කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂා…

කඳුකර භූමියෙන් පැවතගෙන ආවා වූ ගුරුවරුන්ගෙත් ගුරුවරයෙකු විසින් අද්වේත වේදන්තයන් හට ක්‍රිස්තු වර්ෂ නව වන සියවසේදී පවසනු ලැබුවා, “දෙවියන් සහ ඔබ යනු එකම පුද්ගලයෙකි!” යනුවෙන්. ඒ තමයි, ආදී ශංකරන්. දිශා අටෙහිම තම යුධ බලය මැනවින් විදහා පෑවා වූ බලවත් රජවරුන් විසින්, තම බල සේනාවන් සමගින් ආදී ශංකරන් හට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වුණා. උතුරුදිග තැනිතලාව වෙත ගමන් කල ජගත්ගුරු විසින් ඔහුගේ තියුණු බුද්ධි මහිමය සහ ප්‍රඥා සම්පත්තිය යොදවමින් ආගමික නායකයින් සහ දේවගැති මිනිසුන් නිර්මාණය කරනු ලැබුවා. අද්වේත ධර්මය ස්ථාපනය කිරීමට සහ ප්‍රචාරණය කිරීම උදෙසා විවිධ වූ ආරණ්‍යයන්, වන්දනාමාන කිරීමේ ස්ථාන සහ ඉගැන්වීමේ මධ්‍යස්ථානයන් ශංකරන් විසින් පිහිටුවනු ලැබුවා. යුග ගණනාවක් ගතවන විට, ශංකරයන්ගේ මාතෘ භූමියේ සිට මෙම දැනුම මධ්‍යස්ථාන වලට දහස් ගණනින් ජනතාව පැමිණියා. ඔවුන් සමහරු නැවත පිටත්ව ගියා. තවත් සමහරුන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම මෙම ස්ථාන වල ගත කළා. ඔවුන්ගෙන් පසුව බොහොම ස්වල්ප පිරිසක්, පරම්පරා ගණනක් මෙම ස්ථාන වල නැවතී සිටියා. ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියා. වර්ෂ 1990 දශකය වන විට මෙම පරම්පරාව අවසාන පුරුක දක්වාම ක්ෂය වී ගියා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ අති මහත් දැනුම් සම්භාරයක් රැගෙන එමින්, ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කළා වූ පරම්පරාවක අවසාන පුරුක, පට්ටාභිරාම ගිරි පණ්ඩිත් ජී!
තෙරෙක් නොපෙනෙන්නා වූ තැනිතලා භූමියේ, දූවිල්ලෙන් වැසී ගියා වූ කටුක භූමි ප්‍රදේශයේ, පිපාසය සංසිදවා ගැනීමට දිය පොදක් සපයා ගැනීමට දුෂ්කර වූ ශාපලත් ප්‍රදේශයේ සියලු ජනතාවගේ හිත දිනාගනිමින්, සියලු දෙනාගේම යහපත වෙනුවෙන් දරදිය ඇදි යුග පුරුෂයෙකු තමයි මේ, පට්ටාභිරාම ගිරි පණ්ඩිත් ජී කියන්නෙ. මෙම තැනිතලා භූමියේ විවිධ වූ ආගම් වලට අයත් මිනිසුන් ජීවත් වුණා. නමුත්, ඔවුන් කිසිවිටෙකත් සිය ආගම් මුල්කොට ගනිමින් කෝලාහල කරගත්තේ නැහැ. සියලු දෙනාම එකාවන්ව සමගියෙන් සාමදානයෙන් ජීවත් වුණා. මෙතක් කාලයක් පුරාවට සුළඟකින් හෝ බාධාවක් නොවූ මෙම හුදෙකලා ගම්මානයට හිටිහැටියේම සුළඟක් හැමුවා. එසේ මෙසේ සුළඟක් නම් නෙමෙයි. අතිශය දරුණු, අනුකම්පා විරහිත චණ්ඩ මාරුතයක්. මෙම චණ්ඩ මාරුතයත් සමගින් මෙතෙක් කාලයක් පුරාවට සංසුන්ව පැවතුනා වූ උතුරු තැනිතලා භූමිය සසල වී ගියා. වෙනත් වචන වලින් කියනවා නම්, නැවත කිසිදිනෙක යථා තත්වයට පත්කරලිය නොහැකි අන්දමින් විනාශ වී ගියා. මේ සා අති මහත් විනාශයක් සඳහා හේතු සාධක වූයේ දෙවි කෙනෙක් යැයි පැවසුවහොත් ඔබ විශ්වාස කරනවාද?
