සමහර වෙලාවට ඇත්ත කියන එක, කතා කියනවට වඩා අමාරුයි. මේක ඇත්තම මිනිසෙක්ගෙ ජීවිතයක්. ඉහලට යන්න යන්න තනිකම වැඩි වෙනවා. කවුරුවත් නැති කඳු මුදුනේ තනිවම ඉන්නවා වගේ. ඒත් හැම මොහොතකම ගින්නෙන් දැවි දැවී තමයි එහෙට එන්නෙ වෙන්නෙ. මිනිස්සුන්ට පහර දෙන සුළඟ මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. හැමෝම ඉගිලෙමින් ඉන්නවා. ම…

සමහර වෙලාවට ඇත්ත කියන එක, කතා කියනවට වඩා අමාරුයි. මේක ඇත්තම මිනිසෙක්ගෙ ජීවිතයක්. ඉහලට යන්න යන්න තනිකම වැඩි වෙනවා. කවුරුවත් නැති කඳු මුදුනේ තනිවම ඉන්නවා වගේ. ඒත් හැම මොහොතකම ගින්නෙන් දැවි දැවී තමයි එහෙට එන්නෙ වෙන්නෙ. මිනිස්සුන්ට පහර දෙන සුළඟ මොකක්ද කියලා කාටවත් කියන්න බැහැ. හැමෝම ඉගිලෙමින් ඉන්නවා. මරන්න ඕන නැත්නම් මැරෙන්න ඕන. හැම රැකියාවකම ඒ වගේ තමයි. ඒක උමතු නැටුමක්. මෙහෙන් පිට වෙන්නත්, ගමන් කරන්නත් සම්බන්ධයක් නැහැ. ඒක දෛවය ද? හැමෝම පැනලා යන්නයි උත්සාහ කරන්නෙ. කොහොම හරි යන්න ඕනේ කියලා තැතිගන්නවා. ඒත් පැනලා යන්න හැදුවම තවත් ගැඹුරටම ගිහින් එරෙනවා. මේකේ කතාවක් නැහැ. මොකද මේ ජීවිතයට තේරුමක් තියෙනවා නම් තියෙනවා. නැත්නම් නැහැ. මට නම් මේක නිකන්ම සෙල්ලමක්. වෙන කිසිදෙයක් නෙවෙයි
– ගෞතම් වාසුදේවන් මේනන්. –
මුත්තු B.Sc ඉගෙන ගත් ශිෂ්‍යයෙක්. ආර්ථික අපහසුකම් නිසා තවදුරටත් ඉගෙනීම නතර කරලා රැකියා වෙනුවෙන් අයදුම් කර තිබුණා. මුත්තු යම් ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් කටු යායක කුලියට කටු කපමින් සිටියා. සුපුරුදු විදිහටම ගිනි ගහන මද්දහනේ කටු කපමින් හිටියා. මේ වෙලාවෙදි මෙතනට එන පියුම් කරුවා මුත්තුගේ සුවදුක් විමසා නැවත රාජකාරි කටයුතු බලා පිටත්ව යනවා. පියුම් කරුවා බිම දමා ගිය සුරුට්ටුවෙන් වියළිලා තිබුණු කටු ගොඩට ගිනි ඇවිලෙනවා. ගින්න ඇවිලගෙන එද්දි මුත්තු කටු ගොඩවල් මැද්දෙන් හිටියේ. ඒ වන විටත් මුත්තුගේ වටේටම ගින්න වට කරගෙනයි තිබුණේ.
ඇඟපුරාම කටු ඇණගෙන කොහොම හරි ගිනි ගත්ත කටු ගොඩෙන් එලියට පැනගන්නවා. මුත්තුගේ පිට පුරාම කටු ඇනිලා තිබුණේ. අමාරුවෙන් ගෙදර කරා ඇදී ගිහින් අම්මට කියලා බෙහෙත් කරගන්නවා. මේ වෙලාවෙදි යාය අයිතිකාරයා ගෙදරට ඇවිත් වන්දිය ඉල්ලලා මුත්තුගේ අම්මට තර්ජනය කරනවා. මුත්තුගේ පවුල ඒ වෙනකොටත් ණය වෙලා, ඉතාමත් අමාරු තත්වයක හිටියේ. ඊටත් වඩා පොර කුකුළා වගේ රණ්ඩු අදින මුත්තුගේ හැසිරීම ගැන බය හිතුන මුත්තුගේ අම්මා, මුත්තුව මුම්බායට රැකියාවකක් වෙනුවෙන් පිටත් කරනවා. මුත්තුගේ අම්මා මුත්තු ගමේ කුලී වැඩ කරන එකට කැමැත්තක් තිබුණෙ නැහැ.
