Watch Trailer

Love Nest (1951) Sinhala subtitles | ආදර කූඩුව [සිංහල උපසිරසි සමඟ]

ජූන් හේවර්, විලියම් ලොන්ඩ්ගන්, ෆ්රැන්ක් ෆේ, මැරලින් මොන්රෝ රංගනයෙන් දායක වන මේ සිනමාපටය ජෝසප් නිව්මන්ගේ අදියුරුවක්. ස්කොට් කෝබර්ට් ගේ නවකතාවක් ඇසුරෙන් අයි ඒ එල් ඩයමන්ඩ් විසින් තිර රචනා කරන මේ සිනමාපටය 1951 වසරේ තිරගත වන්නක්. ආදර කූඩුව. ලස්සන කතාවක්. තම රට වෙනුවෙන් වෙනත් රටක ආරක්ෂක සේවයේ යෙදී ඉන්න ස…

ජූන් හේවර්, විලියම් ලොන්ඩ්ගන්, ෆ්රැන්ක් ෆේ, මැරලින් මොන්රෝ රංගනයෙන් දායක වන මේ සිනමාපටය ජෝසප් නිව්මන්ගේ අදියුරුවක්. ස්කොට් කෝබර්ට් ගේ නවකතාවක් ඇසුරෙන් අයි ඒ එල් ඩයමන්ඩ් විසින් තිර රචනා කරන මේ සිනමාපටය 1951 වසරේ තිරගත වන්නක්.

ආදර කූඩුව. ලස්සන කතාවක්. තම රට වෙනුවෙන් වෙනත් රටක ආරක්ෂක සේවයේ යෙදී ඉන්න සෙබලෙකුගෙ උත්සහ වන්ත බිරිඳක් වටා තමා කතාව ගෙතිල යන්නෙ. දෙදෙනාගෙම බලාපොරොත්තුව යම් මුදලක් ඉතිරි කරගෙන තමාගේම කූඩුවක් තනාගන්න. ඒක නිසා ජිම් එවන මුදල් හා බැංකු ණයක් ගෙන නිවසක් මිලදී ගන්නවා. එය පාරම්පරික පැරණි නිවසක්. එය කුළියට ලබා දී අමතර ආදායමකුත් ලබාගැනීම තමා ඇගේ අභිප්‍රාය.

මේ අතර ජිම් දැනුම්දීමකින් තොරවම නිවසට පැමිනෙනවා. ජිම් සතුටුවෙන්නෙ තම බිරිද තමා එවූ මුදල් නාස්ති කර නොමැති බව දැකීමෙන්, ඈය සතුටු වෙනවා තම ස්වාමියා තමා ලඟට නැවත පැමිණීම නිසා. ජිම් පැමිනෙන්නේ සේවයෙන් අස් වී බිරිඳ සමග කාලය ගත කිරීමට. ඒ වගේම තම නවකතාව ලියා අවසාන කිරීමට බලාපොරොත්තුවෙන්. මේ නිවස පැරණි බව නිසාම එයින් ලැබෙන ආදායමට වඩා මුදලක් නඩත්තුව සදහා වැය වෙනවා. මේ අතරෙදි නව නේවාසිකයෙක් පැමිනෙනවා ඒ කුලීගෙදරට ඔහු නමින් චාර්ලි ව්‍යාපාරිකයෙන් බව පවසන ඔහු මාස කිහිපයක අත්තිකාරම් ගෙවා එහි පදිංචි වෙනවා. නමුත් ඔහු වෘතිමය වශයෙන් කන්තාවන්ගෙන් වංචාවෙන් මුදල් ලබාගන්නෙක්. දිනක මොහුව හඳුනා ගන්නා ඔහුට හසුවූ කාන්තාවක් පොලිසියට මොහු ගැන පවසනවා. එයින් ටික කලකට පසු ඔහු අත් අඩංගුවට පත් වෙනවා. මේ අතර නගරසභාවෙන් මේ නිවසා කඩා ඉවත්කිරීමට කටයුතු කරන්නේ මෙහි අනාරක්ෂිත විදුලි රැහැන් ආදිය නිසා.

නිවස අලුත් වැඩියා කිරීමට මුදල් නැතිකම නිසාම ඔවුන් නිවස විකුණා දැමීමට සැරසුනත් චාර්ලිගේ උදව්වෙන් එය අලුත් වැඩියා කිරීමට ජිම් සමත් වෙනවා. ඒ චාර්ලිගේ ජීවිත කතාව නවකතාවකට රචනාකර එයින් ලැබෙන මුදලින්.

ඉතා රසවත් කතන්දරයක් ඇතුලත් මෙම සිනමා පටය ලබා ගැනීමට හැකිවන්නේ නම් යූ ටියුබය හරහායි. නැතිනම් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ලබාගන්න.

770 downloadsDownload Love-Nest-1951.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

770 downloadsDownload Subtitles59 KB

7 comments

  1. Udara Damith Dissanayaka

    niyamayi ela

  2. Kulanjana Maduranga

    niyamai..subata thanks saho..keep it up..

  3. Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,
    උපසිරසියට ගොඩක් ස්තුතියි! අනිවාර්යෙන්ඔ නරඹන්නට ඕන. ඔබ උපසිරසි ලබාදෙන සිනමාපට ඩවුන්ලෝඩ් කිරීමේදී නම් ගැටළු රැසකට මුහුණ පානවා. ඒ නිසා මා යෝජනා කරනවා YIFY එකේ ෆිල්ම් ලින්ක් වලට සබ් දෙනවා නම් හොඳයි කියලා. ඔබට ජය!

    1. Bchandrakumara

      ඉල්ලන සමහර ෆිල්ම් ඒකෙ නෑනේ. මොකෝ කරන්නේ.

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  5. Bchandrakumara

    ඉල්ලන සමහර ෆිල්ම් ඒකෙ නෑනේ. මොකෝ කරන්නේ.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P