Watch Trailer

Love the Coopers (2015) with Sinhala subtitles | ජරමර මැද සමරන නත්තල! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සූදානම හැමෝටම තවත් ලස්සන ෆිලුමක් අරගෙන එන්නයි. මේක ඇවිල්ලා 2015 වසරේ නත්තල් සමය වෙනුවෙන් දිගහැරුනු Comedy, Romantic, Drama ගනයට වැටෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මම මේ ෆිලුම තෝරගන්න මූලිකම හේතුව වුනේ මේක ඉන්න නළු නිළියෝ සෙට් එක. නම් වලින් කිව්වොත් Ed Helms, Amanda Seyfried, Olivia Wilde…

Love the Coopers (2015)

ඔන්න මේ සූදානම හැමෝටම තවත් ලස්සන ෆිලුමක් අරගෙන එන්නයි. මේක ඇවිල්ලා 2015 වසරේ නත්තල් සමය වෙනුවෙන් දිගහැරුනු Comedy, Romantic, Drama ගනයට වැටෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕන මම මේ ෆිලුම තෝරගන්න මූලිකම හේතුව වුනේ මේක ඉන්න නළු නිළියෝ සෙට් එක. නම් වලින් කිව්වොත් Ed Helms, Amanda Seyfried, Olivia Wilde, Anthony Mackie, Jake Lacy සහ අනෙකුත් උදවිය. නම් කිව්වටම මීටර් නැතුව ඇති. හැබැයි ඉතිං කට්ටිය Amanda Seyfried නම් නොදන්නවා වෙන්න බෑ. ෆිලුමට IMDb මීටරය 5.7 විදියට පෙන්නුම් කරනවා. කොටින්ම කියනවානම් විහිළු තහළු සමගින් ලස්සනට ගලා ගෙන යන කතාවක්. කතාවේ මම Comedy ගතියටත් වඩා Romantic ගතිය වැඩිපුර දකිනවා කිව්වොත් නිවැරදියි. හරි,දැන් ඉතිං කතාව ගැන පෝඩ්ඩක් කියන්නම්. නැත්තම් මොකක්ද වගේ.

කතාව නිර්මාණය වෙන්නේ නත්තල් සාදයකට එකතුවෙන අපූරු පවුලක් වටා. සෑම් සහ චාල්ට් තමා මේ වැඩේ සංවිධානය කරන්නේ. මේකට මුළු පවුලම එකතු වෙනවා. එයාලගේ ළමයි, මුණුපුරෝ වගේම තාත්තත් එකතු වෙනවා. පරම්පරා වලින් ගත්තොත් හතරක්. සාදයට එන අතරමග කට්ටිය එක එක අඩව් අල්ලනවා. ඒවා ඉතිං කියලා බෑ. මේ කවුරුවත් නොදන්නවා වුනාට සෑම් සහ චාලට් මේ සාදෙන් පස්සේ වෙන් වෙන්නයි ඉන්නේ. එකට හේතුව වෙන්නේ චාරිකාවක් උදෙසා වන අඩදබරයක්. ඔන්න එහෙනම් පදනම දැම්මා. දැන් ඉතිං බලාගෙන යන්නයි තියෙන්නේ. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා!  තවත් උපසිරැසියකින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය සහ නිරෝගී සුව පතමි!

Love the Coopers (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Love.the.Coopers.2015.720p.BRRip.x264.AAC-ETRG

Love.the.Coopers.2015.BRRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,067 downloadsDownload Love.the_.Coopers.2015.Baiscopelk.com_.rar50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලුශාන් කුරුප්පු (LUSH)

Subtitles

1,067 downloadsDownload Subtitles50 KB

10 comments

  1. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොCමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chalana RUkshan

    thnx bro...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Dulanga

    Thanks

  7. Nipuna Udayanga

    නියමයි මචන්...
    සබ් එකට බොහොම ස්තුතියි !

  8. Amila

    Thanks mchn...!

  9. Lushan Kuruppu

    Thanks for all Comments

  10. Menu

    Thank you very much!