අතුරුදන් වූ අත්ලාන්තිසය ගැන පුරාවෘත්තය කවුරුත් අහලා ඇති නේ? 2001 වසරේ නිකුත් වුණු මේ ඇනිමේෂන් චිත්‍රපටය ඒ අතුරුදන් වූ ශිෂ්ඨාචාරය තුළට ගිය ගවේෂණ චාරිකාවක් හා බැඳුණු චමත්කාරජනක කතන්දරයක් පදනම් කරගෙන වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිර්මාණය වුණ ඇමරිකානු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ මනාප 84,741ක් ලබාගනිමින් 6.8…

අතුරුදන් වූ අත්ලාන්තිසය ගැන පුරාවෘත්තය කවුරුත් අහලා ඇති නේ? 2001 වසරේ නිකුත් වුණු මේ ඇනිමේෂන් චිත්‍රපටය ඒ අතුරුදන් වූ ශිෂ්ඨාචාරය තුළට ගිය ගවේෂණ චාරිකාවක් හා බැඳුණු චමත්කාරජනක කතන්දරයක් පදනම් කරගෙන වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිර්මාණය වුණ ඇමරිකානු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ මනාප 84,741ක් ලබාගනිමින් 6.8/10 ක අගයක් හිමිකරගත් මේ චිත්‍රපටය ඩිස්නි ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ විද්‍යා ප්‍රබන්ධ තේමාවක් ගත් පළමු නිර්මාණය යි. Tab Murphy අතින් ලියැවුණු මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ Gary Trousdale සහ Kirk Wise විසින්. ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක වියදමින් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය නිෂ්පාදන වියදම අබිභවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1 ක ආදායමක් ඉපැයීමට සමත් ව තිබෙනවා. මේ චිත්‍රපටය හොඳම ශබ්ද සංස්කරණය සහ හොඳම සජීවීකරණ ශබ්ද නිර්මාණය යන සම්මාන දෙක දිනාගැනීමට සමත් වුනු අතර වසරේ හොඳම සජීවිකරණ චිත්‍රපටය ඇතුළුව සම්මාන 14කට නිර්දේශ වුණා.
මේ චිත්‍රපටය නිකුත් වුණු කාලය වනවිට ඩිස්නි ආයතනයේ කළින් නිෂ්පාදිත ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා බහුල ලෙස CGI (computer-generated imagery) තාක්ෂනය මේ සඳහා භාවිතා කර තිබුණා. භාෂා විශාරදයෙක් වුණු Marc Okrand,James Newton Howard සමඟ මේ සිනමා නිර්මාණය වෙනුවෙන් ම වෙනම අත්ලාන්තිස් භාෂාවක් නිර්මාණය කළා.
මෙහි කතාව 1914 වසරට අයත් වන්නක්. මහා පුරාවිද්‍යාඥ තැඩියස් තැච් ගේ මුණුපුරෙකු වන මයිලෝ තැච් කියන්නේ සිතියම් නිර්මාණ ශිල්පියෙක් වගේම ස්මිත්සෝනියන් ආයතනයේ භාෂා විශාරදයෙක්. හැමෝගෙම නො සැළකිල්ලට ලක්වන ඔහු කෞතුකාගාරයේ බොයිලේරුවක වැඩ කරනවා. ඔහු අත්ලාන්තිසය ගැන පර්යේෂණ කරන්නෙක්. ඔහුගේ අදහස මේ දිවයිනට යන මාර්ගය ඇතුළත් පෞරාණික ග්‍රන්ථයක් ලෙස සැලකෙන ෂෙපර්ඩ්ගේ දිනපොත හොයාගෙන ඒ ඔස්සේ අත්ලාන්තිස් දිවයිනට යන මාර්ගය හොයාගන්නයි. එහෙත් ඒ සඳහා මුදල් හිඟකමෙන් පෙළෙන ඔහුගේ ගවේෂණයට මුල්‍ය අනුග්‍රහය දැක්වීම කෞතුකාගාරයෙන් ප්‍රතික්ෂේප කරනවා. එහෙත් අත්ලාන්තිසය ගවේෂණය කිරීමේ ඔහුගේ දැඩි අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙනවා. මේ අතර මයිලෝගේ සීයාගේ මිතුරෙක් වන ප්‍රෙස්ටන් විට්මෝර් නම් වයෝවෘද්ධ ධනවතා මයිලෝට ෂෙපර්ඩ්ගේ දිනපොත ද ලබාදී අත්ලාන්තිස ගමනට අනුග්‍රහය දීමට එකඟ වෙනවා. ඔහු විසින් සපයන සබ්මැරීන යාත්‍රාවකින් සහ දැවැන්ත කාර්යමණ්ඩලයක් සමඟින් ඔවුන් අත්ලාන්තිසය ගවේෂණය කිරීම අරඹනවා. දැඩි බාධක මධ්‍යයේ අත්ලාන්තිසය වෙත ලඟා වන ඔවුන් හට නටබුන් වූ ශිෂ්ඨාචාරය සමඟින් වියැකී යන ජීවමාන මිනිසුන් ඇති අත්ලාන්තිස වරුන් ද හමුවෙනවා. මයිලෝ තැච්ට එම දිවයිනේ තිබී අතුරුදන් වූ තාක්ෂනය නැවත අනාවරණය කරගත හැකි වෙයි ද? අතුරුදන් වූ ශිෂ්ඨාචාරයේ අතිප්‍රභල බලශක්ති ප්‍රභවය කුමක් ද? ඔවුන්ගේ ආගමනය අත්ලාන්තිසයට තර්ජනයක් වන්නේ කෙසේද? මේ ගැන චිත්‍රපටයෙන් දැනගනිමු.
මේ නිර්මාණයට හඬ කැවීමෙන් දායක වුණු ශිල්පින්:
Michael J. Fox – මයිලෝ තැච් ලෙසින්
Cree Summer – කීඩාගකාශ් හෙවත් කීඩා ලෙසින්
James Garner – කමාන්ඩර් ලයිල් රෝර්ක් ලෙසින්
Corey Burton – මෝලියර් ලෙසින්
Claudia Christian – හෙල්ගා කැත්රිනා සින්ක්ලෙයා ලෙසින්
John Mahoney – ප්‍රෙස්ටන් විට්මෝර් ලෙසින්
Phil Morris – වෛද්‍ය ජෝෂුවා ස්වීට් ලෙසින්
Leonard Nimoy – කාශේකිම් නෙඩාක් රජු ලෙසින්
Don Novello – වින්සෙන්සෝ හෙවත් විනී ලෙසින්
Jacqueline Obradors – ඔඩ්රේ රමිරෙස් ලෙසින්
Natalie Strom – කීඩා (ළමා කාලයේ) ලෙසින්
මේ චිත්‍රපටයට දෙවැනි කොටසක් ද Atlantis: Milo’s Return (2003) නමින් ඩිස්නි ආයතනයෙන් නිර්මාණය කෙරුණා. ඉදිරියේදී එම චිත්‍රපටයටත් සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් ඔබ වෙත තිළිණ කරන්න අදහස් කරනවා.
මේ උපසිරැසි ලබාදී ඇත්තේ Atlantis.The.Lost.Empire.2001.720p.BRrip.x264.GAZ.YIFY [700 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
20 comments
Inesh Eranga Fernando
Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ishan raizo
niyamai saho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
................බොහොම ස්තුතියි ..............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isharaeranda1997
ela . puluwannam oke 2kath dipan bn .sub ekata thanks
AsithaDilruwan
ela ela thanks
shiransri
thanks මචන් අපි ඇනිමේෂන් පිස්සොනේ .ගොඩක් ඉස්තුති මචන් .අයෙත් එකක් දීපන් ..
kgs
ela ela thanks
kgs
thanks bro
Menake Edirisinghe
Thank You...
nisalt
හොඳයි කියලා හිතෙනවා....
ඔන්න බෑවා....
Thanks Bro.....Viraj
sub ekata thanks saho.. jaya wewa!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කේසර සහෝ.
ජයෙන් ජය.D.Chamara
bohoma sthuthi sahooo jaya ...
..සබට තුති ....
dimal
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~
Advertisement

meke donload link eka danne nathuwa ay anith eke download link eka danne?