ඔන්න හා පුරා කියලා මගේ පලවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය අරගෙන තමයි මේ පාර ආවේ.මේක Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු සලරුවක්.ෆිලුමේ පාදම වෙන්නේ Lucid Dreams කියන මේ වනවිටත් විද්‍යාත්මක පර්යේෂණ ආදිය සිදුවෙමින් පවතින සංසිද්ධියක්.ඒ ගැනත් යම් ප්‍රමාණයක් ඉදිරියට කතා කරමු.තමන්ගේ පුතාව මරණයෙන් බ…
ඔන්න හා පුරා කියලා මගේ පලවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය අරගෙන තමයි මේ පාර ආවේ.මේක Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වුනු සලරුවක්.ෆිලුමේ පාදම වෙන්නේ Lucid Dreams කියන මේ වනවිටත් විද්‍යාත්මක පර්යේෂණ ආදිය සිදුවෙමින් පවතින සංසිද්ධියක්.ඒ ගැනත් යම් ප්‍රමාණයක් ඉදිරියට කතා කරමු.තමන්ගේ පුතාව මරණයෙන් බේරාගැනීම වෙනුවෙන් පියෙක් දරන අසහාය වෑයමක් ගැන තමයි මේ ෆිලුමේ කියවෙන්නේ.
Lucid Dream කියන එකෙන් අදහස් වෙන්නේ තමන් සිහින දකින බව දැනුවත්ව දකින සිහිනයක්.ඒ කියන්නේ Lucid Dreams වලදී අදාළ පුද්ගලයාට එම සිහිනයේ චරිත,පරිසරය ආදිය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරන්න,යම් පාලනයක් කරන්න පුළුවන්.Lucid Dream කියන වචනය හඳුන්වාදෙන්නේ 20වෙනි ශත වර්ෂයේ මුල් භාගයේදී.නමුත් ඊට කලින් ඉඳලම ඇරිස්ටෝටල් ඇතුළු කිහිප දෙනෙක්ම මේ ආකාරයේ සිහින ගැන යම් යම් අදහස් පල කරලා තියෙනවා.කොහොමවුනත් පසුකාලීනව මේවා ගැන බොහෝමයක් විද්‍යාත්මක පර්යේෂණත් සිද්දවෙනවා.ඒ පර්ශේෂණ වලින් ඔප්පුවෙනවා Lucid Dreams කියන්නේ ගැඹුරු නින්දට අදාල අවධියක් වන REM(Rapid Eye Movement) නින්දට සම්බන්ධ දෙයක් කියලා.Lucid Dreaming වල පලවෙනි අදියර වෙන්නේ තමන් දකින්නේ සිහිනයක් බව අවබෝධ කරගන්න එක.මෙහෙම සිදුවෙනවා නම් ඒක වෙන්න පුළුවන් අපේ මොලයේ ක්‍රියාකාරී මතකය ගබඩා කරලා තියෙන ප්‍රදේශයෙන්.නමුත් සාමාන්‍යයෙන් REM නින්දෙදී මේ ප්‍රදේශය අක්‍රිය වෙලා තමයි තියෙන්නේ.යම් හෙයකින් ඒ අවධියේදී මේක සක්‍රිය වුනොත් අපිට Lucid Dream එකක් බලාගන්න පුළුවන්.ඒ කියන්නේ ඒ ප්‍රදේශය ක්‍රියාත්මක වුනාම අපිට අවබෝධ වෙනවා අපි මේ දකින්නේ සිහිනයක් කියලා,ඒ වගේම අදාල පුද්ගලයාගේ අනුදැනුම ඇතුව සිහිනය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා.ඒ වගේම නිතර නිතර බියකරු සිහින දකින එක පාලනය කරන්න මේ Lucid Dreaming යොදාගෙන කරලා තියෙන බොහෝමයක් විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක වෙලා තියෙනවා.
අන්තර්ජාලයේදී ඔයාලට බලාගන්න පුළුවන් වෙයි,මේ Lucid Dreams ගැනම කියවෙන ඒවටම වෙන්වුණු වෙබ් අඩවි තියෙනවා,Lucid Dreaming සඳහා මාර්ගෝපදේශන තියෙනවා,Lucid Dreams දකින හැටි උගන්වන්න අන්තර්ජාල පාඨමාලා තියෙනවා.ඒ කියන්නේ මේක ජනප්‍රිය වගේම පුළුල් මාතෘකාවක්.ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්කම මේ මාතෘකාව සිනමා ක්ෂේශ්ත්‍රයටත් මාතෘකාවක් වෙලා තියෙනවා.ඒ අද ඊයෙක ඉඳලා නෙවෙයි.ඒ කියන්නේ Lucid Dreams සම්බන්ධ වුනු පලවෙනි චිත්‍රපටිය මේක නෙවෙයි.මෑත අතීතයේ ජනප්‍රිය වුනු හොලිවුඩ් නිර්මාණ වන Avatar (2009) , Inception (2010) කියන්නේ මේ Lucid Dreaming සම්බන්ධ චිත්‍රපට.ඒ වගේම What Dreams May Come (1998), The Matrix (1999), Vanilla Sky (2001) කියන්නේ ඒ වගේ පැරණි චිත්‍රපට කිහිපයක්.
