Watch Trailer

Paranormal Activity 3 (2011) with Sinhala Subtitles | මරණීය ඇදහීම [සිංහල උපසිරැසි සමඟ]

ඉෂාන් මධුශංක සොහොයුරාගේ ලිපිය… ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන චිත්‍රපටයක් තමා මගේ හතරවන උපසිරැසිය විදිහට ඔබ හමුවට අද ඉදිරිපත් කරන්නෙ. Paranormal Activity 3 (2011) – මරණීය ඇදහීම, මෑතක් වන තුරුම Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් පළමු සති අන්තය තුලදී ලබා ගත් වැඩිම ආදායමේ කිරුළ රැක ගැනීමට සමත් වුන චිත්‍රපටය…

ඉෂාන් මධුශංක සොහොයුරාගේ ලිපිය…

ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් වුන චිත්‍රපටයක් තමා මගේ හතරවන උපසිරැසිය විදිහට ඔබ හමුවට අද ඉදිරිපත් කරන්නෙ. Paranormal Activity 3 (2011) – මරණීය ඇදහීම, මෑතක් වන තුරුම Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් පළමු සති අන්තය තුලදී ලබා ගත් වැඩිම ආදායමේ කිරුළ රැක ගැනීමට සමත් වුන චිත්‍රපටයක්. එය $52.6 million ක්.. මෙම වාර්තාව බිද හෙලනු ලැබුවේ මීට සති කිහිපයකට කලින් පැමිණි IT (2017) චිත්‍රපටයයි.

මා මෙම චිත්‍රපටය පිළිබඳව වැඩිදුර හැදින්වීමක් කිරීමට මා බලාපොරොත්තු වන්නේ නෑ. දනුක සොයුරා මෙය පිළිබඳව මනා විස්තරයක් ඔබට සපයා තිබෙනවා.මා විසින් උපසිරැසි ගන්වන ලද Paranormal Activity (2007) – හබා එන මරණය චිත්‍රපටය හා මෙම චිත්‍රපටයත් සමග Paranormal Activity සියලුම චිත්‍රපට වල සිංහල උපසිරැසි සම්පූර්ණ වනවා. දනුක සොයුරා සඳහන් කල ලෙසම මෙම චිත්‍රපටය තුල ක්ෂණික බිය උපදවන දර්ශන අඩංගු බැවින් ඒ හා සම්බන්ධ රෝගාබාධ ඇති පුද්ගලයින් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා.

කිසිම මූල්‍ය පරමාර්ථයකින් තොරව සිදු කරන මේ ක්‍රියාදාමයට ඔබගේ වටිනා අදහස මහත් රුකුලක් වනු ඇති. ඉතින් මා ඔබටත් ආරාධනා කරනවා මෙම චිත්‍රපටය රසවිද ගන්නා ලෙස. අමුතුම සෙල්ලමකින් නැවත හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්.

 

දනුක යසුරන්ද බෙන්තරවිතාන සොහොයුරා විසින් පෙර පළකරන ලද ලිපිය…

ආහ්! කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් මගෙ හයවෙනි ලිපිය විදියට ඔයගොල්ලොන්ට ගෙනාවේ මරුම මරු ෆිල්ම් එකක්. මේකේ ඉතින් imdb ratings තියෙන්නේ 6.2 විතර. ඔන්න ඔන්න කලබල උනා, මෙහෙම rating එකක් තිබ්බට, මගේ අදහස විදියට මේකේ ratings 9.1 වත් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. මම හිතන්නේ ඔයගොල්ලෝ මේකේ පලවෙනි, දෙවනි කොටස් එහෙමත් බලලා ඇති. බයිස්කෝප් අඩවියෙන් මේකේ පළවෙනි කොටස එහෙමත් දුන්නා. හැබැයි මේ කතාමාලාව ගමන් කරන්නේ අග ඉදන් මුලට. ඒ හින්දා දෙවනි කොටස එහෙම නොබලපු අය දුක් වෙන්න එපා, මේක බලලා දෙවනි කොටස බැලුවත් කිසි අවුලක් නෑ කතාව හොදට තේරෙනවා. හැබැයි ඉතින් පලවෙනි කොටස නම් බලන්නම ඕනේ :). මම හිතන්නේ කතාවේ මූලාරමභය ගැන කිව්වා ඇති. දැන් ඉතින් කතාවට බහිමු.