මහාශායි දෙවියන්! දේශය පාලනය කරන්නා වූ ඉහළම තලයේ දේශපාලඥයින් ඇසුරු සැනකින් තම දෙපා මුලට ගෙන්වාගෙන, සුනඛයෙකු මෙන් ඔවුන් තම දෙපා මත්තේ වැඳ වැටී බෙලහීන තත්වයට පත්කිරීමට තරම් අතිශය බලවත් පුද්ගලයෙක්. තමන් සිතන්නේ කුමක්ද, කුමන ආකාරයෙන් හෝ එය ඉෂ්ඨ සිද්ධකර ගැනීමේ හැකියාවක්, තමන් දෙවියන් යැයි කියාගන්නා මෙම පුද්ගලයාට තිබුණා. ගිණිය නොහැකි තරම් වූ බැතිමතුන්, මැර හමුදාවක් විසින් සපයන්නා වූ ආරක්ෂාව, රටේ ඉහළම පෙළේ දේශපාලඥයින් තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකරවීමට ඇති හැකියාව නිසාවෙන් සමස්ත දේශයම පාලනය වූයේ මොහුගේ සිතූ මනාපයට යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. මෙතරම් බලවත්, පිටතින් තමන් දෙවියන් යැයි පෙන්වමින්, ඇතුලතින් අතිශය දරුණු පුද්ගලයෙකු වූ මොහු වැනි පුද්ගලයෙකු හදිසියේම හුදෙකලා උතුරු තැනිතලා භූමියේ ආශ්‍රමයක් ඉදිකරවා, බැතිමතුන් සමගින් සිය පිරිවරත් කැටුව එහි පදිංචියට පැමිණෙනවා. පෙර පරිදිම කුමන හෝ ආකාරයකින් තම අරමුණු ඉෂ්ඨ සිද්ධකර ගැනීම උදෙසා සිය අත්තනෝමතික ක්‍රියාකලාපය පවත්වාගෙන යනවා.
නීතිය වල් වැදී ගියා. සත්‍යට කිසිඳු තැනක් නැතිවී ගියා. එළිපිටම, සියලු දෙනා ඉදිරියේ අසාධාරණය රජ කරන තත්වයක් ඇති වුණා. මෝහයෙන් මුලා වූ ජනතාව, මේ කිසිත් නොදැන අන්ධකාරයේ අතරමං වුණා. යන්තම් හෝ සිහි බුද්ධියක් සහිත වූ ස්වල්පයක් වූ ජනතාවට ප්‍රචණ්ඩත්වය යොදවා ඔවුන්ව අඩපණ කරනු ලැබුවා. මෙම උතුරු තැනිතලා භූමිය තුල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ වචනාර්ථයෙන්ම අතිශය දරුණු ඒකාධිපති පාලනයක්. එනමුත්, ශත වර්ෂ ගණනාවක් තිස්සේ උතුරු තැනිතලා භූමිය සිය නිවහන කරගනිමින්, ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැප වුණා වුද, ආදී ශංකරයන්ගේ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක වුණා වූද, බ්‍රාහ්මණ වංශික පට්ටභිරාමගිරි ස්වාමි මෙම දේව පාලනයට එරෙහිව නැගී සිටියා. නමුත්, කළු ගලේ ඔළුව හප්පගත්තොත් තුවාල වෙන්නෙ තමන්ටමයි. අන්තිමේදී, මහාශායි දෙවියන් ලෙස තමන්ව හඳුන්වාගන්නා වූ මෙම පුද්ගලයා සමගින් ඇතිකරගන්නා වූ ආරවුල හේතුවෙන් ගිරි ස්වාමි සතු සියල්ලක්ම ඔහුට අහිමි වෙනවා. සිය ප්‍රාණ සම වූ දරු පවුල හා, ඔහු සතු සියල්ල අහිමිව අන්ත අසරණව කිසිත් කරකියාගත නොහැකිව පසුවන්නා වූ ගිරි ස්වාමිගේ සහයට එක්තරා බලවේගයක් පැමිණෙනවා. බොහොම සංසුන් පුද්ගලයෙක්. නමුත්, කාලයකට ඉහතදී බොහොම ප්‍රචණ්ඩ පුද්ගලයෙක්. තර්ජනයට තර්ජනයෙන් පිළිතුරු දී