Watch Trailer

Love aaj Kal (2020) Sinhala Subtitles | හිමි වූවත්, හිමි නැති ලෝකයකි ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

හිතට ආදරයක් දැනෙන්න මිලි තත්පරයක් වැඩිත් එක්ක. එහෙම ආදරයක් දැනුනම ලෝකේ තියෙන අනිත් කිසිම දෙයක් කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමේ. අපේ වර්තමානේ, අනාගතේ, අපේ හීන, බලාපොරොත්තු වල කිසිම වටිනාකමක් අපිට පේන්නේ නෑ. හැමදේම පැත්තකට කරලා අපේ ආදරේ එක්ක අපි ඉස්සරහට යනවා. ඒත් එක්කම කාලයත් ඉස්සරහට යනවා. ජීවිතෙත් ඉ…

හිතට ආදරයක් දැනෙන්න මිලි තත්පරයක් වැඩිත් එක්ක. එහෙම ආදරයක් දැනුනම ලෝකේ තියෙන අනිත් කිසිම දෙයක් කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමේ. අපේ වර්තමානේ, අනාගතේ, අපේ හීන, බලාපොරොත්තු වල කිසිම වටිනාකමක් අපිට පේන්නේ නෑ. හැමදේම පැත්තකට කරලා අපේ ආදරේ එක්ක අපි ඉස්සරහට යනවා. ඒත් එක්කම කාලයත් ඉස්සරහට යනවා. ජීවිතෙත් ඉස්සරහට යනවා. ජීවිතේ සංකීර්ණ වෙනවා. අපේ ලෝකය පුළුල් වෙනවා. අපි ඉස්සරට වඩා වැඩි දෙනෙක් එක්ක ගැටෙනවා. ඔය දේවල් එහෙම වෙනස් වෙද්දී අර කලින් දැනුනු ආදරේ දැන් ඒ තරමටම තාම දැනෙනවද? නැත්තම්, ඒ ආදරේ ලබාගන්න තමන් හදිසි වැඩි වුණා වගේ කියලා හිතෙනවද? තමන්ට මේ කෙහෙල්මල් ආදරේ නොතිබ්බ නම් මීට වැඩිය හොඳ ජීවිතයක් උරුම වෙන්න තිබ්බයි කියලා හිතෙනවද? වෙන කෙල්ලෙක්ව නැත්තම් කොල්ලෙක්ව දැක්කම එයාට ඉඟිබිඟි පාන්න බැරුව ලතවෙලා අනේ ඇයි මං මෙතන හිර වුණේ කියලා හිතෙනවද? එදා ඒ හැඟීම් වලට ඉඩ දුන්නු හදවතට එරෙහි වෙන්න බැරි වෙච්ච තමන්ගේ මොළගෙඩියට ශාප කරනවද?

 

5.4ක රේටින් දැකලා මේ චිත්‍රපටිය නොබලා හිටිය නම්, මගේ හිත මෙච්චර අතරමං නොවෙන්න තිබ්බා. තොරක් නැතුව තිබ්බ සෘණාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර දැකලම මේක නොබලන්න තීරණය කරා නම්, හිතට මෙහෙම ආමන්ත්‍රණය කරන ආදරණීය සිනමාවක් විඳින්න නොලැබෙන්න තිබ්බා. ආදායම් අතින් ෆ්ලොප් වෙච්ච නිසා මං මේක ස්කිප් කරා නම්, මනසට කරපු ලොකු අඩුවක් වෙන්න තිබ්බා. ඉතින් රේටින් වලට හෙන ගැහිච්චදෙන්, වෛරක්කාරයන්ගේ රිවීව්ස් යකාට ගියදෙන්, ආදායම් වාර්තා තියාගෙන දුම් අල්ලපුදෙන් කියලා අහම්බෙන් වෙන් කරපු මේ විනාඩි 140 මේ වසරේ බොලිවුඩ් සිනමාවෙන් හදවතට එල්ල කරපු ආදරණීයම වෙඩිපහරක් වෙයි කියලා මං නිකමටවත් හිතුවේ නැහැ. අග්‍රගණ්‍ය අධ්‍යක්ෂක ඉම්තියාස් අලීගේ මීට පෙර නිර්මාණයන් වෙන ජබ් වී මෙට්, රොක් ස්ටාර්, ලව් ආජ් කල්, හයිවේ, තමාෂා වගේ මැරිලත් පැයක් මතක් කරන්න පුළුවන් විදිහේ චිත්‍රපටි ගොඩට මේ චිත්‍රපටියත් එකතු නොකර ඉන්න නම් කොහෙත්ම බැරිවේවි. .