දන්නවනේ Katie හා Kristi. ආහ් දන්නේ නැද්ද? 🙁 හැබැයි ඉතින් මේකේ මුල් කොටස් බලපු අය නම් මේ දෙන්නව හොඳට දන්නවා. මම කලිනුත් කිව්වනේ මේ කතා මාලා යන්නේ අග ඉදන් මුලට කියලා. ඉතින් පලමු කොටසේ සටහන් වන්නේ Katie (වැඩිමහල් සහෝදරිය) ගේ නිවසේ සිදුවන හොල්මන් සිදුවීම්. දෙවනි කොටසේ සටහන් වන්නේ Kristi (බාල සහෝදරිය) ගේ නිවසේ සිදුවන හොල්මන් සිදුවීම්. මේ කොටස් නම් ඉතින් සුපිරි එකේ උපරිම. හැබැයි මේ කතාවේ තියෙන භීතිය දැක්කහම අර කතා මොනවද කියලා හිතෙනවා. මේකේ සිද්ද වෙන්නේ Katie හා Kristi පොඩි කාලේ වෙන සිද්දි , ඒ කියන්නේ මේකෙන් පෙන්නන්නේ ඒ භූතාත්මය මේ අසරණ කෙල්ලන්ගේ ජීවිතයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා. 🙁 මේකේ කතාව ආරම්භ වන්නේ වර්තමාන සිද්දියකින්. ඒ කියන්නේ Kristi ගැබ්බර වෙලා ඉන්නකොට Katie, Kristi ගේ ගෙදරට ඇවිත් වීඩියෝ පට වගයක් දෙනවා. මේ වීඩියෝ පට තුල තියෙන දර්ශන පෙල තමයි මේ කතාවේ ගමන් ගන්නේ. මේකේ Kristi ගැබ්බර වෙලා හිටියටත් මේ මාලාවේ දෙවනි කොටසේ ඇයට පිරිමි දරුවෙක් බිහිවෙලා තියෙනවා . දෙවනි කතාවේදී භූතාත්මය Kristi ගේ නිවසට එන්නේ මේ කුඩා පිරිමි දරුවා නිසා. ඒකට හේතුව මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

මේක ලෝකයේ තියෙන ඉතාමත් බියකරුම හොලමන් චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. හදවත් අමාරු එහෙම තියෙන අය මේක බැලුවොත් නම් ඉතින් සුනේ සුන්. අනික දෙන්න පුලුවන් ලොකුම අවවාදය තමයි , රෑ අටෙන් පස්සේ කට්ටිය එක්ක උනත් මේක බලන්න එපා. ඒ මොකද කියනවා නම් ගිනි දවාලේ මේක බැලුවත් තනියෙම කාමරයට යන්නත් බයයි 😀 . සමහර අයට මේ කතාව බලද්දි “අපෝ මේක නම් පිස්සු මගුලක්, මේ ලිපිය දාපු එකා නම් ඊටත් වඩා පිස්සෙක්” කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ නැත්තම පුදුමයක් 😀 . ඊට හේතුව වෙන්නේ මේ කතා මාලාවම හදලා තියෙන්නේ found – footage කියන style එකට. විචාරකයන්ගේ අදහස අනුව නරඹන්නන් බියෙන් පුරවන්න මේකේ ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැති බවයි. මේ ක්‍රමයේ තියෙන්නේ, මුලු ච්ත්‍රපයටම සාමාන්‍යය camera recording කරන ආකාරයට සාදා තිබීමයි. ඒ කියන්නේ මේ චිත්‍රපටිවල නලුවොම තමයි cameramen ලා 😀 මේකේ මුල් ටික පොඩ්ඩක් ඉවසාවදාර ඔය style එකට බලන්න. පස්සේ තේරියි මේ ක්‍රමය හොල්මන් චිත්‍රපට හදන්න මොන තරම් සාර්ථකද කියලා. වැඩි විස්තර සදහා Wikipedia පැත්තේ ගිහින් search පාරක් දාන්න.

