මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Il mare (2000) පෙනෙන නොපෙනෙන දුරක ඉදන්… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Il mare (2000) පෙනෙන නොපෙනෙන දුරක ඉදන්… ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින්නි ර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු ආදරනීය හංගේරියානු සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි… හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ… ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බළලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා නතර උන ඔබ වාසනාවන්තයි…
හගේරියාවේ බුඩාපේස්ට් නුවර පිහිටි ” සාබෝගේ අවන්හල ” නම් වූ එක්තරා පැරණි අවන්හලකට සිය 80වෙනි ජන්ම දිනය සමරන්න එන සුප්‍රසිද්ධ ජර්මානු ව්‍යාපාරිකයෙක්, දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු හමුදා කර්නල් වරයෙකු උනත් යුදෙව් ජාතියයින් දහස් ගනනකගේ දිවි බේරා දුන්නු එතුමා නමින් හෑන්ස්, හෑන්ස්ගෙ ජීවිතේ තරුණ කාලෙන් වැඩිම කාලයක් ගත කරලා තිබුනෙත් මේ පුංචි අවන්හලේදියි. මේ පුංචි අවන්හල කා අතරත් ප්‍රසිද්ධ උනේ සාබෝගේ රසවත් කෑම වගේම මේ අවන්හලේ පියානෝ වාදන ශිල්පියා උන ඇන්ඩ්‍රියාස් අරාඩි අතින් වසර ගණනාවකට කලියෙන් නිර්මාණය උන එක්තරා සුවිශේෂී වූ වාදනයකුත් නිසාවෙනුයි. සුපුරුදු පරිදි සිය ප්‍රියතම වාදනයට සවන්දෙමින් සිටි එතුමාගේ දෑස් නතර වන්නේ අවන්හලේ කොනක තිබුන එක්තරා පැරණි චායාරූපයක් වෙතටයි. දුටුවන් වශීකරවනා සුලු සුන්දර සිනහවකට උරුමකම් කී ඇය නමින් ඉලෝනා… මොහොතකින් සිත අතීතයට දිවගිය එතුමා එක්වනම නැගී සිටින්නේ සිය පපුව දෑතින්ම තද කර ගනිමින්. ඔව්, ඊළග මොහොතේ එතුමා මිය යනවා… එකිනෙකා රහසින් කොදුරන්නට වූයේ එය ශාප ලත් වාදනයක් බවයි. නමුත් කාලයේ වැලිතලාවෙන් වැසී ලොවට අමතකව ගිය එක්තරා අනුවේදනීය කතාවක් ඉලෝනාගේ සුන්දර සිනහව තුලත්, ඇන්ඩ්‍රියාස්ගේ දුක්බර වාදනය තුලත්, සාබෝගේ කදුලු තුලත්, හෑන්ස්ගේ වේදනාවෙන් පිරි මුහුණ තුලත් ලොවට හොරා සැගව පැවතුනා…. ඔවුන්ගේ දෛවයන් එකට බදවා තැබූ ඒ අනුවේදනීය ආදර කතාව රසවිදීම මෙතැන් පටන් ඔබට බාරයි…
" ගොම්මන් ඉරිදාව, සැඳෑ යාමය තුරාවට දිගු නොවේවි... අඳුරු සෙවනැලි අතුරින්, මගේ තනිකම හඩා වැටේවි... දෑස වැසී ගොස් ඇත, මා හට කලියෙන් ඔබ නික්ම ගොස් ඇත... නමුත් ඔබ නිදනාතුර, මා හෙට දිනක් උදා වනතුරු බළා හිදිනෙමි... පෙනෙයි මා හට ඡායාවන්, එබැවින් ඔබ හට එවමි මේ ආයාචනය..., පවසන්න සුරගනන් හට, අදුරු කුටිය තුළ මා පමණක් ඉතිරි කොට පිටව යන මෙන්... ගොම්මන් ඉරිදා........., "
"ඉරිදාවන් බොහෝ ගනනක්, සෙවනැලි සමඟ මා තනිව ගතකල..., රාත්‍රී අඳුර හා එක්ව මමත් දැන් පිටව යන්නෙමි, එය කොහේ ගමන් කලත්..., දෙනුවන් මාගේ දිදුලයි, දැල්වෙනා ඉටිපන්දම් එළිය ලෙසින්ම..., නොහඩනු මැන මා මිතුරනි, මා ඉසිලූ බර දැන් සැහැල්ලුය... අවසන් සුසුම්පොදත් සමගින්ම මා, නැවත පැමිණෙන්නෙමි මාගේ නිවහන වෙතටම..., මා ඉබාගාතේ සැරිසැරූ, සෙවනැලි දේශයේ සිට ප්‍රවේසමට..., ගොම්මන් ඉරිදා........., "
Imdb දර්ශකයේ 7.8 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 84% ලබාගත්තු මේ ආදරනීය සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…! පුලුවන්නම් හොද හෙඩ්සෙට් එකක් ගහගෙන සීතල රෑක නිස්කලංකව මේ සිනමා සිත්තම රසවිඳින්න ගන්න, ඔබට හරි අපූරු ආදරනීය සිනමා අත්දැකීමක් විදගන්න ලැබේවි… මම ඔබේ බලාපොරොත්තු කඩ කලා නං පහලින් තියෙන කමෙන්ට් තීරුවට ඇවිත් කැමති තරමක් බැනල යන්න පුලුවන්…
මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා සබ් එකක් කරමු කියපු අන්තර්ජාලයේ සිනමා හිතවතෙක් උන ලෙස්ටර් වින්සන්ට් මහතාටත් බොහොම ස්තූතියි, මොකද එතුමා නොවන්නට මේ අපූරු සිනමා සිත්තම මගේත් දෑස් නොගැටී මග හැරී යන්නට තිබුනා. ඒ වගේම සමාවෙන්න ඕනෙ මේ ඉල්ලීම ඉටු කරන්න වසරකටත් වැඩි කාලයක් ගත උනාට. ජීවිතේ මොනතරම් කාර්යබහුල උනත් සෑහෙන කාලයක් පුරාවට හෙමින් හෙමින් අකුරින් අකුර වචන අමුණලා මේ සබ් එක හැදුවෙ පහුගිය අවුරුද්දෙදි රසවිඳින්න ලැබුන සිනමා සිත්තම් අතුරින්න රඹන්න ලැබුන හොඳම සිනමා සිත්තම මේ වීම නිසාවෙන්මයි. ඒ නිසා ආයෙම වතාවක් ලෙස්ටර් වින්සන්ට් මහත්මයාට බොහොමත්ම ස්තූතියි…!
පලි,
” Gloomy Sunday ” එහෙමත් නැත්තං ” The Hungarian Suicide Song ” ගැන දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නං පොඩ්ඩක් ගූගල් කරල බලන්න. පුදුම හිතෙන විස්තර ටිකක් දැන ගන්න ලැබෙයි… තවත් ඕනි නම් යූ ටියුබ් එකේ තියෙනවා ඒකෙ මුල් වාදනයත්. නිකමට අහල බලන්න… මේ ලිපිය තවත් දික් වෙන නිසයි ඒ දේවල් ගැන මෙතන දාන්නෙ නැත්තෙ.
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,048 downloadsDownload Gloomy-Sunday-1999-AKA-Ein-Lied-von-Liebe-und-Tod.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
30 comments
Amila
හසිත මධුෂාන්
වෙනස්ම තේමාවකට නිර්මාණය උන ෆිල්ම් දෙකක් නේද සහෝ...?
මම බලලනම් නෑ, බලලම කියන්නම් කොහොමද කියලා...
අචින්ත
බොහෝම ස්තුතියි හසිත...
සිංදුව නිසාමයි කාලෙකට කලින් කනාවට වගේ බලන්න සෙට් වුණේ ..
මං බලපු ලස්සනම ෆිල්ම් එකක්..
අවතක්සේරු වුණු මැණිකක්..
දැන් ලිපිය කියෙව්වට පස්සේ ආයෙ බලන්න හිතුන..හසිත මධුෂාන්
මටත් හරිම අහම්බෙන් ලෙස්ටර් වින්සන්ට් මහත්මයාගෙන් තමයි මේ ගැන දැනගන්න ලැබුනේ...
W.M.A.Tharinda
download wenna damma.ayiyage sub ekak nam nobala inne na.
ජගන්නාථ
බොහො ම ස්තූති හාසිත. අපූර්ව චමත්කාරයකින් සිත පුරවා දමන සලරුවක් හඳුන්වා දුන්නාට බොහොම පින්. පෙර ඔබ හඳුන්වා දුන් සිනමා කෘතීන්ගෙන් රසිකයා මහත්ඵල මහානිශංස අත්කරගත් බවට කවරෙක් නම් එකඟ නො වේද? එවන් සිනමා කෘතීන් හඳුන්වා දෙනතුරු අපි බලා හිඳිමු.
හසිත මධුෂාන්
හැමදාමත් අදහසක් දක්වලා යන්න නතර වෙනවට බොහොමත්ම ස්තූතියි...!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
ඔබ මින් පෙර ඉතා පැරණි චිත්‍රපට අපට ලබාදුන්නා. නැවතත් එවැනි පැරණි චිත්‍රපට සදහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන් IMDB Top 250 න් මගහැරී ගිය චිත්‍රපට, AFI හොදම ඇමෙරිකානු චිත්‍රපට 100 ලැයිස්තුවෙන් මගහැරී ගිය චිත්‍රපට සදහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.
එමෙන්ම මෙම චිත්‍රපට කිහිපය සදහා කාල වේලා ඇති අයුරින් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.
Murder! - 1930
M - 1931
Cleopatra - 1963
Romeo and Juliet - 1968
Casino - 1995
Romeo + Juliet - 1996
Bringing Out the Dead - 1999
Silence - 2016ඒවගේම බයිස්කෝප් අඩවියෙහි සිනමාපට දර්ශක යටතේ තිබුණු AFI ලැයිස්තුව ඉවත්කරේ ඇයි කියා බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් ඇසීමට කැමැත්තෙමි. මෙවැනි හොදම සිනමාපට ලැයිස්තුවක් ඉවත්කර පැරණි චිත්‍රපට සදහා අඩු සැලකිලි දක්වන්නේ කාගේ උවමනාවටද?
