ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව. මේ මගේ හයවෙනි සිංහල උපසිරසි ගැන්වීම. මේක ඉවර කරගන්න ටික කාලයක් ගියා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. කතාව නම් අවුරුදු 48 ක් වගේ පරණයි. ෆිල්ම් එකේ නම ත…

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව. මේ මගේ හයවෙනි සිංහල උපසිරසි ගැන්වීම. මේක ඉවර කරගන්න ටික කාලයක් ගියා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. කතාව නම් අවුරුදු 48 ක් වගේ පරණයි. ෆිල්ම් එකේ නම තමයි “Love Story”. 1970 වර්ෂයේ දෙසැම්බර් 16 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නේ. IMDb වාර්ථා වල 6.9 අගයක් සටහන් වෙලා තියනවා.පැයකුත් මිනිත්තු තිහකට ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය ලියලා වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arthur Hiller. මේ ෆිල්ම් එක ආදර / නාට්‍ය කියන කොටස් දෙකටම වර්ගීකරණය කරන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Ryan O’Neal, Ali MacGraw, John Marleyඅය දායක වෙලා තියනවා.
අපි කථාව දිහාට හැරෙමු. කථාවේ ප්‍රධාන චරිතය “Oliver Barrett IV” කියන්නේ ඇමරිකාවේ හාර්වර්ඩ් සරසවියේ නීති පීඨයේ ශිෂ්‍යයෙක්. Jenny Cavilleri කියන්නේ රැඩ්ක්ලිෆ් උසස් විද්‍යාලයේ සංගීතය හදාරන ගෑනු ළමයෙක් ඉතිං මේ දෙන්නා ආදරෙන් බැදෙනවා. එත් ඔලිවර් ගේ තාත්තා මේ දෙන්නගේ ආදර සම්බන්දෙට එච්චර කැමැත්තක් නෑ.ඉතිං තාත්තගේ විරෝධතා මැද මේ දෙන්නා විවාහා වෙනවා.ඉතිං කාලයත් එක්කම ඔලිවර් ට නිව්යෝර්ක් නුවර නිති ක්ෂේශ්ත්‍රයේ රැකියාවක් හම්බෙනවා.ඉතිං මේ දෙන්නා සතුටින් හිටපු කාලේ ටික ටික විනාශ වෙන්න පටන් ගන්නේ ජෙනී නොහිතපු විදිහට අසනීප වෙන්න පටන් ගත්තට පස්සේ. කිව්වා ඇතිනේ ? ඉතිං ඊට පස්සේ වෙන දේවල් දැනගන්න කථාව බලන්න හැමෝටම ආරාධනා කරනවා
ඇත්තම කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න සෑහෙන ගේම් එකක් දෙන්න උනා.මොකද මේකේ සංවාද ගොඩක් දිගයි.සමහර වචන ඇහුවෙත් මේකේ උපසිරසි කරන්න ගත්තට පස්සේ.ඉතිං ශබ්දකෝෂය ලග තියාගෙන වචන වල තේරුම් බල බල තමයි උපසිරසි නිර්මාණය කරේ. විශේෂයෙන්ම මේකේ කතන භාෂාවට වඩා ලියන භාෂාව යොදන එක ගොඩක් ප්‍රායෝගිකයි කියලා මට හිතුනා. සෑහෙන ලොකු මහන්සියකින් තමයි ඉවර කරේ. ඉතිං අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.මේ ෆිල්ම් එක මට බාරදුන්න සිසිල ප්‍රසාද් සොයුරා ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතිං ඉංග්‍රීසි චිත්‍රපටි හයක් කරනේ. වෙනසක් දැන් කරන්න ඕනේ. දැනටත් ඊලග වැඩේ ගැන සාකච්චා කරගෙන යනවා. වෙනසක් එක්ක අපි ඉක්මනින් හම්බෙමු !! ජය !!
“ආදරය යනු සමාව අයැදීමක් නොවේ”

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/YasiruJayasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
11 comments
Kantha_DLA
geeganagamage
බොහොම ස්තුතියි කරන උතුම් සේවය වෙනුවෙන්.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මේක ලස්සනම සිනමා නිර්මාණයක්. ඔයාට හැකිනම් Romeo and Juliet (1968) සහ Doctor Zhivago (1965) යන ෆිලුම් දෙකටත් සබ් දෙන්න සහෝ.
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela ela thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යසිරු සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Sasanka Madhumal
Upto box එකෙන් download කරන්නෙ කොහොමද? Error msg එකක් එනවනෙ free download කරන්න හදනකොට.. openload එකට upload කලානම් download කරන්න ලේසී.. ඒක නිසා ඉදිරියට දමන movies, openload එකටත් upload කරන්නත් පුළුවන්නම් ලොකු උදව්වක්...
umesh93
thanks bro......................................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!