කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න බාරගෙන තිබ්බ හසන්ත අයියා, ඒත් එයාට උපසිරැසිය කරන්න විධියක් නැහැ කියල ඊයේ උදේ (18) කතා කරලා කිව්වා, ඇනිමේෂන් පිස්සෙක් හන්දම ඉතිං තිබ්බ වැඩ සේරම පැත්තකට දාල වැඩේ ඉවරයක් කරලා දැම්ම අද (20). අනික කොහොමත් ඉතිං ප…

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න බාරගෙන තිබ්බ හසන්ත අයියා, ඒත් එයාට උපසිරැසිය කරන්න විධියක් නැහැ කියල ඊයේ උදේ (18) කතා කරලා කිව්වා, ඇනිමේෂන් පිස්සෙක් හන්දම ඉතිං තිබ්බ වැඩ සේරම පැත්තකට දාල වැඩේ ඉවරයක් කරලා දැම්ම අද (20). අනික කොහොමත් ඉතිං පොඩි උන්ගේ දේවල් කරන්න ඕන පොඩි උන් මිසක වයසක උදවිය නෙමෙයි නොවැ ;P එහෙම නම් ඉතිං වසරේ සුපිරිම ඇනිමේෂන් සිනමාපටයේ විස්තර දිහාවට හැරෙමු. 🙂
කෘඩ්ස් පවුල ගැන මතක ඇතිනේ කට්ටියට ? කෘඩ්ස් පවුල ඇවිල්ලා ගුහාවාසීන්. ඔවුන් ජීවත් වුනේ බොහොම පොඩි ඉඩ කඩක් තුල ඔවුන්ගේ මතයට අනුව අලුත් සියල්ල භයානකයි. ඔවුන්ගේ කිව්වට පවුලේ මූලිකය තමා ඉතින් එහෙම හිතුවේ. ඒ තමයි ග්‍රග් (නිකොලස් කේජ්), අපි හැමෝම බලපු “ගිරිපුර ඇත්තෝ” කාටූන් එකේ “බොරළුගොඩ” වගේමයි. වැඩක් පටන් ගත්තොත් ඇදගෙන නානව. එයාගේ බිරිඳ උග්ගා (කැතරින් කීනර්). මිනිහටත් නැන්දම්ම ග්‍රෑන් (ක්ලෝරිස් ලීච්මන්) සෑහෙන ප්‍රශ්නයක්. ඊප් (එමා ස්ටෝන්) නම් හැම වෙලාවෙම වික්‍රමයන් පස්සෙ ලුහුබඳින්නියක්. නමුත් ඉතින් ලේසි නැහැ නොව ගල් යුගයේ වුනත් පවුලේ ඉහලම තැන එක්ක හැප්පෙන එක. මේ කෙල්ල දවසක් රෑ ජාමෙක පායල තියෙන ඉරක් දකිනව. ඉරක් කිව්වට ඇය රැවටෙන්නෙ ගින්දරට. මොකද එළිය විහිදුවන දෙයකට ඇය දැනගෙන උන්නෙ ඉර විතරයි. එතන ඉදල ඇය අමුතු සත්වයෙක් ඇදින ගන්නව නමින් ඔහු ගයි (රයන් රෙනෝල්ඩ්). මොවුනට වඩා පරිණාමයෙන් ඉහළින් ඉන්න ඉලන්දාරියෙක්. කෙල්ලට ගින්දර ගැන එහෙම කියල දෙනව. නමුත් මිනිහ ඒ එක්කම ලෝක විනාශයක් ගැන කතාවක් කියනව. ඉතින් ඒ රැයෙන් පස්සෙ මෙහෙම ගෙවන ගුහා ජීවිතය අවසාන වෙන්නෙ ගුහාව විශාල ගලක් පෙරලීම හේතුවෙන් විනාශ විම එක්ක. ගයිගේ කතාව සනාත කරමින්.ඒ ලෝක විනාශයේ පෙර ලකුණක්. ඔන්න මේ පවුල ගමන් ආරම්භ කරන්න හදන්නෙ, හදනව කිව්වට යන්නම වෙනව. ඊට පස්සෙ අමුතු සතුන් මැදින්, අමුතු පරිසර පද්ධතීන් අතරින් ඊප්ගෙ සහෝදරයා තන්ක් (ක්ලාක් ඩියුක්) සහ නැගණිය සැන්ඩි (කයිලි ක්‍රෝෆර්ඩ්) යන අයගෙන් සැදුම්ලත් මේ ගුහා පවුල, හෙට දිනය සොයා ආලෝකය දෙසට ඇවිද යන ගයිගේ එකතු වීමත් සමග අලුත් වෙනව. ඉතිං ඔවුන්ගේ වන සවාරිය ගැන මතකය අලුත් වෙන්නයි මේ ටික කිව්වේ මම.
මේ තමයි මෙහි අධ්‍යක්ෂක ජොයෙල් ක්‍රෝෆර්ඩ් අධ්‍යක්ෂණය කරපු පළමු සිනමාපටය. අධ්‍යක්ෂණයේ ආධුනිකත්වයක් නොපෙන්වමින් මේ සිනමාපටය පළමු කෘඩ්ස් සිනමාපටය වගේම IMDB 7.1ක ඉහල අගයක් ලබාගන්නව. ඒ විතරක් නෙමෙයි, කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා සීමිත සිනමා ශාලාවන් ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙමින්, වසංගත තත්වය යටතේ මේ වසරේ ප්‍රදර්ශනය වෙච්ච සිනමාපටයන්හි ඉහලම ආරම්භක බොක්ස් ඔෆිස් ආදායමත් වාර්ථා කරමින්, ඩොලර් මිලියන 75ක් උපයාගන්න සමත් වුණ මෙම සිනමාපටය කොහොම හරි තමන්ගේ නිෂ්පාදන වියදම වෙච්ච, ඩොලර් මිලියන 65 ආවරණය කරගන්න සමත් වුණා. ඊට අමතරව මේ වෙනකොට මේ සිනමාපටය ස්ට්‍රිමින් සර්විස් වෙත නිකුත් කරමින් තමන්ගේ ලාභය අත්කරගනිමින් ඉන්නවා. ඇත්තටම ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන්ලා තමන්ගේ සිනමාපටයක දෙවැන්නක් නිකුත් කිරීමට වැඩිම කාලයක් අරගෙන තියෙන සිනමාපටය මේක. මෙහි පළමු සිනමාපටය නිකුත් වෙන්නෙ 2013 වසරේ, ඉන් අනතුරුව 2016 වසරේ දෙවැන්න නිෂ්පාදනය කරන්න පටන් ගන්න සැලසුම් කරගෙන හිටියත් එක එක ප්‍රශ්න නිසා වැඩේ කල් යනවා. ඒ කල් යාම එක අතකින් සිනමාපටයට අවාසනාව ගෙන ආව. මොකද ලෝක ව්‍යාප්ත වසංගත කාලයක තමයි දෙවැන්න නිකුත් කරන්න සැලසුම් සකස් කෙරුනේ.
