කොහොමද කට්ටියට ඉතින්..ඔන්න තවත් චිත්‍රපටයකට උපසිරැසි යොදන්න අවස්ථාව හම්බවුනා. මේ පාර අරන් ආවේ, මේ වසරේ තිර ගත වුන Captain Fantastic කියන චිත්‍රපටය.Viggo Mortensen, Frank Langella, Kathryn Hahn, Steve Zahn චිත්‍රපටයට රංගනයෙන් දායක වන අතර. අපූරු ළමා චරිත කිහිපයකිනුත් චිත්‍රපටය අලංකාර වෙනවා. ඒ වගේම මේ…

කොහොමද කට්ටියට ඉතින්..ඔන්න තවත් චිත්‍රපටයකට උපසිරැසි යොදන්න අවස්ථාව හම්බවුනා. මේ පාර අරන් ආවේ, මේ වසරේ තිර ගත වුන Captain Fantastic කියන චිත්‍රපටය.Viggo Mortensen, Frank Langella, Kathryn Hahn, Steve Zahn චිත්‍රපටයට රංගනයෙන් දායක වන අතර. අපූරු ළමා චරිත කිහිපයකිනුත් චිත්‍රපටය අලංකාර වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය IMDb 8 ක අගයක් වැනි, ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.
කතාව ගැන කියනවානම්, මේක පවුලක් ගැන කතාවක්. පවුලක් කිවුවට අපිට දකින්න ලැබෙනවා වගේ සාමාන්‍ය පවුලක් ගැන නම් නෙමෙයි. මේ පවුලේ අම්මව, මානසික රෝගයක් නිසා රෝහල් ගත කරනා නිසා පවුලේ ළමයි ටිකව බලාගන්නේ, එයාලගේ තාත්තා. තාත්තගේ නම බෙන්. මෙයාලා ජීවත් වෙන්නේ අනිත් අය ජීවත් වෙනවට වඩා බොහොම වෙනස් විදිහකට. කැලේ මැද ගෙයක් හදාගෙන සම්පූර්ණ ලෙසම බාහිර ලෝකෙන් මිදිලා තමයි එයාලා ජීවත් වෙන්නේ. ඔවුන්ට අවශ්‍ය සියලුම ආහාර සපයාගන්නේ කැලෙන්. ඒ නිසා ඔවුන් කැලේ ඉන්න සත්තු පවා මරණවා. තාත්තා ළමයින්ට ගොඩක් ආදරෙයි වගේම, එයා ළමයි ටිකව පාලනය කරන්නේ දැඩි නීතිත් එක්ක. තාත්තා ළමයින්ට කැලේ දිවි ගෙවන හැටි ආදී සියලු දේ උගන්වනවා. ළමයින්ට ඉතා වෙහෙසකර පුහුණුවීම් ලබා දෙනවා. පවුලේ පොඩිම සාමාජිකයට පාවා සංකීර්ණ පොත් පත් වල තියෙන විෂය කරුණු පාඩම් කිරීමට නියම කරනවා. ඔවුන්ට විශාල දැනුමක්, වගේම විවිධ අත්දැකීම් ලබා දෙනවා.
මේ විදිහට දිවි ගෙවෙන කොට, එයාලගේ මවගේ අසනීපය උග්‍ර වෙලා, මම මියගියා කියන ආරංචිය මෙයාලට දැනගන්න ලැබෙනවා. ළමයි ඒ ගැන හුඟක් දුක් වෙනවා. මවගේ තාත්තා, සිය දියණියගේ මරණයට හේතුව බෙන් කියලා, ළමයින්ගේ තාත්තට දෝශාරෝපණය කරනවා. ඒ වගේම බෙන්ට අවමංගල්‍ය උත්සවයට ඒම තහනම් කරනවා. ඒ නිසා ළමයින්ටත් අවමංගල්‍ය උත්සවයට යෑමට තිබූ අවස්ථාව නැති වෙනවා. ඒත් ළමයින්ගේ දැඩි ඉල්ලීම මත බෙන්, ළමයි ටිකත් අරගෙන අවමංගල්‍ය උත්සවයට යන්න තීරණය කරනවා. ඔවුන් මවගේ අවමංගල්‍ය උත්සවයට යන අයුරුත්, නුපුරුදු නවීන ලෝකයට මුහුණ දෙන අයුරුත්, මවගේ අන්තිම කැමැත්ත ඉෂ්ඨ කරන අයුරුත් මේ සළරුවේ ඉතා රසවත් මෙන්ම සංවේදී ලෙස නිරූපණය කරලා තියෙනෙවා
හරි කට්ටියටම එහෙනම් ෆිලුම බලන්න කියලා ආරධනා කරනවා. ඔයාලගේ දිරිගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ කිරීමට රුකුලක් වේවි. එහෙනම්, නැවත හමුවනතුරු කට්ටියටම ජයවේවා..!!!
Due to copyright issues, we do not provide any torrent links.
Captain.Fantastic.2016.720p.BluRay.x264-BLOW
Captain.Fantastic.2016.BDRip.x264-COCAIN
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,827 downloadsDownload Captain-Fantastic-2016.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
26 comments
Obama_SL
Rumesh Nilantha Jayaweera.
෴෴ thanks for sub... ෴෴ All-Star Superman (2011) sub dennna lipiyak witharaai thiyenne෴
chan
thank you
Obama_SL
Best film for the year.................
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Dulanga
Thanks
අසිත
elama saho thanks
Geeth
patta bro
ThanQQQQindunil
thankssss saho
Nipuna Udayanga
නියමයි මචන්...
සබ් එකට බොහොම ස්තුතියි !Amila
Thanks mchn...!
සනත් ගුණතිලක
thanks sub ekata... thawa thawath sub denna.. oba me karana sewaya ithamath agaya kota salakanawa..
sanjeewa
thanks sub ekata
රවීන් පෙරේරා
හැමෝටම බොහොමත්ම ස්තූතියි..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamara
@රවීන් පෙරේරා
Thanks you very much for subtitle .
@siteAdmin
some time it will take too much time download the subtitle , some time web site tie out error occur
just friendly comment
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dharshana...
Thanks..
jayanandana
නියමයි මචන්…
සබ් එකට බොහොම ස්තුතියිsohan almeida
Thnks bro
kent
thns
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.......
Amalka Himeshan
Thanks sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
sasanka sathyajith
Thanks for the sub
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......