තවත් ලස්සන ෆිලුමකට උපසිරස අරන් ආවා එහෙනම්.මේක ගැන මම හිතන විදියට නම් හොද කතාවක් ලස්සනට රූපගත කරලා තියනවා.බලන්න වටින කතාවක් ඇත්තටම කීවොත් මමත් උපසිරස බාරගෙන ටිකක් කරගෙන යද්දි එපා වුනා.එත් ඇත්තටම මුල් ටික බලලා කතාව ගැන තීරණය කරන්න බෑ කියලා මට ඉස්සරහට යද්දි තේරුණා. මේ ෆිලුම ගැන විස්තර මෙහෙමයි 2016 ජ…
තවත් ලස්සන ෆිලුමකට උපසිරස අරන් ආවා එහෙනම්.මේක ගැන මම හිතන විදියට නම් හොද කතාවක් ලස්සනට රූපගත කරලා තියනවා.බලන්න වටින කතාවක් ඇත්තටම කීවොත් මමත් උපසිරස බාරගෙන ටිකක් කරගෙන යද්දි එපා වුනා.එත් ඇත්තටම මුල් ටික බලලා කතාව ගැන තීරණය කරන්න බෑ කියලා මට ඉස්සරහට යද්දි තේරුණා.
මේ ෆිලුම ගැන විස්තර මෙහෙමයි 2016 ජූනි මස 1 වෙනිදා තිරගත වුණ මේ චිත්‍රපටය IMDb 5.7ක හොද අගයක් ලැබිලා තියෙනවා.මේ ෆිලුම පැය 1 මිනිත්තු 39ක කාලයක ධාවනය වෙනවා.තව අනිවාරෙන් දෙයක් කියන්නේ ඕනේ මේකේ වියදම ගිහින් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් 916,000(නවලක්ෂ දහසය දහසක්)මුදලක් හැබැයි මේක උපයාගෙන තියනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 මුදලක් වෙන මොනවා කියන්නද ඉතින් මෙහෙම ආදායමක් හම්බවුනා කියන්නේ ඉතින් ෆිලුමේ හැටි ගැන තේරේනවානේ.මේකේ ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Gabriel Chavarria(ඩැනී), Demian bichir(පොප්), Theo Rossi(ගෝස්ට්). තව මේකේ Supergirl රූපවාහිනි කතාමාලාවේ ප්‍රධාන චරිතය කරන Melissa Benoist ලොරෙලෙයි චරිතයට පන පොවනවා.ඉතින් ෆිලුමේ කතාව ගැනත් කියන්නම්කෝ.
දැන් ඉතින් කතාව ගැන ටිකක් කීවොත් ඩැනී කියන්නේ චිත්‍ර අදින්න කැමති කෙනෙක් ඉතින් මෙයාගේ තාත්ත එහෙම නැත්නම් පොප්ට මෙයා කැමති නෑ මොකද එයාගේ බීමත්කම හින්දා අම්මා මැරුණ හින්දා.කොහොමහරි තාත්තට තියෙන්නේ වාහන වැඩපොලක් හැබයි කවුරුවත් වැඩිය එන්නේ නෑ, මොකද මෙහේ තියනවා එලිසියන් කියලා තරගයක් ඒක දිනුවොත් රජෙක්ට වගේ සලකනවා හැබයි පැරදුනොත් හිටියත් ගනන් ගන්නේ නෑ. අන්න ඒක තමයි පොප්ටත් වෙලා තියෙන්නේ.ඉතින් වාහන වැඩ පොලට බිස්නස් ටිකක් ගෙන්නා ගන්න සල්ලි ටිකක් හොයාගන්න තමයි පොප් උත්සහ කරන්නේ.ඒකට ඉතින් මොහු මේ සැරේ එලිසියන් තරගයටත් තරග කරනවා.කොහොමහරි ඩැනීගේ අයියා වාහන කොටස් හොරකම් කරලා හිරේ ගියපු කෙනෙක් ඩැනී වගේම තමයි ඔහුත් ඊටත් වඩා පොප්ට වෛර කරනවා ඉතින් ඩැනීගේ අයියාත් පොප්ට විරුද්ධව තරග කරනවා.ඉතින් කවුරු මේ තරගෙන් දිනයිද? ඒ තරගයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් බලලම හොයාගන්නකෝ.වැරදි තියනවා නම් කොමෙන්‍ටුවක් දාලා කියන්නත් අමතක කරන්න එපා.තවත් උපසිරසකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
3,770 downloadsDownload Lowriders-2016.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Nadeeshan-Chathura-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නදීශාන් චතුර සම්පත්
Subtitles
16 comments
Kantha_DLA
Lahiru Madhushan
thankss
දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kumara
බොහෝම ස්තූතියි සහෝ සබට. ගොඩාක් පිං
අසිත
elama saho thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~dinu
The Big Sick (2017) sub denna
Dineth Hirumal
අම්මෝ මේක දෙනකන් තමයි හිටියේ
Sub එකට ස්තූතීDulanga
Thanks
Udaya Fernando
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kevin D...
thankz...
Nishan
Thanx bro
savani samaana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට
ජයවේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!