ඔන්න යාලුවනේ මම තවත් අලුත්ම සුපිරි පිලුමකට උපසිරැසි ගන්නවලා අරගෙන එන්ට තමයි හදන්නෙ. මේකට IMDB දර්ශකයේ 3.8 ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. ඒ උනාට මේක කම්මැලිකම නැතිව දිගටම බලන්න පුලුවන් බයිස්කොප් එකක්. මේක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ Vincent Zhou විසින්. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාලා DCs Legends…

ඔන්න යාලුවනේ මම තවත් අලුත්ම සුපිරි පිලුමකට උපසිරැසි ගන්නවලා අරගෙන එන්ට තමයි හදන්නෙ. මේකට IMDB දර්ශකයේ 3.8 ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. ඒ උනාට මේක කම්මැලිකම නැතිව දිගටම බලන්න පුලුවන් බයිස්කොප් එකක්. මේක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ Vincent Zhou විසින්.
මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔයාලා DCs Legends of Tomorrow කථා මාලාවෙන් හදුනා ගත් ඇටොම් ඒ කිව්වෙ Brandon Routh විසින්. මේ බයිස්කොප් එක ආරම්භ වෙන්නෙ ඕශන් ගුවන් සේවය විසින් ලෝකයට අලුත්ම ගුවන් යානාවක් එළිදැක්වීමේ උත්සවයකින් එම ගුවන් ගමනට එවකට චීනයේ ඉන්ට ලොකු මහත්වරුයි ප්‍රසිද්ධ නලු නිලියනුත් සම්බන්ධ වෙනවා. ඔවුන් ඒ 390 සුවිශේෂි ගුවන් යානයෙන් හොංකොං වල තිබෙන ඕසන් ගුවන් සේවයෙ නවතම ගුවන් යානය හදුන්වා දිමේ උත්සවයට සහාභාගි වෙන්ට තමයි යන්නෙ. නමුත් එම ගුවන් ගමන අතර තුරදි භයානක කුණාටුවකට මුහුණ දීමට සිද්ධ වෙනවා. ගුවන් නියමුවන්ට සිද්ධ වෙනවා කුණාටුව මග හැර වෙනත් මාර්ගයකින් හොංකොං වලට ගමන් කරන්න. නමුත් ඔවුන්ට ඉන්ධන ප්‍රමාණවත් නොවෙන නිසා ගුවන් යානය එම ආසන්නයේ ඇති ගුවන් තොටුපලකට ගොඩ බස්ස්ලා ඉන්ධන පුරවා ගැනිමට අවශ්‍ය වෙනවා. නමුත් ඒ වෙනකොට ඔවුන් සිටින්නෙ පැසිෆික් මුහුදු තීරයේ. ඔවුන් ගේ සන්නිවේදන සම්බන්ධතා අහිමි වෙනවා, කුණාටු තත්ත්වය නිසා. ඔවුන්ට සිද්ධ වෙනවා අතහැරලා දාපු පැරණි ගුවන් තොටුපලකට ගුවන් යානය ගොඩ බස්සවන්න. කටකථාවකුත් තියෙනවා ඔවුන් ගුවන් යානය ගොඩ බස්සපු ගුවන් තොටුපල අවට රාක්ෂයෝ වගයක් ඉන්නවා , එහි කිසිම මිනිස් වාසයකුත් නැහැ කියලා. බලාපොරොත්තු නොවුන ආකාරයට ඔවුන්ට එම රාක්ෂයෝ නැතිනම් එම සත්ත්වයන්ගෙන්හදිසි ප්‍රහාරයක් එල්ල වෙනවා. එහිදි ඔවුන්ට ජිවිත කිහිපයකුත් අහිමි වෙනවා. එක පාරටම ඔවුන්ට සහායට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණෙනවා. තව දුරටත් මම ඔයාලට මේක මොනවත් කියන්න යන්නෙ නැහැ. මොකද කිව්වොත් මෙතනින් එහාට තමයි හොඳම ටික තියෙන්නෙ. ඔයාලම බලන්නකෝ, ඔවුන්ට මොකද වෙන්නෙ, ඔවුන්ට හොංකො වලට යන්න පුලුවන් වේවිද, අර පිස්සු යක්කුගෙන් ජීවත බේර ගන්න පුලුවන් වේවිද කියලා.
එහෙනම් වෙනදා වගේම පොඩි කොමෙන්ට් පාරකුත් කොටලා යන්න අමතක කොරන්න එපා. තවත් සුපිරි බයිස්කොප් එකකින් හමුවිමේ බලාපොරුත්තුවෙන් මම අදට සමුගන්නවා. බයිස්කොප් එකට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
Lost.in.the.Pacific.2016.WEB-DL.x264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,834 downloadsDownload Lost.in_.the_.Pacific.2016.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
29 comments
surananadana banadara
Kithmal
සහෝ ” Cannibal Holocaust 1980 ” Movie එකේ සිංහල සබ් එක දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්. ස්තූති . Download කරලා බැලුවේ නෑ තාම සබ් එක නැති නිසා …
Damith
melo rahak nathi film ekak.
kamak na ithin mewage dekayi panahe films balana ayath innawane.
Brandon Routh inna hinda tamai oakata rating eka 3.8k wath deela tyenne,nathnam ohomawath hamben na.
thankxx.thusitha
monada ban melo rahak nathi gon film walata sub danna mahansi wenne.wadakata athi film ekak deepam
Bandula
Thank's Yaluwe sub ekata
shamal
Ela Bro Thanks
Udara Damith B/K
............................බොහෝම ස්තුතියි.............
අසිත
elama saho thanks
KAVINDA GAMAGE
thank you
Sisila Prasad
නියමයි මචන්....
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.Sumal
Thanks bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!thusitha
thanks broooooooo,,,,
නවෝද්
මේකට සබ් දුන්නට තෑන්ක්ස් අ ලොට් බන්...පට්ට ෆිලුම..
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
පට්ට කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....Madhushan
Ela Kiri machoooo...
Thanks.....Dilanki
thankzzzzz..mee vijayge bairawaa hd ekak awama sub eka denwada?????
Web-බුවා
මේ film එකේ කතා තේමාවේ ගැටලුවක් නෑ වගේ. ඒත් film එකේ vfs එහෙම නම් 80 දශකෙටත් වඩා අන්තයි lol.
මොකවෙතත් මහන්සියට ස්තූති කරන්න ඕන.
ඔබට ජය! :)mindika
Thanks !!!!!!!!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pushpakantha Sadaruwan
thanks bro
ඉෂාන් අමරසිංහ
Thanks bro sub eka dunnata
ashan lankanath
thanks
sanjaya
thanks bro
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම එකට බැවෝ !