බයිස්කෝප් අඩවියට ගොඩවුනේ. මුලින්ම සිසිල අයියට ස්තූතිවෙන්න ඕනේ මට මේ උපසිරසිය ලබාදුන්නට…… Alexandra Daddario මේ නම අහලා නැත්තන් ඔයා අදම ගිහින් Baywatch (2017) ෆිල්ම් එකයි True detective කියන ටීවී සීරියස් එකේ පලවෙනි සීසන් එකයි බලලා එන්න. ඇත්තටම දුටුවන් වශී කර නෙත්, සිත් ඇදබැඳ තබාගන්න ඩඩාරියෝ අක්කගේ න…

බයිස්කෝප් අඩවියට ගොඩවුනේ. මුලින්ම සිසිල අයියට ස්තූතිවෙන්න ඕනේ මට මේ උපසිරසිය ලබාදුන්නට……
Alexandra Daddario මේ නම අහලා නැත්තන් ඔයා අදම ගිහින් Baywatch (2017) ෆිල්ම් එකයි True detective කියන ටීවී සීරියස් එකේ පලවෙනි සීසන් එකයි බලලා එන්න. ඇත්තටම දුටුවන් වශී කර නෙත්, සිත් ඇදබැඳ තබාගන්න ඩඩාරියෝ අක්කගේ නිල් පැහැ ඇස් දෙකයි එයාගේ රඟපෑමයි දැකලා එයාගේ ෆෑන් කෙනෙක් වුන නිසා තමයි මේකට උපසිරසිය කරන්න හිතුනේ. මට නම් මේක සාමාන්‍ය ෆිල්ම් එකක් ගණයට දාන්න හිතෙන්නේ නැහැ. මේකෙන් අපිට ගොඩක් පාඩම් උගන්වනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලා උපසිරසිය ඩවුන්ලෝඩ් කරගමු.
2020 වසරේ සැප්තැම්බර් 18 දින ඇමරිකාවේදී තිරගතවීම් අරඹන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය William Olsson විසින් සිදුකරන අතර මෙය 2009 වසරේ දෙසැම්බර් මස රූගත කිරීම් කර නිෂ්පාදනය ආරම්භ කිරීමට අදහස් කලත් නිෂ්පාදන හේතූන් මත එය කල්ගත විය. නමුත් Lauren Mann, Lawrence Inglee යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙහි රූගත කිරීම් 2017 වසරේ අගභාගයේ ජපානයේ ටෝකියෝ සහ කියෝතෝ නගරවල සිදුකර තිබෙනවා.
මෙයට IMDb සිනමා දර්ශකයේ 4.5 ක අගයකුත්, Rotten Tomatoes මීටරයේ 48% විචාරක අගයකුත් ලැබී තිබෙනවා. මෙය Catherine Hanrahan නමැති ලේඛිකාවගේ කුළුඳුල් නවකතාව වන Lost Girls and Love Hotels නම් කෘතිය පදනම් කරගෙන නිමවා ඇත. 2006 වසරේ Rogers Writers’ Trust Fiction Award නම් කැනේඩියානු සම්මානයටද යෝජනා වන මෙම නවකතාව කැතරීන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස ටෝකියෝහි ගතකරන සමයේ ඇය ලැබූ අත්දැකීම් පාදක කරගෙන ලියූවක්. මේ සිනමාපටයද ඊට සමාන ආකාරයකින් ගලායන්නක් ලෙස නිපදවා තිබෙනවා. මෙහි රංගනය සඳහා Alexandra Daddario (මාග්‍රට්), Takehiro Hira (කාසු), Carice van Houten හා Andrew Rothney ඇතුළු තවත් ශිල්පීන් දායක වෙනවා. Drama/Thriller ගණයට අයත් වන මෙය R- rated වර්ගයේ සිනමාපටයක්. දැන් ඔයාලට තේරෙනවනේ ඩඩාරියෝ අක්කා මේකට කොච්චර ගැලපෙනවද කියලා.
නමේ තියනවා වගේම මේක ආදරය හොයා යන කතාවක් මේකේ කතාව ගලායන්නේ මාග්‍රට් නම් ඉංග්‍රීසි ගුරුවරියක් වටායි. ඇය ගුවන් සේවිකාවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන අතර Kazu නම් යකූසා කල්ලි නායකයෙන් සමඟ පෙම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මේ අතරේ ඇගේ අතීතයේ සිදුවුන දේවල් ඇය පසුපස පැමිනෙද්දී ඒවාට මුහුණ දී ජීවිතයේ සැබෑ ආදරය සොයාගෙන යන ආකාරය පෙන්වා දෙනවා. මේ ෆිල්ම් එක බැලූ බැල්මට ඒ තරම් තේරුමක් නොපෙනුනත් බලලා ඉවරවෙලා ඒ ගැන ටිකක් හිතන්න. එතකොට ඔයාලටම තේරෙයි මේකෙන් කොයිතරම් අපූරුවට යථාර්ථය පැහැදිලි කරනවාද කියලා.
එහෙනම් මිනිත්තු 97 ක් පුරා දිවෙන මේ කුතුහලය, ආදරය, රාගය පිරි සිනමාපටය නැරඹීමට ඔබටයි මේ ඇරයුම. අමතක නොකර උපසිරසිය ගැන හොඳ, අඩුපාඩු ගැන කමෙන්ටුවකුත් දාන්න…
“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”
ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
7,098 downloadsDownload Lost-Girls-and-Love-Hotels-2020.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
16 comments
Shamal manojan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Prabhasoft
thanks bro... jaya...!!!
tharangani
thanx
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks
Dewadithya
Thanks for sub!
Pramukmili
Thanx bro.................
Asantha
Vedio eka nedda?
Sanupa Ranmeth
සබ් එකට ගැළපෙන කොපිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Requests...
...................
බයිස්කෝප් අඩවියෙන් මින් පෙර ලබාදුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය...
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007
සහ මෙම චිත්‍රපට කිහිපය...
The Lost boys - 1987
Vampire's Kiss - 1987
Cape Fear - 1991
Interview With the Vampire: The Vampire Chronicles - 1994
Vampire in Brooklyn - 1995
Bringing Out the Dead - 1999
Dracula 2000 - 2000
Dracula 3000 - 2004