නොනැවතී, වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීමට තරම් දරුණු සාහසික පුද්ගලයෙක්. දෙවියන්ගේ භූමියට හිස් අතින් පැමිණ, දහසක් වූ බැතිමතුන් ඉදිරියේ දෙවියන් හට අභියෝග කිරීමට තරම් අතිශය නිර්භීත පුද්ගලයෙක්. මෝහාන්ධකාරයෙන් මුලා වී, නීතිය කියා නාමයක් වත් නොමැති, දේව නීතිය පමණක් ක්‍රියාත්මක වන්නා වූ සමාජයක, දෙවියන් පරදවා උතුරු තැනිතලාවට යළිත් ආලෝකය ගෙනදීමට මෙම අදෘශ්‍යමාන පුද්ගලයාට හැකියාව ලැබේවිද? දෙවියන්ට එරෙහිව සාමාන්‍ය මිනිසෙකුගේ යුද්ධයක්! කවුරු ජයග්‍රහණය කරාවිද?
හොඳයි, එහෙනම් මේ වතාවේ එන්නේ, මලයාලම් චිත්‍රපට රසිකයින් මේ වර්ෂයේ බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු Tiyaan චිත්‍රපටය අරගෙනයි. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත්වීමත් සමගින් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන්ගත්තා. මොකද කියනවා නම්, ඉන්දියාව තුල බොහොම දරුණුවට ක්‍රියාත්මක වන, ආගම් මගින් මිනිසුන් රවටාගෙන, ඔවුන් සූරාකෑමේ ක්‍රියා සඳහා මෙම චිත්‍රපටය තුලින් තදබල පහරක් එල්ල කරනවා. ඉන්දියාවේ තරම් දරුණුවට නැතත්, වර්තමානය වන විට ලංකාවෙත් මේ තත්වය අපිට බොහොම සුලභව දැකගන්න පුළුවන්. මේ ආගම්වාදී ප්‍රශ්න නිසාද මන්දා, මලයාලම් චිත්‍රපටයකට සාමාන්‍යයෙන් කළාතුරකින් වියපැහැදම් කරන මුදල් ප්‍රමාණයක් වන, ඉන්දියානු රුපියල් කෝටි විස්සක බරපැනක් දරමින් නිෂ්පාදනය කරනු ලැබූ මෙම සිනමා සිත්තම ප්‍රේක්ෂකයින් අතර සිතූ තරම් ජනප්‍රිය වුනේ නැහැ. නමුත්, Action, Drama, Thriller යන කාණ්ඩ ඔස්සේ 2017 වර්ෂයේ ජුලි මස 7 වෙනි දින සිට තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, IMDB දර්ශකයේ 7.5 ක් වැනි ඉහළ අගයක් ලබාගැනීමට නම් සමත් වුණා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ කවුද කියලා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම්, Ezra (2017), Oozham (2016), Anarkali (2015), 7th Day (2014), Mumbai Police (2013) ආදී බොහෝ චිත්‍රපට ප්‍රමාණයකින් වර්තමාන මලයාලම් සිනමාව තුල අංක එකේ රංගන ශිල්පියෙකු ලෙස සලකනු ලබන්නා වූ Prithviraj Sukumaran පිළිබඳව නොදන්නවා වෙන්න බැහැ. ඔහුත් සමගින් ඔහුගේ සොහොයුරු Indrajith Sukumaran මෙම චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, චිත්‍රපටය ආරම්භ වන්නේ, එදා මෙදා තුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ බිහිවුණා වූ අද්විතීයම සහ ජනප්‍රියතම රංගන තාරකාව වන, මොහාන්ලාල්ගේ කටහඩෙන් කෙරෙන්නා වූ පසුබිම් විස්තරයක් සමගින්.
