Watch Trailer

Love Action Drama (2019) Sinhala Subtitles | විරහවෙන් මුණගැසුනු ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න මාස කිහිපයක නිහැඬියාවකින් පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා. මෙදා පොටේ උදය සමන් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මලයාලම් රසිකයන් වෙනුවෙන් අරන් ආපු මේ සලරුව අයත් වන්නේ Romantic Comedy කැටගරියට. 2019 සැප්තැම්බර් 5 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Dhyan Sreenivasan ගේ කුළුඳු…

ආයුබෝවේවා! ඔන්න මාස කිහිපයක නිහැඬියාවකින් පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා. මෙදා පොටේ උදය සමන් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මලයාලම් රසිකයන් වෙනුවෙන් අරන් ආපු මේ සලරුව අයත් වන්නේ Romantic Comedy කැටගරියට. 2019 සැප්තැම්බර් 5 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Dhyan Sreenivasan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරෙකු වන Nivin Pauly සමඟින් ඉන්දියානු සිනමාවම අණසකට ගත් ලේඩි සුපර්ස්ටාර් Nayanthara ගේ රංගණයෙන් හැඩ වන මේ සිනමා සිත්තමෙන් කියවෙන්නේ පොඩි කාලේ ඉඳන් හිතින් ආදර කරපු කෙනා විවාහ වෙලා යන දවසේ එයාගේ විවාහ උත්සවයට එන තරුණියකට පෙම් බඳින තරුණයෙක්ගේ කතාවක්. IMDb දර්ශකයේ 5.8 ක අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටයේ ලොකු කතාවක් නම් දැකගන්න නැහැ. සරළ කතාවක් තමයි දැක ගන්න පුලුවන් වෙන්නේ.

කතාව ගැන කිව්වොත් දිනේෂ් කියන තරුණයා පොඩි කාලේ ඉඳන් පෙම් බැඳපු ගෑණු ළමයා වෙන කෙනෙක්ව කසාද බඳින්නයි යන්නේ. ඒ නිසා සියදිවි හානි කරගන්න කියලා හිතාගෙන ඉන්න දිනේෂ්ට ආරංචි වෙනවා ගජරාමෙට විවාහ උත්සවය සිද්ද වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ දෙන්නටත් හොඳ පාඩමක් උගන්වලා සියදිවි හානි කරගන්නවා කියලා හිතාගෙන ඒ විවාහ උත්සවයට යාලුවත් එක්ක යනවා. හැබැයි පාඩමක් උගන්වන්න යන මෙයාට වැඩේ වරදිනවා. ඒ වැරැද්දෙන් තමයි ශෝබාව මුණගැහෙන්නේ. එතනින් එහාට ටික ටික හිත වෙනස් වෙන්න ගන්නවා. ඉන් පස්සේ ඉතින් ශෝබාව දැලේ දාගන්න තමයි දිනේෂ් උත්සහ කරන්නේ. දිනේෂ්ගේ බීමත්කමත් මේ පලහිලව්වට ලොකු බලපෑමක් කරනවා. ඉතින් දිනේෂ්ට ⁣ශෝබාව කැමති කරගන්න පුලුවන් වෙයිද කියලා බලන්න, චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අවසාන වශයෙන් චිත්‍රපටය වෙන් කරලා දුන්න හසන්ත අයියාටත්, කරමුද කියලා අහපු ගමන් වැඩ ගොඩක් අස්සේ මේ වැඩේට සෙට් වුන උදය සමන් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. සබ් කරපු නැති මාස ටිකේ මගෑරුනු ෆිල්ම් ටිකක් තියෙනවා. ඒ ටිකේ උපසිරැසිත් එක්ක හමුවෙමු. 😛 ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා  අදාළ වේ.

14,560 downloadsDownload LOVE-ACTION-DRAMA-2019.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට සහ ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,560 downloadsDownload Subtitles70 KB

24 comments

  1. nuwan8

    thanks sub ekata

  2. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ....

  3. C lakmal

    thanks

  4. rangika Kariyawasam

    දෙන්නටම බෝම තුති .ජයවේවා දිගටම මලයාලම් දෙන්න

  5. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙදෙනාටම.. .උපසිරැසි නිර්මාණ කරන්න තව තව කාල වේලාව ලැබේවා !!ජයවේවා !!!

  6. subodha

    Thanks

  7. Sandaruwan M

    මේ චිත්‍රපටි දෙකටත් සිංහල සබ් දෙන්න.

    Dauntless The Battle of Midway (2019)
    Pee Nak (2019)

    1. Sandaruwan M

      Ko denne na

  8. ridmal

    Thankz bro

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Deshani

    thank you

  11. arawindasunimal

    thanks sub ekata jayawewa...................

  12. Rukshan37

    Ela

  13. Tiger zinda

    Thanks .

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Kaveen Gayath

    Patta bro

  16. venurapehesara1209

    ela bro. thanks.. puluwannam Mastizade hollywood film ekata sub eka ikmanata dennako

  17. Kanchaka

    Thanks bro

  18. 9093587076

    Supiri

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. uththunga

      THankzzz sub ekta

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. ISHAN

    THANKS

  22. ARA

    ජය වේවා!!!