මුම්බායි ගිය මුත්තු එසකි පරාටා කඩයේ රස්සාවක් හොයාගන්නවා. මේ පරාටා කඩේ සිද්ද වුණේ පරාටා හදන එක විතරක් නම් නෙවෙයි. කැපිලි, කෙටිලි කලා වගේම වෙලාවකදි මිනිස්සු පවා මරා දැමුවා. පරාටා කඩේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ බාහිර රාජකාරියටත් යන්නම වෙනවා. මොකද පරාටා කඩේ දෙමළ කල්ලියත්, ඒ ලඟම තිබුණ බාබර් සාප්පුවේ මලයාලම් කල්ලියත් අතරෙ නිතරම ගැටීම් සිදු වුණා. දෙපැත්තෙම මිනිස්සු මරුණා. ඒ වගේම මේ පරාටා කඩෙන් එලියට ලේසියෙන් යන්නත් බැහැ. කියන විදිහට නම් තවම කවුරුවත් මේ පරාටා කඩෙන් එලියට ගිහින් නැහැ. එක්කෝ මරන්න වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා. කොතැනින්ද ආරම්භ වන්නේ? නැත්නම් කොතනින්ද මේක කෙළවර වෙන්නෙ?



Nadhigalile Neeradhum Suriyan විදිහට තමයි මේ ව්‍යාපෘතිය මුලින් නම් කරලා තිබුණේ. ඒත් පස්සෙදි නමත් එක්කම කතාවත් වෙනස් කරලා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මේ වතාවේදි සිම්බුගේ අදහසක් නිසාවෙන් මේ කතාව GVM තෝරගන්නේ. සිම්බු මෙහි මුත්තුවීරන්ගේ චරිතය වෙනුවෙන් කිලෝ 15ක් බර අඩු කරගෙන තියෙනවා. “අග්නි කුන්ජෝන්ඩෘ කන්ඩේන්” කියන ජෙයා මෝහන්ගේ නව කතාව අනුවාදයෙන් මේ තිරපිටපත රචනා කරලා තියෙන්නෙ. ජෙයා මෝහන්ගේ අදහස වුණේ මුත්තුවීරන්ගේ බාල වයසේ චරිතයට ගැලපෙන්නේ බාල වයසේම කොල්ලෙක් කියලයි. සිම්බුගේ කැප කිරීමෙන් බර අඩු කර සිම්බු මේ කතාවේ මුත්තුවීරන්ට සුදුසුයි කියන විශ්වාසයක් ඇති කරගන්නවා.VTV චිත්‍රපටයේ කාර්තික්(සිම්බු) ගනේෂ්‍ට, මුම්බායි වෙත ගොසින් දාමරිකයෙක් වන පුද්ගලයෙකු වටා ගෙතුනු කතාවක් විස්තර කරනවා.

සිම්බු මුත්තුවීරන් ලෙසින් මවාගත් කටු සටහන්.
ආත්මන් සිලම්බරසන් සිනමාවට පිවිසෙන්නේ අතදරුවා වයසේදිමයි. කමල්හසන් අවුරුදු 5දි සිනමාවට පිවිසෙද්දි, සිම්බු අත දරුවා කාලයේදි තමන්ගේ පියාගේ චිත්‍රපටවල පෙනි සිටිනවා. කුඩා කාලයේ ළමා චිත්‍රපටවල රඟපා Little Super Star යන පට්ටම් නමද දිනා ගන්නවා. දෙමළ සිනමාවේ ප්‍රසිද්ධ නළුවෙකුට ප්‍රතිවාදී නළුවෙක් සිටිනවා. සිම්බුගේ ප්‍රතිවාදී නළුවා වෙන්නේ වෙන්කට් ප්‍රභූ. චිත්‍රපට අධ්‍යක්ෂක නෙවෙයි, දැන් අනුවර්ත නමකින් හඳුන්වන ධනුෂ්. 2001දි සිම්බු ධනුෂ් දෙදෙනා මංගල දැක්ම ලෙස විදිහට සිනමාවට පිවිසෙනවා. දෙදෙනා අතරේ තරඟයක් ගැන හිතන්න බැරි පරස්පරතා තිබුණත් සම කාලින නළුවන් දෙදෙනෙක් නිසාවෙන් පුවත්පත්, මාධ්‍ය අතරේ එවැනි තරඟයක් ඇති කලා. පසුකාලයක දෙන්නා අතරේ මේ තරඟය වඩාත් ප්‍රබල වුණා. මෑත කාලයේත් “උඹ අසුරන් නම් මම ඊෂ්වරන්” වගේ දෙබස් වලින් මේ හින්ට් ගැහිලි දකින්න පුළුවන්.
