Watch Trailer

Love In the Time of Cholera (2007) with Sinhala Subtitle | ප්‍රේමයම ජීවිතය වූ කල [සිංහල උපසිරැසි සමඟ]

“කොළරා කාලේ ආලේ” කියන නමින් ගාමිණි වියන්ගොඩ මහතා සිංහලට පරිවර්තනය කළ, නොඛෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ජාතික ගාබ්රියෙල් ගාර්සියා මාකේස් විසින් වර්ෂ 1985දි ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ Love in the time of Cholera කෘතිය ගොඩක් අය කියවල ඇති. මේ ඒ කෘතියෙ සිනමා ආගමනය. තිර රචනය Ronald Harwood විසින්ද අධ්‍යක්ෂණය Mi…

Love in the time of cholera (2007)

“කොළරා කාලේ ආලේ” කියන නමින් ගාමිණි වියන්ගොඩ මහතා සිංහලට පරිවර්තනය කළ, නොඛෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ජාතික ගාබ්රියෙල් ගාර්සියා මාකේස් විසින් වර්ෂ 1985දි ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ Love in the time of Cholera කෘතිය ගොඩක් අය කියවල ඇති. මේ ඒ කෘතියෙ සිනමා ආගමනය. තිර රචනය Ronald Harwood විසින්ද අධ්‍යක්ෂණය  Mike Newell විසින්ද සිදු කර ඇති මෙම සලරුව 2007 වර්ෂයෙදි තිරගත වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිවිශාල වශයෙන් ලබා ගත් මෙම සලරුවට IMDB  අඩවියෙහි 6.5ක ප්‍රතිචාරයක්ද හිමි උනා.

බොහෝ දෙනෙක් සලරුවට අදාළ පොත කියවා ඇති බව සිතන නිසා කතාව විස්තර කිරීමට අවශ්‍ය නැති බව සිතුණත් කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. නව යොවුන් වියේ ආදරයෙන් වෙන් වීමේ වේදනාව හිමි වූ ෆ්ලොරෙන්ටිනෝ නම් තරුණයා එම වේදනාව සමනය කර ගැනීම සඳහා අපූරු බෙහෙතක් අහම්බෙන් සොයා ගනියි. ඒ රමණයයි. ඇය වෙනුවෙන් උපන් ප්‍රේමයම තම ජීවිතය කර ගත් ඔහු, ඇය වෙනුවෙන් අවුරුදු 51කට අධික කාලයක් බලා සිටින්නේ ඇගේ විවාහය සහ සිවිල් යුද්ධ, කොළරා වසංගත ආදී විපත් සමූහයක් අතරිනි. ගැහැනු 622දෙනෙක් සමඟ වූ ලිංගික රමණයන් මැද ඔහුට තම ආදරය අමතක වේවිද ලිංගිකත්වයේ හා ආදරයේ වෙනස හඳුනාගනිමින් ආදරයේ උත්රීත්වය ජය ගනීවිද ආදරය හා ආශාව අතර සැරිසරන සිතක අවසානය කෙසේ වේද… සලරුව පුරා දිග හැරෙන්නේ එයයි.

කොහොම උනත් බලාපොරොත්තුව, ආදරය, විරහව, විවාහය හා ලිංගිකත්වය හොඳින් නිරූපිත මෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කීපයක්ම පවතින බැවින් පවුලේ සියලුදෙනාට එකට හිඳ නැරඹීම ගැටලු සහගත විය හැකි බව මගේ හැඟීමයි.

අවසාන වශයෙන් මේ සලරුව ගැන මට කියපු “නිරෝෂන් සොර්බා” මගේ  මිතුරාටද උපසිරසි පළ කිරීමෙන් හා හැමවිටම උදව් කරමින් උපරිම සහය දැක් වූ “බයිස්කෝප් සිංහලෙන්” අඩවියටද මගේ හදපිරි ස්තූතිය පිරි නමමි. එසේම සිංහල අදහස් ගැන්වීමේදී යම් වරදක් සිදුව තිබුණහොත් සමාව ලබා දෙන ලෙසද ඒ පිළිබඳව මාව දැනුම්වත් කරමින් උදවු කරන ලෙසද කාරුණිකව ඉල්ලමි.

මම, මනෝජ් මධුශංක කුරුප්පු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

1,803 downloadsDownload Love.In_.The_.Time_.Of_.Cholera2007.Baiscopelk.com_.rar49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මනෝජ් මධුශංක කුරුප්පු ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-07-05

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මනෝජ් මධුශංක කුරුප්පු

Subtitles

1,803 downloadsDownload Subtitles49 KB

19 comments

  1. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ උපසිරසට …

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. Dulanga

    Thanks

  4. ප්‍රේමකුමාර

    බොහො ම වටිනවා මේවාගේ සලරුවකට උපසිරැසි දුන්නට. මෙවැනි චිත්‍රපට අගය කරන සෑහෙන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා. වැටෙන කොමෙන්ටු ගාණ අනුව ඔබේ සේවයේ වටිනා කම නො මනිනු මැනවි. තවදුරටත් සබ් ලබා දෙන්න. ඔබේ සියලු පැතුම් ඉටුවේවා !

    1. Anonymous

      Thanks sub ekt ❤

  5. praneeth madu

    බොහොම ස්තුති සහෝ !

  6. WITHANAGE PRIYANTHA DAYAKEERTHI

    නැරඹීමට සුදුසු අගනා සිනමාපටයක් යයි සිතන්නෙමි. ඔබගේ උපසිරසියට සුබ පැතුම්, ස්තුතියි! ඉදිරියටත් මෙවැනිම එහෙත් පැරණි සම්මානලාභී චිත්‍රපටයක් බලාපොරොත්තු වෙමි.

  7. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MANOJ saho...Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  8. Jack

    නියමයි සහෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් දෙමු...
    ජය..

  9. Thisara Neo

    උපසිරැසියට තුති…

    #Hail_Hydra

  10. Rajitha

    Thank you machan.......jayawewa.....!

  11. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයවේවා……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. H.M

    මේ ෆිල්ම් එක හොඳ නිර්මාණයක්.ගිය අවුරුද්දෙ මියගිය ලෝප්‍රකට කොලොම්බියානු නවකතා කරු පැබ්ලෝ ගර්ෂියා මාර්කේස් ගේ කොලරා කාලේ ආලේ කතාව තමයි මේ සිනමාවට නගා තියෙන්නෙ.ගාමිණි වියන්ගොඩ මෙනමින්ම මේ කෘතිය සිංහලට පරිවර්තනය කර තිබෙනවා.විශිෂ්ඨ නිර්මාණයක් හදුන්වා දුන්නාට ඔබට බොහොම ස්තුති.එමෙන්ම ඔබට පුලුවන්නම් ඩේවිඩ් ලින්ච් ගේ Straight Story සිනමා කෘතිය නරඹන්න.සුදුසු යයි සිතනවා නම් සබ් දෙන්න.

  14. Jay

    Thanks for the sub

  15. Nuwan

    බොහොම ස්තූතියි

  16. Prageeth Gaya

    ela sub eka bro
    puluwannm tulip fever 2017 ta sub denna plzzzzzz

  17. Dewadithya

    Thanks for sub!