ටික කාලෙකින් තවත් චිත්‍රපටියක් අරන් එන්න පුළුවන් වුනා.මේක Drama,Westernයන කාණ්ඩ වලට අයිතිවන චිත්‍රපටියක්. ජුනි 24වෙනිදා තමයි චිත්‍රපටිය එලියට ආවේ. imdbමීටරේ 5.8ක් කැරකිලා තියෙනවා මේකට. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ, ඒබ්‍රහම් ග්‍රාන්ට් විදියට සුපිරි නළු Woody Harrelson ,ඩේවිඩ් කින්ග්ස්ටන්…

ටික කාලෙකින් තවත් චිත්‍රපටියක් අරන් එන්න පුළුවන් වුනා.මේක Drama,Westernයන කාණ්ඩ වලට අයිතිවන චිත්‍රපටියක්. ජුනි 24වෙනිදා තමයි චිත්‍රපටිය එලියට ආවේ. imdbමීටරේ 5.8ක් කැරකිලා තියෙනවා මේකට. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ, ඒබ්‍රහම් ග්‍රාන්ට් විදියට සුපිරි නළු Woody Harrelson ,ඩේවිඩ් කින්ග්ස්ටන් විදියට Liam hemsworth,ඩේවිඩ්ගේ බිරිද මැරිසෝල් විදියට Alice Braga යන අයයි. කතාව ගැන පොඩි සදහනක් කරන්නම්,
ඩේවිඩ් කියන්නේ ටෙක්සාස් රේන්ජර් කෙනෙක්. ටෙක්සාස් රේන්ජර් කෙනෙක් කියලා හදුන්වන්නේ, ඒ දශකයේ ටෙක්සාස් ප්‍රාන්තයේ නීති පද්ධතිය පවත්වාගෙන යාම ආදී නොයෙක් ක්‍රියාවන් සිදුකල පුද්ගලයෙකුට. රහස් පරීක්ෂකයෙක් වගේ කෙනෙක් තමා රේන්ජර් කෙනෙක් කියලා හදුන්වන්නේ. අභිරහස් ඝාතන කීපයක් ගැන හොයලා බලන්න ඔහුගේ ආණ්ඩුකාරවරයා විසින් ඩේවිඩ්ට පවරනවා. මේ ඝාතනයට ලක්වුණු මළ සිරුරු හම්බවෙන්නේ ගඟක එකම තැනකින්. මේ ගැන ආන්ඩුකාරවරයා සැක කරන්නේ ඒබ්‍රහම් ග්‍රාන්ට් කියලා කෙනෙක්ව. ඉතින් ඩේවිඩ්ට පැවරෙන රාජකාරිය තමා ඒබ්‍රහම් ජීවත්වෙන නගරයට ගිහින් ඔහු මේ ඝාතන වලට වග කියන්න ඕනෙද කියලා හොයල බලන එක. මේ ඒබ්‍රහම් කියන කෙනා අමුතු පුද්ගලයෙක්. ඒ නගරයේ අය ඔහුව හදුන්වන්නේ “දේශකයා”කියලා. ඒවගේම ඔහුට දේව බලයක් තියෙන බවට විවිධ කතා පැතිරිලා තියෙනවා. කොහොමවුනත්, ඩේවිඩ්ට මේ ගමනට බිරිදවත් එකතුකරගන්න වෙනවා ඇයගේ බලකිරීම නිසා. ඉතින් මේ දෙන්නා මේ නගරයට ගියාම ඒබ්‍රහම් ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා. ටික කාලයක් මේ නගරේ ඉද්දී ඩේවිඩ්ට විවිධ අමුතු දේවල් දැකගන්න වගේම දැනගන්න ලැබෙනවා. නගරයේදී ඔහුට හමුවන කෙනෙක් කියනවා කිසිම කෙනෙක් මේ නගරයෙන් පිටවෙලා ගිහිල්ලා නෑ වගේම පිටවෙලා යන්න බෑ කියලා. ඒවගේම ඒබ්‍රහම් ඩේවිඩ්ගේ බිරිදට යම් විදියක බලපෑමක් කරනවා..ඇයට උණක් වැලදෙනවා වගේම වෙනස් කෙනෙක් බවත් පත්වෙමින් යනවා.. ඉතින් මේ ටික ඇති කියලා හිතෙනවා..අන්තිමේදී ඩේවිඩ්ට මොනාවෙයිද? ඩේවිඩ්ගේ බිරිදට මොනාවෙයිද? ඒබ්‍රහම් මේ ඝාතන වලට සම්බන්ධද? ඒවගේම ඩේවිඩ් සහ ඒබ්‍රහම් අතර අතීත කතාවකුත් තියෙනවා. ඒ මොකක්ද? කියන ඒවා දැනගන්න මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා..නාට්‍යමය කියලා වර්ග කලාට මේකේ ක්‍රියාදාම එහෙම තියෙනවා ඈ.. දන්නවනේ ඉතින් Western චිත්‍රපටිවල වෙඩි තියන දර්ශන එහෙම…එහෙනම් මං ගියාවේ!
හැමෝටම ජයවේවා!!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Web පිටපත් සඳහා වලංගු වේ.
1,879 downloadsDownload The-Duel-2016.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
20 comments
Kalum
නිලන්ත
thanx for sub
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ jennifer body 2009 sub plese
me
Thanks
Dulanga
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!!mindika
Thanks !!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asitha
elama thanks
Jack
නියමයි සහෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..pramuk
thanxxxxxxx bro...........
Thisara Neo
උපසිරැසියට තුති…
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
බොහෝම ස්තුතියි....
MAALnath
Thanks ..............good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Hashan M. Priyadarshana
Thanks bro
Nc
The last duel 2021 and zeros of the one 2021 sinhala sub eka denna
Anonymous
The last duel 2021 sub dila ne
Anonymous
the last duel ekt one oylage trm sub kagewat wadak na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub akata thnx macho....