එහෙමනම්, මලයාලම් චිත්‍රපට රසිකයින්ට බලන්න කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැයි කියලා හිතනවා. ආරම්භක විනාඩියේ ඉඳන් අවසාන විනාඩිය වෙනකම් ඇහිපිය ගහන්නේ නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් විදියට වගකීමෙන් සහතික කරලා කියනවා. ඇහැට කඳුලක් එක් කරන බොහොම සංවේදී සිදුවීම්, අමුතු හැඟීමක් සමගින් ශරීරය පුරා දිව යන්නා වූ ජවය, මේ සියල්ලක් අතරේ විශිෂ්ඨ ඝනයේ පසුමිබ් සහ තේමා සංගීතය, චිත්‍රපටයේ අවසාන භාගයේ සිදුවන්නා වූ නොසිතූ අන්දමේ කැළඹිලිදායක උඩු යටිකුරු වීම, පුරා හෝරා තුනකට ආසන්න කාලයක් ඔබටත් නොදැනීම ඔබව වෙනමම ලෝකයක අතරමං කරාවි. අරගෙන බලන්න. තවමත් සැකයක් තියෙනවා නම්, පූර්ව ප්‍රචාරක පටය බලලම ඩවුන්ලෝඩ් වෙන්න දාන්නකෝ.
ගිහින් එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BDRip සහ DVDRip පිටපත් සඳහා අදාළ වේ.
15,361 downloadsDownload Tiyaan-2017-BDRip.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Sisila-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
39 comments
දමිත්
prabodha
Wow. Malayanm film ekak aniwa balanawa. Thank u bro...
Mahesh
Sub ekata thanx
Isuru
Thanks pattama film ekak puluwannam Mumbai Police 2013 fil ekata direct link ekak denna puluwanda eka download karanna ba jaya wewa thawa supiri film ekakin hamba wemu
sumed
අඩුපාඩු නැතිව සුපිරියට උපසිරැසි කරනවට ස්තූතියි සිසිල සහෝ.
kumara
බොහෝම ස්තූතියි සිසිල මලේ. Prithiviraj sukumaran කියන්නෙ ඉතිං සුපිරිම පොරක්නෙ. මලයාලම් නම් ආයෙත් මොන කතාද. එලම තමයි. ගොඩාක් පිං සහෝ.
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි සහෝ
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Lahiru Madhushan
Thankssss
Kulanjana Maduranga
niayamai…malayalam film nm ithin bamak thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mithun
English ෆිල්ම් බලලා කාලෙකට පස්සෙ හොද මලයාලම් ෆිල්ම් එකක් බැලුවා කිව්වොත් හරී .. සිසිල ප්‍රසාද් සහෝ කලින් කියල තිබුන නිසා ඉයේම ඩව්න්ලොර්ඩින් කරා කොපි එකත් සෙට් නියා.. පැය දෙකයි විනාඩි 20ක් ෆිල්ම් එක බැලුවෙ උදේම. සුපිරි කතාවක් තියෙන්නෙ .ෆට්ට. සිංහල සබ් නම් නියෙමටම දාල තියේනව සහෝ ඔයා. ගොඩක් ස්තුතියි මෙක නියමයි සහෝදරයා . ඉන්ටර්වල් එකෙන් පස්සෙ සුපිරිම විදියට වැදුන ..පාරවල් ටික නම් gimdara ...
ආයෙමත් emu hoda film ekakin obata jaya.. meka නියමයි...Thisal Lakpura
ස්තුතියි
maheshbabu
Sisila saho, thawath paharak genalla neh...
Sub denakan balan hitapu filumak saho.....
"Keshava" (2017) telugu filumatath puluwani nam sub demu....
Jaya wewa!!!SPD
නියමයි සිසිල සහෝ...