2020ට පෙරදී සිම්බු තරබාරු නිසාවෙනුත්, නියමිත පරිදි රූගත කිරීම්වලට සහභාගි නොවීම නිසාත් දමිළ සිනමාවෙන්ම තහනම් කරන්නටත් සූදානම් වූවා. Anbanavan Asaradhavan Adangadhavan (2017) චිත්‍රපටයේ සිම්බුගේ ගෙදර ඉහළ මාලයේ රෑගත කිරීමට තිබුණත් සිම්බු නිසි වේලාවට රෑගත කිරීම් වලට පැමිණියේ නැහැ කියලයි කියන්නේ. සිම්බු කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට ඔහු ඒ සියලුම බාධාවන් මැඩ ගන්නවා. Vinnaithandi Varuvaayaa (2010) සහ Achcham Yenbadhu Madaimayada (2016) යන චිත්‍රපට දෙකෙන් අනතුරුව STR+GVM+ARR එකතුව නැවත මුණ ගැහෙන්නේ මේ Vendhu Thanindhathu Kaadu චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය එම සංයෝගයේ Hat-trick බ්ලොක්බස්ටර් චිත්‍රපටය වීම විශේෂත්වයක්.
රාධිකා, සිවබාලන්, සිද්දික්, නීරාජ් මාධව්, සිද්දි ඉදානි, රාෆර් යන අය සිලම්බරසන් සමඟ රංගනයෙන් එකතු වනවා. ඒ වගේම Nayakan (1987) චිත්‍රපටයෙන් අයියර්(දිල්ලි ගනේෂ්) චරිතය යොදාගෙන තියෙනවා. චිත්‍රපටියේ වඩා කතා බහට ලක් වූ චරිතයක් තමයි රාවුත්තර්. සිම්බු ඇඟිලිවලින් වැඩ දාන්න පුදුමාකාර දක්ෂයෙක් කියලා දන්නවා ඇතිනේ. ඉතින් මේ චිත්‍රපටියෙදි නම් සිම්බු ඇඟිලිවලින් වැඩ දාන්නත් කලින්ම රාවුත්තර් සිම්බුගේ ඇගිල්ලක් කපලා වෙන් කරනවා.
දෙමළ සිනමාවේ මුම්බායි වෙත පිටත්ව ගොස් දාමරික නායකයන් වූ අය අතර Nayakan (1987) හි වේලු නායකර්, Bassha (1994) හි මානික් භාෂා, Thalaiva (2013) හි විශ්වා භායි, Anjaan (2014) හි රාජු භායි යන අය විශේෂයි. කමල් හසන් රඟපෑ නායගන් චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය පුද්ගලයෙකුගේ ජීවිත කතාවක්. වරදරාජන් මුදලියාර්ගේ ජීවිත කතාව මනි රත්නම් සිනමාවට නගනවා. තලෛවා සහ Kaala (2018) චිත්‍රපටවලට පාදක වන්නේත් මේ වරදරාජන්ගේ ජීවිත කතාවම තමයි.
මෙහි සියලුම ගීත තාමරෛ විසින් රචනා කර තිබෙනවා. “පෝරාටම්” නම් රැප් ගීතය මෙහි රඟපාන නළු නීරාජ් මාධව් විසින්ම රචනා කර ගායනා කර තිබෙනවා. මෙහි “කාලතුක්කුම් නී වේනුම්” ගීතය ගායනා කරන්නේ සිම්බු. “උන්නෛ නනචදුම්” ගීතය ගායනයෙන් ශ්‍රෙයා ගෝෂාල් සම්බන්ධ වෙනවා. “මල්ලී පූ” ගීතය රහුමාන්ගේ අදහසක් අනුව කරන ලද අත්හදා බැලීමක් ලෙසයි නිර්මාණය වෙන්නේ. ඇත්තටම මල්ලී පූ සින්දුව ට්‍රෙන්ඩින් වෙන්නෙ චිත්‍රපටය නිකුත් වුණාට පස්සෙදි. මල්ලි පූ සින්දුව සමහරු ඇබ්බැහි අහද්දි තවත් සමහරු බලෙන්ම අහන්න සැලැස්සුවා. ගීතයේ පද පේලි කියවද්දි නම් ඇති වෙන්නෙ දුකක්.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේ ධණාත්මක ප්‍රතිචාර හිමිවුණා. මේ අවස්තාවේදි Imdb අගය කිරීම 7.9/10ක්. ඒ වගේම මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 60ට ආසන්න සංඛ්‍යාවක්. සෙමෙන් ගලා යන කතාවක් මෙවැනි ආදායමක් ලැබීමත් පුදුමයට කරුණක්. ඒ වගේම GVM මෙහි දෙවන කොටසට ලීඩ් එකක් දීලා චිත්‍රපටිය නිමා කරලා තියෙනවා. නුදුරේදීම දෙවන කොටසත් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම කතාව ගැන කිව්වොත්, චිත්‍රපටිය බලාගෙන යද්දි වෙන චිත්‍රපටි කීපයක්ම මතක් වේවි.