 

රංගනයෙන් හැමදාමත් ප්‍රහසන නිර්මාණ වලින් අපි හමුවට ආපු කාර්තික් ආර්යන් එක්ක සාරා අලිඛාන්, රන්දීප් හූඩා සහ නවක නිළි ආරුෂි ෂර්මා එකතු වෙනවා. පහුගිය ආදරවන්තයන්ගේ දිනයේදී චිත්‍රපටිය තිරගත කිරීම ඇරඹුවේ කෝටි 12ක ජයග්‍රාහි සලකුණක් එක්කමයි. නමුත් දිනෙන් දින ගතවෙද්දී ආදායම අඩුවෙන්න ගත්තේ, ඉන්දියන් ප්‍රේක්ෂකාගාරයට මෙවන් නිර්මාණය හොඳ වැඩි යන්න ආයෙත් පසක් කරමින්. ඉතින් නැවත නැවතත් කියන්නේ අපි ගොඩක් චිත්‍රපටි රේටින්, රිවීව්ස් මත පිහිටලා  බලනවද නැද්ද කියලා තීරණය කරාට මෙතනදි එහෙම කළොත් සිද්ධ වෙන්නේ හොඳ චිත්‍රපටියක් මග හැරෙන එකයි. ඔය සිතුවිල්ලේම එල්බ හිටිය මටත් මේ චිත්‍රපටිය රෙකමන්ඩ් කරලා, හුදෙක් වචන පරිවර්තනයකට එහා ගිය ආදරණීය සිංහල උපසිරසියක් ලබා දුන්නට යශෝධ සහෝට ස්තුති නොකරම බැහැ. ඉතින් හිත පුරාම ප්‍රේමයක් විඳපු, විරහව එක්ක පවුල් කාපු ඔය කාගේ කාගෙත් ආදර කතාවට කොහෙන් කොහෙන් හරි මේ චිත්‍රපටිය ඇමිණෙන බව මගක් යද්දී ඔබටම දැනේවි කියලත් කියන්නම ඕන. එහෙම එකේ ආයේ සැරයක් ඇවිල්ලා ඒ ප්‍රේමයෙන් මත් වෙන්න, විරහවෙන් මිරිකෙන්න පැය දෙකක් වැය කරාට කවුරුත් මුකුත් කියන එකක් නැහැ.. ලිපිය – මයුර සුරාජ්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Hindi-TRUE-HDRip පිටපත් සඳහා අදාළ වේ.

26,960 downloadsDownload Love-Aaj-Kal-2020.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

26,960 downloadsDownload Subtitles58 KB

34 comments

  1. induma

    Patta bro.Thanks

  2. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  3. Anonymous

    thanks macho

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට..

  6. Pasindu Madumal

    ඇත්ත කතාව අයියේ...සබට ස්තුතියි...!

  7. hasindu

    download link ek danna

  8. තාරක නුවන් දිල්හාර

    ස්තුතියි යශෝධ බොක්ක..
    ෆිල්ම් එක බාගෙන තියාගෙනම හිටියා සබ එනකක්.
    බලන්න ඕන එහෙනං.
    රිවීව්, ආදායම්, යකාට ගියාදෙන්.
    ඉමිතියාස්ගෙ ෆිල්ම් ගොඩක් සංකීර්ණයි.
    ඒක දැනගෙන බලන්න ගත්තම කිසි හෙනයක් නැහැ.
    ස්තුතියි සබට.
    ජය!!!

  9. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  11. Gayesha Sathsarani

    <3

  12. sahangayantha

    thanks a lot saho sub ekata

    1. Anonymous

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ මතක් වෙලා තියෙන්නෙ. ජය෴෴ :P :P

  14. Mithusha Dinelka

    Thank You Brother
    Great work

  15. sahesh

    sub eka thithata thibbaaa....

  16. sajithkalpa

    Thanks brother....

  17. Shakila Edirisinghe

    Malang(2020) sub one

  18. Pramukmili

    Thanxx bro..................

  19. RLT

    Machan ube post eka dakala me film eka download karanna hithuna.
    Thanks machan.

  20. PahasaraDv

    Thankz......

  21. mindika

    Thanks !!!

  22. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝ..ජයවේවා..!"

  23. Thiyuma Samarasinghe

    Thank you mchn!!!

    1. Anonymous

      ADeh

  24. Bharatha101

    Netflix Web rip ekta hadla dennk aiye

  25. Hasantha_Sajeewan

    Thanks brother. ❤❤❤❤❤❤❤❤

  26. MAALNATH

    Thanks .............good luck ................

  27. Nilantha Cooray

    ඒ බන් උබ මග නතර කරපු Outlander සීරීස් එකට දියන්කො ඒ වගේ පට්ට සීරීස් එකක් මග නතර කරල මේ ජරාව දෙන්නෙ ඇයි මචන්

    1. yohan

      meka koheda yako jarawak

  28. Malith Samarawickrama

    thanks bro

  29. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  30. Lakshan Perera

    IMDB rating ehema adu unata film eke story line eka hodai. Recomended to watch

  31. Harshana Atapattu

    Tanx machan sub ekata