Anonymous
හසිත මධුෂාන්
ඉදිරියේදී Imdb ලිස්ට් එකේ තියෙන ස්කෝසියෝගේ Casino එකටත් AFI දර්ශකයට අනුව හොදම සිනමා සිත්තම වන Citizen Kane සිනමා සිත්තමටත් උපසිරැසි ලැබේවි...
කාර්යබහුලත්වය සහ සබ් වල සංකීර්ණත්වය නිසාම වැඩේ ටිකක් හෙමින් කෙරෙන්න. පුලුවන් ඉක්මනින්ම දෙන්නම්..
AFI ලිස්ට් එක අයින් කරපු එක නම් සෑහෙනම අපරාධයක් තමයි...
ab
thanx sub ekata .. hoya hoya hitapu film ekak....
jagath55
Thanks
Dewthilina
supiri film aka thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Dewadithya
Thanks for sub!
Bandara
මාස 07 කට පස්සෙ හසිත සහෝදරය නැවත පැමිණීම සතුටක්...Body of Evidence (1992) අමතක කරන්න එපා සහෝ. ජය වේවා..
හසිත මධුෂාන්
අමතක නෑ, අමතක කරන්නෙත් නෑ....
පහුගිය කාලෙම සෑහෙන්නම කකාර්යබහුල වෙලයි හිටියෙ...
Suranjan
Thanks jayawewa......!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
alita
me film eke amuthuma lassanak thiyenawa....plot eka harima wenas ...meke sub krta thnx very much....
Priyantha Dayakeerthi
හසිත මධුෂාන් සොයුර,
අද තමයි ඔබගේ නම යටතේ තිබෙන ෆිල්ම් ලිස්ට් එක මම බැලුවේ. ඒ මන්ද මට දාලා තිබුණු කමෙන්ට් එක අනුව මම තේරුම් ගත්තා ඔබ කොහොම කෙනෙක්ද කියලා. "ඔබේ ෆිල්ම් එකතුව" මට ඉතාමත්ම වටිනවා ඒවායින් මා වඩාත්ම කැමති IMDb අගය ඉහළ ඒවා නරඹන්නට. මම පැරණි ප්‍රසිද්ධ හින්දි ෆිල්ම්වලට සබ් දුන්නත්, මම වඩාත් කැමති කලාත්මක ඉහළ IMDb අගයක් ගත් සම්මානලාභී හින්දි ඒවාට. ඔබගේ මෙම සිනමාපටයත් හොඳ සිනමාපටයක් එය නරඹන්නට අවශ්‍යයි. ඔබේ මේ වෙහෙසට මාගේ අවංක ස්තුතිය! ඉදිරියේදීත් සම්මානලාභී ඒවාම ගෙනෙන්නට යෝජනා කරමි, ඔබට ජය! (ඔබට හැකිනම් You Tube en sub සහිතව ඇති The Housemaid (1960) සිනමාපටය පුද්ගලිකව නරඹන්න. මගේ ජීවිතා කාලය තුළ දුටු පුදුම සිනමාපටයක්)හසිත මධුෂාන්
ඔබතුමාගෙ සිංහල සබ් එකත් එක්කම බලලා කියන්නංකෝ...
සිනමා සිත්තම නරඹලාම රිප්ලයි කරන්නයි හිතං හිටියෙ, මෙන්න එතකොට ඔබතුමා ඒකට සබ් එකත් දීලා...
Bandula
Thanks
කවිඳු ජයවර්ධන
මම බලපු ලස්සනම සිනමා සිත්තමක්..තව තවත් මෙවැනි වෙනස් භාෂාවල ගුණාත්මක චිත්‍රපටවලට සිංහල උපසිරැසි ලබා දෙන්න..ඔබට බොහොම ස්තුතියි සහෝ...
කවිඳු ජයවර්ධන
මේ ෆිල්ම් එකටනං මීට වඩා ඩව්න්ලෝඩ් කරල තියෙන්නම ඕනෙ කියල හිතෙද්දි මතක් උනා මේ ලංකාවනේ කියලා..කවද්ද ගුණාත්මක මට්ටමෙන් ඉහල ෆිල්ම් වලට තැනක් තිබ්බෙ..මේ විදිහෙ උසස් රසවින්දනයක් තියෙන පොඩි පිරිසක් හරි ඉන්න එක ගැන සතුටුයි..තාමත් පරණ ෆිල්ම් එකක් කියල අහක දැම්මනං අදම ඩව්න්ලෝඩ් කරන් බලන්න.බැලුවට පස්සෙ ජීවිත කාලෙටම බලපු සුපිරිම ෆිලුමක් කියල හිතෙයි.අනිවාර්යයි
Rishantha
Thanks Brother
Anonymous
අනිවා බලන්න .......සුපිරියක්❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
My Friend Dahmer (2017)
Thirst (2009)