ඉතිං මේ සිනමාපටයෙන් අපේ කෘඩ්ස් පවුලට අලුත් පවුලක් මුණගැහෙනව. ඒ තමයි බෙටර්මන් පවුල. මිස්ටර් .ෆිල් බෙටර්මන් (පීටර් ඩින්ක්ලේජ්) මිසිස්. හෝප් බෙටර්මන් (ලෙස්ලි මෑන්) සහ ඔවුන් දෙදෙනාගේ දියණිය ඩෝන් බෙටර්මන් (කෙලී මාරි ට්‍රාන්) තිදෙනාගෙන් තමයි අලුත් පවුල සැදුම්ලන්නේ. මොවුන් නියෝජනය කරන්නෙ ජලය. මොකද මොවුන් ජලාශ්‍රිත පිරිසක්. මොවුන්ව වර්ණ ගන්වා තියෙන්නෙත් ජලයේ පැහැය වෙන නීල වර්ණයෙන්. ඔවුන් වඩාත් ලං වෙන්නෙ වර්තමාන මිනිසාට. නමෙන් පවා කියවෙන්නේ වඩා හොඳ මිනිසා කියන තේරුම, බෙටර්-මෑන්. කෘඩ්ස්ල නියෝජනය කරන්නෙ ගින්දර සහ අතීත ගුහා වාසීන්ව. ජලයයි ගින්දරයි ගැටෙනකොට වෙන්නෙ මොනවද කියල කියන්න ඕන නැහැනේ. පලවෙනි එකේ වගේම මේකෙත් අමුතු අමුතු දෙමුහුන් සත්තු ගොඩක් ඉන්නවා. මම නම් ආසම පන්ච් මන්කිලට, එයාලගේ බාශාව එහෙම බලන්නකෝ, හෙහ් හේ. පළමු සිනමාපටය වගේම මේකත් සිනහ සාගරයක්. පවුලේ හැමෝටම වටවෙලා එකට ඉඳගෙන සිනහ සාගරයේ ගිලෙන්නට ඉඩ හරිමින් සමුගන්නම්, නත්තල් දවසෙදි නැවත හමුවෙමු! 🙂
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB /Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
42,028 downloadsDownload The-Croods-A-New-Age-2020-Blu-Ray.zip206 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
49 comments
Shaggy
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ.....♨️♨️
Harsha
thank you bro
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි විමෝ
Anonymous
Thanx bro
Nilush Angana
Sub ekata thanx
නිමේෂ් කාවින්ද
උපසිරැසිය ලබා දුන්නට ගොඩක් ස්තූතියි සහෝ !!!
Sanjaya Lakmal Liyanage
බොහොම ස්තූතියි.. චිත්‍රපටය බාගත කරන් ටිකක් දවස්..ඒත් උපසිරැසි එනකම් බලාගෙන හිටියෙ...ජය වේවා සහෝදරයා..!!!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
Requests...
බයිස්කෝප් අඩවියෙන් මින් පෙර ලබාදුන් The Silence of the Lambs - 1991 ත්‍රාසජනක චිත්‍රපටය අයත් චිත්‍රපට එකතුවේ ඉතිරි චිත්‍රපට කිහිපය.
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007සහ මෙම චිත්‍රපට කිහිපය...
The Lost Boys - 1987
Vampire's Kiss - 1987
Cape Fear - 1991
Interview With the Vampire: The Vampire Chronicles - 1994
Vampire in Brooklyn - 1995
Bringing Out the Dead - 1999
Dracula 2000 - 2000
Dracula 3000 - 2004Dinusha Jayasekara
wada nane ganna bane
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
සහෝKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Yasas Perera
thanks bro
indika75
thanks..
Kalanacosta
Thank you so much
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට ගොඩක් ස්තූතියි මල්ලි.
ශලිනි මල්ෂා
Niyamai ️️
ගන්න දේශීය දේ
බොහොමත්ම ස්තුතියි
Emi
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu V Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්......
Naveen Sandamina
Ayye Auther and merlin : camalot knight fillm ekata sub ekak gennakoo... kisima sit ekakin ekata sit ekak hadala na.. please
Udaya Fdo
Thank you
Rusith Dileepa
Thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Anonymous
thanks
Pasan
බොහොම ස්තුතිය සහෝ...
mindika
Thanks !!!
lakshan
thanks ...........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
MAALNATH
Thanks ............good luck ............
Kani
Thanx bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Super 077
Thnks for the Sub
Croods
Thank you
nuran hesara
thnkx brother
Anonymous
patta niyamai hodatam tinawa jayawewa
Lakshansilva18
thanks for sub
kw
please help me to download this..
Dewadithya
Thanks for sub!
ishan
thanx vima sub ekata
Anonymous
thanks for sub
Nishan S. Ariyarathna
බොහොම ස්තුති උපසිරැසියට
සාරංග ජේ. ලියනගම
Thanks
Binidu sumal
thnx komlo
Maduwa
Under the boardwalk film eke sub ekak dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you very much