Watch Trailer

I’ll Always Know What You Did Last Summer (2006) with sinhala subtitles | බිහිසුණු මාළුකරුගෙන් ඔබට ගැළවුමක් නම් නොමැත [සිංහල උපසිරසි සමඟ]

හොඳයි, ආයෙත් ඉක්මනටම මම ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මේ දවස් වල පවතින උණුසුම් කාළගුනය නිසා පුටුවේ ඉඳගෙන දාඩිය පෙරාගෙන තමයි මේකට උපසිරැසි කරේ ☹ ෆෑන් තිබුනට වැඩක් නෑ. ඒවා දැම්මම ඊට හපන්. එන්නේ රස්නේ හුළං ☹ ඇත්තටම මේ දවස් වල එපා වෙනවා කිසිම වැඩක් කරන්න. හරි, වැඩි කතා නැතුව මම ඔයාලට අද අරගෙන ආපු ෆිල්ම්…


හොඳයි, ආයෙත් ඉක්මනටම මම ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මේ දවස් වල පවතින උණුසුම් කාළගුනය නිසා පුටුවේ ඉඳගෙන දාඩිය පෙරාගෙන තමයි මේකට උපසිරැසි කරේ ☹ ෆෑන් තිබුනට වැඩක් නෑ. ඒවා දැම්මම ඊට හපන්. එන්නේ රස්නේ හුළං ☹ ඇත්තටම මේ දවස් වල එපා වෙනවා කිසිම වැඩක් කරන්න. හරි, වැඩි කතා නැතුව මම ඔයාලට අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

මේ උඩ ෆිල්ම් දෙක බළලා තියන අයට නම් ආයේ අමුතුවෙන් මේ කතාව ගැන තේරුම් කරලා දෙන්න ඕනේ නෑ. මොකද එයාලා කතාව ගැන දන්නවා. තාම මේක බලපු නැති අය ඉන්නවා නම් දෙකම අරන් ඉස්සෙල්ලාම බළලා මේක අන්තිමට බැලුවොත් හොඳයි. මොකද එතකොට ඔයාලට හොඳට කතාව තේරුම් ගන්න පුළුවන්. I know What You Did Last Summer (1997) I Still Know What You Did Last Summer (1998) මේ දේකම තියෙන්නේ එකම කතාවේ වෙන සිද්දි දාමයන්. ඒ වගේම එකම චරිත ටික තමයි දෙකේම ඉන්නෙත්. ඒත් මම ඔයාලට දෙන මේ කතාව ඇවිල්ලා අර කතා දෙකේ තුන්වෙනි කොටසක් නෙමෙයි. ඒකම නළු නිළියෝ ටිකත් නෙමෙයි ඉන්නේ. මේක ඇවිල්ලා වෙනම කතාවක් වෙනමම සිද්දි මාලාවක් අඩංගු.

කතාව මෙහෙමයි,

ඇම්බර් සහ ඇගේ පෙම්වතා වන කොබී හා ඇගේ මිතුරිය වන සෝයි හා රෝජර්, P.J යන මිතුරන් පිරිස විනෝදය උදෙසා තම නගරයේ පැවැත්වෙන සැණකෙළියකදි ජූලි 4 වෙනි දින තරුණ ළමුන් මැරීම සඳහා පැමිණෙන මාළු කරුගේ ජනප්‍රවාද චරිතයට පෙන පොවමින් සැණකෙළියේ රැස්ව සිටින සියලුම දෙන බිය වද්දවයි. නමුත් මොවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මෙය නොවේ. තම මිතුරෙකු වන P.J ට නගරයේ රැස්ව සිටින පිරිස ඉදිරියේ යම් ප්‍රසිද්ධත්වයක් ලබා දීමයි. මේ සඳහා P.J විශාල ගොඩනැඟිල්ලකට නැග තම මිතුරෙකුම වන මාළුකරු සමඟ සුළු සටනක් කරයි. ඉන් පසු ඔහු ස්කේට් බෝඩ් එකක් ආධාරයෙන් ගොඩනැඟිල්ලෙන් ඉවතට පනියි. මෙහෙදි ඔහු අනපේක්ෂිත අයුරින් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පවත්වේ. චිත්‍රපටය ආරම්භ වන්නේ මෙතැන් සිටියි. මෙම ව්‍යාජ ක්‍රියාවට සම්බන්ධ වූ මිතුරන් පිරිස මෙය රහසක් ලෙස තබා ගැනීමට අවසානයේ තීරණය කරයි, නීතියෙන් බේරීම සඳහා. නමුත් මොවුන් එකිනෙකාගේ ජීවිත සැබෑ මාළුකරු අතින් විනාස වීම ආරම්භ වන්නේ ඔවුන් සත්‍ය සිද්දිය මෙහි පළමු චිත්‍රපටයේ අයුරින් යට ගැසීම හේතුවෙනි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip/DVD පිටපත් සඳහා අදාළ වේ.

1,344 downloadsDownload Ill-Always-Know-What-You-Did-Last-Summer-2006.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

1,344 downloadsDownload Subtitles31 KB

12 comments

  1. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Haashan Dhanushka

    thnk you

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. AsithaDilruwan

    ela ela thanks

  7. upulcmiller

    එල සහෝ ෆිල්ම් තුනම බැලුවා. සබට ස්තුතියි. ඉදිරියටත් මේ වගේ සබ් අපිට දෙන්න කියල ඉල්ලනවා. ජයෙන් ජය !!!

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Shan Ashok

    MALLI THANKS OYA ME SUB DENAWATA.PLZ MAN HAREMA ASAI COMEDY WLATA.MEKE HOT TUB TIME MACHINE MOVIE TEBBA,TAVA MR BONES 1 2 TEBBA. jim carrey.will ferell,kevin hart ge HODA COMEDY BADA PELENNA HINA YANA FILMS MEKE TEBUNA.PLZ MALLI GATALU valen ENNA APE JIVETEta MOHOTAKATA HARI HODATA hina YANA NIYAMA COMEDY TIKAK DENNA?MOVIES DENAKOTA AEVAYE TEYANA WORDS NIYAMETA DENNA SINHALEN,e.g HU... terenawane?AEHEMA NATUWANAM VDAK NE,PLZ LOKU PINAK,OYALA VAGE MAN ASAI ENGLISH EAGENA GANNA EADIRIYATA

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
    ජයෙන් ජය.

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.,

  12. යුරාන් ධනුක

    ස්තුතියි