මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය එකොළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සෝනියා මව සහ පියා මියගිය පසුව තමාගේ මාමාගේ නිවසේ ජීවත්වන තරුණියකි. එසේම සෝනියා ඇගේ මව මෙන් සරල පෙනුමක් ඇති කෙනෙක් වන…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය එකොළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි.

මෙහි කතා සාරාංශය වන්නේ,

සෝනියා මව සහ පියා මියගිය පසුව තමාගේ මාමාගේ නිවසේ ජීවත්වන තරුණියකි. එසේම සෝනියා ඇගේ මව මෙන් සරල පෙනුමක් ඇති කෙනෙක් වන අතර බොහෝ විට ඇගේ මාමාගේ දියණිය වන ශීලාගෙන් උපහාසයට සහ විවේචනාත්මක ප්‍රකාශ වලට ලක්වෙයි. ශීලාට දේව් කුමාර් මෙහ්රා නම් පෙම්වතෙක් සිටින අතර ඇය ඔහුව විවාහ කර ගැනීමට සැලසුම් කරයි. ඇයගේ සාමාන්‍ය පෙනුම ගැන නිතර අවලාද ඇසීමෙන් විඩාවට පත් වූ සෝනියා ශීලාට අභියෝග කරන්නේ දේව් සමඟ ඇය ආදරයෙන් බැඳෙන බවයි. ශීලා නිතර නැටුම් තරඟවලට ඉදිරිපත්වන තරුණියකි. ඇය ඒවාට සහභාගීවීමට සහ නැරඹීම සෝනියාට තහනම් කර තිබිණි. සෝනියාට නිවසේ සිටින ආච්චි ලෙන්ගතුකමක් දක්වන අතර ඇය සෝනියාට උදවු කිරීමට ඉදිරිපත්වෙයි. එහිදී සෝනියාගේ කොණ්ඩය, ඇඳුම් විලාසිතා සියල්ල ආච්චිගේ උපදෙස් මත වෙනස් කරයි. පසුව සෝනියාගේ නව පෙනුමෙන් හැමෝම පුදුම වෙනවා. ශීලාගේ පෙම්වතා වන දේව් මෙහ්රා, සෝනියාගෙන් ඔහු සමඟ නටන ලෙස ඉල්ලා සිටින අතර ඔවුන් දෙදෙනා ඒ තරඟයෙන් ජය ගනියි. ශීලා එයින් බොහෝ සෙයින් කනගාටුවට පත්වෙයි. පසුව දේව්, සෝනියා සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගනියි. ඉන් පසුව අසරණ වන ශීලා, සෝනියා ඉදිරියේ එම සම්බන්ධය නවත්වන ලෙස බැගෑපත් වෙයි. සෝනියා ඇගේ ආදරය කැප කරන්න එකඟ වේවිද? දේව් මෙහ්රා, ශීලාව විවාහ කරගනීවිද? සෝනියාට ආයෙත් ජීවිතයේ සතුටක් ලැබෙයිද? මෙය ජෝයි මුකජි සහ සද්නා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්,ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තරඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, ප්යාර් දිල් ලයා හූන්, පාතාර් කී සනම්, සද්නා, ජබ් ප්යාර් කිසිසේ හෝතා හේ, මෙරේ හම් දම් මෙරේ දොස්ත්.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

Love In Simla (1960) | लव इन शिमला | HD Full Movie | Joy Mukherjee, Sadhana | R K Nayyar | Rafi,Asha යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්පහයි, තත්පර පහක ධාවන කාලයක් සහිත HD වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසිකරණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 සිට 1975 දක්වා වසරවල බොහෝ ඒවාද මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසිය Youtube පිටපත සඳහා අදාළ වේ

1,173 downloadsDownload Love-In-Simla-1960.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,173 downloadsDownload Subtitles59 KB

12 comments

  1. Ravindu_Heshan

    අයියේ පරණ දෙමල ෆිල්ම් ටිකකුත් දෙන්නකො

    1. Anonymous

      ඔයා කිවුව නිසා මම නෙට් එකේ සොයා බැලුවා. පරණ 1960 සිට 1972 දක්වා දමිළ ෆිල්ම් වලට ඉංග්‍රීසි සබ්ටයිටල් නැහැනේ. මම 1960 දශකයේ හින්දි ෆිල්ම් වල ඉංග්‍රීසි සබ් තමයි පරිවර්තනය කරන්නේ. එසේ තබිනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. - මේ ප්‍රියන්ත දයාකීර් ති.

  2. Sithika

    Ayye laal singh chaddha ekata sub eka dennako

    1. Anonymous

      wenath sayit ekaka mekata sinhala sab thibenawaa. google sarch kara balanna.

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Udara Damith

    එල

  6. indika 75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Lasantharathnasirirox

    Tnxx tnxx sahoo..