කතාවේ සිදුවෙන කිසිම දෙයක් ගැන මම කියන්නේ නෑ, මොකද කියනවා නම් එහෙම කිව්වොත් ෆිල්ම් එකේ රසය කෑවා කියලා මේ ෆිල්ම් එක හදපු පොර මාව මරන්න ඉඩ තියෙනවා 😀 ඔයාලම මේ කතාව බලලා ගුණ දොස් ගැන කියලා comment එකක් එහෙම දාගෙන යන්න. අදට සමු! ජයවේවා!

සැ.යු : මම දීපු අවවාද ටික හොඳට පිලිපදින්න හොදේ. එහෙම නොකර තොවිල් නටන්න උනා කියලා ඉතින් මට මොකුත් කියන්න එපා 🙂

 

Paranormal Activity 3 (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Paranormal Activity 3 2011 UNRATED 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,287 downloadsDownload Paranormal-Activity-3-2011.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,287 downloadsDownload Subtitles43 KB

99 comments

  1. විකියා

    මේ කතා සෙට් එකම බලන්න වුනේ නෑ තාම...මේකත් ලිස්ට් එකට ඇඩ් කර ගත්තා...අනිවා බලන්න ඕනි..
    බොහොම ඉස්තුතියි...
    ජය වේවා~!

  2. සංදීප

    thanks මචං..මමත් කැමතියි මේ චිත්‍රපටි ගහන ක්‍රමයට.the blair witch project වලින් පස්සේ තමයි මම හිතන්නේ හොලිවූඩ් සිනමාව ඒ දෙසට යොමු වුනේ.මේක මම ගිය සතියේ බැලුවේ.චිත්‍රපටියනම් සුපිරි.paranormal activities series එකෙන් වැඩිම ආදායමක් හොයාගෙන තියෙන්නේ මේ චිත්‍රපටියයි.

  3. sura

    thanks

  4. දනුක යසුරන්ද බෙන්තරවිතාන

    යාලුවනේ මේක නම් කොහොමටවත් miss කරගන්න එපා. මැජෙස්ටික් සිටි එකෙත් ඕක ගියා. පටන් ගත්ත දවසෙ ඉදන් ඉවර වෙන දවස වෙනකන්ම housefull. ඒකෙන්ම තේරෙනවනේ කොච්චර සුපිරි film එකක්ද කියලා ;) මේක තමයි මේ චිත්‍රපටයේ ආපු පළවෙනිම හොද කොපිය. ඒ හින්දා බාගන්න නම් දෙපාරක් හිතන්න එපා :)

  5. Budditha Fernando

    බොහොම ස්තුතී දවස් කීපයකින් බයිස්කෝප් එකක් ආවෙ නැතිනිසා මඟ බලාගෙන හිටියෙ .... ජය වේවා..

  6. Anonymous

    maxa site eka ,thanks

  7. lahiru

    මේ කතාවේ 1 නම් ලොවෙත් නැතිවෙන්න බයවෙන්න පුළුවන්.කියලා තියෙන විදියට නම් මේකත් බියකරු එකේ හොද එක වගේය්ය්ය්ය්...:d

  8. D_DASH

    hmmmmmmm balamu...... hoda athi kiyana widihatanam asa hithenawa,,

  9. chamila

    thanks.......

  10. Dar[K]

    අකමැත්තෙන් වුනත් මේක අත් හරින්න වෙනවා. මොකද මේකේ කියලා තියෙන විදියට රෑ 8 න පස්සේ බලන්න එපලුනේ මම සාමාන්යෙන් ෆිල්ම්ස් බලන්නේ රෑ 10 ත් පහුවෙලා ඉතින් මේක බලලා පහුවෙනිදා වැඩට යන්න පුළුවන් වෙයිද :D

  11. neer

    thanks ayye........

  12. Hashan

    මට නම් ෆිල්ම් එකට බය හිතුනේ නෑ වැඩිය. කතාව නම් හොඳයි.මේ ෆිල්ම් එකේ part 1 එකට මිට වඩා බය වෙනවා කියල හිතෙනවා.