හරි දැන් ෆිලුමේ කතාවට පොඩ්ඩක් එන්නම්.ඩී-හෝ කියන්නේ ගවේෂණාත්මක පුවත්පත් වාර්තාකරුවෙක්.මෙයා පත්තරේට ලියන ඇතැම් ලිපි හින්දම ඇතිවුණු සතුරෝ බොහොමයක් මෙයාට ඉන්නවා.නමුත් මෙයා හැම වෙලාවකම සත්‍යය සහ සාධාරණය වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ.ඒ වගේම මෙයාට පුංචි පුතෙක් ඉන්නවා.නමුත් පුතාගේ අම්මා නම් මේ අය එක්ක නැති බවක් තමයි පේන්නේ.ඩී-හෝ තමන්ගේ පුතාට කොයි තරම් ආදරේ වුනත් එයාගේ වැඩ රාජකාරිත් එක්ක පුතා එක්ක ගත කරන්න ලැබෙන වෙලාව හරිම අඩුයි.ඉතින් මේ වගේ ඉඩක් ලැබුනු වෙලාවක පුතා එක්ක දවසම ගත කරන්න හිතාගෙන ඩී-හෝ පුතාව ළමා උද්‍යානයකට එක්කගෙන යනවා.ඒකෙදි සිද්දවෙන යම් සිද්දියක් මුල් කරගෙන තමයි ෆිලුම ඉස්සරහට යන්නේ.
උපසිරැසිය කරද්දී මුහුණදීපු ප්‍රශ්නය තමයි මේ Lucid Dream කියන යෙදුමට යොදාගන්න සිංහල වචනය මොකක්ද කියන එක.Lucid කියන එකෙන් අදහස් වෙන්නේ පැහැදිලි,සිහිය ඇති,අවබෝධයකින් යුක්ත වගේ අදහසක්.කොහොමවුනත් අවසානයේ ‘අවිකල සිහින’ කියන යෙදුම Lucid Dream සඳහා මීට කලින් යොදාගෙන තියෙන බවක් දැක්කා.ඒ නිසා මමත් උපසිරැසියේ යොදාගත්තේ ඒ යෙදුමමයි.ඒත් මෙයින් පරිබාහිර යෙදුමක් මේක සඳහා යොදාගන්න බවක් දන්නවනම් ඒ ගැනත් අපිව දැනුවත් කරන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා!
ෆිලුම බලලා උපසිරැසියේ ගුණාගුණත් පල්ලෙහායින් දාගෙන යන්න අමතක කරන්නත් එපා!
තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
Lucid.Dream.2017.720p.WEB-DL.MKVCage
Lucid.Dream.2017.HDRip.XviD.AC3-EVO.E
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,548 downloadsDownload Lucid-Dream-2017.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
18 comments
dunidu
Soori
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි තරිඳු සහෝ....!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
Chalana
thnx brp...
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Damith
උපසිරසියට බොහෝම ස්තුතියි !!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhanushka
The King’s Case Note (2017) film ekata sub danna.............
Sadeepa nimsara
Machan Lucid dreams wlta sinhalen kyanne 'AWADI SIHINA' kyala .>>.mma phone eken sinhalen thawa comment ekak dannm
තරිඳු රසාංග
ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.ඔයා ඕක හොයාගත්ත මුලාශ්‍රයත් පොඩ්ඩක් සඳහන් කරන්න.මොකද අවිකල සිහිනයන් කියන නමත් සමහර තැන්වල යොදාගෙන තිබුනා.මුලාශ්‍රත් එක්ක වඩා නිවැරදි එකක් හොයාගන්න පුළුවන් වෙයි.
malith
Ela ela
Isuru_madhushan
Thanks bro
nimal dissanayake
අවිකල - අවදි දෙකෙන් කොයික වුනත් කාරී නෑ
ෆිල්ම් ඒක බලද්දී අපෙත් සිහිය විකල් වෙන තරම්!
ඉස්තරම් ෆිලුමක්.
සබ්ස් ටිකත් මල්!
ලෝකය කොච්චර දියුණු වුණත්
මානුෂීයත්වය, දාරක ප්‍රේමය, ආත්මාර්ථකාමීත්වය වගේ ගුණාංග
එහෙමම පරම්පරාවෙන් පරම්පරාවට යනවා නේද?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

American gods tv seriess eke sub dendko bro..