Watch Trailer

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න. ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා. එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො. 🙁 මේ සිනමාපටයට…

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න. ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා.  එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො.  🙁

මේ සිනමාපටයට පාදක වෙන්නේ ඉතාලියේ ජනප්න‍රිය ජන කතාවක්. අධ්‍යක්ෂකවරයාත් ඉතාලි ජාතික  Enrico Casarosa. ඔහු තමන්ගේ ළමා කාලදී ඇසුරු කරපු ඔහුගේ හොඳම යාලුවා අල්බෙර්තෝ තමයි ලූකා’ගෙ මිත්‍රයා විදියටත් තෝරගන්නෙ. ඔවුන් දෙදෙනා කුඩා කල ඉතාලි ග්‍රාමීය මුහුදු තිරයන්’හි කෙළිදෙලින් ගතකල ආකාරය හරි අපුරුවට ප්‍රතිනිර්මාණය කරල තියෙනව. විශේෂයෙන්ම තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය මේ ආකාරයට අනර්ඝ අන්දමින් නිර්මාණය කිරීම හැම කෙනෙක්ට කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි. පික්සර් ආයතනය ඔහු වෙත තියල තියෙන වගකීම 100% ඉටු කරල තියෙනව ඔහු.  ඒ වගේම ඔහු Jesse Andrews සහ Simon Stephenson දෙදෙනා එක්ක මෙහි කතාව රචනා කිරීමටත් දායක වෙලා තියෙනව. මෙහි නිර්මාණකරුවන්ව පික්සාර් ආයතනය විසින් ඉතාලියේ සවරියකුත් අරගෙන ගිහින් තියෙනව එහෙ පරිසරය ප්‍රති නිර්මාණය කරන්න ලෙහෙසි වෙන්න. ඒ වගේම එන්රිකෝ කියල තියෙනව ඔහුගේ මිත්‍රයා ඇල්බර්ටෝ තමයි ඔහුගේ ජීවිතය වෙනස් කල කෙනා කියල. කුඩා කල අම්මගේ උවමනාවටත් වඩා වැඩි පරිස්සම නිසා හිරවෙලා වගේ හිටිය එන්රිකෝගෙ ජිවිතේ වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ හොඳම යාළුවා විසින්. ඒ වගේම මෙහි සංගීතය ගැන මතක් නොකර හිටියොත් ඒක ලොකුම ලොකු අඩුවක්. මෙහි සංගීත නිමාපකයා වෙන්නේ Dan Romer.

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. 🙂

Director: Enrico Casarosa.

Writers: Enrico Casarosa, Jesse Andrews, Simon Stephenson.

IMDB Ratings : 7.5

Air Date: 18 June 2021


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

16,846 downloadsDownload Luca-2021-Blu-Ray.zip101 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,846 downloadsDownload Subtitles101 KB

33 comments

  1. Max

    issara nam baiscope kiyanne lankawe number #1 site ekak. hama welema ikmanata sub eka update karana site ekak. eth dan nam godak movies late. e gana godak dukai.

    1. විමා

      එහෙම තමා ඉතිං ඩෝං වෙනව ඩූං වෙනව ඩාං වෙනව... හැමදාම එක වගේ වෙන්නෑ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන කාල එනව සබ් කරන අපිට.

    2. Anonymous

      paw patrol eke sub ona

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Supun Kaushalya

    දාන කමෙන්ට් awaiting moderation යන විදිහට හදපු එක හොඳයි පෝස්ට් කරපු ගමන් පබ්ලිශ් නොවී.. දැන් අප්පිරියාවක් නැතුව කමෙන්ට් සෙක්ශන් එක බලන්න පුළුවන්

  5. Anonymous

    දෙකයි පනහෙ සයිට් වලින් දුන්නද නැද්ද අදාලම නෑ.බයිස්කෝප් දුන්නොත් අපි බලනවා..එච්චරයි.පරක්කු උනත් එකයි නැතත් එකයි.ඔයාල කොලිටියට වැඩේ කරන්න.සබ් එකට තෑන්ක්ස් මචන්..

    1. විමා

      සතුට මේකයි. ❤️

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට

  7. Anonymous

    thnks machiiii

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. කවිඳු ජයවර්ධන

    මෙහෙම කරන්න එපා බන් අපිට.සබ් එක නැතුව මාසයක් විතර ඉවසන් හිටියෙ පට්ට අමාරුවෙන්.අර පල්ලෙහා කියල තියෙනවත් වගේ බයිස්කෝප් දුන්නොත් බලනවා.නැත්තන් නෑ.ඒ හින්ද පොඩ්ඩක් ඉක්මන්ට දෙන්න බලමු.සබ් එක දුන්නට සහෝලා දෙන්නටම තුති...!!!

  10. Anonymous

    thnks machiii

  11. Kavindu12345desilva

    kawru monawa kiwwath baiscope thmayi hodatama sub kranne.Quality nm baiscope.
    Sub ekata thanks.bs

  12. wayantha

    jaya wewa godak sthuthiyi

  13. Athukorala

    thanks FOR THE SUB

  14. Rusith Dileepa

    තැන්ක්ස් අයියේ .. ❤️❤️

  15. prasanga

    thanks.....

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  18. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. ශලිනි මල්ෂා

    ❤❤️ ආදරෙයි බයිස්කෝප් ඔයාලගෙ මහන්සියට පිං

  21. Nishan S. Ariyarathna

    thanks

  22. Pavith Wijesooriya

    මේ අපූරු ඇනිමේෂන් චිත්‍රපටියටත් උපසිරසිය ලබා දුන්නට බොහෝම ස්තූතියි.පරක්කු උනත් බයිස්කෝප් එකෙන් කොහොමත් ගුණාත්මක උපසිරසි දෙනවා කියලා හැමෝම දන්නවනේ...ඉදිරියටත් මෙවැනි චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න....

  23. sscs

    sub eka patta. film eknm kmmlii

  24. sscs

    sub eka patta. film eknm kmmliirgrgrhrh

  25. lakshan

    thanks ........................

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Nisala Nugith

    Thanks Bro

  28. හිරාන්

    ගොඩක් ස්තුතියි

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  30. Thisara Prabhath Senarathne

    Thanks bro