සුපිරි ෆිලුමක්නේ අරන් ඇවිත් තියෙන්නේ.
මම හිතන්නේ මේක එනකන් අපේ මලයාලම් රසිකයෝ
ගොඩක් දෙනෙක් බලාගන ඉන්න ඇති.
මේ තරම් ඉක්මනට සබ ගෙනාපු එකේ වටිනාකම නං කියල ඉවර කරන්න බෑ.
CIA(2017) ෆිලුමෙන් පස්සේ මලයාලම් එකක් බලන්නත් බැරිවුණා.
දැන්ම බාගන බලන්න ඕන.
ඔයා ලිපියත් එලටම ලියල තියනවා.
සබත් සුපිරියටම ඇති ආයේ ඒකෙ දෙකක් නෑ.
ඉදිරියටත් මලයාලම් ෆිලුම් වැඩි වැඩියෙන්
ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි.
ජය වේවා....!!!rangika Kariyawasam
මුල ඉදන් ලිපිය බලද්දී තේරුම් ගියා සිසිල සහෝ නිර්මාණය කරන ලද ලිපියක් බව. මුලින්ම කියන්නමි ලිපිය ලියලා තියෙනවා ලෙසටම .ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.ෆටිටයි ...
සිසිල සහෝ Dulquer Salmaan ගේ C.I.A ෆිලුම බැලුවට පස්සෙ අපට මලයාලමි ෆිලුමක් ලැබුනෙ නෑ.ගොඩක් බලාපොරොත්තු තිබුනා ලගදිම ෆිලුමක් ලැබෙයි කියලා.හැමදාම උදේ හවස බයිස්කෝප් එකේ උඩ පහල ගියා ඔන්න ෆිලුම ලැබුනෙ අද..
ඒකට ඔබට බොහොමයක් තුති සහ ඔබට බොහොමයක් පිං සහෝ.ප්‍රීති විරාජ් කියන්නෙ ෆටිටම නළුවෙක්.ෆිලුම රිලීස් වෙලා ඉතාම කෙටි දවසකින් අපි අතට පත් කරපු එකට නිර්මාණයට දරපු මහන්සියට අපි ණයගැතියි සහෝ.
මලයාලමි ෆිලුමක් එනකමි අපි ඇගිලි ගැන ගැන ඉන්නෙ ඒ නිසා අපට හැකි සෑම අවස්ථාවකම ෆිලුමක් දෙන්න කියලා අපේ මලයාලමි උපසිරැසි සහෝලාගෙන් ඉල්ලනවා.
බයිස්කෝ මලයාලමි තිරුවේ තිබිය යුතුමයි කියලා දැනුන ෆිලුමි ටිකක් ලගදී නිකුත්වෙලා තියෙනවා .ඒ අතරින්
Avarude raavukal (2017)
Adventure of Omanakuttan (2017)
Role Models (2017)
Electra (2017)ඉතාම ලස්සන කතා පෙලක්.
පුලුවන් වෙලාවට මේවාටත් සබ දෙන්න සහෝ.
ජයවේවා ........C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kapila
Sniper bro thanks lot
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය ට,
මේ තරම් ඉක්මනට සබ් එක අරගෙන ඇවිල්ලා තියෙන එකට නම් විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ.
