිතවත් කමක් ඇති වෙන්නේ මේ අල්ලපු නිවසේ අත්තම්මා බලා ගන්න හෙදිය උන ආශා (Sharanya R Nair) එක්කයි. මේ හිතවත්කම දුර දිග යයිද?

තව මේ මැරඩෝනා කරපු වැරද්දක් හින්දා මේ මාටින් (Chemban Vinod Jose) මැඩෝනයි එයාගේ යාළුවා වුන සුධීයි පස්සෙ පන්නනවා. එතකොට ඒ වැරැද්ද මොකක් වෙන්න ඇතිද? ප්‍රශ්න ඔක්කොටම උත්තර දැන ගන්න මේ ෆිල්ම් එක බලමු නේද?

නෙතිනි නිමන්තිකා සොයුරියට නැවතත් ස්තූති කරන ගමන් අඩුපාඩු ඇතොත් සමාව ඉල්ලනවා. තව උපසිරැසියකින් මුණ ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  PROPER WEB DL පිටපත් සඳහා අදාළ වේ.

6,635 downloadsDownload Maradona-2018.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

6,635 downloadsDownload Subtitles53 KB

18 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Nethini123

    ටොවිනෝගේ එනකම් බලන් හිටපු එකක්...බොහොම ස්තූතියි අක්කේ උපසිරැසිට....:-P :-P :-P

  3. Kavi_madushan

    Ambo me film ekt sub hoyala nathi thana balan nathuwa hitiye,bohoma sthuthi sub ekta,jayawewa,budusaranai

  4. gihan perera

    ස්තුතියි නංගී වෙච්ච මහන්සියට.... උපසිරැසි දෙනකන් බලන් හිටපු ෆිලුමක් මේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි........

  5. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට...

  6. indika75

    thanks..

  7. Kasun S. Jayalath

    බොහොම ස්තූතියි උපසි‍රැසියට...... ඔබට ජය...

  8. Arawinda Sunimal

    ME DAWASWALA HOYANA NALUWEK JAYAWEWA.........

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  10. Anonymous

    proper hd rip walata ma sub 1 hariyanawada?

    1. සුභාෂිණි මල්ලව ආරච්චි

      හරි යන එකක් නම් නෑ.

    2. Anonymous

      web dl ekakwath wada karannaa.ganna puluwan torrent site 1k dannawada?

  11. රංගික සිනෙත්

    බෝම ස්තුතියිිි .ජයම වේවා

  12. Kavinu

    බොහොම ස්තූතියි අක්කෙ. බලන් හිටපු සබ් එකක්...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Ruwan Kumarasinghe

    Thank you..........

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  16. Prabodha Jayakody

    Thanks.