  13. Jana

    බොහොම ස්තුතී

  14. [DiN3sH]

    ස්තූතියි, ෆිල්ම් සෙට් එකම බලලා තියෙන්නේ..

  15. susantha

    thnx.... :D

  16. $uvin

    ela! apith baanawa... hodeee...

  17. Anonymous

    mage asama film 1k thama...... meke 1 ekanam kiyala wadak nahe

  18. Dj

    Mamat me banagaman...balamu kohomada kiyala...Thanks...

  19. upul hewagamage

    balala honda nethnam tamai balaganne.... thnx sahoo.. balala kiyannam honda naraka..

  20. naliYA

    ඕන්න බාමි. තැන්කූ බොහෝම. එක බලලා දෙවෙනි එක බලන්නම් නේද?

  21. Madushanka Gamage

    xm ewara unaama set ekama balanna one :P

  22. rate mulle sumana

    adii magulak wenne nathiwei ne?? thanx bro

  23. gayantha

    1katai 2katai wadanam baya hithenawa rata nam balanna epa mama dawal balalath baya una any nice work and maxxxxxaaaa film ekak dunne saho balapu nathi aya balala baya wennakoo

  24. Reshan

    බලන්න කලින් බය උනාද මන්ද :(

  25. sujeewa

    චිත්‍රපටියනම් සුපිරි.

  26. Hansa

    තාම බලුවෙ නම් නෑ එත් හොඳයි කියල හිතෙනවා. මාත් බා ගන්නවා. බොහොම ස්තුතියි.

  27. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ.........

  28. AL1717

    Maxxa Movie
    Sirawata ma Nida gena Innakota Kakulken Adean Yayi Kiyala Hithenawa Apitath

    Patta Kathawa

    thanks Macho...

  29. A.D.M.

    marru marru......

  30. රාම් රාජ්

    මේ සීරීස් එක මම බැලුවා.හොල්මන් ‍ෆිලම් නම් මෙන්න ෆිලම්.බලන්න වටින ඒවා.බලලා නැත්තං අනිවාර්ය්‍යයෙන්ම බලන්න.ඇත්තටම මේ සීරීස් එක තනියෙම රෑට බලන්න හරිම අපහසුයි.(ඒ කියන්නේ පණ බයයි :D)

  31. uda

    @ raven & everybody

    Largest BitTorrent search engine BTJunkie shuts down following Pirate Bay and Megaupload cases
    POSTED BY MICHAEL R. GIDEON ⋅ FEBRUARY 6, 2012

    BTJunkie, the internet’s largest BitTorrent search engine, has voluntarily shut down just days after both The Pirate Bay and Megaupload ran into trouble. The move comes as mainstream content providers continue to try to shut down all platforms that they allege are used to illicitly trade copyrighted material.

    Using a service like BTJunkie is not, and never has been, illegal. But as we saw with the recent Megaupload takedown, the entertainment industry – often aided by surprisingly zealous governments – tends to cast a very wide net when trawling for such sites. We seem to be moving into a situation where sites that could be used for sharing copyrighted material are being targeted despite the fact that most of their users use them for wholly legitimate purposes.

    The Megaupload case seems to have had a real impact. As well as BTJunkie, sites like Quicksilverscreen have also ceased to operate. The drive to hold website owners accountable for every single action by their users seems to be taking hold and so far, 2012 looks to be one of a series of successes for the mainstream entertainment industry. It remains to be seen whether that trend continues.

    http://btjunkie.org/goodbye.html

    මෙන්න සහෝ දැන් මොකද කියන්නේ? මම බොරුද කිව්වේ? මේ වැඩේ දිගටම කෙරීගෙන ගියොත් ටොරන්ට් කියන්නේ කෞතුක භාණ්ඩයක් බවට පත් වෙන එක සහශුද්ධෙන්ම වෙන දෙයක්. මේවා වෙන්නේ අර මම කලිනුත් කිව් SOPA එක ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ නේද? මේ විදිහට btjunkie සයිට් එක ස්වකැමැත්තෙන්ම වහල දාන්නත් හේතුව වුණේ ඒකමයි නේද?