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ – HD පිටපත සඳහා අදාළ වේ.
16,747 downloadsDownload Vendhu-Thanindhathu-Kaadu-2022.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
54 comments
Spider
Naveen Mbr
එහෙම ප්‍රශ්නයක් නම් නැහැ සහෝ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.
Anonymous
එලකිරි වැඩක්
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Yash
තැන්ක්ස් මචෝ
ඉක්මනින්ම සබ් දුන්නට
බලාපොරොත්තුවෙන් හිටපු ෆිලුමක්lakmal
thanks bro
sub ekatai review ekatai wena mahansiyataRavindu_Heshan
සබ් එකට ගොඩාක් ස්තූති සහෝ
Naveen Mbr
ස්තූතියි හේෂාන් සහෝදරයා!
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සහ මහන්සිවෙලා හදපු ලිපියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Dilneth
Bro laal singh chaddha ekatath sub eka dennako plz
Naveen Mbr
ඒක අපේ සහෝදරයෙක් කරන ගමන් ඉන්නෙ. ටික දවසකින් ලැබෙයි.
Samith
Thanks brother
Anonymous
GVM ge wadaknm nobala komai
thanks malayaPasindu Madumal
සබට තුති වේවා කොල්ලා ❤️
මියුසිකල් ටච් ටික මාරම ලස්සනයි. සබත් එහෙමයි අහ්.Naveen Mbr
ස්තූතියි ලොක්කා!
oshanda
ස්තූතියි මල්ලි... වෙනද වගේම පට්ට විස්තරයක් එක්ක , එල එල
Naveen Mbr
ස්තූතියි ඔෂඳ අයියේ!
Anonymous
ගැම්මක් තමයි
තියෝ
දනූෂ් ගේ එකත් ඇවිල්ලා කොම්ලෝ
නෑ නිකමට මතක් කරේ
මේකටත් රොම්බ නන්රි කොම්ලෝNaveen Mbr
ඒකත් මම තමයි කරන්නෙ. ;-)
Naveen
උපසිරසියට තුති
Idunil Weerasinghe
Thanks brother
නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
පුදුමයි අර ගුනෙරු එකෙන් ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් එකක් මුලින්ම නොදුන් එකටManoj
සිංහල උපසිරසියට ස්තුතියි
bunny
Thanks buddy
indika 75
thanks..
Redrux
Thnkz bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Patta
Tharindu
bgm නම් මාරම ලස්සනයි
සබ් එකත් ලෙසටම තිබුනාAnonymous
Trigger
Naane varuven sub plz?
බොහොම ස්තුතියි සහෝ සබ් එකට..මලයාලම් ඒවත් දෙමුකෝ
අර ඉස්සර හිටපු මයුර සහෝලට එහෙම මොකද වුණේ ඇත්තටමNaveen Mbr
මටනම් මලයාලම් බැහැ සහෝ. මයුර අයියා, අනිත් මලයාලම් කරපු අය දැන් කාර්යබහුල වෙලා. ඒ වුණත් ඒ අය උපරිමයෙන්ම උපසිරැසියක් ලබා දෙන්න උත්සාහ කරනවා.
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Chandima Prasad
සබ් එකට ගොඩක් ස්තූතියි රවිඳු සහෝ....ජයවේවා..
Shanuka Perera
Thank you bro..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ගීත්
ජය වේවා
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි!
Vishwa sasanka
Thank you
Neo
Thanks brother
Keep it upAnonymous
එල ෆිලුම...pushpa,kgf රටාවෙම කතාවක් හැබැයි ඊට වඩා තාත්විකව නිර්මාණය කරලා තියෙනවා..අන්‍තිම විනාඩි 30 හැබැයි ටිකක් අවුල්...එනිවේ තැන්ක්ස් මචෝ සබට..
dulan
ස්තුතියි !
Sheron
One of the best drama,crime movies..also superb subtitles..keep going..
සාරංග J ලියනගම
Thankz
sasanka sathyajith
Thanks for the sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ganna bane click karata wada na godk ewa lock wela