කිව්වා වගේම මේ අවුරුද්දේ නිකුත්වුනු සුපිරි මලයාලම් ෆිලුමක් සහ ගොඩක් අය එනකල් බලාගෙන හිටපු ෆිලුමක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.ඉස්සරහටත් මේ විදියේ ෆිලුම් වලට සබ් දෙමු,ජය!shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
මලයාලම් රසිකයන් හට තවත් සුපිරියක්. නියමයි.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
g@neo
කතා දෙකක් නැ සබ් එකේ නම් කිසිම අඩුපාඩුවක් නෑ.ෆිලුමත් පට්ටම සුපිරි..මට නම් ෆිලුම ඇල්ලුව.හැබැයි ෆිලුමේ ස්ටෝරියෙන් නම් දේව වාදයට පහරක් ගහන්නේ නෑ කොහොමටත්..මුස්ලිම් කෙනෙක් ප්‍රොඩියුස් කරල තියන නිසාද මන්ද අල්ලා දෙවියන් ගැන වැඩිපුර බරයි.හැබැයි මේ ෆිලුමෙන් හින්දු දහමයි මුස්ලිම් දහමයි එකක් කියලද කියන්නේ හෝ දෙකම එකක් කියලද කියන්නේ හෝ මුස්ලිම් දහම කියන්නේ හින්දු දහම කියලද හෝ ඒකේ වර්සස් එකද කියල නම් හරියටම තේරෙන්නේ නෑ.අර අවසාන හරියෙ තියන දෙබස් සෙට් එකෙන් කියන අල්ලා යටතේ ඉන්න කෙනෙක් විනාස කරන්නපුලුවන් දේව වාදියෙක් බිහිවෙලා හෝ බිහි වෙන්නේ නෑ කියන ටෝක් එකෙන් නම් ටිකක් අල්ලා දෙවියන්ගේ පැත්තට කතාව බර වෙනවා.අනික සුපිරි මියුසික් ටිකෙන් උනත් කියන්නේ අල්ල දෙවියන්ගේ ශ්‍රේශ්ටත්වය තමා..ඇත්තටම හින්දු ආගමෙන් බිස්නස් කරන අය ඉන්නවා.නමුත් මුස්ලිම් දහමෙ හින්දු වල වගේ බල පෙන්නල (හාස්කම්) ආගම ගරාගෙන කන්නේ නෑ.ඒකත් උලුපන්න උත්සාහ කරල තියනවා ෆිලුමේ..මම පෞද්ගලිකව කිසිම ආගමක් පිලිගන්නේ නෑ.කිසිම දෙවි කෙනෙක් හෝ.. ඇත්තටම ෆිලුමෙන් පස්සේ මුස්ලිම් දහම ගැන හොයල බලන්න ආසාවක් ආවා.මිනිසුන් කෑහැහුවට කවෘත් ස්ලාම් දහම ගැන හොයල බලල නෑ.මම වත් කුරානයක් දැකලා නෑ.ඒ නිසා විවේචනයට පෙර ඊ ගැන හොයල ඉන්න ඕන..තවත් ෆිලුමෙ වැදගත්ම දෙයක් තමයි ආගම් වලට මිනිසුන් එක එක දේවල් ඇඩ් කරල විකුර්ති කරල තියනව කියන එක කියන එක..කෙසේ වෙතත් කාලෙකින් බලපු සුපිරිම ෆිලුමක් ඒකෙ කතා දෙකක් නෑ.. සබ් එක සිසිල සහෝ දුන්නෙ නැත්නම් බලන්න වෙන්නෙත් නෑ. පුලුවන් අය ෆිලුම බලල හෝ සිසිල සහෝට ස්තූති කරන ගමන් ෆිලුම ගැන හිතුනු දේත් කියන්න කියල අවසන් ලෙස ඉල්ලනව.ස්තූතී
Muditha
THANKS BRO
OBATA JAYENJAYArasanga
උපසිරැසියට බොහොම ස්තුතියි
Nirodhauthpala
Niyamai sisila saho thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya
dilan lakmal
Sisla aiye patta.
ravindu
Sub ඒකට thanks
Shaz. Lee
Film eka balanna kalin.. liyapu lipiyanam.. supiri..
Nchamara
Thanks...
ramesh
thnkz broo!!!!!!!!!!!!!!!!!!!!!
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!දමිත්
උපසිරැසියට බොහොමත්ස්තුතියි සහෝ..
ජයෙන් ජය.Nir_Malinda
thank you bro
AyeshDushmantha
Thank youuu
wimukthipdn
thanks a lot for the subtitles... jaya wewa
Praneeth_Bandara
Sub 1ta tnx..
nilanka
thanks.......
Advertisement
![Tiyaan (2017) with Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව යුධ වැදුණු අදෘශ්‍යමාන මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tiyaan-2017_1.jpg)

සිසිල ප්‍රසාද් ගේ සබ් එකක් කියන්නේ අඩු පාඩු නැති ගුණාත්මක සබ් එකක්.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.