කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මේ පාර අරන් ආවේ ඔක්තෝබර් 07 වෙනිදා Hulu වෙතින් නිකුත් කෙරුන Hellraiser(2022) චිත්‍රපටය. නම ඇහුවාම ගොඩක් අහල පුරුදු ඇති. මොකද මීට කලින් මේකෙ ෆිල්ම් 10ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඒත් ඒවා මේ ෆිල්ම් එකට සම්බන්ද වෙන්නෑ. මේක අළුත්ම කතාවක්, ඒත් කන්සෙප්ට් එකනම් එකමයි. මං මේක සබ…

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් මේ පාර අරන් ආවේ ඔක්තෝබර් 07 වෙනිදා Hulu වෙතින් නිකුත් කෙරුන Hellraiser(2022) චිත්‍රපටය. නම ඇහුවාම ගොඩක් අහල පුරුදු ඇති. මොකද මීට කලින් මේකෙ ෆිල්ම් 10ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඒත් ඒවා මේ ෆිල්ම් එකට සම්බන්ද වෙන්නෑ. මේක අළුත්ම කතාවක්, ඒත් කන්සෙප්ට් එකනම් එකමයි. මං මේක සබ් කරන්න හිතන් හිටපු එකක් නම් නෙවේ, මොකද මං මේකෙ කලින් එක ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒත් මේ ෆිල්ම් එක මුල් විනාඩි දහය බලද්දිම ෆිල්ම් එකට හිතගියා මං ආසම ටයිප් එකේ Horror/Thriller ෆිල්ම් එකක්. ඉතින් ආයෙ දෙපාරක් නොහිතා සබ් කරන්න ඉල්ලගත්තා. ඒත් ෆිල්ම් එක බලලා ඉවර වුණාමයි වැඩේ තේරුනේ. මොකද මේකෙ ස්ටෝරි එකට කලින් ෆිල්ම් සම්බන්ද නොවුණට කන්සෙප්ට් එක එකමයි. ඉතින් මේකෙ මේ කතාවටම ආවේනික වචන තියෙනවා. ඉතින් ඒ වචන වලට තේරුම් හොයන්න වෙනම රිවීව් බර ගානක් කියවන්න වුණා. දැනට කරපු සබ් වලින් ගොඩක්ම මහන්සි වුනේ මේ සබ් එක කරන්න වෙන්න ඕනෙ. ඒකට හේතුව කලින් ෆිල්ම් නොබල හිටපු එක මං. ඒත් බය වෙන්න එපා සබ් එක කරන්න විතරයි කට්ටක් කන්න වුණේ නැත්තම් මේ ෆිල්ම් එක බලන්න කලින් ෆිල්ම් බලන්න ඕන්නෑ මේ ෆිල්ම් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකො, මේවෙනකොට මේකට IMDb 6.2 හොඳ අගයක් සහ කුණු තක්කාලි 68% ගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ශනය කරන්නේ The Night House, The Ritual වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු David Bruckner විසින්. මේකට රංගනයෙන් දායක වෙනවා Jamie Clayton (පින්හෙඩ්)/ Odessa A’zion (රයිලි)/ Drew Starkey (ට්‍රෙවර්)/ Brandon Flynn (මැට්)/ Aoife Hinds (නෝරා)/ Goran Visnjic (රෝලන්ඩ් වොයිට්)/ Adam Faison (කොලින්) ආදී අය.
එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන දැනගෙන ඉමු, මේකෙ තියෙනවා ප්‍රෙහෙලිකා පෙට්ටියක් ඒක පැති හයයි කන්ෆිගරේශන්(නිරූපන) හයයි තියෙනවා. ප්‍රෙහෙලිකා පෙට්ටියේ ඒ හයම සම්පූර්ණ කරන කෙනාට වෙනත් ලෝකෙකට යන්න මාර්ගයක් විවෘත වෙනවා, “දෙවියන් සිටින සභාවට”. අන්න එතනදි ඒ දෙවියන් කියන කෙනා ප්‍රෙහෙලිකාව සම්පූර්න කළ කෙනාට තෑග්ගක් දෙනවා, ඒව තමයි ලමෙන්ට්(ජීවිතය), ලෝර්(දැනුම), ලවුඩුරෙට්(ආදරය), ලිමිනල්(සංවේදනය), ලාසරස්(පුනර්ජීවනය), ලවායතන්(මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා ඔයාලට අන්තිමට තේරෙයි) ඔය ටිකෙන් එකක් තෝරගන්න පුළුවන්. ප්‍රෙහෙලිකාව සම්පූර්ණ කළාම ඒ තෑග්ග දෙන්න පිරිසක් එනවා, එයාලට කියන්නේ සෙනෝබයිට්වරු කියලා. සෙනෝබයිට්වරු කවුද කියන්න නම් මාත් හරියටම දන්නෑ මොකද කලින් ෆිල්ම් බලල නැති නිසා. ඒත් ඒකෙන් කතාවට බලපෑමක් වෙන්නෑ. දැනගන්න ඕනෙම කෙනෙක් ඉන්නව නම් කලින් ෆිල්ම් බලන්න. කොහොම හරි සෙනෝබයිට්වරුන්ගේ ප්‍රධානියා තමයි පින්හෙඩ් කියන්නේ නැතිනම් එයාලගේ පූජිකාව. එයා තමයි තෑග්ග දෙන්නේ. හැබැයි ඒ ප්‍රෙහෙලිකාව විසදන එක නම් ලේසි නෑ ලොකු වේදනාවක් විදින්න වෙනවා. මොකද කිව්වොත් ඒ ප්‍රෙහෙලිකා පෙට්ටිය පෝශනේ වෙන්නේ ලේ වලින්. ඒක සම්පූර්ණ කරන්න නම් ලේ දෙන්නම වෙනවා. ඒ වගේම සෙනෝබයිට්වරුත් පෝෂනය වෙන්නේ මිනිස්සුන්ට වේදනාව දීලා. එහෙනම් ඕක තමයි මේ ෆිල්ම් එක දිව යන ප්‍රෙහෙලිකා පෙට්ටියේ කතාව සහ එයින් හම්බෙන තෑගි වල කතාව.
දැං අපි කතාව පැත්තට හැරෙමු, මේක පටන් ගන්නේ රෝලන්ඩ් වොයිට් කියලා මනුස්සයෙක් ඒ ප්‍රෙහෙලිකා පෙට්ටියේ නිරූපන හයම සම්පූර්ණ කරනවා, පස්සෙ ඔහු ඔහුගේ තෑග්ග ඉල්ලා සිටිනවා. ඔන්න එතනින් ඒ කතාව ඉවරයි. ඔහු එදැයින් පස්සෙ අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු හයකට පස්සෙ තමයි අපේ ප්‍රධාන චරිතෙ පැත්තට කතාව යොමු වෙන්නේ. එයා නමින් රයිලි. එයා මතට ඇබ්බැහි වෙලා පුණරුත්තාපනේ වෙලා ඒව නවත්තපු කෙනෙක්. එයාට අයිය කෙනෙක් ඉන්නවා, එයාගෙ නම මැට්. මැට් හැමතිස්සෙම රයිලි ගැන වදවෙනවා වගේම ඇයට තදින් ඉන්න බලනවා එයාගෙම හොඳට. මෙහෙම ඉන්න කොට රයිලිට කොල්ලෙක් සෙට් වෙනවා ට්‍රෙවර් කියලා. රයිලිට රස්සාවක් නෑ එයාට දිගටම අයියට බරක් වෙලා ඉන්න බැරි නිසා ට්‍රෙවර්ගෙන් රස්සාවක් ගැන අහනවා පස්සෙ ඔහු කියනවා අතෑරල දාපු බඩු ගබඩාවක වටින බඩුවගයක් තියෙනවා ඒව හොරකම් කරමු කියලා. රයිලිත් කරන්න දෙයක් නැතිකමට වැඩේට බහිනවා වගේම වැඩේ කරනවා. ඒත් බැලින්නම් ඒ බඩු වල තියෙන්නේ අර ප්‍රෙහෙලිකා පෙට්ටිය. ඒත් ඒ පෙට්ටිය මොකක්ද කියලා මෙයාලට කිසිම අදහසක් නෑ. මේ ලේ පිපාසාවෙන් සිටින පෙට්ටිය මෙයාලව කොහොම බිලි ගනීද? රයිලි මේ පෙට්ටියට මොනව කරයිද? කොහොමද මේ පෙට්ටිය බඩුගබඩාවකට ගියේ? ඒකත් කාගෙ හරි සැලැස්මක්ද? ඒවගේම රෝලන්ඩ් වොයිට් කොහොමද එකපාරටම අතුරුදහන් වුණේ? ඒවට උත්තර ඔයාලට බලලම දැනගන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහාට කතාව මුකුත්ම කියන්නෑ, කියන එකම දේ තමා මේක පට්ටම කුතුහලේකින්, ත්‍රිල් එකකින් බලන්න පුළුවන් කතාවක් කියලා විතරයි.