    දිගටම මේ තත්ත්වය පැවතුණොත් මම කියපු එකේ ඇත්ත නැත්ත බලා ගන්න හැකියාව ලැබෙයි. ඒ වුණත් එවෙලෙත් කිව්වා වගේම මේ දේවලිනුත් නවත්තන්න බැරි වුණොත්නම් ඉතිං බෑම තමා.

  32. theekshanax

    thanaks

  33. d-raj

    elaaaaa kollo mama part 1 & 2 dekama banawa.thanxxxxxx

  34. heshanhhh

    Machanz la dan welaawa 1.15AM danui paranormal activity 1 balala iwarawune, siraa movie eka..!! thama terumak na tikak wadila inne :)

  35. Nimal

    thanks...

  36. Shi

    wow thanksssssssss

  37. indika

    මමත් ලිස්ට් එකට දා ගත්තා අප්‍රේල් මාසේ අවුරැදු නිවාඩව එනකන් බලන්න වෙන්නේ නෑ මමත් වැඩ ඇරිලා ගෙදර ගිහින් දෝණිගේ වැඩත් කරලා ඉවරවෙනකොට රෑ 9 විතර වෙනවා ඊට පස්ස් තමයි චිත්තරපටි බලන්නේ ඒ හිස්දා දැන්ම බලන්න විදිහක් නෑ බය වෙන්න සුද්ධ වූනොත් එහෙම නේද

    ප.ලි මේවා චිත්තරපටිනේ ඔන්න ඔහේ බලනවා

  38. haris

    Thanks So Much

  39. දනුක බෙන්තරවිතාන

    @ ඇඩ්මින්

    බොහෝම ස්තූතියි ;)

  40. nalaka

    බොහොම ඉස්තුතියි…
    ජය වේවා~!

  41. shane silva

    maru film aka

  42. කේ. යූ. ජී. උදාර

    මේ සීරිස් එක නම් මං තාම බලල නැහැ. කවදහරි දවසක බලයි කියල හිතනව....
    ලිපියට බොහොම ස්තූතියි සහෝ.

  43. chaminda

    thanx .....

  44. Uraj Deemantha

    Sorry.lk තමා..... හොල්මන් ෆිල්ම් බලන්නේ නෑ නේ.... :(

  45. chu malli

    ai ban mehema boru denne.....?
    meke baya hithena kisima deyak na
    meka maha pissuma film ekakne
    mala jarawakne.........

  46. THisari

    ඒ කියන්නෙ මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල වැඩක් නෑ කියන එකද ?

  47. ahinsaki

    බාගන්න ආවට දැන් බෑ...
    කොරියන් හොලම්න් ෆිල්ම් 1ත් බලලා දවස් ගාණක් පට්ට බයෙන් හිටියේ
    ඒ නිසා මේ දිලා තියෙන අවවාද ඉහලින්ම පිළි අරන් නොබලා ඉන්නම්
    ඒ උනාට ස්තුතී සහෝ

    1. paranormal

      mokda bn uba balapu film 1k

  48. i can try it

    e movie ekanam melo rahak na

  49. Isuru Sampath

    hodai yaluwa,meeka man balannenam nehe,oya deepu upades niyamai kiyala hithuna nisa comment 1k danna oni kiyala hithuna,he he ,meka nobeluwath hodata sub 1 deela athi kiya hithenawa,,,,

  50. දනුක බෙන්තරවිතාන

    @ Thisari

    ඔයාගේ මොලේ පොඩි අවුලක් තියෙනවද? මම අමාරුවෙන් ලිපියක් ලියලා දාන්නේ ඒක බලන්න එපා කියන්නද? එහෙම නම් ෆිල්ම් එකේ නම දාලා බලන්න එපා කියලා දානවනේ. කට්ටක් කාගෙන ලිපියක් ලියන්න ඕනේද? :P හය්යෝ හයියෝ පොඩි ලමයි වගේ.
    මම හිතන්නේ ඔයා කවදාවත් horror ෆිල්ම්ස් බලලා නෑ. මොකද දන්නවද horror ෆිල්ම් එකක බියකරු බව වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ රසය වැඩියි. ඒකයි ෆිල්ම් එකේ බියකරු බවට මූලික තැනක් දීලා ලිපිය ලිව්වේ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.