ඔයාලට කතාව ගැන තවත් පැහැදිලි වෙයි මේක බැලුවහම. ඉතින් කලින් කිව්ව වගේ කලින් ෆිල්ම් නොබැලුවා කියලා මේක මගහැරගන්න එපා, සුපිරිම Horror/Thriller ෆිල්ම් එකක් බලන්න ආසයිනම් මෙන්න ෆිල්ම් එක අරන් බලන්න. ඒ වගේම මේකෙ සමහර වචන වල තේරුම් මේ ෆිල්ම් එකේදි කියවෙන්නෑ, ඒත් මං ඒවගෙ තේරුම් හොයලා සබ් එකේ දාල තියෙන්නේ. ඔයාලට හොඳට ෆිල්ම් එක තේරුම් අරන් බලන්න පුළුවන් වෙයි. එහෙනම් මං සමුගන්නවා නැවතත් ජෙෆ්‍රි ඩාමර් සීරිස් එකෙන් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,149 downloadsDownload Hellraiser.2022.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
34 comments
මිනුල
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
යුරාන් ධනුක (දනුවා)
නියම්යි සහෝ ඉක්මනටම දීලනේ
බොහෝම ස්තූතියි උපසිරසියට
ජය වේවා !charith
කලින් ආපු ෆිම් සෙට් එකටත් සබ් දෙන්නකො..සබ් කවුරුත් දීලා නෑ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!හිශාන් සමරසිංහ
අඩෝ... මෙච්චර ඉක්මනට sub එක දෙයි කියලා හිතුවේ නෑ... Movie එක බලන්න තිබ්බ ආසාව නිසාම, ඊයේ රෑ බැලුවා English sub එක්කම... ඒත් සමහර scene (විශේෂයෙන් අවසාන ටික) වැඩිය තේරුණේ නෑ... දැන් ඉතින් ඒ ටික ආයෙත් බලනවා Sub එකත් එක්කම...♥️♥️♥️♥️
Baiscopelk is the best. Thank you bro.
Bhashitha Muthukumarana
බොහෝම ස්තූතියි සහෝ.
Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Anonymous
thanks a lot!!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
එලකිරි
Naveen
උපසිරසියට තුති
lakshan
thanks ........................
Ragnar Lothbrok
සුපිරියක් වගේ
බොහොම ස්තුතියි සහෝAnonymous
thanks
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Ayesh
සබ් එකට තැන්ක්ස්
දිගටම මේ වගේ ෆිල්ම් සබ් කරමුAnonymous
thnks sub ekata
Lakmal
Thanks bro
Neo
Thanks brother
Keep it upගීත්
Gods country
Speak no evil sub plzRumesh
තැන්ක්ස් සහෝ
ඉශාන්
;:මෙකේ සබ් නැද්ද
indika 75
thanks..
Lakshansilva18
thanks for subtitles
Anonymous
Lou(2022)
Halloween End(2022) ෆිල්ම් වලටත් සබ් දෙන්න සහෝHashan
Thnx bossh❤️
Ruchira
Thanks for the sub!!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
"ඒත් බයවෙන්න එපා සබ් එක කරන්න විතරයි කට්ටක් කන්න වුනේ ......"
ඔය ටික කියවන කොටම උබලට මාර ආදරයක් බන් දැනෙන්නේ , ඇස් කඩාගෙන රිවිව් බලබල නියම අර්ථයම එන වචන හොයහොය උබල මේ දන්නෙවත් නැති අපි වෙනුවෙන් කරන වැඩේට එකෙන්ම රෙස්පෙක්ට් බන්❤️